දැරියකට අතවර කළ විහාරාධිපති චීවරධාරියා ර
දැරියකට අතවර කළ විහාරාධිපති චීවරධාරියා රිමාන්ඩ්
බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ලවූ මහකැලෑගම සුදර්ශනාරාමයේ විහාරාධිපති මිහිඳුපුර සුමනානන්ද චීවරධාරියා ලබන ජනවාරි 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
අතවරයට ලක් වු දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.
සැකකාර හිමි නම විසින් දැරියට බරපතල ලිංගික අතවරයක් කළ බවට ගලෙන්බිදුණුවැව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර විහාරාධිපති හිමිනම අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අතවරයට පත්ව ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවියකි.
අධිකරණයට කරුණු දැක්වු ගලෙන්බිදුණුවැව පොලීසිය කියා සිටියේ මීට මාස 03 කට ඉහතදී විහාරස්ථානයේ දී පාසල් සිසුවිය අපයෝජනයට ලක්ව ඇති බවයි.
පාසල් සිසුවියට ගලෙන්බිදුණුවැව පොලීසියේ පැමිණිල්ලක් තිඛෙන බව පවසා සැකකාර හිමි නම දැරිය විහාරස්ථානය වෙත ගෙන්වාගෙන තිබේ.
පසුව ඇය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ හිමිනමගේ ජංගම දුරකථනයට පොලීසියෙන් කථා කරන බව දන්වා එය ඇය අතට දී ඇත.
අනතුරුව හිමිනම ජංගම දුරකථන රැගෙන දැරියට කාමරය තුළට එන ලෙස දන්වා ඇය කාමරය තුළට ආ පසු හිමිනම දොරවල් වසා දැරියට අතවර කර ඇති බව පැවසේ.
දැරියගේ කෑගැසීම නිසා ඇය මුදාහැර තිබේ.
දැරියට මෙම ප්රශ්නය කතිකා කර ගැනීම සඳහා තනිවම විහාරස්ථායට පැමිණෙන ලෙස හිමිනම දන්වා තිබුනද ඇය පැමිණ ඇත්තේ යෙහෙළියන් තිදෙනෙකු සමගය.
මීට මාස 03 කට ඉහතදී මෙම සිද්ධිය සිදුවුවත් දැරිය දෙසැම්බර් මස අ.පො.ස (සා/පෙළ) විභාගයට මුහුණ දෙන බැවින් ඉන් ඇගේ අධ්‍යාපනයට බාධා වෙතැයි සිතා දැරියගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කිරීම කල්දමා ඇති බවද මෙහිදී පොලිසිය අධිකරණයට දැන්වීය.
-ශ්‍රී ලංකා මිරර්-

oyata eka kiyanna puluwanda? Nabi gana mathakada?