1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ සාධකයක්. මිනිසාට සත්ව හා ශාක ආහාර දෙකම ජීරණය කල හැක. ඒත් සමහර සතුන්ට එහෙම බෑ. මැරෙන්න යන සිංහයෙකුට තනකොල දුන්නත් කන්නෑ. එසේම, හරකට මාංශ දුන්නට කන්නෑ. ඒව ජීරණය කරන්න එන්සයිම නෑ.
කවුරු හෝ මාංශ ආහාර වලින් වැළකී vegetarian වන්නේ යැයි තීරණය කලොත් එය ගෞරව යුතුයි. ඒත් එවැනි අයට වැලඳිය හැකි යම් රෝග තත්ව තියනවා. උදා. විටමින් B12 ඌනතාවය නිසා Megaloblastic anemia (ලේ අඩුකම) හා Subacute combined degeneration of cord (ස්නායු දුර්වලතාවය). හේතුව B12 ලැබෙන්න ඕනෙ මාංශ වලින්.
2. ඉස්ලාමය ගත්තොත්, ශාක සහ සත්ව ආහාර දෙකම කන්න අනුමැතිය තියනවා. මාංශ කෑම අනිවාර්ය නෑ. Vegetarian වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි මස් කනවනම්, සතා මැරිය යුතු ක්‍රමය පෙන්වා තිබෙනවා. ඒකට ප්‍රායෝගිකව මඟ පෙන්වල තියෙන්නෙ. මේ පරීක්ෂණයෙන් පෙන්වා තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මෙය බවයි. එකක්, කිව යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වල මෙම ක්‍රමයට සතා මරන විට වේදනාවක් නැති බව කෙලින්ම කොතැනකවත් කියා නෑ. එය මේ පරීක්ෂණයේ එක සොයා ගැනීමක්. එය ඉස්ලාම් ආගමේ සත්‍යතාවය හා ප්‍රායෝගික බව තහවුරු කරන එක් සාධකයක් පමණයි.
3. ඔබලාගේ කතාවෙන් තේරෙන්නෙ ඔබලා vegetarian බවයි. එයට හේතුව සත්ව කරුණාව නම් එයට ගෞරව කළ යුතුයි. එසේ නැතුව බුද්ධාගම නිසා යැයි කියනවනම් මට එය පැහැදිලි මදි. සමහරු මෙහෙමත් කියනවා.
මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ඔබේ කාර්යයක්. මෙය ඇත්ත නම්, එසේ බුද්ධාගම අනුව මාංශ කෑ හැකි නම්, සතා මරන්නෙ කොහොමද කියා මඟ පෙන්වීමක් තියනවද? එසේ නැත්නම් කෑ හැක්කේ ස්වභාවිකව මැරුණු ඒවාද? ප්‍රායෝගිකව අපි දකින ගොඩාක් සිංහල බෞද්ධයන් මස් කනවා. ඒ අයගෙන් ඇහුවම කියන්නෙත් බුද්ධාගමේ මේකට පැහැදිලි තහනමක් නෑ කියලා. මේ ගැන පහදන්න හැකි නම් හොඳයි.
4. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා. Ice cream/යෝගට් එකේ සිට බිස්කට් එක දක්වාත්, තීන්ත බුරුසුවේ කෙඳි වල සිට ඇඟේ ගාන සබන් එක දක්වාත් සත්ව දේවල් එකතු කරල තියෙන්නෙ. නොදැනුවත්ව හෝ අකමැත්තෙන් ඒව පාවිච්චි වෙනවා. ඔබලා කියන විදිහට නම් මේවා සියල්ල වර්ජනය කල යුතූයි. ඒත් ප්‍රායෝගික නෑ. ඉස්ලාමයෙන් දීල තියෙන්නෙ එයට ප්‍රායෝගික පිළිතුරක්.
Western medicine ගත්තොත් සෑම පරීක්ෂණයකට වාගේ සතුන් යොදා ගන්නවා. ඔබේ සත්ව කරුණාවෙ ඔබ ස්ථිරයි නම්, එයත් ඔබ වර්ජනය කළ යුතූයි. ඉස්පිරිතාල වසන්න යැයි විරෝධතා රැලි පැවැත්විය යුතූයි. ඒත් ඒව ප්‍රායෝගික නෑ.
එනිසා, මෙහිදී පෙන්වා දී තිබෙන්නෙ ඉස්ලාමය විසින් ඉගැන්වූ ප්‍රායෝගික පිළිතුරක සුදුසුබව තහවුරු කරන එක් විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක් පමණයි. ඔබේ කලබල වීම අනවශ්‍ය එකක් බවයි මගේ අදහස.