අපේ සනත්

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    CInGN.jpg


    :sorry::sorry:
    2005-07-30
    Rangiri Dambulla Stadium
    Indian Oil -Cup (1st match )
    Sri Lanka VS India
    :yes::yes::yes::yes:

    මෙම තරගය සනත් ජයසුරිය ගේ ක්‍රිකට් ජිවිතයේ එක් අවාසනාවන්ත අවස්ථාවක් ඔහුගේ හැකියාවෙන් ජයගත් අවස්ථාවක් විය. ඉන්දීය නායක Dravid කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගය අතතුරදී පන්දු රකිමින් සිටි සනත් ජයසුරිය අවාසනාවන්ත ලෙස උරහිසේ ආබාධයකට ලක් වෙමින් ක්‍රීඩා පිටියෙන් නික්ම ගියේය. තත්ත්වය බරපතල නිසා ඔහු රෝහල්ගත කෙරිණි. ඉනිම අවසානයේ ඉන්දීය කණ්ඩායම ලබාගත්තේ ලකුණු 205ක් පමණි. ජයසුරිය ගේ තත්ත්වය එතරම් සතුටුදායක නොවූ නිසා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියේ නායක අතපත්තු සමගින් කුමාර් සංගක්කාරය. 205ක් වැනි අඩු ලකුණු ගණනක් හබා යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවශ්‍යම මොහාතේ කඩුලු දැවී යාම නිසා තරගය කණ්ඩායම් 2ටම සම තත්වයේ තිබිණි. ලකුණු 112ට කඩුලු 5ක් ගොස් තිබියදී මැද පෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණියේ ආබාධයකට ලක්ව සිටින ජයසුරිය යි. අනෙක් අන්තයේ සිටින පිතිකරුවන් දැවී යද්දී තරගයේ සියලු වගකීම් තමා වෙත ගත්තේය. ශ්‍රී ලංකා පිලේ පසු පෙල පන්දු යවන්නන් සමග ලකුණු සම්බන්ධතා ගොඩනගා ගනිමින් අවස්තානුකුලව පහර දෙමින් අවසානයේ කඩුලු 7කට ලකුණු 209ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. තරඟයේ වීරයා වුයේ නොදැවී ලකුණු 43ක් ලබා ගත් සනත් ජයසුරිය යි. මෙම තරඟයේ විස්තර විචාරකයින් පවා මවිත වුයේ ආබාධ තත්වයේ සිටියදී පවා ඔහුගේ මෙම ආවේනික පිතිකරණ රටාවේ වෙනසක් නොවූ හෙයිනි.
    සනත් යනු තරග දිනවන්නෙකි.මෙය ඒ සඳහා එක් නිදසුනක් පමණි. නියම තරග දිනවන්නන්ට ක්‍රීඩා කරන ස්ථානය වැදගත් නැත. තමන් ගේ අතේ පිත්ත ද, පන්දුව ද ඇත්තේ යන්න ප්‍රශ්නයක් නැත. තමන් නායකත්වයේ සිටින්නේද, නායකත්වයේ නොසිටින්නේද යන්න අදාල නැත. අවශ්‍ය වන්නේ තමාගේ ලකුණු නොව කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු රැස් කිරීමයි. එවිට තමාගේ ලකුණු ගොන්නද සම්පුර්ණ වනු ඇත.වර්තමානයේ අවශ්‍ය වන්නේද මෙයයි.

    වමේ - පන්දු ‍රැකීමේ දී ආබාධයකට ලක්වූ සනත් ජයසූරිය:sorry::sorry:
    දකුණේ - උරහිසේ ආබාධයක් තිබියදී සුපුරුදු පුල් පහරක් එල්ල කරන සනත් ජයසූරිය. :shocked::shocked:


    උපුටා ගත්තේ
    http://www.facebook.com/photo.php?f...set=a.144283953160.108479.144061588160&type=1