Marians නම් පට්ට Unplugged Shows වලට නම්.. සනිධප බෑන්ඩ් එක 2009න් පස්සෙ වගේ බැහැලා ගියා.. අන්තිමට උන්ට ගොඩක් පිටරට Shows තමා සෙට් වුනේ.. ලංකවෙ සෙට් වුනේම නෑ.. Flash Back බෑන්ඩ් එක ගත්තොත් සුරන්, කිංස්ලි, රොෂාන්, රෝස් ඔය සෙට් එක හැකියාව තියෙන බුවාලා.. ලංකාවෙ වගේම පිටරටත් එයාලට තැනක් තියෙනව.. ජනාධිපතිගෙ අතින් සම්මාන පවා ගත්තනේ.. Flash Back රෝස් එහෙම ගොඩක් වෙලාවට වැඩ අල කරගන්නවා.. නොදන්න මගුල් කරන්න ගිහින්.. කොහොම උනත් මට හිතෙන විදියට, දැනෙන විදියට ලංකාවෙ දැන් තියෙන සුපිරිම Live Band එක තමයි සලින්ද ප්‍රනාන්දු ප්‍රමුක All Right (Flashback 2) එක.. සලින්ද, තුෂාර නිසා ඒ බෑන්ඩ් එක නැගලා යනවා.. අනික සුපිරිම සිංදු ටිකක් කියනවා.. සලින්ද එහෙම පට්ටම චරිතයක්.. සීදූව සකුරා, මාතර සී, සිටි ක්‍රීක්, සුපර් ෆේන්ඩ්ස්.. ඔය සෙට් එකත් නරකම නෑ.. සකුරා රේන්ජ් බෑන්ඩ් එකට ගොඩයන්න බෑ.. අජිත්ගෙ වැලපිල්ල නවතිනකං.. වායෝ බෑන්ඩ් එක නම් මම හිතන්නෑ හිට් වෙයි කියල.. Big Brothers බෑන්ඩ් එක නම් පට්ට..
All Rights සංගීත කණ්ඩායම හොදයි තමයි... නමුත් ඒකෙ main vocalist හිටපු කැලුම් අයියා දැන් ටික කාලෙකට කලින් ඕකෙන් අයින් වෙලා අලුතෙන් Feed Back කියල Band එකක් පටන් ගත්ත. All rights එක නැගල ගිය එකට ප්‍රධානවත්වයක් ගත්ත කෙනෙක් තමයි කැලුම්... කැලුම්ගෙ වොයිස් එක මාර විදිහට හිට් උනා...
ඕකත් සිරාම බෑන්ඩ් එක මචං.. මම ආස කරන චරිත දෙකක් ඉන්නවා.. එක්කෙනෙක් උඹ කියපු කැළුම් විජේසූරිය.. අනිකා කී බෝඩ් එක ප්ලේ කරන ශාන් එදිරිසිංහ.. ඒ දෙන්නා නිසා තමා ඒ බෑන්ඩ් එක නැගලා යන්නෙ.. කැලුම්ගෙ සිංදු ඔක්කොම වගේ පට්ට..
FM Mics අරගෙන ඇවිද ඇවිද කියනව ලොවෙත් නැති වෙන්න. නන්ස්ටොප් එහෙම දුන්න Dancing වලට නියමෙට. චන්දන ලියනාරච්චිත් ඇවිත් හිටිය. මිනිහ පොඩ්ඩක් මහන්සි පිට හිටියෙ. කලින් දවසෙ ෂෝ එකකට සිංදු කිව්වලු. මුන් කොහොමහරි ඇදල ගත්ත චන්දනව. කියෙව්ව සිංදු 4ක් 5ක් ම. සවුන්ඩ්ස් එහෙම සුපිරි. අක්කර 42ක වත්තක් මැද ගේ තියෙන්නෙ. එතන ගැහුවෙ. වෙලාවට අල්ලපු වතුත් අක්කර බර ගණන් වල වතු.
නැත්තන් අල්ලපු උන්ගෙන් ඉඳල ඉවරයි. ගමේ උනුත් ෂෝ එක බලන්න එයි. 






