තව ටිකයි..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    තාම මුකුත් උනේ නෑ බං. මට නම් ඔය ලෝකවිනසේ සත පහකට විශ්වාස නෑ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අද ලෝක විනාශය ගැන විද්‍යාත්මක සාක්‍ෂි නෑ

    සිරිමන්ත රත්නසේකර

    මෙරට වේලාවෙන් අද (21 වැනිදා) පස්‌වරු 4.41 ට සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක්‌ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැති බව අවධාරණය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඒ පිළිබඳ කිසිදු බියක්‌ හෝ සැකයක්‌ ඇති කර නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටී. මේ පිළිබඳ මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රචාරය වීම නිසා කොස්‌මොෆොaභියා (විශ්ව භීතිකාව) නමැති රෝගය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් හෙතෙම පැවසීය. නාසා ආයතනය, ලොව පුරා සිටින විද්‍යාඥයන් සහ ඇමරිකානු රජය ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත්, මායාවරුන්ගේ වත්මන් නායකයා ද එවැනි විනාශයක්‌ සිදු නොවන බව අවධාරණය කර ඇති බවත් චන්දන ජයරත්න මහතා පැවසීය.

    එහෙයින් මෙම ලෝක විනාශය පිළිබඳ මතය සබන් බුබුලක්‌ වැනි මිත්‍යාවක්‌ බවද හෙතෙම පැවසීය.

    අන්තර්ජාලයෙන් වෙනත් ක්‍රම මගින් ප්‍රචාරය වන කරුණු විචාරයකින් තොරව වැළඳ ගැනීම ලෝක විනාශයටත් වඩා හානියක්‌ බව සඳහන් කළ මහාචාර්ය චන්දන ජයරත්න මහතා, නවීන තාක්‍ෂණය දියුණු වනවා සේම එය භාවිත කරන මිනිසුන් ද දියුණු විය යුතු බවද පැවසීය.

    ලෝක විනාශයක්‌ සිදුවිය හැක්‌කේ විශාල ග්‍රහයක්‌ වැදීමෙන් හෝ තෙවැනි ලෝක යුද්ධයකදී භාවිතා විය හැකි න්‍යෂ්ඨික බෝම්බවලින් හෝ තවත් වසර මිලියන හාරදහස්‌ පන්සියයකින් පසුව සූර්යයාගේ හයිඩ්‍රජන් වායුව අවසන් වී සූර්යයා පෘථිවියේ කක්‍ෂය තෙක්‌ විශාල වීමෙන් සිදුවන ගිනිදැල් විහිදුමකින් බව සඳහන් කළ හෙතෙම මෙම අවස්‌ථාව වනවිට එවැනි කිසිදු අවදානමකට පෘථිවිය නතුවී නොමැති බව ද පැවැසීය.

    http://www.divaina.com/2012/12/21/news02.html
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.

    මදැයි විනාස වෙන්න හිටිය...
    :lol::lol::lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔරිය ඉජුක් ඉජුක්.. කෝ මූ.. මාරු උනා නේ.. දැන් ෆේක් ආතල් බලන්ට පුලුවන් වේයි