ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා මට ඔය දෑත නඟේ
ඇස්වහ කටවහ නෑ නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල සිනාවට ආශ වෙලා මගෙ හිත උන්මාද වෙලා
දුටුව දිනේ මන බැඳුනේ නුඹ දඟකාර නිසා
තවත් අගේ වැඩි වෙන්නෙ ආඩම්බර හින්දා
හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා
මටත් හොරා බොළඳ මගේ හිත මනමාල වෙලා
ඉවසිල්ලක් නෑ .............
මල් වයසේ සමනලියේ නුඹෙ ආදරය පතා
මම ඉන්නේ හද පතුළේ ඇති ආදරේ නිසා
හැම මොහොතේ ළතවිල්ලේ මම ඉන්නේ ඉවසා
හැගෙන්නේ ඇයි කෙල්ලේ ආදර හිත හංඟා
ඉවසිල්ලක් නෑ .............
ගායනය :- උපාලි කන්නංගර