හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත්රස්තයන්ට
හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.
අල්කයිඩා හා හමාස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.
මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක් බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස් පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.
කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්ඩි බේස්කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක් හෝ මුස්ලිම්වරුන් ඉලක්ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.
විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස් පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
Source
ඔය Source එකේ news එකට කෙනෙක් දාපු comment එකක් මෙන්න.
මෝඩයා says:
January 1, 2013 at 10:25 am
හරිම කණගාටුයි ඔය සේනාව ගැන. එක එක සෙල්ලම් දාල බලනවා. මෙච්චරකල් එකදෙයක් කියලා දැන් කියනවා මුස්ලිම් අයට හලාල් සහතිකය ගැහුවට කමක් නෑලු ඒ සල්ලි ත්රස්තවාදීන්ට යන එක තම්ය්ලු ප්‍රශනේ. ගූග්ලේ එකේ එක එක විදියට සර්ච් කරලා බලනවා දැන් මොනවද කියන්ඩ පුළුවන් කියලා. හෙට තවදෙයක් කියයි. තමන්ගේ ගෑනි පිට යන්නෙත් ඔය හලාල් සහතිකය නිසා, ලංකාවේ තෙල් මිලය් විදුලි බිලය් වැඩිවෙන්නෙත් හලාල් නිසා……බොදු බල සේනාවේ බොළඳ පරමාර්ථය පැහැදිලි. ඕව පිළිගන්න තරම් මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නවද කියලා නම් සැකයි.
මෝඩ ජෝක්




ඉක්මනට බෙහෙත් ගත්තොත් නරකද?