හේමන්ත නිද්‍රාවේ
ගිලෙනා හැන්දෑවක
නිසලතාවයේ මතුවෙන්නේ
ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන
ප්‍රේමාධ්‍යාශයයි
සිහිනේ උමතු නිම්නේ
මා හුදකලාවේ නොහෙළා
ආදරයේ දෙවඟන
හැම රාත්‍රියකම
හැම හිමිදිරියක
හැම දහවලකම
වෙලී ගයන්න එනු මැන
සුප්රානෝ හඬින්
රොමාන්තික ඔපෙරාවේ
හි සියුම් නාද සංරචනයේ
හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
සඳ දිය දහරාවේ
පෙඟෙන ලැම වෙයද
නග්න තලාවේ මතුවෙන්නේ
ඔබෙ සියුමැලි සිරැරේ
උමතු ආලිංගනයයි
සිහිනේ උමතු නිම්නේ
මා හුදකලාවේ නොහෙළා
ආදරේ දෙවඟන
සදහටම එකට
එක ආදරයක
එක මිහිරියාවක
ගිලී රඟන්න එනු මැන
පියුම් මතින්
රොමාන්තික ඔපෙරාවේ
හි සියුම් රංඟ වින්‍යාශයේ
හැම රැඟුකින්ම මැවෙන්නේ
ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
රොමාන්තික ඔපෙරාවේ
හි සියුම් නාද සංරචනයේ
හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
හැම රැඟුකින්ම මැවෙන්නේ
ඔබ මගේ නොහිම් ප්‍රේමයයි