! ටයිටැනික් ගිලූණේත් මිරිඟුවක් නිසා ද?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ! ටයිටැනික් ගිලූණේත් මිරිඟුවක් නිසා ද?

    ටයිටැනික් නැව ගිලූණේ මුහුද මැද මතු වූ මිරිඟුවක් නිසා ද? ‘ෆාටා මෝර්ගානා’ නමින් හැඳින්වෙන මෙම සංසිද්ධිය ව්‍යාජ දිය ඇල්ලක් මිරිඟුවක් ඇස් ඉදිරියේ මවන්නක්. ටයිටැනික් නැවේ නියමුවාට මේ ‘ෆාටා මෝර්ගානා’ මිරිඟුව නිසා ඒ දැවැන්ත හිම කන්ද නොපෙනී ගියාද? ඒ විස්මිත දෘශ්‍ය මායාව ගැනයි, මේ සටහන.

    බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයකු වන ග‍්‍රන්ථ කර්තෘ ටිම් මෝල්ටින් ඒ කාලයේ කාලගුණ වාර්තා පරීක්ෂා බලා පසුගියදා නව මතයක් පළ කළා. ඔහු මේ හෙළිදරවුව කළේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් චැනලයෙන් විකාශය වූ ටීවී වැඩසටහනකින්.
    1.jpg
    මෙහි පහත දැක්වෙන පින්තූරයෙන් ඒ ;සංසිද්ධිය ඔබට තේරුම් ගත හැකියි. ඉදිරියේ දක්නට ලැබෙන දේ අඳුරු කර, නොපැහැදිලි කර හෝ සමහර තැනක දී කුඩා හෝ විශාල කර හෝ දක්වන, විටෙක උඩුයටිකුරු කර පෙන්වන මෙය ඉතාමත් විස්මිත සංසිද්ධියක්.


    කෘති‍්‍රම ක්ෂිතිජයක්! ‘ෆාටා මෝර්ගානා’ නම් දෘෂ්‍ය මායාව සාගරය මැද හමුවන්නක්. මේ බොරු ක්ෂිතිජයක් මවා පෑ ‘ජල පවුර’ ඇමරිකාවේ පැසිපික් වෙරළේ දී හමු වූවක්.

    මේ අමුතු නම හැදිලා තියෙන්නෙ, මෙහෙමයි. ‘ෆාටා’ කියන්නේ ‘සුරංගනා’ අරුතින්. ‘මෝර්ගානා’ කියන්නේ ආතර් රජුගේ පුරාවෘත්තයේ එන මායාකාරියක්. සාගරයේ දී ‘නැවියන්ට මරු කඳවන මන්ත‍්‍ර බලයෙන් කරන කොඩිවින විශේෂයක්’ යන අරුතින් තමයි, ‘ෆාටා මෝර්ගානා’ කියා කියන්නේ. ඇත්තෙන් ම එය මුහුදේ හමුවන මිරිඟුවක්! මේ ක‍්‍රමයෙන් කිසියම් දෙයක් උඩුකුරු යටිකුරු කරලා පෙන්වනවා. වෙලාවකට ක්ෂිතිජයට ඉහළින් ඒ රූපය දික් අතට ඇදලා විකෘති කරලා පෙන්වනවා. බොරු දිය ඇල්ලක් ලෙස දිස් වෙන්න පුළුවන්.

    මේ දෘෂ්‍ය මායාවන් සාගරයේ සූර්යයා අස්තංගත වන මොහොතේ ඇති වෙන්න පුළුවන්. ගෝලාකාර හිරු දික්ව දිස්වෙන්න හෝ වෙනත් විකෘති හැඩයක් ගන්න පුළුවන්. එසේ ම ඉදිරියේ ඇති ගොඩබිමක්, නැවක්, වෙනත් දෙයක් (හිම කන්දක්) මේ පවුරක් බඳු මායාව නිසා නොපෙනී යා හැකියි.

