පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක් එල්ල වෙනව&

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක් එල්ල වෙනව&

    chandrasiri-bandara.png


    නොවැම්බර් මාසයේ 27 වැනිදා සිට මේ දක්වා වරින්වර දක්නට ලැබුණු අද්භූත ආලෝක වස්තු හා යානා සම්බන්ධයෙන් විද්වතුන් විවිධ අදහස් පළ කළා. සමහර විද්වත් මතයන්ට අනුව මේවා පෙනෙන්නේ සින්ඩේ‍රා්ම් තත්ත්වයේ අයට බවත්, එහෙමත් නැති නම් මේ වල්ගාතරුවල හෝ ධූමකේතුවල කොටස් කැමරාවල දෘෂ්ටි මායා ලෙසටත් ප්‍රකාශ කළා.


    මෙවැනි විවිධ මතවාද ලොව පුරා ව්‍යාප්ත වෙද්දී මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව පිළිබඳ ජේ‍යාතිෂ ශාස්ත්‍රයේ සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසා බලමු.
    අප ගෞතම තථාගතයන් වහන්සේ දේශනා කරනවා සහස්‍රයේ ලෝකධාතුව පවතින බවත්, උන්වහන්සේ ධම්මචක්ඛපවත්වන සූත්‍ර දේශනාවේදී විවිධ ජීව තලවලට එය ඇසුණු බවත් එය ඊට එහාට ප්‍රකාශ කළ ආකාරයත්, ඒ අනුව මිනිසුන්ද සතුන්ද පෘථිවිවාසීන්ද හැර ඇසට නොපෙනෙන ක්‍රියාකාරී වියහැකි යැයි සිතීමට හැකි තවත් ජීවීන් විශේෂ සිටින බවත් සිතන්නට පුළුවන්.



    කරණීය මෙත්ත සූත්‍රය ආරම්භයේදීම මතක් කරනවා එවැනි ජීවීන්ට මෛත්‍රි කළ යුතු බව. අපේ දෑස්වලටත්, අපේ කනටත් නොපෙනෙන, නොඇසෙන ලෝකය ඉතා විශාලයි. විසිබල් ලයිට් (දෘශ්‍ය ලෝකය) තුළ අපිට නොපෙනෙන ලොව එක්ස් කිරණ, ගැමා කිරණ, දිගු හා කෙටි තරංග ලෙස විද්‍යාවේදී සටහන් වෙනවා. ඔවුන් පෘථිවියට පැමිනුණ අපේ සංඛ්‍යාතවලට අසුනොවන අප්‍රමාණ කිරණ වර්ග තිබිය හැකියි.



    ලෝකායතන ජේ‍යාතිෂයට අනුව මේෂ රාශියට ග්‍රහයෝ පිහිටෙව්වහොත් ලෝකයට කරන සතුරුකම් පිළිබඳ කතාබහ කරන 6 වැන්නේ රවි, බුධ, කුජ, ගුරු පැහැදිලිව තැන්පත් වෙනවා. ඒ විතරක් නොවෙයි කුජ හා ගුරු මේ වකවානුවේදී සතුරු තත්ත්වයෙන් පිහිටනවා. සතුට ගැන කියැවෙන සිකුරු ලෝකයට කඩා වැටෙන හදිසි කරදර ගැන කියැවෙන සෙනසුරු ඉන්නවා. ඒ සෙනසුරු සතුරුයි. මේ තත්ත්වයන් සමාන ආකාරයේ දකින්න පුළුවන්. ඊට පස්සේ මේෂ ලග්නය යොදාගෙන ග්‍රහචාරය ගැන සොයා බලද්දී රවි, බුද, සිකුරු, කුජ, යුරේනස් සමඟ හතරදෙනා එකතුව සිටිනවා. ඒ වගේම සෙනසුරු එදිනත් සතුරුව හෝ සතුරුමොට ස්වභාවයෙන් ගමන් කරනවා.



