නිරුවත recover කිරීම

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    නිරුවත recover කිරීම

    මම මේක දැක්කෙ මූණු පොතේ තිබිලා තමන්ට අක්කල නංගිලා, තමන් ආදරය කරන කෙල්ලෙක්, බිරිදක් ඉන්නව නම් ඒ අයව දැනුවත් කර්නන මේ ගැන. අනික මේ වගේ දෙයක් උනාම තමන්ගෙ ළගම ඥාතිය ස්වාමිපුරුෂය හෝ සහෝදරයෙක් දැනුවත් නොකර බ්ලැක්මේල් කරන අයෙග පදේට නටන්න ගියාම මුලු ජීවිතයම කෙල වෙනවා. ඒ හින්ද තමන් තමන්ගෙ විශ්වාසවන්තයෙකක්ට මේ ගැන පවස්න්න ඕනෙ කියල කාන්තාවන් දැනුවත් කරන්න... ඒ වගේම ඔයාගෙ වයිෆ්ගෙ ෆොටෝ වෙන කෙනෙක් ගාවට ගියා කියල අග මුල හොයන් නැතුව එයාට ගහල බනින් නැතුව තමන්ට විශ්වාස වන්ත නම් බිරිද ගැන හිතන්න ඉස්සෙල්ලාම...




    ඔබේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි...
    පරිගණකය... මෙය දැන් ලංකාවේ බොහෝ දෙනකු දන්නා මෙවලමක් වගේම තවමත් බොහෝ දෙනකු නොදන්නා මෙවලමක් කිව්වොත් වඩාත් නිවැරැදියි. නව පරපුර මෙය
    වේගයෙන් ඉගෙන ගනිමින් සිටිනවා. වර්තමානයේ අපේ රටේ පරිගණක සාක්ෂරතාව සියයට 40ක් තරම් අගයක් ගන්නවා. නුදුරු අනාගතයේම මෙය සියයට 60ක් වන බවට අනාවැකි පළවී තිබෙනවා. පරිගණකය ගැන වැඩිදුර ඉගැන්වීමටවත් පරිගණකය මඟින් ලබාගන්නා විපුල පල ප්‍රයෝජන සාකච්ඡා කිරීමටත් නෙමෙයි මේ සූදානම. බොහෝ දෙනකු දන්නා පරිගණකයේ නොදන්නා පැතිකඩක් අනාවරණය කිරිමටයි මේ සූදානම. පරිගණකයේ මේ නොදන්නා පැතිකඩ නිසා තරුණ පරපුරේ බොහෝ දෙනකු මෙන්ම වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිත අඳුරු කරගත් අවස්ථා මෙන්ම වංචනිකයන්ට රැවටුණ අවස්ථා බොහෝමයි කීවොත් මම හිතන්නේ එය නිවැරදියි. මෙවන් කනගාටුදායක තත්වයන්ට මුහුණ දුන් කිහිපදෙනකුත් මෙන්ම, පරිගණක රැවටිලිකාරයන් කිහිපදෙනකුත් ඇසුරෙන් ලබාගත් මේ අත්දැකීම් සමුදාය මම හිතන්නේ පරිගණක දන්න නොදන්නා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

    මං දිනක් මගේ මිතුරකුත් සමග කිරිබත්ගොඩ ෆුඩ් සිටියට ගොඩ වැදුණේ නිවෙසට අත්‍යවශ්‍ය කළමනා ටිකක් මිලට ගැනීමටයි. ඩෙනිමක් සහ ටී ෂර්ටයකින් සැරසුණ කුඩයක් අතින් ගත් රූමත් තරුණියක් මා ඉදිරිපස තිබු රක්කයෙන් ආහාර ද්‍රව්‍ය තෝරමින් සිටියා. ඇය දෙන මම වුවමනාවෙන් බැලුවා.

    කොහෙද උඹ බලන්නේ? මීට කලින් දැකලා තියෙනවද එයාව. නෑ බං මම නිකන් බැලුවේ.
    හොඳට මූණ බලපන්. පින්තූරෙකින්වත් කොහෙදි හරි දැකලා තියෙනවද කියලා.
    නෑ බං... නෑ... මම නිකන් බැලුවේ...
    ඒකිගේ නේකඩ් පික්චර් මගේ ගාව තියෙනවා...

    මිතුරා පැවසූ දෙයින් මම වික්ෂිප්ත වූයේ ඔහු සාමන්‍යෙයන් බොරු කියන චරිතයක් නොවූ නිසයි.

    මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ.... ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ.

    එයා මාව හොඳට අඳුරනවා. පොඩ්ඩක් හිටපන් මම කතා කරල පෙන්නන්න. එසේ කියු මිතුරා සැණෙකින් ඇයට කතා කළා පමණක් නොව ඇයට මාව අඳුන්වා දුන්නා. මා සමඟත් වචනයක් දෙකක කතා කළ ඇය ඉක්මනින් එතනින් ඉවත් වී ගියා. අත්තටම මෙය දැන් මට දැඩි කුතුහලයක් වුණා. මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ.
    මිතුරා සමඟ ඔහුගේ නිවසට ගිය මට ඔහු පරිගණකයේ තියෙන ඇගේ නිරුවත් පින්තූර පෙන්නුවා. සැබැවින්ම මේ ඇයම තමා. ෆෝටෝෂොප් ජිල්මාට් එකක්ද? මම මා සතු පරිගණක දැනුමින් පරීක්ෂා කර බැලුවා. කිසිම අයුරකින් සෑදූ පින්තූර නොවන බව මොනවට පැහැදිලි වුණා.

    ඇත්තටම කොහොමද බං මෙහෙම වුණේ?
    එයාගෙ ලැප් එකට වින්ඩෝස දාන්න මගෙ යාළුවට දීලා තියෙනවා. ඌට එයාගේ කොම් එකේ හඩ් එක රිකවරි කරලා තමයි ඔය ෆොටෝ ටික අරගෙන තියෙන්නේ. මාත් එක්ක තියෙන ෆිට් එකට තමයි ඌ මට ඔය ෆොටෝස් ටික දුන්නේ.

    ඇත්තටම මෙය කනගාටුදායක කරුණක් නොවේද? තමන්ගේ පරිගණකය සදාගැනීමට ගොස් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් අය තවත් ඕනෑ තරම් ඇති. මේ පිළිබඳ තවදුරටත් සොයා බලන්න මම තීරණය කලේ නොදන්නාකමින් තමන්ටම කරගන්නා මේ අපරාධය සමාජයට හෙළිකරගත යුතු නිසාමයි.

    මට අවශ්‍ය වුණේ ඇයගේ කටින්ම මේ ගැන දැන ගැනීමටයි. මිතුරාගේ මාර්ගයෙන් ඇය දැන් පදිංචි වී සිටින අගේ මවුපියන්ගේ නිවස සොයාකත් මම ඇයත් සමඟ කතා බහ කිරීමට මාර්ගයක් සෙව්වා. එහිදී මට දැනගැනීමට ලැබුණා ඇය සතියේ සෑම දිනකම උදේ වරුවේ ඇයගේ කුඩා දරුවා පෙර පාසලට කැන්දගෙන යන බව. මෙය මට හොඳ අවස්ථාවක් වුණා. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය උත්සාහය ව්‍යර්ථ වුණා.

    නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඇය වැඩ කළාය කියපු කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට පුළුවන්ද? මම මගේ අවධානය ඒ දෙසට යොමු කළා... ඇත්තටම එහිදී මගේ වාසනාව පෑදුණා... මම දන්නා කියන කෙනෙක් එහිදී මට මුණගැසුණා.... ඇගේ නම අනොමා....

    අනෝමා මට මෙහෙම ආරංචියක් ලැබුණා ඇත්තද?

    මෙහිදී ඇය විමතියට පත් වුණා.... මට මේ ආරංචිය ලැබුණේ කෙසේද කියා. කෙසේ වුවත් ඇය මට මෙහෙම කිව්වා.

    ඒ කතාව ඇත්ත. දුලීෂා මගේ හොඳම යාළුවා. හරිම හොඳ කෙනෙක්. තවමත් මාත් එක්ක විතරයි මේ ඔෆිස් එකෙන් කතා කරන්නේ. එයාට මෙහෙම දෙයක් වුණ එක නම් හරිම අපරාධයක්. එයා මිනිසුන්ව ඕනෑවට වැඩිය විශ්වාස කළා. ඒකයි වුණේ... හැබැයි එයාට කරදර කරපු එකෙකුටවත් හොඳින් ඉන්න හම්බ වුණේ නැහැ. උන් ඔක්කොටම යන්න වුණා.

    මම මගේ අදහස ඇයට පැවසුවා. මට ඕනෙ එයාගෙන්ම විස්තර ටිකක් දැන ගන්න මෙහෙම දේවල් තවත් නොවෙන්න සමාජය දැනුවත් කරන්න...

    හොඳයි මම උත්සාය කරන්නම්... මට කාලයක් දෙන්න... ඇගේ වදන් මට සතුට අත් කරන්නක් වුණා....
    සතියක් ගත වුණා...

    අනෝමගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා.....

    දුලීෂා අද අපේ ගෙදර එනවා කිව්වා. ඔයත් එන්න...

    අනෝමාගේ නිවසේදී මට දුලීෂාව මුණගැසුණා. ඇයගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේතම ඇයට හානියක් වන අයුරින් පාවිච්චි නොකරන බවත්, ඒවා පොදු සමාජ යහපත උදෙසා පාවිච්චි කරන බවටත් ඇයට ඒත්තු ගැන්වීම වෙහෙසකර කටයුත්තක් වුණා. වර්තමානයේ ඇය සමාජය කෙරේ බොහෝසේ කලකිරී සිටීම මගේ වෙහෙස තවත් වැඩි කරන්නක් වුණා. කෙසේ වුවත් අවසානයේ ඇගේ කටහඬ අවදි කිරීමට හැකියාවක් ලැබුණා...

    කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ඇය.... ආයතනයේ කලක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කර තිබෙනවා. සුරූපී ඇගේ වයස අවුරුදු 26ක්. අවුරුදු 20දී විවාහ වූ ඇය පෙර පාසල් යන වයසේ දරුවකුගේ මවක්.

    ඔබට කොහොමද මෙහෙම ප්‍රශ්නයක් වුණේ?

    මගේ කලින් ඔෆිස් එකේ අයි ටී ඉංජිනියර් මධුර (මනකල්පිත නමකි) කලින් මගෙ හොඳ යාළුවෙක්. මගේ ඔෆිස් කම්පියුටර් කැඩුණාම හදලා දෙන්නේ එයා. මගෙ විතරක් නෙමේ මුළු ඔෆිස් එකේම කම්පියුටර් වටලට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මධුරට තමයි කෝල් කරන්නේ. මේ අතරේ මට වුවමනා වුණා ලැප්ටොප් එකක් ගන්න. මධුර කම්පියුටර් ගැන හොඳට දන්න නිසා මම මධුරට තමයි කිව්වේ කම්පියුටර් එකක් තෝරල දෙන්න කියලා. එයා මට හොඳ බ්‍රෑන්ඩ් එකකින් කම්පියුටර් එකක් තෝරලා දුන්න විතරක් නෙමෙයි එකට සොෆ්ට්වෙයාර්ත් දාලා දුන්නා.

    එතකොට කොහොමද ඔබගේ නිරුවත් ඡායාරූප ලැප්ටොප් එකට ගියේ.

    මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. (මෙහිදී ඇය විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණ අතර ඒ දුටු මට සිතුණේ ඇත්තෙන්ම ඇය ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බවයි)

    මට හිතුණා මගෙ නිරුවත් ඡායාරූප එකක් අඳින්න. ඒ නිසා මගෙ කාමරේ ඉඳගෙන මගෙ කැමරාවෙන් මමම තමයි මගෙ පින්තූර ගත්තේ.
    (ඇත්තෙන්ම එම ඡායාරූප මම දුටු නිසා එය සත්‍යයක් බව විශ්වාස කළ හැකියි.) ඒ පින්තූර බලාගෙන මාව අඳින්න.

    මේ මොහොතේ ඇයට ඇඬුම් ආ අයුරු මම දුටුවා. කෙසේ වුවත් ඇය එම සියල්ල යටපත් කරගෙන මා සමඟ කතා කළා....

    මම ඩෙටා කේබල් එක හරහා ඡායරූප ටික මගෙ ලැප්ටොප් එකට දැම්ම. ටික දවසකින් මගෙ චිත්‍රය ඇඳලා ඉවර කළා... (මම ඒ චිත්‍රය ඇගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ ඇය මට කිව්වේ දැන් ඒක මගෙ ළඟ නැහැ කියලයි.) ඊට පස්සේ මම ඡායාරූප ටික මකලා දැම්ම.. ෂිෆ්ට් ඩිලිට් ගැහුවෙ. මොකද ඒ ඡායාරූප කම්පියුටර් එකේ තියා ගන්න වුවමනාවක් මට කොහොත්ම තිබුණෙ නැති නිසා.

    ඊට ටික දවසකට පස්සේ මගෙ ලැප්ටොප් එකේ ලෙඩක් ආවා... නිතරම රිස්ටාට් වෙන එක. ඒක හදාගන්න තමයි මම ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින් මධුරට දුන්නේ. එදා මධුර ඒක ගෙදර අරගෙන ගියා හදලා ගෙනත් දෙන්න. මට කිසිම සැකයක් තිබුණෙත් නැහැ. මොකද මගෙ ලැප්ටොප් එකේ ඒ වෙනකොට කිසිම අනවශ්‍ය දෙයක් තිබුණෙත් නැති නිසා.

    පසුවදා මධුර ලැප්ටොප් එක හදලා ගෙනත් දුන්නා.

    ඊට ටික දවසකට පස්සේ තමයි මේ සේරම කරදර වෙන්න පටන් ගත්තෙ. මධර කෝල කරලා කිව්වා මෙහෙම පින්තූර වගයක් තියෙනවා කියලා. මට හිතා ගන්න බැරිවුණා... ඒ වෙනකොට මම රිකවරි සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ.

    (කම්පියුටරේ වැඩ කරන කොට අපි අතින් වැරදිලා ෆයිල්ස් ඩිලිට් වෙන්න පුළුවන්. රීසයිකල් බින එකට ගියොත් ඒවා අපිට නැවත ගන්න පුළුවන්. නමුත් ෂිෆ්ට් ඩිලිට් කළොත් ෆයිල්ස් ආපසු ගන්න බැහැ. එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනෙ නම් ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්නම වෙනවා.)

    ඌ මට බලපෑම් කළා ඌත් එක්ක එන්න කියලා... නැත්නම් ඡායාරූප අන්තර්ජාලයට දානවා කිව්වා. අවසානයෙ මට ඒක නොකර බැරිවුණා... ටික දවසක් යනකොට ආයතන ප්‍රධානියටත් මේක ආරංචි වෙලා තිබුණා... මට එයාගෙ ආශාවන් සංසිඳවන්නත් වුණා.... මම හැමදේම කළේ මගෙ පිනතූර ටික ප්‍රසිද්ධ කරයි කියල බයට. මගේ පවුල රැක ගන්න. මම හිතුවා මෙතනින්වත් මේ කරදරේ ඉවර වෙයි කියලා... ටික දවසක් යනකොට ආයතනයේ වෙනත් අයත් මට කතා කරන්න ගත්තා. මධුර මට කිව්වේ එයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තව කෙනෙක් මේ පින්තූර ටික හොරකම් කරලා කියලා...මට හිතුණා කෝච්චියට බෙල්ල තියන්න. වහ බොන්න... ඒත මගෙ දරු පැටියව දාලා මම කොහොමද එහෙම කරන්නේ?

    මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා... අවසානයෙ මම හිතුවා එතනින් අයින් වෙන්න.

    එතකොට ඔයාගෙ විවාහය දෙදරල ගියේ මේ බව සැමියට ආරංචි වීම නිසාද?

    මම විවාහ වුණේ අවුරුදු 20න්. මේ ප්‍රශ්න ටික ටික එයාටත් ආරංචි වෙලා තිබුණා. එක දවසක් එයා මට හොඳටම ගැහුවා. ඊට පස්සෙ තමයි මම දරුවත් අරගෙන මහ ගෙදර ආවේ...

    ඔයාට තිබුණනේ නීතියේ පිහිට පතන්න.

    මම ලැජ්ඡාවට තමයි ඒක නොකළෙ. මගෙ පවුල් ජීවිතේ රැකගන්න ජීවත් වෙන්න ඕන නිසා. නීතිය ඉදිරියට ගිහිල්ලා මුළු සමාජයටම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ.

    ඉතින් ඔයාට හැමදාම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද?

    නැහැ. දැන් මම වෙන තැනක ජොබ් එකක් කරනවා. මට ඕනෙ මගෙ දරුව හදාගන්න. මීට වැඩිය මට වෙන්න දෙයක් නැහැ. ආයෙත් මට බලපෑමක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ පොලිසියට යනවා.

    ඇත්තෙන්ම ඇගේ ආත්ම ශක්තිය ගැන මට සතුටක් දැනුනත් නොදැනුවත්භාවය නිසා ඇය සිදුකරගත් විනාශය ගැන ඇති වුණෙ කිව නොහැකි තරම් කණගාටුවක්.

    පරිගණක හාඩ්වෙයාර් ආශ්‍රිතව කටයුතු කරන මගේ මිතුරන් සහ ඔවුන් මාර්ගයෙන් හඳුනාගත් පරිගණක හාඩ්වෙයාර් සාප්පු හිමියන් කිහිප දෙනකුගෙනුත් මම කරුණු විමසා සිටියේ මෙවන් අවනඩු තවත් තිබේද යන්න සොයා බැලීම සඳහායි.

    මේ යක්කල පරිගණක හාඩ්වෙයාර් සාප්පුවක් හිමි ඉඳුනිල් කී කතාවයි.
    සමාජයේ නොයෙක් තරාතිරම්වල අය අපි ළඟට කම්පියුටර් අරගෙන එනව හදන්න. මේ අතර ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා. ඔෆිස්වල වැඩ කරන ලස්සන නෝනලත් ඉන්නවා.
    ඇත්තම කියනව නම් ඒ ගොල්ලන්ගෙ පර්සනල් ෆයිල්ස් බලන්න හිතෙන්නේ ඉබේමයි. සමහර වෙලාවට ඒ ගොල්ලන්ගෙ ලස්සන පින්තූර තිබුණොත් අපි කොපියක් දාගන්නවා. සමහර අයගෙ අඩ නිරුවත් පින්තූර එහෙම තියෙනවා. අපිට මොනව හරි ඇති කියලා සැක හිතෙන කම්පියුටර්වලට අපි ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා බලනවා. සමහර වෙලාවට සාර්ථක ප්‍රථිඵල ලැබෙනවා..
    ඇත්තටම ඔබට දැන් යන්තම් හෝ වැටහීමක් ඇති තත්වය මොනතරම් භයානකද කියලා. නමුත් ඇත්තම තත්වය මෙයටත් වඩා භයානක බව නම් ඉඳුරා පැවසිය හැකියි.

    මීලඟට මම හමුවීමට තීරණය කලේ මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් ඩිජිටත් කැමරාවක් නිසා දුලීෂා මෙන් අපහසුතාවයට පත් වූ තරුණයෙක්.

    විනෝදකාමී තරුණයෙක් වූ ඔහුගේ නම රසික. ඔහු විවාහකයෙක්. ඒ වගේම කුඩා දරු දෙදෙනකුගේ පියෙක්. රසික මට එන්න තැනක්, දිනයක් සහ වෙලාවක් දුන්නා. ගම්පහ - ජාඇල පාරේ පිහිටි අවන්හලකට මා පිය නැඟුවේ ඒ අනුවයි. බීර වීදුරු එක දෙක හිස් වෙන්න වුණා.
    මොකක්ද මචං වුණ කරදරය මම රසිකගෙන් විමසුවා.
    මචං මම ගත්ත ඩිජිටල් කැමරාවක්. අපි ෆැමිලි එක ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ගන්න කියලා හිතාගෙන. කැමරාව ගත්ත දවස්වල ආසාවටත් එක්ක නිතරම ෆොටෝස් ගත්ත. එක දවසක් අපි දෙන්නම ෆොටෝ එකක් ගත්ත. අපි ඒවා බලල එවෙලෙම මකල දම්මා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවෙක් මගෙන් ඩිජිටල් කැමරාව ඉල්ලුවා... ට්‍රිප් එකක් යනවා ෆොටෝස් ටිකක් ගන්න කියලා. මම කැමරාව ඔහුට දුන්නා. ටික දවසකට පස්සේ ඌ මට උගෙ ගෙදරට එන්න කියලා පෙන්නපු දෙය මට විශ්වාස කරන්නත් බැරි වුණා. බිරියත් මමත් එදා ගත්ත පින්තූර උගෙ කම්පියුටරේ තිබුණා.

    උඹට මම හින්ද හොඳයි. මම කාටවත් මේව පෙන්නුවේ නෑ. වෙන එකෙකුට හම්බ වුණානං ඉවරයි. ඌ මට කිව්වා.

    ඇත්තටම ඌ මගෙ හොඳ යාළුවෙක්. ඒ හින්දා මට ඌව විශ්වාසයි රසික කියාගෙන ගියා.

    ඒත් මචං ලැජ්ජාව... ඒ ගැන කියලා වැඩක් නෑ... බීර බෝතලයට මේ කතා කරන්නේ මට හිතුණා.

    උඹට කොහොමද මේවා හම්බ වුණේ.... මම මේවා මකලා දාලානෙ තිබුණේ. මම උගෙන් ඇහුවා. රසික කිව්වා.... එතකොට ඌ කිව්ව දේවල්වලින් තමයි මෙහෙම දේවලුත් තියෙනවා කියල මම දැනගත්තේ.

    මම උඹෙන් කැමරාව ඉල්ලගෙන ආපු දවසෙ මම ගෙදරදී අපේ බබාගෙ ෆොටෝ වගයක් ගත්තා. ඒ ටික මගෙ අතින් මැකුණෘ. මට ඒ ටික අපසු ගන්න ඕන වුණ නිසා කැමරාවේ මෙමරි චිප් එක රිකවරි කළා. එතකොට ඒ ෆොටෝස් එක්කම තමයි උඹලගෙ ෆොටෝ 2ත් මට හම්බ වුණේ.

    ඒ රසිකගේ කතාව... රසිකගෙ හොඳම යාළුවෙකුට ඒ ෆොටෝස් ලැබීම නිසා ප්‍රසිද්ධ නොකර බේරගන්න පුළුවන් වුණාට හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නැති බව නම් මේක කියවන කට්ටිය හොඳට මතක තියාගත්තොත් හොඳයි.
    ඒ වගේම තමා පෙන් ඩ්‍රයිව් පාවිච්චිය. තමාගේ අත්‍යාවශ්‍ය දත්තයන්එකක් ගොඩක් දෙනා පෙන් ඩ්‍රයිව් තැන තැන දාලා යන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පෙන් ඩ්‍රයිව් රිකවරි කරලා ඒවාගේ මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුළුවන්. මේ නිසා අමාරුවේ වැටිච්ච ගොඩක් දෙනෙක් සමාජයේ ඉන්නවා. මේ නිසා අමාරුවේ වැටිච්ච දැනට වෙස් මාරු කරගෙන ජීවත් වෙන තරුණයෙක් ගම්පහ ඉන්නවා. සංගීත කණ්ඩායමක සමාජිකයෙක්. ඔහු තමාගේ පෙම්වතිය සමඟ දර්ශනයක් වීඩියෝ ගත කරලා ඒක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා තිබිලා තියෙනවා. කොහොම හරි මේ පෙන් ඩ්‍රයිව් එක නැතිවෙලා තියෙනවා. දැන් ඒ විඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයේ තියෙනවා. කොහොම අන්තර්ජාලයට ගියාද කියන්න ඔහුවත් දන්නේ නැහැ. ඒක දැන් ලංකාවේ අන්තර්ජාලයෙන් මේව බලන අය අතරේ ගොඩක් ජනප්‍රියයි. මේ හේතුව නිසා තරුණියට වුණේ රට හැර යන්න. මේ යාළුවට වුණේ වෙස් මාරකරගෙන ජීවත් වෙන්න.

    තමන්ගේ වැරදි හෝ නොදැනුවත්කම නිසා එසේත් නැතිනම් සමාජයේ කොතැනක හෝ තියෙන වරදකින් මෙවැනි දේවල් සිදුවෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. මෙයටත් වඩා බොහොම භයානක ලෙසට ෆේස්බුක් වලින් අපරාධ ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම මෙය තාක්ෂණයේ වරදද? අපේ වරදද? නැවත නැවත හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා

    කතාව - සුගත් පෙරේරා

    මව්බිම 36 පිටුව 09/30/2012


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම ගොඩක් ආදර්ශමත් කතාවක් මචං.. ඒ ගෑණු ළමයා හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා.. ඔය වගේ සීන් එකක් උනාම තමා දැනෙන්නෙ මේ ලෝකෙ ඉන්න මිනිස්සු මොන තරම් කුරිරුද කියලා.. උන්ගෙ ආශාවන් කොහොම හරි ඉටුකරගන්නව අනිත් එකාට හෙන ගහල ගියත්.. ඇත්තටම ඒ කෙල්ලට ජීවිතේ එපා වෙනව කියන එක අහන්නත් දෙයක් නෙමෙයි ඒ වෙච්ච දේවල් වල හැටියට.. තමන් මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරපු කෙනක් ඒකිව අවිශ්වාස කලා කිව්වම..:(
     
    • Like
    Reactions: thushana

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇත්තටම ගොඩක් ආදර්ශමත් කතාවක් මචං.. ඒ ගෑණු ළමයා හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා.. ඔය වගේ සීන් එකක් උනාම තමා දැනෙන්නෙ මේ ලෝකෙ ඉන්න මිනිස්සු මොන තරම් කුරිරුද කියලා.. උන්ගෙ ආශාවන් කොහොම හරි ඉටුකරගන්නව අනිත් එකාට හෙන ගහල ගියත්.. ඇත්තටම ඒ කෙල්ලට ජීවිතේ එපා වෙනව කියන එක අහන්නත් දෙයක් නෙමෙයි ඒ වෙච්ච දේවල් වල හැටියට.. තමන් මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරපු කෙනක් ඒකිව අවිශ්වාස කලා කිව්වම..:(

    එතන ඒ කෙල්ලගෙත් වැරැද්දක් තියෙනවා මචන්. එහෙම සීන් එකක් ගිය වෙලාවෙ ඉල්ලපු දේ දෙන්නෙ නැතුව මෙතනදි නම් තමන්ගෙ හස්බන්ඩ්ට කියන්න තිබ්බා. එතකොට එයා ඒකට මැදිහත් වෙනවා නෙ... වෙන තැනකදි පොඩි කෙල්ලෙක්ට උනා නම් අම්මා තාත්තා බොයිෆ්‍රෙන්ඩ ට කියන්න ඕනෙ.... මෙතන මේ ගෑනු ළමය ඉල්ලපු දේ දීල අන්තිම වටේ ඉන්න උනුත් එයාව අරන් ගිහින්... :frown:
    අපිත් අයියල බෝයිෆ්‍රෙන්ඩ්ලා විදියට අපේ කෙල්ලොන්ව යෙහෙලියොන්ව දැනුවත් කරන්න ඕනෙ මේ වගේ දේවල් දැන් ලංකාවෙ තියෙනවා මොන විදියකට හරි එහෙම දේකට මුනපාන්න උනොත් තනියම ඒක හැන්ඩ්ල් කරන්න යන්න එපා කියල.. ඒ කෙල්ලට මේ දේ කරාට ඕකුන්ට පලදෙයි

    good post bro... REP+
    මට පෙන්නේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඉස්සරහට files මකන්නත් වෙනම software 1ක් use කරන්න වෙයි වගේ..

    ඔවු මචන් ඒක ආරක්ෂක පියවරක් විදියට අනුගමනය කරන්න වෙන සීන් එකක් තමා දැන් නම් තියෙන්නෙ

    kari wada karana untath wenna
    widawala marenna.

    අනිවා කාලකණ්නි... හොද කෙල්ලො බඩු කරනවා කියන්නෙ හෙනගහන අපරාදයක් බන්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක මම පත්තරෙන් කියවල තියනවා. එත් මචන් ගොඩක් ඉස්තුති මේවා ගැන එළකිරි කට්ටියව දැනුවත් කල එකට.:).
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මමත් මේ වගේ දේවල් සෑහෙන්න අහලා තියනවා. තාක්ෂණයේ දියුණුවත් එකක් අපි නොදන්න සමහර දේවල් කරන්න දැන් පුළුවන් වෙලා තියනවා. ඉස්සර නම් කියන්නේ Shift+Delete කලාම ඔක්කොම ඉවරයි කියලා. ඒත් Shift+Delete කියන්නෙත් ඇත්තටම Delete කරන් විදියක් නෙමේ කියලා මේ දෙවල් බැලුවම පේනවා.

    ඇත්තම කාරණය තමයි Shift+Delete වලින් කෙරෙන්නේ File Index එක මකා දැමීම විතරයි. File එක තිබ්බ තැන ඒ විදියටම තියනවා. හරියට පොතක පටුන විතරක් ඉරා දැම්මා වගේම තමා. Pen drive එකේ හරි Hard disk එකේ හරි Index බලන්නේ නැතිව, File location එක scan කරලා files හොයා ගැනීම තමා මේ recovery කියන්නේ. මේක හරිම සරළ දෙයක්. Linux OS එක තියන computer එකක් නම් විශේෂ apps ඕන වෙන්නෙත් නෑ

    හරියම File එකක් අයින් කරන්න ඕන නම් ඒකටත් ක්‍රම ගොඩාක් තියනවා.
    1. Linux computer එකක් නම් සරළ command එකකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මේකට මුලින්ම අදාල Drive එක හොයා ගන්න වෙනවා. මේකට mount වගේ command එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පහල commands දෙකෙන් එකක් පාවිච්චි කරලා pen එකක් hard එකක් ආයිත් recover කරන්න බැරි වෙන්නම format කර ගන්න පුළුවන්.
      * dd if=/dev/urandom of=/dev/sdb ( මෙතන /dev/sdb කියන්නේ අදාල drive එක )
      * shred -n 1 -v /dev/sdb ( මෙතනත් /dev/sdb කියන්නේ අදාල drive එක )ත්
    2. Windows computer එකක් නම් File Shredder application එකක් download කරලා මේ වැඩේ කර ගන්න පුළුවන්. ඕන තරම් free software මේකට හොයා ගන්න පුළුවන්.
    3. ඔය මොනවාත් හදිස්සියට හොයා ගන්න බැරි නම් කරන්න පුළුවන් ලේසි දෙයක් තියනවා. හැබැයි 100% ම විශ්වාසවන්ත ක්‍රමයක් නම් නෙම්.
      ලඟ තියෙන්නේ pen drive එකක් නම්, තියා ගන්න ඕන files තියෙද්දී, ඉතිරි ඉඩ පිරෙන කල් ඔය මොනවා හරි වැදගත් නැති files ටිකක් දාන්න. Films, Songs, වගේ දේවල් උනත් කමක් නෑ. හැබැයි disk එක 100% full වෙනකල්ම දාන්න ඔනේ. ඊට පස්සේ ඒවා ආයෙත් මකලා, pen drive එක දෙන්න ඕනේ කෙනාට දෙන්න. ( කීප වතාවක් මකලා ආයිත් files පුරවන්න පුළුවන් නම් තවත් safe )
     
    Last edited:
    • Like
    Reactions: smaldeniya