සරිගම නැරඔුවෙමි"
1938 වර්ෂයේ ලියවුනු ඔස්ට්‍රියා ජන ජීවිතයක,The Maria Von Trap, the story of the trap family singers පාදක කරගෙන 1965 වසරේ රොබට් වයිස්ගේ් අධ්‍යක්ෂනයෙන් ලොව විශාල ලෙස ජනප්‍රිය වුනු The Sound of Music නම් වු ශ්‍රේෂ්ඨ සිනමාපටයේ ලාංකීය ආකෘතිය මහාචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂනය හරහා රේණුකා බාලසූරියගෙ නිශ්පාදනයක් ලෙස "සරිගම" නමින් ඉදිරිපත් විය.
1960 දශකය තුල ඩොලර් බිලියන 8.5ක ආයෝජනයකින් සැදු 'Sound of Music" දැවැන්ත ඉංග්‍රිසි සිනමා කෘතිය ඩොලර් බිලියන 240ක ආදායමක් ඉපදිය.එලෙසම ඔස්කාර් සම්මාන ගනනාවක් දිනාගත් අතර, හොදම නලුවා ලෙස කපිතාන්ගේ චරිතය රගපෑ ක්‍රිස්ටෝපර් ප්ලමර් හා හොදම නිලිය ලෙස මාරියා ගේ චරිතය රගපෑ ජූලි ඇන්ඩෲස් දිනාගති. ලොව විශිෂ්ටතම එමෙන්ම දාවන්තම සංගීත චිත්‍රපටයක් ලෙස එය අදටත් පිලිගති. එහී හැම ගීතයක්ම මුලු ලොව පුරාම ජනප්‍රිය විය. Endlewise, Do Re Me Fa, My fevourite things, Sixteen going on seventeen, වැනි ගීත තවමත් රැව් දේ. Sound of Music හී මූලිකම දේ සංගීතයයි.Richerd Rogers ගේ විශ්මීත සංගීතය චිත්‍රපටයට ලබා දුන්නේ දැවැන්ත මෙන්ම සදාකාලික ප්‍රතිරූපයකි.
1970 දශකයේ මෙය ඉන්දියානුවන් ස්පර්ශ කලේ දමිල බසින් 'ශාන්ති නිලයම්' ලෙසය. එහී කැප්ටන්ගේ චරිතය, ජෙමිනි ගනේෂන් ද ,මරියාගේ චරිතය කාන්චනා ද රගපෑවෝය. ශාන්ති නිලයම් ඉන්දියාවෙ මෙන්ම ,ලංකාවේද අතිශය ජනප්‍රිය විය. ඔවුන් Sound Of Music ආකෘතිය ගත්තද, එය ඔවුනගේම සිනමා රීතියට හරවා ගතී. ඔවුනට මනරම් සිනමාපටයක් ඉදිරිපත් කිරීමට හැකිවුනු අතර, ජෙමිනි හා කාන්චනා ඇතුලු ලමයින් කැල දක්ෂ රගපෑමක නිරත විය. හින්දි සිනමාවද, මෙම ආකෘතිය ස්පර්ශ කලේය. එයද 70 දශකය තුලය. ගුල්සාර් නම් ප්‍රවීන සිනමා වේදියා Sound of Music අකෘතියම වෙනස් කෝනයකින් ඉදිරිපත් කලේය. එහි මාරියාගේ චරිතය පිරිමි චරිතයකට මාරු කලේය. එවිට දග ලමයින් කැල බලාගැන්මට එන්නේ පිරිමි චරිතයකි. අවසානයෙ වැඩිමහල් ගැහැනු ලමයා සමග එක්වෙන්නෙ මෙම පිරිමි චරිතයයි .ජිතෙන්ද්‍ර, ජයා භාදුරි රගපෑ මෙම චිත්‍රපටය "පරිචේ" නම් විය. චිත්‍රපටය වැඩි ප්‍රෙක්ෂක පිරිසක් වැලද නොගත්තද එය සම්මානනීය විය.
සෝමරත්න දිසානායක ට පෙර Sound of Music ලංකාව තුල දෙවරක් ඉදිරිපත්විය. එය හැත්තැ වසර අග භාගයේ ඉංග්‍රිසි භාෂිත නාට්‍යයක් හරහාය. සීමිත වාර ගනනක් පමනක් වේදිකා ගතවුනු මෙහි කැප්ටන්ගේ චරිතය හෙළයේ මහානලු ගාමිණි පොන්සේකා රගපෑ අතර, මරියාගේ චරිතය රගපෑවේ "කළු දිය දහර" චිත්‍රපටයෙන් හදුන්වා දුන් ඉන්දිරා ජොන්කලස්ය. ඔවුන් දෙදෙනාගේ රගපෑම් නම් අතී විශිෂ්ටය. කැප්ටන් ගේ චරිතයට ගාමිණී පොන්සේකා තරම් සුදුසු නලුවෙක් මට නම් සිතා ගැන්මටත් නොහැක.
ඉන්පසු ප්‍රියා රණසිංහ විසින් ටෙලිනාට්‍යකට එය වස්තුබීජය කර ගති. එහිදි මරියා වූයේ චාන්දනි සෙනවිරත්නය. කැප්ටන් වූයේ පාලිත සිල්වාය. .
දැන් එයම සෝමරත්න දිසානායක විසින් සරිගම ලෙස සිනමාගත කර මේ වකවානුව තුල තිරගත වේ.. ලොව විශිෂ්ටතම එමෙන්ම දැවැන්තම චිත්‍රපටයක් ,සම්පූර්නයෙන්ම ගරාවැටුනු සිනමාවක් හා ලෝකයේ චිත්‍රපට නැරඹීමේ ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතාමත් අඩු රටක, මෙවන් විශාල අභියෝගයක් ගත් සෝමරත්න
දිසානායක ට මුලින්ම ප්‍රනාමය.
අතීශයින්ම සුන්දර වූ පසුබිම්තලවල් මුල් බටහිර චිත්‍රපටයට සමගාමිවම රූ ගත කිරීම අතී විශිෂ්ට බව නමි කිව යුතුමය. කපිතාන් වරයාගේ, නිවස පිටත හා ඇතුලත, මරියා හා ලමුන්ගේ එලිමහන් දර්ශන වලට තෝරාගත් සවභාවික සුන්දර තැන් ,කන්‍යාරාමය, වැනී දෑ ලංකාවේදැයි නොසිතන තරමටම, විශ්මිත ලෙස තෝරා ගෙන තිබුනි. මුලු චිත්‍රපටය පුරාම ඇසට ප්‍රිය උපදවන ලෙස ඉදිරිපත් කර තිබුනි. Sound of Music බටහිර චිත්‍රපටයේ අන්දමට ගීත දෙබස්ද මෙහී තිබුනි. ඇත්තෙන්ම එයද සාර්ථක වූ අංගයකි. බටහිර චිත්‍රපටය තුල බොහෝ රූප රාමූ මෙහි තුලද ගැබ්වී තිබු අතර, බොහෝ දෑ එයට අනුරූපිත වී තිබුනි. දැවැන්ත බව නොතිබුනද බොහෝ තැන් සාර්ථක විය.
Sound of Music බටහිර චිත්‍රපටය ලොව විශිෂ්ටත්වයට පත් වූයේ Richard Rogers ගෙ විශ්මිත වූ සංගීතය බව මා මුලින් කී වෙමි. ඇත්තෙන්ම Sound of Music යනු සංගීතමය සිනමාපටයකි. එය නමෙන්ම පැහැදිලි වේ. එහෙයින් "සරිගම " ද සංගීත සිනමාපටයක් විය යුතුය. එයත් නමෙන්ම පැහැදිලි වේ. එහෙයින් එහී ප්‍රමුඛත්වය දිය යුත්තේ සංගීතයටය. සෝමරත්න දිසානායකයන් ,රෝහන වීරසිංහයන්ට සංගීතය පැවරුයේ ඒ නිසා වන්නට ඇත.
එහෙත් මෙවර නම් රෝහන වීරසිංහයන්ගෙන් මියුරු තනු බිහිවුයේ නැත. "සමනලයන් පාට පාට"ගීතය හැරෙන්නට ඉතිරි ගීත මතකයේ රැදෙන්නෙ නැත. විශේෂයෙන් බටහිර උරුවට තිබූ චිත්‍රපටයකට ගීත දේශිය හුරුවට තිබීම තුල විශාල නොගැලපීමක් පෙනුනි. 'සරිගම" චිත්‍රපටය තනිකරම Sound of Music ආකෘතිය හෙයින් ද සරිගම තුලින් එම බටහිර හුරුව එයාකාරයෙන්ම දක්නට තිබූහෙයින්ද, එඩ්වඩ් ජයකොඩි වැනි ගායකයන්ගේ ගී ශෛලයන් කිසිසේත් ගැලපෙන්නේ නැත. එඩ්වඩ් ජයකොඩිගෙ හඩ සුවිශේෂ හඩක් වූවද, සරිගම තුල ඒ හඩ ඉස්මතු වන්නෙ නැත. රෝහන වීරසිංහයන් විශේෂව අවධානය යෙදිය යුතු තැන් මේවාය. එය සරිගමට සෘජුවම බලපෑවේය. වීරසිංහයන් අවම වශයෙන්, "අංජලිකා" "ආසයි මං පියාඹන්න" වැනි චිත්‍රපටවල සංගීතය සැපයූ ශෛලය සරිගමට අනුයුක්ත කලේ නම්, සාර්ථක වීමට ඉඩ තිබුනි. ලොව විශිෂ්ටතම සංගීත චිත්‍රපටයේ සිංහල අකෘතියෙ සංගීතය දියාරු මට්ටමක තිබුනි. කිසිසේත්ම අප මේ සංගීතමය චිත්‍රපටයක් බලන බවක් නොහැගුනේ ඒ නිසා වන්නට ඇත.
සෝමරත්නගේ අනෙක් දුර්වල වූ තේරීම Christopher Plummer මැවු ඒ ගාම්භීර කැප්ටන් ගේ චරිතයට ආශාන් ඩයස් වැන්නෙක් තෝරා ගැන්මය. අලිමංකඩ හා සිරි පැරකුම් තුල අශාන් අතී දක්ෂ ලෙස රගපෑ බව ඇත්තය. එහෙත් කැප්ටන්ගේ චරිතයට නම් ඔහු කිසිසේත් ගැලපෙන්නේ නැත.ඒ ගාම්භීරත්වය, ඒ ප්‍රතාපවත් බව, ඔහුගෙන් පිලිඹිබු වන්නෙ නැත. ඔහුගේ රගපෑම් තුලද මා දුටුවේ කිසියම් වූ නාට්‍යමය ස්වරූපයකි. සෝමරත්නට තිබුයේ අලුත් දක්ෂ චරිතයක් සොයා ගෙන ප්‍රබල ඉදිරිපත් කිරීමක් කිරීමටය. චිත්‍රපටයේ සමබර බිදීයාමට ප්‍රධානතම හේතුව වූයේ අශාන් ඩයස්ය. අතී දක්ෂ රංගශිල්පියෙකු නොගැලපෙන චරිතයකට පන පෙවීමට යෑමේ විපාකය අවසානයට විදවන්නේද ප්‍රේක්ෂකයාය.
Sound of Music බටහිර චිත්‍රපටයේ ප්‍රබල චරිත වූ ලමයින් හත් දෙනා මුලු චිත්‍රපටය පුරාම දෙදරුම් කැමේ රංගනයක් ඉදිරිපත් කලද,සරිගම හී ලමයි හත්දෙනා තුලින් දිස්වූයේ මන්දගාමී දියාරු ස්වරූපයකි. සිරි පැරකුම් හා ඇහැලේ පොල කුමාරිහාමි , සුජාත පුත්‍ර වැනි ප්‍රබල චිත්‍රපටවල රගපෑ චිශිෂ්ඨ ලමා නලු ප්‍රමොදිත උදය කුමාර ට වුවද මෙහි යමක් කිරීමට නැතිවා සේය. ඔහුටද සිදුවූයේ පෙනීසිටීමක්වැනි රගපෑමක නියුතුවීමටය. අන් ලමයින් තුල වුවද තිරයේ කැපීපෙනීමෙ භාහිර ස්වරූපයක් නොතිබුනි. ප්‍රමුදිතගෙ සුරතල් මුහුණ පමනක් තිරය තුල ඒකාලෝක විය.
මුලු චිත්‍රපටයේ අනසක තිබුනේ පුජා උමාශංකර් යටතේය.මුලු චිත්‍රපටයම ගොඩ දා ගැන්මට සිදුවූ යේද පූජාටය. චිත්‍රපටය පුරාම හැම රූප රාමුවකම සිටියේ පූජාමය. ඇය අතීවිශිෂ්ඨ ලෙස එම චරිතය තුල ජීවත්විය. බටහිර Sound of Music හී මරියා ලෙස රගපෑ ජූලි ඇන්ඩෲස් ට නොදෙවිනි ලෙස පූජා මෙහි රගපෑවාය. දෙවියනේ පූජා නොසිටියානම් සරිගමට යන කල යැයි මට සිතුනි.
ගයනි ගීසන්තිකාද මනා ලෙස ඇය ගේ චරිතය ඉදිරිපත් කර තිබූ අතර, ප්‍රබල චරිත නොවුවද මාලනී පොන්සේකා, රත්නා ලාලනි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංගේ තම සුපුරුදු දක්ෂතාවයන් පෙන්වා තිබුනි. ටැලිග්‍රෑම් කරු වූ වැඩිමහල් දියනියගේ පෙම්වතා ගේ චරිතය Sound of Music බටහිර චිත්‍රපටයේ ප්‍රබලම සිදුවීම් වලට මුහුණ දෙන චරිතයක් වූවද, මෙහි ගීතයකට පමනක් සීමා කර චරිතය අතුරුදහන් කර තිබුනි. එලෙස අද්භූත ලෙස අතුරුදහන් වන අනිත් චරිත දෙක බට්ලර් හා සේවිකාවගේ චරිතයි. ඔවුනට සිදුවූයේ කුමක්දැයි සොයාබැලීමට සෝමසිරි අලකොලංග හා රම්‍යා වනිගසේකර ගේ ගෙවල් වලටම ගොස් බැලිය යුතුවේ. ලමයින්ගේ Good Night ගීතයේ රගපෑම් නම් ආකාර්ෂනීය විය. එය බටහිර චිත්‍රපටයේ මෙන්ම ඉදිරිපත් කර තිබුනි.
මැදක් යනතෙක් චිත්‍රපටය ක්‍රමානුකූලව ඇදී ගියද අවසන් අදියර හැකි ඉක්මනින් ඉවරකිරීමෙ උවමනාවක් තිබූ බවක් පෙනුනි. හරියට නිශ්පාදක රේණුකා බාලසූරියට සල්ලි මදිවූවාක් බවය දැනුනේ. නිකං Over budgetගිය බවක් හැගුනි.
ඉතින් සරිගම ගැන මට නම් කිව හැක්කෙ එපමණකි.
(සටහන ශෝන් මැක්ස්මස් දිසානායක ගෙනි)

nedekin eke anthima hariye lamaa chithrapateta wada bolanda love part... man hithanne dissanayake couple eka karapu asaarthakama film eka!!!
balanna yanna isalla ewa poddak hoyala balanna one .