මම සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට බලන්නේ නැහැ..නමුත් මනිරත්නම් කියන අද්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් නම් කවදාවත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ..එයට හේතුව ඔහු අතිවිශිෂ්ට නිර්මාණකරුවෙකු වීම පමණක්ම නොවෙයි.ඔහුගේ සෑම චිත්‍රපටයකටම සංගීතය සපයන්නේ මාගේ ප්‍රියතම සහ ලොව සිටින විශිෂ්ටතම සංගීතවේදියෙකුවන A.R රහමන් මහතා වීම නිසයි.
මනිරත්නම් මහතා
AR රහමන් මහතා සහ මනිරත්නම් මහතා
මම අද ඔයාලට පෙන්වන ගීතය මනිරත්නම් මත්මයාගේ නවතම චිත්‍රපටයවන කඩල්(සයුර) හී මනරම් ගීතයක්.A.R රහමන් මහතාගේ තවත් අතිවිශිෂ්ට නිර්මානකරණයක්.මෙම චිත්‍රපටය නම් තවම පිටවූයේ නැහැ නමුත් ගීතය රහමන් මහතාගේ MTV UNPLUGGED 2 LIVE CONCERT එකේදී ගායනා කෙරුනා.එතැන්පටන් මෙම ගීතය කෙතරම් ජනප්‍රියවුවාද කියනවානම් youtube හි පමණක් ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නරබා තිබෙනවා.කොටින්ම ධනුෂ්ගේ කොලවරි ඩී ගීතයෙන් පසුව වැඩිම ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබෙන්නේ මෙම ගීතයයි.ගීතයේ නම Nenjukulle(හද පතුලේ).මේ ගීතය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවවුනේ එය ගායනා කරන ගායිකාවගේ මනහර කටහඩයි.
චිත්‍රපටය සහ ගීතය ගැන මෙච්චර විස්තරයක් ලියලා මෙම ගීය ගායනාකරන මනරම් තරුණ ගායිකාව ගැන වචනයක් නොකිව්වොත් එය ඇයටකරනා අවනම්බුවක්.තවමත් සංගීතය හදාරන ඇයට වයස අවරුදු 17යි.ඇය නමින් ශිල්පා නායර් ආනන්ද්,,2008 වසරේදී රහමන් මහතාට ඇයව හමුවන්නේ අහම්බෙන්.ඇයගේ හැකියාවන් දුටු සැනින් රහමන් මහතා ඇයව තම කණ්ඩායමට එකතුකරගන්නවා.එතැන් පටන් ඇය ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනයට එකතුවනවා."මා මෙතක් ඇසු වෙනස්ම හා විශිෂ්ටතම කටහඩක් ඇයසතුයි" ඒ රහමන් මහතා ඇය පිළිබදව අදහස් දැක්වූ ආකාරයයි.
ශිල්පා නායර් ආනන්ද් මෙනවිය
.....මම මෙච්චර කියනවට මේ සින්දුව පොඩ්ඩක් අහන්ඩකෝ.....
A.R RAHMAN MTV UNPLUGGED 2 LIVE CONCERT එක ඕනි අයට මෙන්න TORRENT LINK එක.
http://kat.ph/a-r-rahman-mtv-unplugged-2-shammu-tmt-t6792254.html
Last edited:



