~~Dulux බල්ලා ~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    :):):):):):):):):)

    DuluxDog2-1024x679.jpg


    හොදයි යාලුවනේ කාට කාටත් මතක් ඇතිනේ මෙයාව නේ (ලඟදි ඉපදුන අයට නම් සමහරවිට මතක නැතුව ඇති මයෙ හිතේ :lol::lol:) මතනේ ඉස්සර ගිය DUlux ඇඩ් වල හිටියේ අර බ්‍රෂ් එක අරගෙන මුහුදු වෙරලේ දුවන බලු තඩියා මේ එයා තමා ඉතින් අද බුකියේ කරක්ගහද්දි මෙයා ගැන පොඩි විස්තර ටිකක් ලැබුනා ඉතින් උබලටත් ඒක ගේන්න මට හිතුනා ඕන් :):):)

    ලෝකය පුරාම මෙන්ම අපේ රටෙත් වෙළඳ දැන්වීම්වල ගොඩාක් ජනප්‍රිය සුනඛයෙක් තමයි Dulux Dog. ලෝකය පුරා ප්‍රසිද්ධ මෙම සුනඛයා Old Englisg Sepherd වර්ගයට අයත් සුනඛ සුරතලෙකි. Dulux තීන්ත වල මංගල වස්තුව ලෙස මෙම සුනඛයා හඳුන්වයි. 1960 පටන් Old English Shepherd සුනඛවර්ගය Dulux තීන්ත දැන්වීම් සඳහා පෙනී සිට ඇත. මුලින්ම වෙළඳ දැන්වීමට පෙනී සිටියේ Shepton Dash නම් සුනඛයායි. වසර 8 ක් පුරා Dulux තීන්ත ජනප්‍රිය කර බෙදා හැරීමට Dash සුනඛයා කටයුතු කර තිබේ. පසු ඒ සඳහා තේරිපත්වූයේ Lord Digby සුනඛයායි. Cynthia Harison මෙම සුනඛයාගේ හිමිකරුවෙයි. වෙළඳ දැන්වීම්වලට පෙනී සිටි "Digby" සුපිරි තරුවක් මෙන් සලකා ඇත. Digby ඡායාරූපාගාරයට ගෙන එන ලද්දේ Chauffer Driven Car 1කිනි. ලෝක ප්‍රකට Barbra Woodhound "Digby" ගේ පුහුණුකරු ලෙසකටයුතු කර ඇත.
    Digby ගෙන් පසු Gambit "Dulux Dog" ලෙස කටයුතු කර ඇත. මෙලෙස කලින් කලට බොහෝ සුනඛයන් Dulux Paint දැන්වීම් වලට පෙනී ඇත. මෙම සුනඛයන්ගෙන් 5 දෙනෙක් Best In Show කිරුළ දිනූ සුනඛයන් වේ.... ලොව පුරා කොතරම් ප්‍රසිද්ධ වීද යත් බොහෝ සුනඛ අභිජනනකරුවන් Old English Shepherd වර්ගය යන Dulux Dog නාමයෙන් හඳුන්වනු ලබයි.
    :):):):):):)

    2011413_131531.jpg


    ඔය උඩ පින්තූරේ ඉන්නේ එක්තරා කාලෙක යොදා ගත්ත බලු පොරක් පොරගේ අයිති කාරයා තම
    ඔය ඉන්නේ එයාගෙ නම Maureen Pearson ලු

    bethan-meets-the-dulux-dog.png


    බල්ලා උනත් වාසනාව :lol::lol::lol::lol: මෙයා තමා 2011 දි මේ ඇඩ් වලට යොදාගෙන තියන්නේ ඒ වගේම 1980 කාලෙදි මේකට යොදාගෙන තියන්නේ Gambit කියලා සුන්ඛයෙක් දවසක ෂූටින් එක්ක අවසානයේ ඒ ප්‍රදේෂය අවට මයිල් විශාල ප්‍රමානයක් විසිරිලා තිබ්බා කියලා තම ඒ සෙට් එකේ අය කියන්නේ ඒ කියන්නේ මූ එහෙට මෙහෙට යන ගමන් හල හල ගිහින් :lol::lol:


    මෙන්න තියනවා ලඟදී ආව ඇඩ් ටිකක් බලපල්ලා හොද නම් ඉතින් අරවයින් දෙක තුනක් හරි අඩුම් තරමේ කොමෙන්ටුවක්වත් දාලා යමු නේ

    Dulux-Dog.jpg