    පෘථිවිය මතුපිටට ආසන්න වායු ස්තරය සාමාන්‍යයෙන් උණුසුම් වන අතර ඉහළ අහසට යද්දී එය වඩාත් සිසිල් වෙනවා. මේ අතර වඩාත් ශීතල වායු ධාරාවකටත් ඊට පහළින් ඇති වායුධාරාවටත් අතර ස්තරයේ thermal inversion තාප ප‍්‍රතිලෝමයක් ඇති වන නිසා, උෂ්ණත්වය උඩුකුරු යටිකුරු වීමක් සිදු වෙනවා. එවිට මෙම ‘ෆාටා මෝර්ගානාවක්’ දර්ශනය විය හැකියි.

    ටයිටැනික් ඛේදවාචකය සිදු වූ රාති‍්‍රයේ මෙන් නිසල කාලගුණයක් පැවති විටෙක උණුසුම් හා සිසිල් ස්තර දෙක අතර තීරුව වර්තක කාචයක් ලෙස කි‍්‍රයා කරනවා. ඒ නිසා නරඹන්නාගේ ඇසට එන ආලෝක ධාරා වර්තනය වීම හේතුවෙන් තමන් දකින දෙය විකෘතිව හෝ වෙනත් තැනක පිහිටියා සේ පෙනෙන්නට පුළුවන්.

    මෝල්ටන් විශ්වාස කරන්නේ එදා ටයිටැනික් නැව ගිලූණු අපේ‍්‍රල් 14 වැනිදා එවැනි වෙනස් වීමක් ඇති වී හිමකන්ද නොපෙනී යන්නට ඇති කියායි. ඒ වෙනුවට නැවේ සිටි නිරීක්ෂකයන්ට හිම කන්ද වසා ගෙන ‘බොරු’ ක්ෂිතිජයක් මැවී පෙනෙන්නට ඇති කියලයි ඔහු කියන්නේ.

    2.jpg
    මේ ඡායාරූප පෙළින් දකින දෙයක් එසේ වෙනස් ව, විකෘති ව, පෙනෙන හැටි ඔබට පැහැදිලි වේවි. මේ විදියට ටයිටැනික් නැව ගිල්වූ හිම කන්දත් එහි කපිතන්ට නොපෙනී යන්න ඇති.
    3.jpg

    ඒක වෙන්නෙ මෙහෙමයි: බලන්නාට කිසියම් වස්තුවක් විශාලව හෝ වෙනත් තැනක තිබෙනු හෝ පෙනේවි. මෙහි දී උණුසුම් වායු ස්තරය හා සිසිල් වායු ස්තරය එක් වීමෙන් එය පෙනීමට සලස්වන ආලෝක ධාරාව නැමී යාමක් සිදු වෙනවා. එවිට බලන්නා ඉදිරියේ ‘මිරිඟුව’ක් නිර්මාණය විය හැකියි. (ඉහළ උණුසුම් වාතය, පහළ සිසිල් වාතය හා අතර මැදිව ආලෝක තරංග ගෙන යන තීරුව රූප සටහනෙහි දක්වා තියෙනවා)
    4.JPG

    මායාව පෙනෙන හැටි! සිසිල් හා උණුසුම් වායු ස්තර අතර ඇති තීරුව මැදින් එන ආලෝක කිරණ වර්තනය වීම නිසා ඈත ක්ෂිතිජයෙහි මේ රුවල් යාත‍්‍රාව පෙනෙන්නේ අහසේ පාවෙන්නාක් ලෙසයි.

    මේ අසාමාන්‍ය දෘෂ්‍ය මායාව නිසා වෙන්න ඇති, ටයිටැනික් නෞකාව අනතුරට පත් වෙද්දී ඒ පේනතෙක් මානයෙන් යාත‍්‍රා කළ කැලිෆෝනියන් නෞකාව, මේ ව්‍යසනය තේරුම් නොගෙන, අනතුරට පත් එහි පිරිස බේරා ගැනීමට ඉදිරිපත් නොවී එතැනින් වෙනත් අතකට යාත‍්‍රා කළේ. ඒ එහි කපිතන් ස්ටැන්ලි ලෝඞ් තමා දකින්නේ කුඩා නැවක් හෝ වෙනත් හැඩයක් ඇති යමක් යැයි සිතා වරදවා තේරුම් ගෙන තිබීම නිසයි.

    ශීතල කාලගුණික මිරිඟුවක් ඇති වන්නේ ශීතල කාලගුණික වායු තීරුවක් හා උණුසුම් වායුව හා මුසු වීමේ දී ඒ අතරින් යන ආලෝක කිරණ වර්තනය වීමෙන් ක්ෂිතිජයෙහි ඇති වස්තු වෙනස් වී පෙනෙන විටයි.
    නැෂනල් ජ්‍යොග‍්‍රෆික් ටීවී චැනලය හරහා විකාශය වූ සිය වාර්තා චිත‍්‍රපටයෙන් තම සොයා ගැනීම් ගැන පැහැදිලි කිරීමක් කරන ටිම් මෝල්ටින් කියන්නේ, ඔහු මේ නිගමනවලට ආවේ ඒ කාලේ කාලගුණ වාර්තා පරීක්ෂා කරමින් පමණක් නොව ඒ සිද්ධිය ඇසින් දුටු අයගේ සක්ෂි ද සැලකිල්ලට ගනිමින් බවයි.

    ටිම් මෝල්ටින් කියන්නේ, ”එදා කපිතන් ලෝඞ්ට දෝෂාරෝපණයක් නැඟුණා, අනතුර මඟ හැර ගියාට. ඒත් විද්‍යාත්මකව එදා රාති‍්‍රයේ තත්වය දිහා බැලූවාම මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ දුටු මිරිඟුවට රැවටීම ගැන. ඔහු එදා කීවේ තමා දුටු දේ කිසිසේත් ම ටයිටැනික් නැව කියා නොසිතූ බවයි. දැන් මා දන්නවා ඔහු එදා කීවේ සම්පූර්ණ ඇත්ත බව. ඔහු දැක ඇත්තේ ඇත්තෙන් ම ‘ෆාටා මෝර්ගානා’වක්!
    5.jpg

    හරියට ම මීට වසර සීයකට පෙර, එදා 1912 අපේ‍්‍රල් 10 වැනිදා, ‘වයිට් ස්ටාර් ලයිනර් ආර්එම්එස් ටයිටැනික්’ නෞකාව, නිව්යෝක් බලා එහි මංගල ගමන යන්නට සූදානම් ව පැමිණි අවස්ථාව.

    6.jpg
    හිමකන්දක හැපී ටයිටැනික් නෞකාව ගිලී ගිය මොහෙත දැක්වෙන සමකාලීන සිතුවමක්.


    උපුටා ගැනීම

    .: මල් කැකුළු : Sri Lankan Kids :.: මුහුද දී දක්නට ලැබෙන අද්භූත ජල පවුරක්! ටයිටැනික
    මෙන්න titanic

    ෆිල්ම් එකේ තීම් සෝන්ග් එක






    මෙන්න වචන ටික

    Every night in my dreams
    I see you, I feel you
    That is how I know you
    go on
    Far across the distance
    And spaces Between us
    You have come to show you
    go on

    Near, far, wherever you are
    I believe that the heart does go on
    Once more you open the door
    And you're here in my heart and
    My heart will go on and on

    Love can touch us one time
    And last for a lifetime



    And never let go 'til
    we're gone
    Love was when I loved you
    One true time I hold to
    In my life we'll always
    go on

    Near, far, wherever you are
    I believe that the heart does go on
    Once more you open the door
    And you're here in my heart and
    My heart will go on and on

    You're here, there's nothing I fear
    And I know that my heart will go on
    We'll stay forever this way
    You are safe in my heart and
    My heart will go on and on
    ෆිල්ම් 1 ක
    http://torcache.net/torrent/FA4D9AF3CE609DAFAC393641681DC373A38E921C.torrent?title=[kat.ph]titanic.1997.tamil.original.dvdrip.xvid.700mb
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    එතකොට ඕක මොකකවත් හැප්පුනේ ම නැද්ද?

    හැප්පුන යකෝ.. දැකපු දේවල් වැරදියට තෙරුම් ගත්ත නිසා හැප්පුනා කියලයි මූ කියන්න ට්‍රයි කරලා තියෙන්නෙ...