ඕවා කරන්නන කලිං ලංකාවෙ නිෂ්පාදනය වැඩි කරලා විදේශ විණිමය ගලාගෙන එන මාර්ග හදන්න ඕනෙ.
එහෙම නැත්තං දැනට තියන ණය වල පොලිය වත් ගෙවාගන්න බැරුව රට චීන්නුන්ට අයිති වෙයි.
එතකොට අපිට නියම සිංහ ලේ ඇති පෞඩ සිංහළයො වගේ චීන්නුන්ගෙ භූමියක ආඩම්බරෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි.
ඔය ගෑනුන්ව රට පටවන්න එපා කියන කතන්දරේ සුන්දරයි. මොරාල් සුපිරියට අප් වෙනවා.
ඒත් යථාර්තයට ගොඩක් දුරයි
යතාර්ථය තමා අපි ගත්ත ණය වල පොලිය වත් ගෙවාගන්න බැරුව ණය පොලී වාරික ගෙවන්න තවත් වාණිජ ණය ගන්න රටක්.
ඔය ණය බරින් නිදහස් වෙන්න තියන එකම පිලිවෙත තමා විදේශ විණිමය රැස් කර ගැනීම.
උඹලා කියන්නෙ ඒ විදේශ විණිමය එන ප්රධානම මාර්ගය වහලා දාන්න කියලද?
සුපිරියි!