අපේ කාලයේ සසුනට එරෙහි වියරු මාර බලවේගය – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ද?
කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින් සසුනට ඇතුල් වූ කඳ පණුවන්ද මෙය හොඳින් තේරුම් ගත් සත්‍යයකි. එසේ නම් පහර ගැසිය යුතු තැන මිතුරු වෙසින් සිටින සතුරා අවබෝධ කරගෙන අවසානය. ප්‍රතිඵලයක් ලෙස දෙව් මිනිස් සුගතියට මහා මෙව්නා නම් නිඝන්ඨ අසපුව බිහිකර දෙන්නේ කුඩාකල කතෝලික ආගමේ බොළඳ ආභාෂය ලබා පසුව ජාතියේ අවාසනාවට සසුනට ඇතුලත් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
හෙළ බුදු සසුනේ වදන් වල තේරුම් ගැන හෝ අති ඝාම්භීර අභිධර්මය ගැන හාංකවිංසියක් නොදත් මෙතුමා පන්සල නැසීමට නිඝන්ඨයන් භාවිත කල අසපු බිහි කලේය. ඉන් නොනැවතී බුද්ධ ශ්රාවකයා නැසීමට මහාමේඝ පතනය කරමින් සිටින්නේ එම වදන් ව්‍යංගයෙන් උන් වහන්සේගේ පවිටු චේතනා උගත් බෞද්ධ ජනතාවට පහදා දෙද්දී බව සමහර විට අදටත් උන්වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන.
පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ වදන් අතිශය බොළඳය, අන්තර්ගතයේ ඇතැම්විට සිත්සේ අර්ථකථනය කරන සුළු ධර්මයක් දැකගත හැක. කිරි බිංදුවක් හා ගොම කලයක් මෙන් එම දහමේ වටිනාකම නසා දැමීමටදෝ සම්ප්‍රප්‍රලාප සාගරයක් නිතරම ඇතුලත් කිරීමට නොපැකිලේ. හරියටම පැය ගානක් පල්ලියක දේවගැති වරයෙකුගේ දේශණයකට සවන් දුන්නත් ගත හැකි වැදගත් කිසිවක් නැතිවාක් මෙන්මය. විනාඩි පහකින් කිව හැකි ධර්ම කරුණු කීමට මෙතුමාට හා ගෝලයන්ට දවසකුත් මදි වන්නේ මේ හේතුව නිසාය. ඥානය නොමේරූ අභිධර්මය නොඇසූ අසරණ බෞද්ධ ජනතාව මුන් වහන්සේගේ වාණිජ්‍ය ඉලක්කයයි. පරම ඝාම්භීර නියම බුදුදහම පාසැල් විෂය නිර්දේෂයෙන් පවා බෞද්ධයාට අහිමි කර තිබීම මුන් වහන්සේගේ පහර දීමේ ඉහලම වාසියයි.
වසර 2600ක් පුරා බුදු දහමට එරෙහි අනේක කුමණ්ත්‍රණ දියත් විය. ඒවා සියල්ල කලේ බාහිර වෛරී ආගමිකයන්ගේ මුදල් යොදමිනි. එම මුදල් අවසන් වනවිට වෙච්ච දෙයකුත් නැත. කරබාගෙන ඉවත්වීම හැර විකල්පයක් ඔවුනට නොවීය. මේ කලියුගයේ සසුනේ පරම සතුරන් බොහෝ දුර සිතා බලුවේය, බාහිර මුදල් වෙනුවට බෞද්ධයාගේම මුදල් යොදා සසුන දියකර හැරිය යුතු බව තීරණය කලේය. කතෝලික දරුවෙක් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නමින් සසුනට ඇතුල් වූයේ ඒ ආකාරයෙනි.
එතුමාගේ ආගමනයේ සිට මේ දක්වා සිදුකලේ සාසන විනාශ පමණි. පංච විධ අන්තරාවෙන් බහුතරයකට හසුවී තමන්ට සෝවාන් වීමට වත් වාසනාව අහිමි කර ගත්තද, බුදුන් වහන්සේටත් වඩා තමන් ඉස්මතු වීමේ බොළඳ ආශාවක් මෙතුමා පෙන්වන බවද රහසක් නොවේ. දහම් දේශනා අතර සියුම්ව බුද්ධ රත්නයට දෙන ප්‍රහාර වලට අමතරව මෙයත් බුද්ධ රත්නයට එරෙහි ප්රහාරයකි. අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ හිමි ගේ අසහාය කෘති එතුමාට හා අන්ධ ශ්‍රාවකයන්ට තහනම් වූ කෘතීන්ය. එය ධර්ම රත්නයට දෙන ප්‍රහාරයයි. බණ දෙසද්දී අඬවා, කෙලෙස් වඩවා ක්ෂණිකව පැවිද්දට ඇතුල් කරගන්නා තරුණ තරුණියන් පැවිද්දේ බරක් පතලක් නොදැන ආ බැවින් ඉක්මනින් පැවිද්ද ගැනද කලකිරේ. වැරදි භාවනා කමටහන් නිසා උමතුභාවයට පත්වූ තරුණ භික්ෂු ජීවිත ගණන ඇස්තමේන්තු කර නැතත් විශාල බව තෙරුම් යන කටුක සත්‍යයයි. එය සංඝ රත්නයට දෙන ප්‍රහාරයයි. මේවා එතුමා ත්‍රිවිධ රත්නයටම එරෙහිව කල ප්‍රහාර කීපයක් පමණි.
