සංවේදී

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    429384_3858090010769_1126375666_n.jpg


    '''' මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන’ ''''
    කිරි සප්පයන් දෙදෙනකුට අම්මා වුණ දස හැවිරිදි අක්කා

    උඩුදුම්බර තෙල්දෙණිය කොට්ඨාසයේ රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිලූෂා දිල්ෂානි සිසුවිය පිළිබඳ සංවේදී පුවතක් අපට පසුගිය සතියේ අසන්නට
    ලැබුණි. කුඩා සහෝදරයන් දෙදෙනෙකු සමඟ මේ දියණිය තනිකර දමා ඔවුන්ගේ මව විදේශ රැකියාවකට ගොසිනි. පියා ද නිවස හැර ගොස් ය.

    ආච්චි අම්මාගේත්, සීයාගේත් රැකවරණය ලබන මේ දරුවන් ගෙවන ජීවිතය ඉතාම කටුකය. පාසල් අවසන් වාර විභාගය පැවති පසුගිය දිනෙක ඇය වයස අවුරුදු දෙකක් තරම් වූ කුඩා සොහොයුරා ද වඩාගෙන ගියේ මල්ලී ගේ රැකවරණයට නිවෙසේ කිසිවකු නොසිටි නිසාය. විභාගය ලිවීමේ දැඩි අවශ්‍යතාවය ද නිසාය. පාසලේ ගුරුවරු පවසන්නේ අත දෙන්න කෙනෙක් සිටී නම් ඉගෙනීමට දක්‍ෂ මේ දියණිය බොහෝ දුර යන බවයි. මේ ඒ දිරිය දියණිය ගේ කතාවයි.



    ‘මම රට යන්නද පුතේ’ අම්ම දවසක් මගෙන් ඇහුවා. ඒ වචනවල තේරුම හරියට ම නොතේරුණත් මට මතක් වුණේ චූටි මල්ලි.

    ’එපා අම්මෙ. අම්ම රට ගියා ම චූටි මල්ලි බලාගන්නෙ කවුද?’ කියල මම අම්මට කිව්වා.

    ඒත් කටු මැටි ගහපු එකම එක කාමරයක් තියෙන පුංචි ගෙදර වෙනුවට වීදුරු ජනෙල් දාපු ලස්සන ගෙදරක්, ලොකු ටී.වී. එකක්, කතා කරන බෝනික්කෙක්, රසම රස චොක්ලට් ගොඩාක් අරන් දෙනවා කියද්දි නම් අම්ම රට ගියොත් හොඳයි කියල මටත් හිතුණා.

    ’මේ කිරි සප්පයෝ තුන් දෙනෙක් තනිකරල උඹ රට රාජ්ජෙ ගියාම උන්ට යන කල මොකක්ද?’ කියල කිරි අම්මයි, කිරි අත්තයි හැම වෙලාවෙම අම්මට දොස් කිව්වා. තාත්තත් රණ්ඩු වුණා. ඒ විදිහට ටික කාලයයි ගෙවුණේ. දවසක් අම්මා උදෙන් ම ගමනක් ගියා.

    ’මගෙ දුව මල්ලිලා දෙන්න බලාගෙන පරිස්සමට ඉන්න ඕන’ කියල අම්ම ගෙදරින් පිට වුණේ මගේ මූණත් ඉඹල. අම්ම එහෙම කියන කොට මට හිතුණෙ මම දැන් ලොකු ළමයෙක් කියල. මගෙ හිතට හරි සතුටක් දැනුණා. සීතලේ නිදා ගෙන හිටපු චූටි මල්ලිට රෙද්දකුත් පොරවලා මම එදා ඉස්කෝලෙට ගියා. දවල් ගෙදර එන කොටත් අම්ම ගෙදර ඇවිත් නෑ. නැඟිටපු වෙලාවේ ඉඳන් බඩගිනිවෙලා අඬන චූටි මල්ලි ගේ ඇස් දෙකත් ඉදිමිලා. කටහඬත් වෙනස්වෙලා.

    ’කොලු පැටියා බත් කටක් කන වයසක ද ඉන්නේ. උදේ ඉඳන් ම තේ කහට ටික විතරයි.’ කියල කිරි අම්මත් අඬනවා. මම ගේ ඇතුළට දිව්වා. ළිප මුල්ලේ කෙළවරක තිබ්බ පිටි ටින් එකේ අඩියට වෙන්න තිබුණු පිටි ටික සූරලා මම කිරි අම්මට දුන්නා. ඈ හදල දුන්නු කිරි ටික එක හුස්මට බීපු චූටි මල්ලියා ඇඬීම නවත්තලා ලස්සනට හිනා වුණා. අම්ම ගේ මූණටත් වඩා මල්ලිගෙ ඒ හිනාව මට හැමදාම මතක් වෙනවා.

    එදා හැන්දෑවෙ අම්ම කොහේදෝ ඉඳලා උඩහ ගෙදර නැන්දට කෝල් කරල තිබුණා. ‘මම රට යනවා කියලා අම්මට කියන්න.’ නැන්දා ඒ පණිවිඩේ කිව්වේ පුදුම වෙලා. ඒ වෙලාවෙ මගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. ඇස්වලින් කඳුළු බේරුණා. නැන්දා කියන්නේ බොරු. මේ ඉන්නේ අපේ අම්මා. අම්ම ලස්සනට හිනාවෙවී ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ මට දැනුණා. මම ඇස් දෙක පිහදාලා හොඳට බැලුවා. අම්ම හිටියෙ නෑ.

    ඒ දැනට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳන් අපි හැදුණේ කිරි අම්මා ළඟ. වෙනදා අම්මා ගේ තුරුලේ හිටපු චූටි මල්ලියා දැන් නිදා ගන්නේ මට තුරුල් වෙලා. මද්දු මල්ලි දකුණු පැත්තේ. රෑට බඩගිනි වෙලා සැරෙන් සැරේ ඇහැරිලා අඬන චූටි මල්ලි නළවන්නෙත් මම. හිස් සූප්පුවක් දීල උකුලේ තියලා නළවන කොට මල්ලිට ආයෙත් නින්ද යනවා. මටත් නින්ද යනවා.

    අම්මා ගිය දවසෙ ඉඳන් අපේ තාත්තත් හැමදාම ගෙදර එන්නෙ නෑ. රස්සාව කුලී වැඩ. ඒත් හැමදාම වැඩ නෑ. මාසයකට දෙකකට සැරයක් චූටි මල්ලිට කිරි පිටි පැකට් එකක් ගෙනත් දෙනවා.

    දවසක් කිරි අම්ම මාත් මල්ලිලා දෙන්නත් එක්ක අපේ පළාතේ ආණ්ඩුවේ ලොකු කන්තෝරුවකට ගියේ තාත්ත ඉඳල හිටල ගෙනත් දෙන කිරි පැකට් එකෙන් විතරක් මල්ලිගෙ බඩ පුරවන්න බැරි හින්දා. අපේ කතාව අහගෙන හිටිය ඒ කන්තෝරුවේ ලොකු මහත්තයා කිව්වේ ‘මොනව කරන්නද අම්මේ. මගේ සාක්කුවෙන් දෙන්න ද?’ කියලා. වචනයක්වත් කතා නොකරපු කිරි අම්ම අපි තුන්දෙනත් අරගෙන ආපහු හැරුණා.

    කිරි අම්මගේ ඇහෙන් වැටුණු කඳුළුවලින් මල්ලිගේ පිට තෙමෙනවා මම දැක්කා. කිරි අම්මට තවත් දුක හිතෙයි කියලා මම අහක බලා ගත්තා. දවසක් චූටි මල්ලිට කිරි බෝතලේ දෙන කොට මද්දු මල්ලිත් ඒ කිරි ඉල්ලලා ඇඬුවා.

    ’මගෙ හොඳ මල්ලිනේ, ඔයා අඬන්න එපා. ඔයාට බත් කන්න පුළුවන්නේ. මේ පිටි ටික ඉවර වුණොත් චූටි මල්ලි බඩ ගින්නේ නේද?’ මම මල්ලිව තුරුලු කරගෙන එහෙම කිව්වා. මගේ මල්ලිත් චූටි මල්ලිට හරිම ආදරෙයි. එයා ආයේ කවදාවත් පිටි කිරි ඉල්ලලා ඇඬුවේ නෑ.

    අපේ තනියට කිරි අම්ම ළඟ හිටියත් අපිට රසට කෑම බීම දෙන්න, ගවුම් කමිස අරන් දෙන්න කිරි අම්මටයි කිරි අත්තටයි සල්ලි නෑ. වයස වැඩි හින්දා කුලී වැඩක් ලැබෙන්නෙත් නෑ. අම්ම රට ගිය මුල්මාස දෙක තුනේ විතරක් එවපු සල්ලිත් ඉවරයි.

    අපේ කිරි අත්ත උදේ ඉඳන් රෑ වෙන තුරුත් හේන් වැඩ කරනවා. කිරි අම්ම හේනට යන්නේ මම ඉස්කෝලේ ඇරිල ගෙදර ආවට පස්සේ. හැන්දෑ වරුවේ මල්ලිලා දෙන්නත් බලාගෙන මම ගෙදර ඉන්නවා. කිරි අම්මත් හේනට යනවා. චූටි මල්ලිගෙ ඇඳුම් ටිකවත් සෝදලා දෙන්න කියලා සමහර වෙලාවට කිරි අම්ම මට කියනවා. ඒ වැඩ වැඩි හින්දා. ඒ වැඩේට නම් මම මඟ හරිනවා. කම්මැළිකමට නෙවෙයි. රෙදි සෝදනකොට මගෙ ඇඟිලි රිදෙනවා.

    දැන් නම් මගේ චූටි මල්ලි බත් කනවා. වයස අවුරුදු දෙකක්නේ. කිරි අම්ම කියන්නේ ආරංචියක් නැතත් අම්ම රට ගිහින් දැන් අවුරුද්දකුත් ගෙවිල ඉවරයි කියලා. තුන්වේලම අපට බත් ලැබුණත් කිරි අම්ම නම් හුඟක් දවස්වල බඩගින්නේ. මුට්ටියේ ඉතිරිවෙන දවල් කෑම පංගුව රෑට අපි තුන්දෙනාට බෙදල දීලා කිරි අම්මා තේ කහට කෝප්පෙකින් බඩ පුරව ගන්නවා. ඒ වෙලාවට නම් මට බය හිතෙනවා. හරියට කෑමක් බීමක් නැතිව කිරි අම්මත් ලෙඩ වුණොත් මගේ මල්ලිලා දෙන්නා බලා ගන්නේ කවුද? ඉස්කෝලෙ පරිසර පාඩමේ දී අපේ ගුරුතුමී කිව්වේ නිරෝගී වෙන්න නම් සමබල ආහාර වේලක් ගන්න ඕන කියලයි.

    කිරි අම්මත් සැරෙන් සැරේ ලෙඩ වෙන්නේ හරියට කෑමක් බීමක් නැති හින්ද කියලයි මට හිතෙන්නේ. අහල පහල අය නම් කියන්නේ ඔය වයසක මනුස්සයට කිරි දරුවො තුන් දෙනෙක් බලා ගන්නත් පුළුවන් ද කියලා. ඒත් කිරි අම්ම නම් කවදාවත් ඒ ගැන මැසිවිලි කියන්නේ නෑ. මට වාගෙම මල්ලිලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.

    උදේ පාන්දරින් ම මම ඉස්කෝලෙට යන්නේ මද්දු මල්ලිත් එක්ක. මගේ මල්ලි වාගෙම පුංචි නංගිලා මල්ලිලා අම්මලා තාත්තලාගේ අතේ එල්ලිලා ලස්සනට හිනා වෙවී පාසලට එනවා. ‘අක්කේ, අපේ අම්මයි තාත්තයි හිටියා නම් අපිටත් ඒ විදිහට යන්න තිබුණා නේද?’ කියලා මල්ලි මගෙන් අහනවා. මටත් එහෙම හිතෙනවා. ‘මගෙ මල්ලිට මම ඉන්නවනේ’ එහෙම කියල මම මල්ලි ගේ හිත හදනවා.

    හැන්දෑවට ගෙදරදී මම මද්දු මල්ලිට අකුරු කියල දෙනවා. චූටි මල්ලිත් ළඟ තියාගෙන පාඩම් පොතේ තියෙන කවි කට පාඩම් කරනවා. මල්ලිලාට සෙල්ලම් කරන්න කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් හදලා දෙනවා. වහින වෙලාවට නම් කඩදාසි ඔරු හදල ඉල්ලලා මල්ලි කරදර කරනවා.

    මම මගේ මල්ලිලා දෙන්නට වාගෙ ම පොත්වලටත් ගොඩක් ආදරෙයි. කඩදාසි ඔරු හදන්න මම කවදාවත් පොත්වල කොළ කඩන්නේ නෑ. අපිට අකුරු ලියන්න, චිත්‍ර අඳින්න පොත් පත් වාගෙම පෑන් පැන්සල් අරන් දෙන්නෙ ඉස්කෝලෙ ගුරුවරු. විදුහල්පතිතුමා, පන්තිබාර ගුරුතුමිය වගේ ම ගුරුවරු හැමෝම අපිට ගොඩක් ආදරෙයි. මම ඉගෙන ගන්න කැමතිත් ඒ හින්දමයි. පහුගිය දවස්වල ඉස්කෝලේ වාර විභාගෙ තිබුණා. ඒ දවසක කිරි අම්මට හොඳටම අසනීප වුණා.

    ”මගෙ පුතේ මල්ලිලා දෙන්නත් බලාගෙන අද ගෙදර ඉන්න.”

    එහෙම කියල කිරි අම්මයි කිරි අත්තයි බෙහෙත් ගේන්න ඉස්පිරිතාලෙට ගියා. “විභාගෙට නොගිහින් මම කොහොමද හයේ පන්තියට පාස් වෙන්නේ. යාළුවෝ ඔක්කොම අද විභාගෙට ලියයි.”

    මගෙ ඇස්වලට කඳුළු පිරුණා. ‘මගෙ අම්ම හිටියා නම් කවදාවත් මට මෙහෙම වෙන්නේ නෑ.’ මට එහෙම හිතුණා. මල්ලිලා දෙන්නම ඇහැරුණෙත් ඒ වෙලාවේ.

    දෙන්නටම තේ බොන්න දුන්නු මම මද්දු මල්ලිගේ මූණ කට සෝදලා ඇඳුමක් ඇන්දුවා. ඊට පස්සේ චූටි මල්ලිව සේදුවා. ගමනක් යන්න තරම් හොඳ ඇඳුමක් නැති වුණත් මල්ලිට පරණ කමිසයක් ඇන්දුවා. පොත් ටික මද්දු මල්ලි අතට දීලා මම චූටි මල්ලි වඩා ගත්තා.

    ’මම කොහොම හරි අද විභාගෙ ලියනවා.’ එහෙම හිතාගෙන පාරට ආවා. පාරේ වළවල්, ගල්පතුරුවල වැදිලා මගේ එක රබර් සෙරෙප්පුවක් ගැලවෙනවා. ඒ හැම වෙලාවකම එක අතකින් පොත් ටික ගත්තු මද්දු මල්ලි ඒ සෙරෙප්පුව හදලා දෙනවා. ඒ විදිහට අපි ඉස්කෝලෙට ගියා. ළමයි විතරක් නෙවෙයි. ගුරුවරුත් පුදුම වෙලා බලාගෙන හිටියා. මගේ ඇස්වලට කඳුළු ආවා. බයට නෙවෙයි. ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුණා. විදුහල්පතිතුමා මට කතා කළා.

    ’ඇයි පුතේ මල්ලිත් අරගෙන ඉස්කෝලෙට ආවේ’ එතුමා මගෙන් ඇහුවා. මම විස්තරේ කිව්වා. මට විභාගෙ ලියන්න ඕනෑ කියලත් කිව්වා. විදුහල්පතිතුමා හරිම කරුණාවන්තයි. මට විභාග ශාලාවට යන්න ඉඩ දුන්නා.

    අපේ පන්ති බාර ගුරුතුමී විතරක් නෙවෙයි. ගුරුවරු හැමෝම මල්ලිව වඩාගන්න හැදුවා. මගේ මල්ලි මා ළඟින් හෙල්ලෙන්නේවත් නෑ. මල්ලිට කෑම බීම ගොඩක් දුන්නා. ඒත් කිසිම කෙනෙක් ළඟට යන්න මල්ලි කැමති වුණේ නෑ. මම මල්ලිත් තුරුළු කරගෙන ම ප්‍රශ්න පත්තරේට උත්තර ලිව්වා. ටික වෙලාවකින් මල්ලිට නින්ද ගියා. එක ගුරුතුමියක් මල්ලිව මේසයක් උඩ නිදි කළා.

    එදා මේ සිදුවීම දැකපු ගුරුවරු හුඟ දෙනෙක් ඇඬුවා. මටත් ගොඩාක් දුක හිතුණා. ඒත් මොනවා කරන්නද? අපේ අම්ම අපි ළඟ නෑනේ.

    ’කුඩා දරුවන් ඉන්න මවුවරුන් පිට රට රැකියාවලට යාම තහනම්’ පත්තර පිටුවක එහෙම ප්‍රවෘත්තියක් තියෙනවා දවසක් මම දැක්කා. එහෙම නම් අපේ අම්මා රට ගියේ කොහොමද? අපි තුන්දෙනා තාමත් පොඩි දරුවොනේ. සල්ලි ගොඩක් අරගෙන එනවා කියලා අම්මා රට ගියත් දැන් අම්ම ගැන කිසිම තොරතුරක් නෑ. අහස් යාත්‍රාවක හඬ ඇහෙන කොට මල්ලියි මමයි මිදුලට දුවනවා. අනේ! අපේ අම්මා ඒ අහස්යාත්‍රාවෙන් එනවා නම්! ඒත් අපිට අම්මත් නෑ. තාත්තත් නෑ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නැන්දලා මාමලාට නම් අපේ අම්මා ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන් වෙයි. අනේ නැන්දේ, මාමේ අපේ අම්ම ආයෙත් ගෙන්වලා දෙන්න. එතකොට අනිත් ළමයින්ට වගේ ම මටයි මල්ලිලා දෙන්නටයි ආයෙත් සතුටින් ඉන්න පුළුවන්. අම්ම ගේ අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තාත්තත් ගෙදර එයි.

    අම්ම රට ගියේ අපිට ලස්සන ගෙයක් හදල දෙන්න. අලුත් ගෙවල් එපා. වහින වෙලාවට වහලෙන් වැටෙන වතුර බිංදුවලට වළං මුට්ටි තියල නොතෙමී ඉන්න පුළුවන්.

    එක ම කාමරේ අපි පස්දෙනාට ගුලිවෙලා ඉන්න පුළුවන්. ඒ කාමරේම පාඩම් කරන්නත් පුළුවන්. අම්මයි තාත්තයි ළඟ ඉන්නවා නම් ඒ හැම දුකක්ම උහුලන්න පුළුවන්. අම්ම ආවොත් කිරි අම්මටයි කිරි අත්තටයි නිදහසේ පිනක් දහමක් කරගන්නත් පුළුවන්.

    නිලූෂා දුවගේ විස්තර 0815789778 දුරකතන අංකයෙන් ලබාගන්න පුළුවන්.

    විශේෂ ස්තූතිය
    උඩුදුම්බර රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සුජීවා නිල්මිණී ගුරුතුමියට


    රමණී සුබසිංහ
    උපුටා ගැනීම (සිළුමිණ )


    mama meka gaththe fb eken

    Hithata danena de kiyala yanna


    I found it


    A.G. Nilusha Dilshani Samarasinghe

    Account no : 74100594

    Bank : Bank of Ceylon

    Branch : Udu Dumbara
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතාමත් සංවේදී සිදුවීමක්.....මේ දරුවන්ට කවුරුහරි උදව් කරන්න ඉදිරිපත් වෙනවා නම් ගොඩක් ලොකු පිනක්....
     
    • Like
    Reactions: mjayanatha

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං..අපි එකතු වෙලා අපිට පුලුපුලුවන් විදිහට උදව් කරමු බං....
    කවුරුත් කරනකං බලා ඉදලා වැඩක් නෑ...
    අපිම පටං ගමු
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචං..අපි එකතු වෙලා අපිට පුලුපුලුවන් විදිහට උදව් කරමු බං....
    කවුරුත් කරනකං බලා ඉදලා වැඩක් නෑ...
    අපිම පටං ගමු

    account ekak thiyenawada kiyala umba dannawada ? kiyapan api patan gamu.

    machanla mama wadi wisthara danna na...fb eken meka gaththa...patta duka hithuna kiyawanakota :(:(:( ...4n number ekak thiyenawa ekata call karanam hoya ganna thibba...
     

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    I found it


    A.G. Nilusha Dilshani Samarasinghe

    Account no : 74100594

    Bank : Bank of Ceylon

    Branch : Udu Dumbara
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ විස්තරෙ ඇහුවම නම් මාරම් දුකයි බන්:(මට මැවිලා පේනවා ඔය පොඩි එවුන් ජිවත් වෙන විදිය:sorry::( මේ වෙලාවට තමයි හිතෙන්නෙ ලෝකවීනාශෙ උනොත් හොදයි කියලා:dull: