කෙසේ නමුත් පාසල වෙත ආ සද..
ටීචර් විමසයි ඔළිද ගෙනාවද..
කජු ඇට මුං ඇට කොස් ඇට කෑවද...
දහසක් දේවල් ඔව්වද මෙව්වද.....
පොත් වල අලවන්නට මදටිය ඇට
වී ඇට අඹ ඇට රටකජු උනබට...
මම්මට පප්පට වෙන වැඩ නැතුවට
මේ බඩු හොයලා පණ යයි හවසට![]()
හවසට විතරයි ගෙදර වඩින්නේ
මම්මයි පප්පයි වර්ක් කරන්නේ
දරුවන් ආයල ගාවයි ඉන්නේ
මවු පිය ආලය නෑ හඳුනන්නේ
ගිරවුන් වාගේ පාඩම් දෙන්නේ
පොත්වල විතරයි දැනුම තියෙන්නේ
භාහිර දේ ගැන නෑ ඔහු දන්නේ
වැරදි මාවතට සැනකින් යන්නේ










