කොටියා (විද්‍යාත්මක නාමය : Panthera tigris)
කොටියා බිළාල පවුලේ විශාලතම සමාජිකයෙක්...
![]()
මෙම සතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ...
ඒ සයිබීරියානු නැතහොත් මැන්චුරියන් කොටියා සහ බෙංගාල් කොටියා ලෙසය...
සයිබීරියානු කොටියා (විද්‍යාත්මක නාමය : Panthera tigris altaica)
![]()
මෙම කොටි ඉතා දුර්ලභ වන අතර උතුරු ප්‍රදේශයන්හි පැතිරී ඇත...
මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ...
මෙම කොටියන් කහ පැහැති පසු බිමේ කළු ඉරිවලින් සමන්විත ඝණ ලෝම සමකින් යුක්ත වේ...
බෙංගාලි කොටියන් (විද්‍යාත්මක නාමය : Panthera tigris tigris)
![]()
මීටර් 3ක් (අඩි 10ක්) පමණ දිගුවන මෙම කොටියා බරින් 230Kg පමණ වේ...
ඊසාන දිග ආසියාවේ, මධ්‍යම හා දකූණු ඉන්දියාවේ වනාන්තර වල මෙම සත්ත්වය දැක ගත හැක...
සයිබීරියාන් කොටියා තරම් ඝණ ලොමැති කහ දුඹුරු පැහැපත් ලෝම සමකට මොවුන් හිමිකම් කියයි...
මොවුන්ගේ සමේ ද තද කළු ඉරි පවතී...
දිවියා (විද්‍යාත්මක නාමය : Panthera pardus)
![]()
දිවියා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ ය...
ලංකාවේ සිටින විශාලම බිළාල පවුලේ සාමාජිකයා දිවියා ය...