හිතට වදින කතාවක් <<<<You are beautiful>>>>

ආදරේ.. කියන්නෙ මොකක්ද කියන එක ගැන් අපේ රටේ හුඟක් අයට අමතකවෙලා ගිහින්, කලාවටත් එහෙමයි, ටෙලි නාට්‍යත්, අපි හැමෝම හැමවෙලේම ආදරේ ගැන කතාකලාට ආදරේ අපෙන් හුඟක් දුරස්වෙලා ගිහින්. හදවත් ගොරෝසු වෙලා, සැමට මෛත්‍රී කරන්න කියලා ආගමිකව ලියවිලා තිබුනට එය සත්‍යයක් කියලා පිලිගන්න බැරි වෙන්න තරම් අපි මුග්ධ මිනිසුන් බවට පත්වෙලා, කියන්න ඕන මොකක්ද කරන්න ඕන මොකක්ද කියලා අපි හැමෝම තේරුම් ගන්න බැරුව අතරමo වෙලා. ඒ ගැන කියලා දෙන්නවත් කෙනෙක් අපි ලඟ නෑ. නැතත් අපිට කියලා දෙන්න උත්සාහ කරන අයත් මo මුලා වෙලා.බලන බලන අත මුලාව,අසහනය,තන්හාව,ඊර්ශ්‍යාව,ක්‍රෝධය,වෛරය වගේ එකී මෙකී සියලු තිරිසන් ගති මනුෂ්‍ය සමාජය තුලින් පෙනෙන්න පටන් අරගෙන, මේ තත්වය තුල ආදරය පිරිහිලා ගිහින්,මනුෂ්‍ය භාවයන් තුලින් වඩාත් අනර්ඝ වූ ආදරයටත් ඒ ඉරනමට මූන දෙන්න වෙලා තියෙනවා ඇත්තටම ආදරේ සුන්දරයි, බොලඳයි, ඒ ඉතින් ආදරේ සැබෑ පෙනුම, කාටවත් ආදරේ බොලඳයි කියලා අහක දාන්න බෑ, ඒ අපි හැමෝටම ආදරේ අවශ්‍ය නිසා.. ආදරය මත පදනම් වූ මිනිසා සැබැවින්ම ආදරේ වෙනුවෙන් ජීවිතය දෙන්න වුනත් සූදානම්.. ඒක පිටින් බලන අයට බොලඳයි වගේ පෙනුනට ආදරයේ සැබෑ යතාර්ථය ඒකයි.
අපි කාටවත් නොතේරෙන්නෙත් ඔතන, අපි ආදරේ කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඕන වෙලාවට ගිහින් මාරු කරගන්න,සල්ලි නැත්නම් අතෑරලා දාන්න,කැඩුනු පසු කුනුගොඩට දාන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්නෙ. ඒත් ඒක එහෙමද? අපි හැමෝම අoගසම්පූර්න ආදරේ සොයමින් ලතැවෙනවා, ඒක බොහොම ආත්මාර්ථකාමී අවස්ථාවාදී කියලා අපි වුනත් දන්නවා.. තවත් සමහර අය එයාලගේ ආදරේ තමන්ගෙ අම්මගෙ ආදරේ ගෑනු ලමයගෙන් බලාපොරොත්තුවෙනවා, එයාල මේ සම්බන්ධතා දෙක සමාන කරන්න ගිහින් අතරම0 වෙනවා.. ඇත්තටම අම්මගෙ ලබන ආදරෙයි පෙම්වතියෙගෙන් ලබන ආදරෙයි කියන්නෙ දෙකක්, වෙනස් කම් සහිත දෙකක්.. කොහොමටවත් සමාන කරන්න බෑ. අනික අපි ආදරේ කරන කෙනාට තමන්ගෙ අම්මගෙ ආදරේ නිසා වෙනස්කම් කරනවනම් දෙපාරක් හිතන්න.. ඒ අපේ අම්ම නොවුනට වෙන කාගෙ හරි අම්ම කෙනෙක් වේවි. එදාට ඒ ලමයටත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් ඇති කරන්න.අපි මෙච්චර කාලයක් තිස්සෙ අපිට තියෙන ප්‍රශ්නවලට අපේ දේවල් වලින් උත්තර හෙව්වා, ඒත් අදවෙනකොට ඒවගෙන් ප්‍රතිපලයක් නෑ කියන එක අපිට තේරෙනවා, අපිට ගැලපෙන ආකල්ප පිටින් ගෙනාවත් බාරගන්න කැමති නෑ, අඩු තරමේ එය අපිට ගැලපෙනවද නැද්ද කියලා බලන්නවත් අපි ලෑස්ති නෑ.
කතාව වෙනම පැත්තකට ගිහින් වගේ
අපිට ගැලපෙන දේවල් ගන්න තියෙන රටක තියෙන ටෙලිනාට්‍යක් ගැන මට කල්පනාවුනා ඉතින් මම ඒක එලකිරියෙ ලියන්න හිතුවා,, ඒ කතාව මගේ ජීවීතේට සමීප හින්දද මන්ද මටනම් උපරිමයෙන්ම කාවදිනවා..
බොහොම සුලුවෙන් කතාව පොඩ්ඩක් කියන්නම්.. මින් යූ සහ මිනාම් කියලා නිවුන් යුවලක් ඉන්නවා. ගෑනු පිරිමි ලමයි දෙන්නෙක් කියලා කියන්නම්.එතන ඉන්න පිරිමි ලමයා මිනාම් රටේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්වෙනවා, ඒ අතරතුරේ මින් යූ පල්ලියක කන්‍යා සොහොයුරියක් වෙන්න පුහුනුවෙනවා.. කාලෙකට පස්සෙ මිනාම්ට මූනෙ ශල්‍ය කර්මයක් කරගන්න ඇමෙරිකාවෙ යන්න සිද්ධවෙනවා,, ඒ අතරතුරේ ඔහුගෙ ජනප්රියභාවය කඩාවැටීමට යාම වලක්වා ගැනීමට මින් යූව මිනාම් ලෙස හැඩගන්වා ඉදිරියට ගේනවා. මින් යූ මේකට කැමති වෙන්නෙ එයාගෙම් අම්මව හොයාගන්න උවමනාවක් තිබුන නිසා,මින් යූට මේ කටයුත්ත භාරගත්ත ගමන්ම ඒන්ජල් සoගීත කන්ඩායම සමග වැඩකරන්න සිද්දවෙනවා. ඒකෙ ඉන්නෙ කොල්ලො සෙට් එකක්. කතාව ඉස්සරහට යනකොට මේ අඬනව මේ හිනාවෙනව. ඉතින් මේ කතාව සම්භාව්‍ය රසිකයන්ට කෙසේ වෙතසත් සරල රසවින්දනයක් සහිත අයට සුදුසුයි

