අපිත් ගියා ට්‍රිප් එකක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අපිත් ගියා ට්‍රිප් එකක්

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ විනෝද චාරිකා පිලිබද පලවෙනි ත්‍රෙඩ් එක. හැබැයි මේක ගියෙනම් දෙසැම්බර් 25, 26, 27 නිවාඩු දවස්වල. මුලින්ම අපි යන්න හිටියෙ මී මුරේට. දෙයියනේ කියල යන්න ලෑස්ති උනා විතරයි ධාරානිපාත වර්ෂාවෙන් ඒ ප්‍රදේශය නාය යෑමේ හා මාර්ග කැඩීයාමෙ තර්ජනයකට මුහුන දුන්නා. ඉතින් 24 වෙනිද තමයි එහෙ යන්න බෑ කියල හරිටම විස්තර දැනගත්තෙ. දැන් මොකද කරන්නෙ. කමක්නෑ උදේට මාතර යමු කියල කථාකරගත්තා. ගමනට 8දෙනෙක් යන්න හිටයත් හැමදාම වගේ 2ක් ආවෙ නෑ. කොහොම හරි 25 ගමන් ආරම්භයක් වත් ගමනාන්තයක්වත් හිතේ නැතුව ගිය ගමන අති සාර්ථක ගමනක් උනා.
    ගියෙ කොහෙද කියල පහලට බලාගෙන යන්නකො.

    ගාල්ල බලා යන ගමන

    cimg3204f.jpg


    කොට්ටාවෙන් හයිවේ එකට දාගත්ත

    cimg3208p.jpg

    හැමදාම ගාලු කොටුව බල එකේ රූමස්සල යමු කියල ඒකමතිකව තීරණ උනා.

    cimg3225x.jpg


    මුලින්ම අපි ගියේ එතන තියෙන පංසලට. අලංකාර චෛත්‍යක් තිබුනා

    cimg3210e.jpg
    [/CENTER]
    මේ ගොඩාක් ඇතින් යන බෝට්ටුවක්. චෛත්‍ය ගාව ඉදන් ගත්තෙ

    cimg3212.jpg


    මේකත් එතන ඉදන්ම තමයි. ලස්සන දර්ශණයක්

    cimg3228h.jpg

    එතනින් පහලට බැහැල බීච් එකට යන්න යනකොට තමයි දැක්කෙ මෙන්න මේක. ඇත්තටම වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම එක් ජංගල් බීච් එකක් තමයි. උදේ පාන්දරම ත්‍රීවීල් 3 කුත් බයික් එකකුත් ඇවිත් තිබුනා. ආපු කෙනෙක් නම් පේන් හිටියෙ නෑ:confused:

    cimg3251.jpg


    ජංගල් බීච් එකේ මම ගත්තු ලස්සන පිංතූරයක් පොඩි එඩිට් පාරක් දාල තියෙන්නෙ. මගේ යලුව නදිය තමයි ඉන්නෙ ඔය.

    cimg3290k.jpg

    මෙතන නම් සුපිරි. විදේශ යුවලක් කොරල් බලන්න කිමිදෙන්නත් ඇවිත් හිටියා

    cimg3294r.jpg

    මුහුදු යන ඔරුවක්

    cimg3295o.jpg


    කොළ පැහැති කඩොලාන.

    දැන් කොහෙද යන්නෙ. වලාව උදේ 11. කට්ටියට නාන්නත් ඕනෙලු. කල්පනා කර කර ඉන්නකොට එලකිරියෙ සුදු මල්ලිව මතක්වුනා. දුන්න කෝල් එකක්. විස්තරේ කිව්වාම වරෙන් මචන් කියල සාදරයෙන් පිලිගත්තා. ඔන්න ඉතින් අපි සුදු මල්ලිගෙ ගෙදර බලා ගියා.


    cimg3326x.jpg

    මේ සුදු මල්ලිගෙ ගේ පිටිපස්සෙ බීච් එක. පට්ට ප්ලේස් එක. ඇති වෙනකම් නෑවා. සුදු මල්ලිට පිං දිදී ගෙදර ඇවිල්ලත් නෑවා

    cimg3335hh.jpg


    අයියෝ මට දෙන වදයක්. සුදු මල්ලිත් ඉන්නෙ

    එතනිනුත් අපි 4ට විතර අවා. එදා රෑ නවතින්න හිටිය සංක අයියලගේ ගෙදර ගිහින් ආයෙමත් ගියා පොල්හේනෙ බීච් එකට

    cimg3342z.jpg

    වැහි අන්ධකාරයකුත් එක්ක අහස අමුතු වෙලා තිබුනේ. වැඩි වෙලා ඉන්න උනේ නෑ වැස්සා.

    cimg3400q.jpg

    යන අතරමග මොනරෙක්

    cimg3413m.jpg

    පුංචි දිය පාරක් ගලකින් පල්ලෙහාට වැටෙනවා

    cimg3417.jpg

    දැන් දෙනියාටය කිට්ටුයි. වාහෙන බ්‍රෙක් බයින්ඩ් උනා මෙතනදි. නිමය තැන. ලස්සන ගහක්

    cimg3418v.jpg
    දලු කඩන කාන්තාවක්

    cimg3438.jpg
    මෙතන තිබුන ලස්සන මලක් පොඩි වැඩක් දාල


    cimg3444r.jpg
    අපි හිටයේ මේ ගහ යට තමයි. දලඹුවො එහෙම වැටුනෙ නෑ ඕං

    cimg3447a.jpg
    මේ පිංතූර ගැන මොකද හිතෙන්නෙ.


    cimg3450b.jpg
    දෙනියායෙන් වමට හැරිල යනගමන්

    මෙදේරපිටියෙන් අතුල් උන අපි නවතින්න තැනකුත් නැතුව දන්නවා වගේ වෑන් එකේම ගියා. සන්තෝසයි කියන්න අපිට ගොඩක් දුර යන්න පුලුවන් උනා. පාර අවසන්. ෆෝන් වලට සිග්නලුත්නෑ. වාහන දාන්න ගෙදරක් තිබුන එතනින් දාල ගෙදර අයියගෙ විස්තර ටිකකුත් අහගෙන අපි ගියා. අහ් මගදි අපිට ගයිඩ් කෙනෙක් හම්බුනා. එයා කට්ටියක් පාරට දාන්න යන ගමන්. මම ඉක්මනට එන්නම් ඔයාලට යන්න කිව්වා. මෙන්න අපි යනවා. ගම්මානෙ හම්බවෙන්නෙ කිලෝමීටර් 2ක් 3ක් විතර යන්න ඕනෙ.

    cimg3458f.jpg


    cimg3792aw.jpg

    ටිකට් කවුන්ටර ගාවට ආවා. මේකේ තියෙන ගනන්නම් වැදියි. දේශීය වැඩිහිටි රු 27.00යි. එකොට ගයිඩ් අයියත් නැවත ඇවිත් හිටියා.

    cimg3473y.jpg
    මේ පුවරුවේ සිතියම හා විශේෂිත ස්ථාන ගැන සදහන් වෙනවා.


    cimg3474n.jpg
    මුලින්ම අපිට හමුවුනා පුංචි කුමාරි ඇල්ල. ගස් අස්සෙන් රිංගන්න ඕනෙ බලන්න යන්න නම්

    cimg3484z.jpg

    අපේ මග පෙන්වන්නා කිව් දෙයක් තමයි ඔයාල මගේ පස්සෙන් ඉන්න. ඒ වගේම් මගේ වචන වලට අවනත වෙන්න. කියපු දේ සනාථ කරමින් මේන්න පලා පොළගා

    cimg3485l.jpg
    හැම තැනම ගස් වැල් වලින් පිරිල. අමුතු සිසිලක් ඇගට දැනේන්නෙ

    cimg3488.jpg
    බෝදිලිම විශේෂයක් කියල තමයි කිව්වෙ. අතීත කථාවකුත් කිව්වා දැන්නම් මතක නෑ.

    cimg3495.jpg
    කූඩැල්ලන්ගෙන්නම් අඩුවක් තිබුනෙ නෑ. අඩියෙන් අඩියට ඇගෙ නගිනවා. ලුනු පැකට් එකක් වත් ගෙනිච්චනම් කියල හිතුනා

    cimg3496d.jpg
    මෙයා හිමීට පාර මාරු වෙනවා.අපි එයාට ඉඩ දීල ආව

    cimg3507q.jpg
    කිලෝමීටර් 4ක් විතර ගෙවල ඔන්න අපි ගම්මානයට අවා. මේ පාලමෙන් තමයි ගම්මානට එගොඩ වෙන්නෙ. ඔය යන්නෙ වෛයිරස් තමයි.