හොඳින් තේරුම් ගන්න, දේවදත්ත තෙරුන් මෙතරම් විනාශයක් සසුනට කලේ නැත. ආනන්තරීය පාප කර්ම කරගනිමින් බුද්ධ රත්නයට පහර දුන් බව සැබවි. එහෙත් බුදුන් දෙසූ ධර්ම ස්කන්ධයෙන් අංශු මාත්‍රයන් නොදෙසුවා කියමින් ධර්ම රත්නයට පහර දුන්නේ නැත. උන් වහන්සේ සසුනෙන් සොරා ගත් පෘතග්ජන භික්ෂූන් 500න් කිසිවෙකුට මානසික ආබාධ ඇතිවනසේ, තමා නොදත් කමටහන් දෙන්නට ගොස් සංඝරත්නයට හානි කලේ නැත. දෙව්දත් තෙර උත්සාහ කලේ මාංශ අනුභවය සහමුලින් තහනම් කරවීමට මිස කිරිබත්ගොඩ හිමි මෙන් එය සාධාරණීකරණය කිරීමට නොවේ. එබැවින් කිරිබත්ගොඩ හිමිට දෙව්දත් වත පිළිපදිනවා කීවොත් එය දෙව්දත් තෙරට කරන ලොකුම අපහාසයයි. අවසානයේ අවීචියට ඇදෙන මොහොතේ, සිය වරද අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය බැවින් කල්ප ගානක් එහි සිර නොවී මේ කල්පාන්තයේදී දෙව්දත් තෙර අවීචියෙන් නිදහස් වේ. ඉන් පසු කාලයක එතුමා පසේ බුදු වීමට තරම් පාරමිතා පුරා ඇති වාසනාවන්ත උතුමෙක් බව ඔබ දන්නවාද?
පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ ප්‍රහාර එතනින් අවසන් නොවේ, ශ්‍රාවක බෞද්ධයාට ප්‍රහාර දෙන්නේ ඔවුන්ට සිය විකෘති බොළඳ දහම අති අසාධාරණ අධික මිළ ගණන් යටතේ විකිණීම හරහාය. සිය දහම් ප්‍රකාශන වලට කිසි සංයමයක් නොමැතිව රාග නිශ්රිත කාන්තා රූප යොදා ගැනීම මෙහි එක් උපක්රමයකි. මෙතුමා විසින් ලියන ලද මහමෙව්නා ප්‍රකාශණ වල පිටකවර ගැන සොයා බලන්න. උපයන ලාභය තව තවත් ත්‍රිවිධ රත්නය කා දැමීමට, සරුව පිත්තල නිඝන්ඨ අසපු වපුරා පන්සල්, බෞද්ධ ගම්මාන නැසීමට යොදා ගනී. සසුනට, ජාතියට එරෙහි තවත් අන්ත දරුණු ප්‍රහාර ගැන දැන ගැනීමට නම් එතුමාගේ සිත කියවිය යුතුය. තමාගේ පිරිනිවීම ගැන නන් දොඩවන පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සුවාසු දහසක් බුදු වරුන්ට සම ධර්මස්කන්ධයෙන්, අභිධර්ම ප්රතික්ෂේපය හරහා සතලිස් දෙදාහක් බුදුවරු අපවත් කිරීමට කුමණ්ත්‍රණය කිරීමේ පවට අවීචි ගත වූ විට කල්ප ශත සහශ්‍රයකින් හෝ එයින් නොගැලවෙන බව ඔබට පැහැදිළියි නේද? එවන් අවාසනාවන්ත හිමි නමකගේ අනුගාමික වීමට ඔබ මොන තරම් නම් බිය විය යුතුද?
ගම රැකගෙන පන්සල් වල වෙසෙන අති උතුම් භික්ෂූන් වහන්සේලා හා අනෙක් ත්‍රිපිටකධාරී උතුමන් මේ විනාශය හොඳින් දකී. නමුත් එරෙහිව කතා කල සැනින් එය සංඝ භේදයක් සේ පෙන්වීමට සැදී පැහැදී සිටින බෞද්ධ / අබෞද්ධ පවිටු ජනතාව නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව සිටී. බෞද්ධයන් වශයෙන් අපි ත්‍රිවිධ රත්නය දිවි හිමියෙන් සරණ ගොස් ඇතිනම් මේ විනාශයේදී කරබාගෙන නොසිටිය යුතුයි. මහමෙව්නා, මහාමේඝ හා සකල සාසන කඳ පණු සංහතියම මෛත්‍රියෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම තුලින් මෙයට වහාම විසඳුම් සෙවිය යුතුය. නැතිනම් අන් බාහිර කුමන්ත්‍රණ සියල්ලට කලින් වියරු වැටුනු සසුනේ කඳ පණුවන් සසුන අතුරුදන් කර දමනු ඇත.
link
http://dharmanidhaana.wordpress.com/...7%92%E0%B6%BA/

මේ මම ඔයාගෙ ත්‍රේඩ් එකට දාපු මුල්ම කොමෙන්ට් එක..
දවසක් කියෙව්වා ඔය ත්‍රේඩ් එක..