ඒ ලෙවල් මම

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    sri-lanka-paddy-research.jpg


    හති වැටෙන තුරු ඇවිද්දෙමු අපි
    ඒ ලෙවල් ගොඩ දමා ගන්නට
    දෑස් රතුවී කඳුළු එන තෙක්
    රෑ පුරා නිදි වරා ගත්තට
    ඒ තුනක් නොව එස් තුනක් හෝ
    ගන්න සිතුවේ මගේ නංගිට
    ඉගෙන ගන්නට කාසි සොයනට
    ඉක්මනින් ජොබ් එකක් ගන්නට
    ඈත පායන සඳට යන්නට
    රොකට් නොව පා පැදියෙ යන්නට
    පෙරුම් පිරුවා තවත් මතකයි
    මගේ ප්‍රතිඵල සොයා ගන්නට
    ගෙදර අගහිඟ දැනෙන හැමවිට
    හිතින් හැඬුවා අතේ බත්මිට
    නොකා මගෙ මුව තබා කොට්ටෙට
    දිනක් නොව සියවසක් අත් යට
    නැගුනු අප්පච්චිගේ කරගැට
    දිනෙක සුරතින් පිරිමදින්නට
    සිතාගෙන මග බලා සිටියට
    සිරව ඇත ප්‍රතිඵලේ පෑනට
    නොහැක එය තව බලා ගන්නට
    නොතිබුනත් අපෙ ගෙදර අතමිට
    සරුව මට ටියුශනුත් යන්නට
    සතුටු වෙමි එක පොතක් ගන්නට
    සෙව්ව රුපියල ඉතිරි වූවට
    ඉතින් තව බෑ දින ගනින්නට
    අපට බෑ හඳ අල්ලගන්නට
    සසර අපි කළ කරුමයන් හෙට
    දිනේදීවත් ගෙවාගන්නට
    හැකිද මන්දා මගේ දෑතට
    සිතා අප්පච්චිගේ කරගැට
    මකා තබනෙමි අත උදැල්ලට...

    -හසිත ශාලික නොහොත් කොස්තාපල්-
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක කියවනකොට නම් මචන් මට ඇත්තටම දුක හිතුනා. බොරු නෙවෙයි. කෙනෙක් කොච්චර උත්සාහ කරලා බලාපොරොත්තු තියාගත්තත් අවසානේ ඒ දෙයක් ලැබෙන්නේ නැති උනාම ජීවිතේ කඩාවැටුනහම දැනෙන දුක මට හොඳට තේරෙනවා.
    හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා. ඒක ඔපමට්ටම් කරගන්න.
     
    • Like
    Reactions: MihiCherub

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මේක කියවනකොට නම් මචන් මට ඇත්තටම දුක හිතුනා. බොරු නෙවෙයි. කෙනෙක් කොච්චර උත්සාහ කරලා බලාපොරොත්තු තියාගත්තත් අවසානේ ඒ දෙයක් ලැබෙන්නේ නැති උනාම ජීවිතේ කඩාවැටුනහම දැනෙන දුක මට හොඳට තේරෙනවා.
    හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා. ඒක ඔපමට්ටම් කරගන්න.

    thanks machan
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Mata A/L walata kelavune ashraya karapu un nisai. Topila Advanced Level karanawa nam eda dunna wada edama karapalla. Gangs hadan nasthi wenna town wala razta gahanna padam karana ewa kal danna yanna epa. Masayak igannuwa nam private class ekaka e dunna notes tutes okkoma mase iwara weddi sathiyen sathiya complete karala thiyapalla. Nathuwa eka para karanna bah. Anika mulinma topila hena patha meter kiyala hithan inna eka hithen ayin karapalla. Nathi nam wedak karan nah ohe innawa okkoma kal dada.

    Stay Hungry, Stay Foolish. - Steve Jobs

    +