    cimg3519u.jpg
    ගෙදර ඇන්ටිට ගෙනාපු කෑම හදන්න කියල අපි ගියා නාන්න. යනකොට හම්බුන දෙඹර කුඩයක්

    cimg3529.jpg
    පොඩි දොල පාරක්

    cimg3530r.jpg
    ගොඩක් තැන් වල මෙහෙම පුවරු සවිකර තිබුනා

    cimg3533.jpg
    මේ තමයි සිංහරාජයේ අති විශාලම ගහ. මේ ගහ අපි පස්දෙනෙක් වත් ඕනේ වටේම අල්ලගන්න

    cimg3540t.jpg
    අතන හොදයිද නාන්න. :yes: හොදයිනම් නාමු. වතුරනම් පට්ට පිරිසිදුයි ලස්සනයි ඒ වගේම සීතලයි. ගල් ගැහෙන සීතලක් තියෙන්නෙ

    බඩුත් අරන් එගොඩට නෑමට.
    ඉතිරි ටික හෙට දාන්නම්. උදේ ඉදන් අප්ලෝඩ කරල එපා වෙලා ඉන්නෙ. ඔෆිස් එකේ අද වැඩ ටිකක් අඩුයි. ඉතිරිය හෙට බලාපොරෙත්තු වන්න. කොමෙන්ටුව්ක දාල යන්න අමක කරන්නෙපා. වචන වල අඩුපාඩු ඇති. නිවැරදි කරල පොඩ්ඩක් බලන්න. ගිහින් එන්නම්

    ඔන්න එහෙනම් පාන්දරින්ම වැඩේට සෙට් උනා. ඊයේ පොරොන්දු උන විදියටම අද ඉතිරි ටික දානවා

    cimg3542l.jpg
    මේ ඒන්නේ අපේ කට්ටිය බඩුත් උස්සගෙන. හැබැයි කට්ටිය ගිය විදියනම් අහන්නෙපා:lol:

    cimg3587a.jpg
    ඔන්න කොහොම හරි ගෙදරටත් අවා. දැන් වෙලාව හවස 6.30 යි. කට්ට කරුවලයි. සේරමන්ල හොදටම නිදි. මායි ගයිඩ් අයියයි සජී අයියයි 9.30 වෙනකම් හිටයා. ඒ වෙලාවෙ පට්ට හීතලක් ඇල්ලුවා. ඔන්න අපි නිදාගත්තා.

    cimg3611.jpg
    ඔන්න උදෙත් උනා. ලස්සන දර්ශන ගොඩාක් දැක ගන්න පුලුවන් උනා. මේ අපේ ගමනේ 3 වෙනි දවස අද අපි ගෙදර එනවා.

    cimg3618a.jpg
    උදේ 7ට විතර මීදුම

    cimg3621r.jpg
    ලස්සනද?

    cimg3622r.jpg
    අපි නැවතිල හිටපු ගෙදරට පෙනුන ලස්සන දර්ශණ

    උදේට කාල එහෙම අපිව එක්ක යනව කිව්වා දිය ඇලි බලන්න. හැබැයි කිලෝමීටර 7ක් 8ක් පයින් යන්න වෙනවා කිව්වා. යන්නයි එන්නයි 15ක් විතර වෙයි කිව්වා. ඉතින් යන්න පටාන් ගත්ත විතරයි සිරිදාස මාමා (අපි නැවතිල හිටපු ගෙදර මාමා) බෙහෙත් ගේනවා. පාරට පැනල මාමව නවත්තගෙන බෙහෙත් මුට්ටි දෙකම බිව්වනෙ දෙයියනේ කියල.:lol::lol:

    cimg3629b.jpg
    සිරිදාස මාම

    cimg3631.jpg
    නැවතත් ගමෙනේ. පොඩි දොල පාරක්

    cimg3635z.jpg
    තේ වත්තක්

    cimg3636p.jpg
    යන අතරමග දර්ශනයක්

    කියන්න අමතකඋනාග අපි මේ යන්නෙ ලංකාගම කියන ලංකාවේ දුෂ්කරම ගම්මානය හරහා.

    cimg3639j.jpg
    තවත් පිවිසුම් මාර්ගයක්

    cimg3647.jpg
    ලංකාගම නිවසක්

    cimg3649p.jpg
    කඩමණ්ඩිහ හා ඔවුන්ගේ ප්‍රධාන වාහනය වන මෝටර් බයිසිකලය. සෑම ගෙදරකම වාගේ මෝටර්ස් බයිසිකලයක් තියෙනවා.

    cimg3652co.jpg
    ගමේ කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනාම ඒන්නෙ මෙතනට තමයි. මේ ලංකාගම ඩිස්පැන්සරිය. නැතිනම් දෙනියාය රෝහට යන්න වෙනවා

    cimg3653i.jpg
    ගමේ පංසල. හරිම හොද දායකයො ටිකක් ඉන්නෙ. අපි මෙතනින් යනකොට 10.00 විතර ඇති. ඒ වෙලාවේ දානෙ අරගෙන එනව දැක්කා.

    cimg3654j.jpg
    ලංකාගමේ තැපැල් කාර්යාලය.

    cimg3657b.jpg
    ලංකා ගම දරුවන්ගේ නැණස පාදන පාසල. මෙහෙ ලමයි අධ්‍යාපනයට දක්ෂයි. අපි නැවතිල හිටපු ගෙදර ඇර සිරිදාස මාමාගෙ පුතා ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමණාකාර උපාධිදාරියෙක් 2008 අව්රුද්දෙ.

    cimg3661d.jpg
    ගමට විදුලිය සපයන කුඩා ටර්බයින් එකක්

    අපි දැන් සෑහෙන්න දුර ඇවිත් ඉන්නෙ. ඉස්සරහින් දිය ඇල්ලක සද්දයක් ඇහෙනවා. ගිහින් බලමු

    cimg3662h.jpg
    මේ තමයි බ්‍රාහ්මණ ඇල්ල. ප්‍රධාන මාර්ගයට පේනේනෙ මෙහෙම. අපිට ලගය යන්නත් පුලුවන් කිව්වා. එතනටත් ගිහින් බලමු.

    cimg3668o.jpg
    මේ තියෙන්නේ බ්‍රාහ්මණ ඇල්ල.

    cimg3681y.jpg
    අහස උසට ගස්

    අපි මේ යන්නෙ අති දුෂ්කර මාරගයක. එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා. මහගිරිදබේ නගිනව වගේ කදු. පල්ලම් ගස් වැල් අතරින් කූඩැල්ලො බුරුතු පිටින්. ඈතින් විශාල ශබ්දයක් එනවා. බලමු ගිහින්

    cimg3685m.jpg
    මෙත භායනක තැනක්. වැඩිය කවුරුත් ඇවිත්නෑ. දිය ඇලි දෙකක් තියෙනවා. උඩින් ඇතින් පේන්නෙ ඌරා වැටුනු ඇල්ල. එතනට යන්න බෑ. පළලින් අඩුවට ගැබුරට පේන්නේ ගල්දෝරු ඇල්ල. අති භිහිසුනු ශබ්දයක් නගමින් ගලාබසින මේ ඇල්ල වැටුනෝ ආයෙ මෘත දේහයවත් හමු වෙයි කිලය හිතන්න බෑ. ලංකාවේ මේ වගේ තැනක් දැක්කමයි මම. මේහි පතුලක් හොයාගෙන නොමැති බව මග පෙන්වන්නා කිව්වා. එහි සත්‍ය තාවය ගැන මම දන්නෑත කොහොම උනත් අපි සිටින තැන සිට අඩි 50 ක් 60 ක් ගැබුරට තියන විවරයෙන් තමයි මේ විශාල ජලකද ගලා බසින්නෙ. පුලුවන් උනොත් වීඩියෝ එකක් දාන්නම්.

    cimg3687k.jpg
    කොහොමද ගැඹුර

    cimg3688u.jpg
    මෙය නැරඹීමට පීඨිකාවක් හදාගෙන යමින් පවතිනවා.

    cimg3697g.jpg

    වැටුනොත් කොහොම තියෙයිද?

    මෙන්න වීඩියෝ එක

    cimg3701f.jpg
    ගල්දොරු ඇල්ලේ පහල

    cimg3715j.jpg

    මේ තියෙන්නේ තට්ටු ඇල්ල.

    cimg3719.jpg
    දැන් අපි යන්නේ දූවිලි ඇල්ල බලන්න. මේ පාරත් යන්න ටිකක් අමාරුයි. ගස් මුල් අල්ලගෙන ගියේ

    cimg3726v.jpg

    මේ තියෙන්නේ දූවිලි ඇල්ල. කිට්ටුවට යනකොට මුලු ඇගම තෙමිලා. දුවිල්ල වගේ වතුර බිංදු කැමරාවත් බේරගෙන පිංතූර ටිකක් ගත්තා

    අද දවසේ අපි බලාපොරොත්තු උන සේරමතැන් වලට ගියා. ටිකක් පරක්කුත් වෙලා. නැතව නවාතැනට එන්න පිටත් උනා.

    cimg3742x.jpg
    එන අතරමග ගහක උකුස්සෙක් හිටියා. ටික්ක උස ගහක් නිසා පැහැදිලි නැතුව ඇති

    cimg3749f.jpg

    කකුල් වලට හොද ගනන්. ඒත ගමනේ

    cimg3770.jpg
    කට්ටියට ආයෙත් නාන්න ඔනේයි කිව්ව නිසා ආයත් දොලේ නාන්න ගත්තා. අතේ තියන් මාලුන්ට කෑම දෙන්න පුලුවන් මෙතන ඉදන්. කවුරුත් ගිහින් මෙතන මාලු අල්ලනව එහෙම නෙවෙයි.

    cimg3762y.jpg
    සජී අයියගෙ පිනුමක්

    cimg3776.jpg
    මේ ඉන්නෙ අපිට දවස් 2ක්තිස්සෙ මග පෙන්නපු මාර්ගෝපදේශකයා. සංජය.

    cimg3790u.jpg
    නාල අපි එනකොට හම්බවුනු නෝර්වේ ජාතික විදේශිකයන්. :lol::lol: හරිම මිත්‍රශීලී විදේශිකයො ටිකක්. ඔවුන්ටත් යන්නම් කියාගෙන අවා.

    cimg3797i.jpg
    එන ගමන් සංජයගෙ ගෙදරට ගොඩවෙන්න අමතක කලේ නෑ. මොකද එයාගෙ දරුවට අවුරුදු 2ක් උනාට තාම බර කිලෝ 5යි. කාථාකරන්නෙ වත් ඇවිදින්නෙ වත් නෑ. ඔයාලත් සිංහරාජෙ යනවනම් සංජයව කථා කරගෙන යන්න. එයාට කරන උදව්වක්.

    cimg3798j.jpg

    අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ස්ථානයේ නැවත්තුවා.

    cimg3799z.jpg

    දින තුනක චාරිකාව නිමා කරල ගෙදර අවා.
    ඕන්න ඕහොමයි අපි ට්‍රිප් එක නිමා උනේ. ෆොටෝස් 600 න් තෝරල දාපු ටිකක් තමයි මේ තියනේනෙ. ඉතින් අන්තිම ටික ටිකක් වේගෙන් ගියා. වැරදි අඩු පාඩු තියෙනවනම් කියන්න. ඔයාල තෘප්තිමත්නම් කොමෙන්ටුවක් කොටල යන්න. එක්කෙනෙක් දාල තිබුනා සමහර පිංතූර පේන්නෙ නෑ කියල. ඒ ගැනත් පොඩ්ඩක් මට කියන්න.
    ඒවගේම එලකිරියටත් එලකිරියෙ හමුවූ මිතුරා සුදුමල්ලිටත් අපිට ගොඩාක් උදව්කලා. ගොඩාක් ස්තූතියි.
    තවත් මේ වගේම ගමනකින් හමුවෙමු.
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ela macho,,,,,ithuru tika ikmanatama dapan apita balanna,,,,:yes::yes::D:D

    අනිවා හෙට දාන්නම්. ඇස් දෙක රිදෙනව බන් මේක දිහා බලාගෙන ඉදල. උදේ ඉදන් මේ දාන්නෙ. වැඩත් සෙට් වෙනවනෙ බන්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල එල. ඔක්කොම ටික දාපන්. මේ පොඩ්ඩක් මුණ පෙන්න ඉන්න ෆොටෝ එකක් දාපන්කෝ.:D
    මචන් එක නෙවෙයි. අතන කට්ටියම වැල්ලේ ඉන්න ෆොටෝ එකේ සුදු මල්ලි කව්ද බන්.?:confused:


    REP 5+
     
    Last edited:
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එල එල. ඔක්කොම ටික දාපන්. මේ පොඩ්ඩක් මුණ පෙන්න ඉන්න ෆොටෝ එකක් දාපන්කෝ.:D
    මචන් එක නෙවෙයි. අතන කට්ටියම වැල්ලේ ඉන්න ෆොටෝ එකේ සුදු මල්ලි කව්ද බන්.?:confused:


    REP 5+

    දාන්නම් දාන්නම් තව තියෙනවනෙ. ඔය ඉන්නෙ ල නිල් පාට කොට කලිසම්ක් ඇදගෙන.:D
     
    • Like
    Reactions: mano3989

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එළකිරි ට්‍රිප් එකක් වගේ ඉක්මනට ඉතුරැ ටිකත් දාන්න
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පට්ට ට්‍රිප් එකක් වගේ..ට්‍රිප් ගිය කාලයක් මතක නැහැ මචන්..එළ අනිත් ෆෝටො ටිකත් දාපන් බලන්න.රේප්+ මචෝ