    එහෙත් රවි අධිපති, සිංහ රාශියේ හදිසි අනතුරු, කරදර ගැන කතා කරන අටවැන්නේ නෙප්චූන් පිහිටා තිබීම අපේ අවධානයෙන් මඟ හරින්න බැහැ. ඒ වගේම හඳුනා නොගත් අලෝක වස්තූන් ලංකාවාසීන් දැක තිබෙන දින වකවානු ගතහොත් දෙසැම්බර් මස 12, 13 දින ගතහොත් අපට පේනවා ලෝක කේන්ද්‍රයේ වූ මේෂ රාශියේ රවි, රාහු, බුධ, සිකුරු , චන්ද්‍ර කියන සංකේත පහම එකට ඒකරාශී වී තිබෙන බව අටවැන්නේ එහෙම නැතිනම් වෘශ්චික රාශියේ. සෑම චතුර් ග්‍රහයෝගයක් හෝ පංචග්‍රහයෝගයක් උදාවන මොහොතේදී එවැනි යානා පැමිණීම සිද්ධ වෙලා නෑ. එහෙත් එවැනි චතුර් ග්‍රහයෝග හා එවැනි රටාවන් පවතින විට එවැනි අද්භූත සිදුවීම් වාර්තා වෙනවා. විශේෂයෙන් වෙනත් ලෝකවල ජීවීන්ගෙන් පෘථිවියට අනතුරක් හෝ නව සබඳතාවක් ගොඩනැඟීමට හේතුවන නව වසරක කාලවකවානු ආරම්භ වෙනවා. ඒ 2012 දෙසැම්බර් 23දා.




    රාහු හා සෙනසුරුගේ එකතුවීමත් සමඟමයි මෙය සිදුවෙන්නේ. මේ ගැන අපි විශේෂ ලිපියකින් පසුව විමසමු. නමුත් 2012 දෙසැම්බර් 23දා අපේ පෘථිවියට තීරණාත්මක යුගයක ආරම්භය සිදුවන බව වගකීමෙන් කිව හැකිය. මීට පෙරාතුව සෙනසුරු උච්ච වී සිටින තුලා රාශියට රාහු පැමිණ ඇත්තේ අවුරුදු 200 ගණනකට පෙරයි. එනම් ක්‍රි.ව. 1805 ඔක්තෝබර් 27දා උච්ච සෙනසුරු සිටි තුලා රාශියට රාහු පැමිණ ක්‍රි.ව. 1806 නොවැම්බර් පළමුදා රාහු ග්‍රහයා තුලා රාශියෙන් සෙනසුරුගේ සම්බන්ධයෙන් අෑත් වෙනවා, නිදහස් වෙනවා.



    මේ කාලය නැපෝලියන්ගේ ආක්‍රමණ උත්සන්න වුණු කාලයක්. හිරු නොබසින අධිරාජ්‍යයට තහනම් නියෝග පනවන්නට, ගොඩබිමින් ඇතුළුවීමේ තහනම හිරුනොබසින අධිරාජ්‍යයට පනවන්නේ නැපෝලියන් මෙම වකවානුව තුළයි.



    එසේම ලෝකය යුද භීතියට යුද අවුලකට පත්වන, බියට තැතිගැන්මට පත්වන, මිනිසුන් වේගයෙන් මළකඳන් බවට පත්වුණු යුගයක් තමයි අපිට මුණගැහුණේ.
    රාහු, සෙනසුරු, තුලා රාශියේ එකට ගමන් කරන අවස්ථා ඉතාම දුර්ලභයි. එවැනි අවස්ථාවක් අවුරුදු 200ට පසුව පෘථිවියට උදාවෙනවා. ඒ 2012 දෙසැම්බර් 23දා. ලෝකායතන ජේ‍යාතිෂ ගැන කතා කරන මේෂ ලග්නයේ සෙනසුරු කුජ, උච්චවන පංචමහා පුරුෂ යෝගයන් සම්බන්ධව සිටින අවස්ථාවකදී 7 වැන්න හා 10 වැන්න වූ මර්මස්ථාන දෙකක සිටීම, කේන්ද්‍රස්ථාන දෙකක සිටීම, මේෂ ලග්න ලෝකායතන කේන්ද්‍රයේ බුධ, සිකුරු අටවැන්නේ සිටීම, මාරකස්ථානය වූ දෙවැන්නේ ගුරුගේ පිහිටීම අපට අමතක කළ නොහැකිය.



    සමස්ත පෘථිවිවාසී ජනතාවම දැනගත යුතුයි, සූදානම් නැති ආගන්තුකයන්ගේ දැනහඳුනා නොගත් ප්‍රහාරයකට ඉඩ ඇති සමයකට ගමන් කරන බව. අපට මෙහි දරුණුතම පීඩාවන්ට ගොදුරුවීමට සිදුවීම ඒකාන්තය.



    පසුගිය කාලයේ ඇදහැලුණු රතු වැස්ස වැනි ඇල්ගී වර්ග පොළොවට අලුතින් සම්බන්ධ වීමට පුළුවන් ප්‍රහාරක ක්‍රම ගණනාවක් ඔවුන් සතුයි. මෙම ඇල්ගී වර්ග සාමාන්‍ය ගහකොළ වැඩීමට වඩා සීග්‍රයෙන් වැඩීම දුටුවහොත් අනියතව බිය විය යුතු නැහැ. මක්නිසාද යත් ඒවායේ සිදුවිය හැකි එවන් ක්‍ෂණික පැතිරීම්වලට උපකාරී අවි වර්ග ඔවුන් භාවිත කරන්නට පුළුවන්.



    ඉදිරියේදී සිදුවන විවිධ ග්‍රහ සබඳතාවන් පොළොවේ සාමාන්‍ය සමතුලිත බව බිඳ දමන්නට බලනවා. විශේෂයෙන් ඔබ නොසිතන තරම් ස්වාභාවික ව්‍යසන බහුල කාලයකටයි ඔබ පියවර තබන්න සූදානම් වෙන්නේ. භූමිකම්පා හෝ සුනාමි හෝ ටොනේඩෝ වැනි ක්‍ෂණික සුළං විපත් දිළිඳු අප රටවලට පමණක් නොව ලොව බලවත් රටවලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා. විශේෂයෙන් අපේ රටට වඩා වැඩියෙන්.



    කෙසේ වුවත් අවුරුදු 200කට පසුව රාහු සෙනසුරු සබඳතාව අපට තවත් වැදගත් පණිවුඩ කිහිපයක්ම සපයනවා. වෙනත් ලෝකවල ජීවීන් පිළිබඳ අප කරන පර්යේෂණ නිසා අප වෙනත් ලෝකවල ජීවීන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩකඩ තිබෙනවා.



    ලෝකායතන ජේ‍යාතිෂයට අනුව සූර්ය උෂ්ණත්වය ඉහළ යෑමෙන් මේ සෙනසුරු-රාහු සම්බන්ධයෙන් අපට මතක් කරනවා. උන්හිටි ගමන් සිදුවන කාලගුණ විපර්යාස නිසා බවබෝග විනාශ වීම, ලෝකය ආපසු ආහාර අර්බුදයකට ගෙනයෑමට තරම් බලවත් වෙනවා.



    නොසිතන විදියට සිදුවන භූ චලන අනුව රැස්කරගත් ජලය වැව් වැනි ස්ථානවලින් විනාශ වී යෑමට ඉඩකඩ වැඩියි. භූගත ජලය මෙම පිපිරුම් සමඟ අපට ප්‍රයෝජනයකට ගත නොහැකි ගැඹුරකට හෝ සාගරවලට හෝ එකතුවීමට ඉඩකඩ බොහෝමයි. මේ සිදුවීම්වල රටාව සියුම් ග්‍රහ පරීක්‍ෂණවලින් හඳුනාගන්න පුළුවන්. නමුත් ඒ සිදුවීම් ප්‍රකාශ කරන්නට බැරි විශේෂ වූ අයගේ නින්දාවට හෝ අවඥාවට ගොදුරු විය හැකි බැවිනුයි. ලංකාව යනු මෑත කාලයක සිට කිසිවක් අත්හදා බලන්නට, පර්යේෂණ කරන්නට නුසුදුසු රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. උගතුන් යැයි කියාගන්නා නොයෙකුත් මිථ්‍යාදෘෂ්ටික හා දැඩි ආකල්පවලින් පිරුණු පිරිසක් පර්යේෂණාත්මක කටයුතුවල යෙදීමෙන් වරද සහගත විසඳුම් පැමිණි විට එම පර්යේෂණ කළවුන් නින්දා සහගත තත්ත්වයට පත් කරවනවා.



    මේ නිසාම එවැනි දේ කරන්නට හෝ ඒ පිළිබඳ ප්‍රසිද්ධියට පත්කරන විට සහාය ලබාගැනීම ඉතාම අපහසු කාලවකවානුවකයි අප කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ඔබ ප්‍රවේසම් විය යුත්තේ මෙවැනි බිහිසුණු තත්ත්වවලට ගොදුරු නොවී ප්‍රවේසම්ව ජීවත්වීමේ කලාව ඉගෙන ගැනීමටයි.



    පෘථිවියට බලපාන බිහිසුණුම වෙනත් ග්‍රහ ලෝකයක ආක්‍රමණයක් සිදුවීමට ඉඩකඩ බොහෝය. එසේම පෘථිවිය තුළ පර්යේෂණ සිදුකිරීමට ගන්නා සූක්‍ෂ්ම තරංග විද්‍යාවක් වැනි දෙයක් උපයෝගී කරගන්නවා. වෙනත් ලොවක ක්‍රියාකාරකම්වලට පෘථිවිය ගොදුරුවීමට ඉඩ ඇති කාලවකවානුවකුයි මේ උදාවෙලා තිබෙන්නේ.
    ඔබ සියලු දෙනා අවදානමක් විය යුතු ප්‍රධාන කාරණාව නම් පෘථිවියේ වාසීන් හැටියට සියලු දෙනා එක්ව පොදු සතුරා වූ අන්තර් ග්‍රහලෝක ආක්‍රමණිකයාගෙන් ප්‍රවේසම්වීමයි. ඒ නිසාම නව යුගයක් ආරම්භවීමට ඇති අවස්ථාව බොහෝයි.



    logo.jpg


    www.mawbima.lk/86-9807-news-detail.html

     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන්වත් තේරෙනවා නේද මම කියන්නේ ඇත්තක් කියලා.ඔව් අපි පෘථිවිය ආක්‍රමණය කරනවා.මේක වසර දස දහසකට කලින් අපි කරපු සැලස්මක ඉතාම තීරණාත්මක පියවර වෙනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන්වත් තේරෙනවා නේද මම කියන්නේ ඇත්තක් කියලා.ඔව් අපි පෘථිවිය ආක්‍රමණය කරනවා.මේක වසර දස දහසකට කලින් අපි කරපු සැලස්මක ඉතාම තීරණාත්මක පියවර වෙනවා.



    bitchpleasek.jpg




    :lol::lol::lol:
     

    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    දැන්වත් තේරෙනවා නේද මම කියන්නේ ඇත්තක් කියලා.ඔව් අපි පෘථිවිය ආක්‍රමණය කරනවා.මේක වසර දස දහසකට කලින් අපි කරපු සැලස්මක ඉතාම තීරණාත්මක පියවර වෙනවා.

    BITCH-PLEASE_o_103613.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන්වත් තේරෙනවා නේද මම කියන්නේ ඇත්තක් කියලා.ඔව් අපි පෘථිවිය ආක්‍රමණය කරනවා.මේක වසර දස දහසකට කලින් අපි කරපු සැලස්මක ඉතාම තීරණාත්මක පියවර වෙනවා.

    :eek:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    දැන්වත් තේරෙනවා නේද මම කියන්නේ ඇත්තක් කියලා.ඔව් අපි පෘථිවිය ආක්‍රමණය කරනවා.මේක වසර දස දහසකට කලින් අපි කරපු සැලස්මක ඉතාම තීරණාත්මක පියවර වෙනවා.

    therenawa therenawa :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන්වත් තේරෙනවා නේද මම කියන්නේ ඇත්තක් කියලා.ඔව් අපි පෘථිවිය ආක්‍රමණය කරනවා.මේක වසර දස දහසකට කලින් අපි කරපු සැලස්මක ඉතාම තීරණාත්මක පියවර වෙනවා.
    :yes::yes: