UFO Found in Iranawila Sky, Sri Lanka

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හලාවතට ආ අද්භූත යානය




    UFO-%2BGossip9.JPG





    හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණ භූමියට ආසන්න ඉස්සන් ගොවිපලක් අසලට පසුගිය අඟහරුවාදා පාන්දර පාන්දර 3 ට පමණ හඳුනා නොගත් පියාසර වස්තුවක් පැමිණ තිබෙනවා.

    සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරන පි. ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින් විදුලි පන්දම දල්වා නිවලා සංඥාවක් ලබා දුන් පසු එම යානය එම එළිය දැල්වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙන අතර පසුව ඔහු තම ජංගම දුරකථනය මඟින් එය වීඩියෝ කර තිබෙනවා.

    එම පුද්ගලයා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

    "ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා.

    එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්.

    ඊට පස්සේ මම ටෝච් එක් අනිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්ව. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම.

    අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා.

    මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා.

    ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්.

    යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට."

    එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්.

    "මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ."

    මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්ය අංශය පවසන්නේ.

    එම පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝව පහතින්.

     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඈත්තටම මොකද්ද බන් එක..
    දෑන් කි සෑරයක් ලන්කාවට ආවද?
    කලින් බටහිර කුමන්තන විතරයි තිබ්බෙ.. දෑන් කියයි ද දන්නෙ නෑහෑ පිටසක්වල කුමන්තන තියෙනවා කියලා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඈත්තටම මොකද්ද බන් එක..
    දෑන් කි සෑරයක් ලන්කාවට ආවද?
    කලින් බටහිර කුමන්තන විතරයි තිබ්බෙ.. දෑන් කියයි ද දන්නෙ නෑහෑ පිටසක්වල කුමන්තන තියෙනවා කියලා..
    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔරියාගේ ගෝලයෝ ඇවිල්ල ඌව කුදලාගෙන යන්න :lol: