කෙල්ලනේ තමන්ගේ ෆොටෝ එකක් ෆේස්බුක් දාන කොට කීයටවත් 'public' දාන්න එපා.. 'friends only' දාන්න.. ෆොටෝ public දාපුවම ඕනම කෙනෙක්ට ෆොටෝ බලන්න පුළුවන්.. සමහරු බලලා විතරක් නිකන් ඉන්නේ නැ.. ඒ ෆොටෝ අරගෙන ෆේක් ප්‍රොෆයිල් හදනවා... ඊට පස්සේ ඒ ෆේක් එකවුන්ට් වලින් කරන හැම ජරා වැඩකම බලපෑම එන්නේ ෆොටෝ වල අයිතිකාරයට.. ඒක කෙනෙක්ගේ ජිවිතයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. එහෙම වෙච්ච අයත් ඕන තරම් ඉන්නවා.. ඒ වගේ දෙයක් වෙන්න කලින් වලක්ව ගන්න එකනේ හොදම වැඩේ... තමන්ට එන හැම රික්වෙස්ට් එකම ඇක්සේපට් කරන්නත් එපා.. රික්වෙස්ට් කරපු කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා බලලා ඇක්සෙප්ට් කරන්න.. මේකේ ඇමතු ජාතියේ මිනිස්සු වැහි වැහැලනේ.
අනික password එකක් දාන කොට කීයටවත් නම, ගම, දුරකථන අංක, ID නම්බර්ස්, උපන්දින එහෙම දාන්න එපා.... කවුරු හරි කෙනෙක් කාව හරි හැක් කරන්න ඕන උනොත් මුලින් ගහන්නේ ඔය ටික තමයි.. ඒක නිසා password දාන කොට අනිත් අයට සැක නොහිතෙන එකක් දාන්න.. ඒක ජීවිතේටත් වැදගත් වෙයි.. හැක් උනාට පස්සේ වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.. කාව හරි කෙනෙක් හැක් උනොත් ඒ ගැන දැනුම් දෙන්න ලංකාවේ තැනක් තියෙනවා.. එතනට දැනුම් දුන්නම එයාලා උදව් කරනවා.. මේ තියෙන්නේ එයාලගේ විස්තර..
Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.
TP : 0112691692
Fax : +94 11 269 1064
E-Mail : [email protected]
( facebbook Chatroom)