කතාවට වගේම මම මේ සින්දු ටිකටත් කැමතියි.
song list
මෙතනින් ගිහින් හොඳ තත්වයෙන් යුතුව ඉoග්‍රීසි සබ්ස් එක්ක කතාව බලන්න පුලුවන්.. ඕනනම් ඉතින් ඩවුන් කරගන්නත් පුලුවන් වෙයි,
Genre Romance Comedy
PLEASE BUMP

Code:
http://www.youtube.com/watch?v=AqOwapn2j1U&playnext=1&list=PL29AB4A5A39220C78
මෙතනින් ගිහින් හොඳ තත්වයෙන් යුතුව ඉoග්‍රීසි සබ්ස් එක්ක කතාව බලන්න පුලුවන්.. ඕනනම් ඉතින් ඩවුන් කරගන්නත් පුලුවන් වෙයි,

Code:
http://www.dramacrazy.net/korean-drama/youre-beautiful-episode-1/
මට ඇත්තටම හිතට දැනුන මේ කතාව එලකිරියෙ අයත් එක්ක බෙදාගන්න මිසක් රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ ඒ වුනාට හැමෝටම දැනගන්න කතාව බලන්න කලින් බම්ප් එකක් දාලා ගියාට වරදක් නෑ.
PLEASE BUMP
Last edited: