CBR_කවි_Part_3

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    New CBR කවි - Part 1 සහ Part 2 වලට ලැබුණු ප්‍රතිචාර මත, ඔන්න මම New CBR කවි - Part 3 එකත් ලිව්වා, බලලා කමෙන්ට් දාන්නකෝ,

    New CBR කවි - Part 1 සහ Part 2 බලපු නැති අය පහල තියෙන ලින්ක් වලට ගිහින් බලන්නකො..


    s4cghf.jpg


    New CBR කවි - Part 1...

    New CBR කවි - Part 2...

    New CBR කවි - Part 3...

    72444163621646310711675.jpg


    මම මින් පෙරත් මේ ගැන රස කවි ලිව්වා
    එය රස බලා ඔබ සැම එලකිරි කිව්වා
    වන් ඇන් ඔන්ලි වෙන කොහෙවත් නැහැ මෙව්වා
    ඔබ සැම දෙනා වෙනුවෙන් තුන්වෙනි එක ලිව්වා

    අම්මා බනිනවා මෙය විකුණන්න කියා
    ගිය සතියෙත් එකෙක් පරලොව ගියා කියා
    අම්මයි මමයි පොඩි වලියක් යන්න ගියා
    තාත්තා යතුර අල්මාරියෙ දමා ගියා

    දැන් මම කුමක් කලයුතු දැයි ලතවෙන්නේ
    අම්මත් උදෙන් මහ ගෙදරට ගොඩවෙන්නේ
    යතුරත් නැතුව මම කොහොමද පිට වෙන්නේ
    කලයුතු යමක් මට නැහැ සිහියට එන්නේ

    මොහොතින් මෙමට ඝණ දෙවි නුවනකි එන්නේ
    අම්මා යතුර තියෙනා තැන් සිහි වෙන්නේ
    අත පත ගගා බලනා විට එබෙමින්නේ
    අල්මාරියේ යතුරත් ඔය මතු වෙන්නේ

    අරගෙන යතුර මම ඇල්මාරිය ඇරලා
    තියෙනා පියන ඇරියා ටැංකිය වහලා
    පැට්‍රල් තත්වේ අන්තිම අඩියට බැහැලා
    සෙඩ් එක වෙත යන්න ගානට ඇත පිරිලා

    දාගෙන ජැකට් හොද හැටි හරි බරි ගැහිලා
    ගත්තා ෆස්ට් එකේ හොද හැටි බර කරලා
    යන්තන් හෙමි හෙමින් සෙඩ් එක වෙත පැදලා
    ගැහුවා ෆුල් ටෑන්ක් දැන් ටැංකිය පිරිලා

    දැන් නම් හිතේ නැහැ කිසි කහටක් රැදිලා
    යනවා මෙමා දැන් රැහනින් ඉගිලීලා
    හැඩ වැඩ දමා මා වංගුව දෙක නමාලා
    යනකොට සිටි ට්‍රැෆික් සෙට් එක ඇත පිරිලා

    හවු උනොතින් මුන්ට නැත කිසි සමාවක්
    නඩු දඩ වලට නැත කිසිදා නිමාවක්
    වෙන්නට බැලුවා මම එහෙ මෙහෙ මුවාවක්
    ඒ එක්කම ඇහුනා ලෙලන්ඩ් නලාවක්

    ලෙලන්ඩ් බස් එකක් ඒ එක්කම ආවා
    හෙමිහිට බ්‍රෙක් කර මම පස්සට ආවා
    පහු වුනු ගමන් නවලා මම කණ ගවා
    උන්ගෙන් ගැලවිලා මම එතනින් ආවා

    යනවා ටික දුරක් මම දැන් පාර දිගේ
    ආවා කරිස්මෙක් පිඹගෙන දකුණු දිගේ
    යන්නට හිතිලා වගේ මූ කාණු දිගේ
    මූ දැන් රඟනවා මට මහ පාර දිගේ

    පනිනවා මගේ ඉවසීමේ බැමි කැඩ්ලා
    දැම්මා හෙඩ්ලයිට් මම සුවිචිය ඔබලා
    කලච් එක මිරිකලා ගියරය අඩු කරාලා
    ගත්තා බර කරලා මම අයිනෙන් තියලා

    දැන් මූ එනවා අරගෙන වෙසමුනිගේ වරම්
    ගින්නක් නෑ මෙමට නොදනී මගේ තරම්
    උබ වගේ එවුන් ආවත් සිය දහස් තරම්
    මල්ලියේ මටත් ගත හැක මාතලිගේ වරම්

    යනවිට මීටරේ සීයත් පන්නාලා
    නැව්වා බස් එකක් ඩ්‍රයිවර් අත දාලා
    ගැහුවා බ්‍රෙක් මම ෆුල් ඩම් එක දාලා
    ඇරියනේ කරිස්මයා අපි අස්සෙන් දලා

    ඇරඹුව ගේම කවදාවත් මඟ දාලා
    නෑ මම ගියේ කිසිවිටකදි පැරදීලා
    තියෙනා තරම් මා සතු ටෙක්නික් දාලා
    දෙනවා සටන දිනනා තුරු වැඩ දාලා

    දැන් ඌ යනවා මට ඉස්සරහින් විදලා
    ඌ අල්ලන්න මා යායුතු වෙයි පිඹලා
    වැහැලා පාරෙ වතුරත් හැම තැන පිරිලා
    සිහියට නැගුනි පස්සේ ටයරය ගෙවිලා

    සිහිකර මෙමා හැම දෙවි මා සුරකින්න
    ඇස්ලේට් කරා මම චුට්ටක් වැඩි වෙන්න
    බිට් එක ඇසී උගේ හදවත ගැස්සෙන්න
    එන්ජිම මගේ හැකි හැම බලයම දෙන්න

    තව දශමයයි මම ඌ පහු කර යන්න
    වෙට්ටුත් දමනවා ඌ එය බැරි වෙන්න
    හොද හැටි බලා ඉදිරිය පැහැදිලි වෙන්න
    අල්ලමි දකුණු පැත්තෙන් ඌ පහුවෙන්

    මොහොතින් මොහොත මා ඌ හට ලංවෙනවා
    මීටර් කටුව දැන් එකසිය තිහ වෙනවා
    එන්ජිම මගේ වෙඩි වගේ වැඩ දෙනවා
    වෙසමුනි එකා මාතලියට පරදිනවා

    මල්ලියේ උබලා පැද්දට හිරෝ හොන්ඩා
    කොයි වැඩ කාරයත් ලොකු නැහැ මට බංඩා
    ලොකු වැඩ දැමූ උබ මට දැන් විය ජුංඩා
    දැනගන් මේවා මේඩින් ජපනගේ හොන්ඩා

    33590163116317677811675.jpg


    ©chathupatiya
    සියලුම හිමිකම් ඇවිරිණි
    වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
    posted in
    © :::Elakiri official CBR කවි thread:::
    by chathupatiya at 2013/01/10
    www.elakiri.com
    11.gif

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    machang! daksha Rider kenek nathi wenawata wadiya siya dahas gunayaka paaduwak umba vage daksha kaviyek nathi vena eka!!:confused::confused: kokatath paressameng!!

    sirama kavi tikak bro... elama kiri!!:yes::yes:


    owa aranchi wenakota yathura hangana eka ahanna deyakya....!:P:P
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    චතුපැටියා වනාහි එළකිරි යේ
    කවිකාරයෙකි බලන් යනකොට මෙහි සිටියේ
    පදිනා කල වන්ඩිය කිරි කිරියේ
    බලාගෙන පැදපිය පොලිසිය මග හිටියේ:shocked:

    එළ මචං රෙප් 2+
    උඹ නම් පට්ට බුවෙක් තමයි


     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hahahaha...... niyamai niyamai.. atta seen ekakda manda...

    mona unat wassa welaval walata nam bike wala pimbili epoooooooo