හොදයි යාලුවනේ ඔන්න ඉතින් පහුගිය ටිකේ එක එක වර්ගයෙ ත්‍රෙඩ් ගොඩක් මම අරන් ආව නේ ඉතින් අද හිතුනා ටිකක් වෙනස් ඒ වගේම ගොඩක් දෙනෙක් දැනගන්න කැමති දෙයක් සහ ඒක බිහිකරන විදිය උබලට කියලා දෙන්න
FIFA 12
Production Step by Step
තේරුනානේ මොකක්ද කියන්න යන්නෙ කියලා . හොඳයි මේක Develop කරන්නෙ EA Sports කියන සමාගමනේ. ඒක නම් ඉතින් කවුරුත් දන්නවනේ ඒ කාලේ ඉඳන් අපි ගහපු ගොඩක් ගේම් නිර්මානය කරේ මේ සමාගම කියලා. මේ තියන්නේ ඒ සමාගමේ මේ පරිගනක ක්‍රීඩාව නිපදවීමට යොදාගත්ත කර්මාන්තායතනය හොදේ කොහොමද නිකන් සයිස් එක ඇඬෙනවා නේ


ඒ වගේම යාලුවනේ මේ නිර්මානයට පුද්ගලයන් 400ක් විතර දායක වෙලා තියනවා ඒ අතර Software Engineer ඉඳලා Game Tester දක්වා විවිද අංශ වල පුද්ගලයන් ඉන්ඳලා තියනවා ඒ කියන්නේ අපි මේ හොරට ටොරන්ට් එකක් දාලා ගන්න ගේම් එක්කට ඒ මිනිස්සු කොච්චර වියදම කරනව ඇත්ද නේ

හරි මේ වගේ නිර්මානයක් කරද්දි ඒකට් දායක වෙන මිනිස්සු වගේම ඒ අයව මෙහෙයවන්න කට්ටියකුත් ඉන්නවා මේ ඉන්නේ ඒ අය හොඳේ
හරී මේ විදියෙ ගොඩක් අය එකතු වෙලා තමා මේ ක්‍රීඩාව නිර්මානය කරල තියන්නෙ ඉතින් අපි දැන් බලමු මේක නිර්මානය කරද්දි යොදාගෙන තියන ක්‍රමවේද මොනාද කියලා සාමාන්‍ය පරිගනක ක්‍රීඩාවකදි දකින්න නොලැබෙන තාර්කික ක්‍රම ගොඩක් මේකෙදි යොදාගෙන තියනවා. උදාහරනයක් විදියට ක්‍රීඩකයෙක් ගේ එකිනේකාට විශේශිත උපක්‍රම ඒ වගේම විවිද ක්රියාකාර්කම් පවා ගොඩක් ලොකු පිරිවැයක් වගේම තාක්ශනයත් උපරිම් විදියට යොදාගෙන මේකෙදි නිර්මානය කරලා තියනව.
බලන්නකෝ මේ පින්තූරේ
මෙන්න මේ විදියට තමා ක්‍රීඩා කරන අවස්තාවල හැසිරීම් ග්රහනයි කරගන්නේ මේ පින්තූර වල තියන විදියට මෙයාලගෙ ඇඳුමේ තියන Detector වලින් මේ සේරම් පරිගනකයට් ගන්නවා ඒ ගත්තම පොඩි sketch එකක මේ ඉරියව් පෙන්නනවා පහල තියන්නේ ඒ පින්තූරේ
දැක්කනේ ඉතින් ඊට් පස්සෙ තමා 3D තාක්ශනය යොදාගෙන කරන මිනිස් රූප වලට මේ හදාගත්ත sketch එක දාගන්නේ ... හරි දැන් අපි බලමු ක්‍රීඩකයන්ගේ මුහුනුවර ඒ විදියටම වගේ හදාගන්නෙ කොහොමද කියලා
පේනවනේ ඒකට යොදාගන්න DSLR Camera ගොඩ මේවගෙන් සෑම ක්රීඩකයෙක්ගෙම ෆොටෝ ගන්නවා ඒ ගන්නේ විවිද Angle අහුවෙන විදියට ඊට පස්සෙ ඒ ගත්ත පින්තූර යොදාගෙන 3D පින්තූරය නිර්මානය කරගන්නවා ඒක පහල දක්වලා තියන්නේ
මේ විදියට ප්‍රසිද්ද ක්‍රීඩකයන් සෑම කෙනෙක්ගේ වගේම පින්තූර් අරගෙන තමා මේවගේ වැඩක් කරන්නේ . 2012 ට කලින් නිකුත් වූ 2011 FIFA Game එකේ Rooney ගෙ කොන්ඩේ පොඩ්ඩක් වෙනස් ලූ ඒ නිසා 2012 එකට පොරගේ ආයෙමත් පින්තූර් අරන්ගෙන නව මුහුනුවරක් ඉදිර්පත් කරාලු ඒ කියන්නේ ගේම් එක්කට මේ අය කොහොම වියදමක් කරනවා ඇත්ද නේ . මන් හිතන්නෙ මේ ක්‍රීඩකයන් බොහෝදුරට මේ සමාගම් වලින් යම්කිසි මුද්ලක් අයකරනවා ඇති මේ වගේ වැඩකදි එයාලගෙ නම පාවිච්චි කරනවාට . හරි මෙ විදියට ගත්ත රූපයක් අපි බලල ඉමුකෝ ඉන්න කෙනා නම් කවුරුත් දන්නවනේ වෙන කවුරුවත් නෙවෙයි බ්‍රසීලේ කකා කොලුවනේ ඔය ඉන්නෙ මේ ඉන්නෙ ඇත්ත කකා
මේ ඉන්නේ පරිගනක නිර්මානයක් උනු කකා
ඒ වගේම මේ ගේම් එක්කදි දැකලා ඇති මාර පසුබිම් කතනයක් Commentary එකක් යොදාගන්නවා ඒක කරන්න ඇත්තටම Football Commentators ල යොදාගෙන ඒ කියන්නේ
පරිගනක ක්‍රීඩාවේ තියන සෑම ඉරියව්වක් සහ අවස්තාවක්ම Recording එකක් විදියට් අරන් ඒක සුදුසු අවස්තාවෙදි play කරන එක් තමා කරන්නේ. පහල තියන්නෙ ඒ වගේ recording එක්ක ගත්ත පින්තූර ටිකක්
ඉතින් මේ විදියට තමා කොල්ලනේ කෙල්ලනේ අපි සෙල්ලම් කරන Computer Game එකක් නිර්මාwනය එන්නේ. ඒ වගේම කියන්න ඕන මේ සංස්කරනයේ පිටපත් 2.5 Million විකිනිලා තියනවා ලෝකෙ පුරාම ඒ වගේම Rooney තමා මේ අවුරුද්දේ ක්‍රීඩාවේ නිල සංකෙතය විදියට යොදාගෙන තියන්නේ
හොඳයි යාලුවනේ මෙහෙම තම මෙ ක්‍රීඩාව හදලා තියන්නේ ඉතින් මමත් මේක type කරන්න ටිකක් මහන්සි උනා ඉතින් පොඩි සහයෝගයක් දීල ගියා නම් හොඳයි නේ



Last edited:



