සංවේදී

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඔයාට ගොඩාක් පින් මේක ගැන අපිට කිව්වට...මාරම දුකයි ඒ පවුල ගැන ...:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මේ පළාතේ පදිංචි කව්රුහරි ඉනවානම් මේ විස්තරේ ඇත්තද කියල හොයල බලනවද? අද කාලේ වංචා දුෂණ වැඩියි. මේ විස්තරේ ඇත්ත නම් මම මේ දරුවන්ට උදව් කරන්න කැමතියි. ලොකු ගානකින් බැරි උනත් මාසෙට 3000 ක් වගේ මුදලක් මේ කියන ගිණුමට මම දාන්නම්.
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    මචන්ලා මේ පළාතේ පදිංචි කව්රුහරි ඉනවානම් මේ විස්තරේ ඇත්තද කියල හොයල බලනවද? අද කාලේ වංචා දුෂණ වැඩියි. මේ විස්තරේ ඇත්ත නම් මම මේ දරුවන්ට උදව් කරන්න කැමතියි. ලොකු ගානකින් බැරි උනත් මාසෙට 3000 ක් වගේ මුදලක් මේ කියන ගිණුමට මම දාන්නම්.

    මචන්, මම කතාකලා ඒ number එකට. ඊට පස්සේ ඒ කතා කරපු කෙනා කිව්වා එහාට එන පාර. ඇවිල්ල මිනිස්සු පොත් සල්ලි එහෙම දීල යනවලු. මන් ඇහුව සල්ලි එවන්න ක්‍රමයක් කියන්න කියල. එතකොට තමයි account විස්තර දුන්නේ. මම නම් සල්ලි ටිකක් දැම්ම. එත් check කරන්න ගියේ නැහැ account එක. උඹ මාසෙට 3000 වගේ දානවනම් පොඩ්ඩක් සෝදිසි කෙරුවත් කමක් නැහැ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්, මම කතාකලා ඒ number එකට. ඊට පස්සේ ඒ කතා කරපු කෙනා කිව්වා එහාට එන පාර. ඇවිල්ල මිනිස්සු පොත් සල්ලි එහෙම දීල යනවලු. මන් ඇහුව සල්ලි එවන්න ක්‍රමයක් කියන්න කියල. එතකොට තමයි account විස්තර දුන්නේ. මම නම් සල්ලි ටිකක් දැම්ම. එත් check කරන්න ගියේ නැහැ account එක. උඹ මාසෙට 3000 වගේ දානවනම් පොඩ්ඩක් සෝදිසි කෙරුවත් කමක් නැහැ.

    මචන් මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ඒ හින්ද මට පුද්ගලිකව සෝදිසි කරන්න විදිහක් නැහැ. පුලුවනිනම් මේ ළමය යන ඉස්කෝලේ දුරකථන අංකය හොයල දෙනවද. රුපියල් 3000 ක් කියන්නේ අද කාලේ හැටියට මහා ලොකු ගානක් නෙවෙයි. එත් අමාරුවෙන් හම්බුකරන සල්ලි වංචා කාරයින්ට පුදලා දාන්න ඕන නැහැනේ මචන්. මම සල්ලි දැම්මොත් දාන්නේ online . මේ දාන සල්ලි වලින් මේ දරුවන්ට යහපතක් වෙනවද නැත්තම් වෙන කෙනෙක් පාවිච්චි කරනවද කියල අපි දන්නේ නැහැනේ . ඒ හින්දයි හරි විස්තරයක් හෙව්වේ . ලංකාවේ බැංකු රෙගුලාසි අනුව වයස අවුරුදු 18 සම්පුර්ණ නොවුන කෙනෙකුට ගිණුමකින් මුදල් ගන්න බැහැ . එතකොට මේ ගිණුම තියෙන්නේ මේ දරුවාගේ නමටනම් කොහොමද මේ දරුවා සල්ලි ගන්නේ? පුලුවන්නම් පොඩ්ඩක් හොයල බලපන් . මමත් කතා කරලා බලන්නම්.