‘ලොව දුප්පත්ම ජනාධිපති’

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ‘ලොව දුප්පත්ම ජනාධිපති’

    ඬේලි මේල් පුවත්පතේ පළ වූ මේ විස්තරය මෙහෙම පළ කරන්න කල්පනා කළේ ඔබටත් හිතන්න දෙයක් මෙහි ඇති නිසයි.

    6.jpg


    මෙය වත්මන් උරුගුවේ ජනාධිපති ජෝසේ මුජිකාගේ කතාවයි. ඔහුට කවදාවත් දේශපාලනඥයකු හැටියට අනිසි විදියට මුදල් ඉපැයුවාය කියාවත්, බදු නොගෙවා රජයට වංචා කළාය කියාවත් චෝදනාවක් එල්ල වෙන එකක් නැහැ. වේතනය ලෙස ඔහු අතට ගන්නෙත් නියමිත වේතනයෙන් සියයට දහයක් විතරයි! වේතනයෙන් සියයට අනූවක් පුන්‍යකටයුතුවලට දෙනවා.

    ප‍්‍රතාපවත් උරුගුවේ ජනාධිපති ජෝසේ මුජිකා බලයට ආවත් රටේ නායකයා හැටියට තමන්ගේ ජීවන රටාව ඒ විසිතුරු තනතුරට සරිලන්න වෙනස් කර ගෙන ජීවත්වෙන්න කැමති වුණේ නෑ. ඔහු තාමත් ගොවිපළක් කර ගෙන ඒකෙන් තමයි ජීවත් වෙන්නෙ.

    ඔහු සුඛෝපභෝගීව ජීවත් විය හැකි, රජයෙන් වියපැහැදම් ලැබෙන ජනාධිපති මන්දිරය ඔහු ප‍්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු එරට අගනුවර වූ මොන්ටිවිඩියෝහී සිට සැතැපුම් කීපයක් ඈත ඔහුගේ බිරිඳට අයත් කුඩා ගොවිපළේ ඇති අබලන් වූ නිවසේ සිට රාජකාරියට එනවා.

    රටේ රාජ්‍ය නායකයා එහි ඉන්නා බව දැන ගන්නට ඇති එකම සලකුණ, ඒ ගොවිපොළ කරා යන ට‍්‍රැක්ටර් යාම නිසා අබලන් වූ මාර්ගය කෙළවර, ආරක්ෂාවට ඉන්නා පොලිස් නිලධාරින් දෙපොළ පමණයි.

    මුජිකාට මාසික වේතනය ලෙස ලැබෙන්නේ පවුම් 7,500ක සමාන මුදලක්. ඉන් සියයට 90ක් ම ඔහු පිනට දෙනවා. ඔහු අතට ගන්නේ තමන්ගේ වියදමට සරිලන සියයට 10ක් තරම් වන පවුම් 485ක් වැනි මුදලක් විතරයි.

    උරුගුවේ රාජ්‍යයේ වත්මන් ජනාධිපති පදවිය හොබවන මේ අර්ධකාලීන ගොවියා සතු වටිනාම වස්තුව වන්නේ පැරණි පෙනුමක් ඇති ෆෝක්ස්වැගන් රථයක් හා එක් පාදයක් අහිමි වූ සිය සුරතල් සුනඛයා වූ මැනුවෙලාත් විතරයි.

    ඔහු බීමට ජලය ලබා ගන්නේ ගොවිපළේ සාමාන්‍ය ළිඳකින් ඇද ගෙනයි. රෙදි සෝදා වේලා ගන්නේ රෙදි සෝදන යන්ත‍්‍රයකින් නොව ළිඳ අසල වූ වැලට දමා අව්වේ ආධාරයෙනුයි.

    ජනාධිපතිවරයාගේගේ මේ අපිස් ජීවන රටාවට ලෝකයේ කිසිම රටක දේශපාලනඥයකුට ළං වීමටවත් බැරිය.


    1.jpg


    2.jpg



    3.jpg


    ඔහු පසුගියදා බීබීසී සේවයේ සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු කීවේ, ”මට ‘ලොව දුප්පත්ම ජනාධිපති’ කියා කියනවා. ඒත් මට එහෙම දුප්පත්කමක් නම් දැනෙන්නේ නැහැ. දුප්පත් මිනිස්සු කියන්නේ මිල අධික ජීවන ක‍්‍රමයක් පවත්වා ගෙන යන්න තව තවත් මදි යැයි කියමින් හම්බ කරමින් දඟලන අයටයි.” කියායි.

    විශාල ධනස්කන්ධයක හිමිකරුවන් වෙන්නට දේපළ වස්තුව රැස්කරන ලොව පුරා සිටින බොහෝ දේශපාලනඥයන්ට වඩා මුජිකා වෙනස් මිනිහෙක්. ඔහු පසුගිය වසරේ කළ වත්කම් ප‍්‍රකාශයට අනුව ඔහුගේ මුළු වටිනාකම පවුම් 135,000ක්. ඔහුගේ ගොවිපළත් අයිති බිරිඳටයි.

    ඔහු ජනාධිපති පදවියට තෝරා පත් කර ගනු ලැබුවේ 2009 දියි. ඔහු 60 හා 70 දශකවල ටුපමාරෝස් නම් වූ උරුගුවේ ගරිල්ලා සටන් ව්‍යාපාරය හා එක්ව සිටි අයෙක්. ඒ කියුබානු විප්ලවයේ අනුප‍්‍රාණයෙන් මතු වූ විමුක්ති සංවිධානයක්.

    ඒ කාලය තුළ ඔහු හය වතාවක්ම වෙඩි කෑවත් ඒ හැම එකකින්ම දිවි ගලවා ගැනීමට ඔහුට හැකි වුණා. 14 වසරක් සිරබත් කෑවා. එක් වතාවක් වසර දෙකකට වැඩි කාලයක් ළිඳක් තුළ සිරකරනු ලැබුවා. ඒ කිසිවකින් නොසැලූණු ඔහු 1985 දී උරුගුවේ රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසුණු පසු නිදහස ලැබුවා.

    උරුගුවේ රටේ නීතිය අනුව 2014 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඔහුට ඉදිරිපත් වෙන්න නැහැ. ඒ නිසා ඔහුට මෙයින් නිදහස්ව සම්පූර්ණයෙන් ම ගොවිපළේ කටයුතුවල යෙදෙන්න පුළුවන්.

    4.JPG


    5.jpg


    ජෝසේ මුජිකා ජනාධිපති පත් වුනත් දේශපාලනයට පිවිසියේ ගරිල්ලා සටන්කාමියකු ලෙසයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලෝකය පුරාම දේශපාලනඥයන් වැඩි දෙනකු සිය බලය හා පදවිය යොදවා අනිසි විදියට හම්බ කරන අය යයි සිතෙන තරමට ලෝක දේශපාලනයේ අල්ලස් හා දූෂණය ඉහවහ ගිහින් තියෙනවා. එහෙම තියෙද්දි ඇහෙන මේ කතාව වැදගත් ප‍්‍රවෘත්තියක් වෙන්නෙ මෙහි ඇත්තේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නිසයි.



    Copy by Malkakulu
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    අහන්නත් පුදුමයි බන් මේ වගේ ජනාධිපති කෙනෙක් ඒකට අපේ උත්තමයා

    රෙප් +
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පව් බන්.එතකොට නාමල් අර අක්කරයක් පිරෙන්න කොලඹ හතේ ගෙයක් හැදුවා කියලා කියන එක පට්ටපල් බොරුවක් වගේ.මෙයාලට කොහෙද ලැම්බොගිනි ගන්න සල්ලි.තත්තා ටැක්ස් නැති කරේ පුතාලට ගන්න නෙවෙයි.එතකොට ටටනාලිට අස්පයෙක් ගෙනෙල්ල දුන්නා කියන කතාවත් හෙන කෙප්පයක් වගේ.මේච්චර කල් ලංකාවේ ජනාධිපතිකම් කරපු දුප්පත් සහ අවංක කිසිම දූෂනයක් නැති පවුලා තමයි අපේ රාජපක්ෂ පවුල.
     
    • Like
    Reactions: nalinweer

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පව් බන්.එතකොට නාමල් අර අක්කරයක් පිරෙන්න කොලඹ හතේ ගෙයක් හැදුවා කියලා කියන එක පට්ටපල් බොරුවක් වගේ.මෙයාලට කොහෙද ලැම්බොගිනි ගන්න සල්ලි.තත්තා ටැක්ස් නැති කරේ පුතාලට ගන්න නෙවෙයි.එතකොට ටටනාලිට අස්පයෙක් ගෙනෙල්ල දුන්නා කියන කතාවත් හෙන කෙප්පයක් වගේ.මේච්චර කල් ලංකාවේ ජනාධිපතිකම් කරපු දුප්පත් සහ අවංක කිසිම දූෂනයක් නැති පවුලා තමයි අපේ රාජපක්ෂ පවුල.

    ela ela......Machan....Dawase Kiyamana
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    මහින්ද මහත්තයාටත් වඩා දුප්පත්ද එතකොට මෙයා... මම හිතන් හිටියේ දුප්පත්ම ජනාධිපති අපේ මැන් කියලා..... :shocked::shocked::shocked:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිස්සුද බං............. මේ ඉන්නේ............
    18531.jpg


    දුප්පත්ම ජනාධිපති පවුල:shocked::shocked::shocked:
    එන ආත්මේ හුඟක්ම දුප්පත් පවුලක් වෙනවා.මේ ආත්මේ වැරදි කරාම එන ආත්මේනම් ඒකට පව් ගෙවන්න ඕන.ඒක නිසා මහජන මුදල් කාබාසිනියා කරලා මාසෙකට කෝටි 70ක් නාස්ති කරන්න එපා.