පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

    කොහොමද කොල්ලනේ. පහුගිය ටිකේ පොඩි ට්‍රේනින් කෑල්ලකට වෙන රටකට සෙට් වෙන්න උනා. එලකිරි ආවෙත් බොහොම අඩුවෙන්. ආවත් ටික වෙලාවයි. ඔන්න ඉතින් ට්‍රේනින් එකෙන් පස්සේ එහෙම දැන් අලුත් විදිහකට අලුත් ප්‍රොජෙක්ට් එකකට වැඩ පටන් ගත්තා. වෙලාවත් ටිකක් ලැබෙනවා. ඒ නිසා ත්‍රෙඩ් කෑල්ලක් දාන්නයි බැලුවේ

    අපේ කොල්ලෝ මට සමාවෙන්න ඕනෑ. මට අනික් ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්න වෙලාවක් නැතුවට. පහුගිය ටිකේ සෑහෙන්න වැඩ. එලකිරි ආපු ගමන් ප්‍රයිවට් මැසේජ් 20ක් 30ක් එනවා. හැබැයි ඒ සේරටම රිප්ලයි කලා වෙලාව ලැබෙන විදිහට

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    කට්ටිය ඉතින් එක කොටස එහෙම බලන්න ඇතිනේ... දැන් බනින්න එපා ලැම්බෝර්ජිනී පදින රටේ අපිට සෙකන්ඩ් හෑන්ඩ් කාර් ගැන කියලා අපිව බාල්දු කරනවා කියලා. පොඩ්ඩක් ඉතින් ආසාවට වගේ ආස්චර්යය අතරින් පරන වාහන ගැනත් හොයලා බලමුකෝ නේද.,, මම දන්නවා දැන් අපේ කොල්ලෝ පදින්නේ පෝශේ, ෆෙරාරි එහෙම කියලා. අනේ වාසනාවන්

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු - 2 කොටස

    හ්ම්ම්ම් අද කියන්න යන්නේ තමන්ට ගැලපෙන වාහනයක් තෝරගන්නේ කොහොමද කියලා. මම මේක කියන්නේ ආදායම් ලබන අපේ යාලුවො ගැන සලකලා. තාත්තගේ "රේසින් කාර්" එකේ රේස් පදිනවනම් එච්චර අව්ලක් නෑ ඉතින් ඕන්

    පලවෙනිම දේ මිල

    අපි කීයක් වාහනේකට යටකරනවද? ඒක තමා පලවෙනි තීරනේ. දැන් සාමානෙන් ටිකක් හොද වාහනයක් , FB15, 110, BJ5P, EK3, CS3 වගේ එකක් ලක්ශ 20ක් වෙනවා.ඉතින් ඒ එක්කම අපේ යාල්වෝ මතක තියාගන්න දැන් අපේම සිංහල බෞද්ද සම්පත් බැංකුවේ 14.5%ක පොලියක් දෙනවා ෆික්ස් ඩිපෝසිට් වලට. එතකොට අපි 20ක් යට කරනවා කියන්නේ 2000000*14.5/100/12 = 24166ක්. ඉතින් කොල්ලනේ අපේ ජීවිතේ කොරන්න තියෙන එකම ලබ්බ වාහන පදින එක නෙමේනේ. ඕකේ වියදමුත් එක්ක එතකොට අපිට කියන්න පුලුවන් අඩුම මාසෙකට රුපියල් 30000ක් අපේ අතින් නොදැනුවත්වම වාහනේ වෙනුවෙන් යනවා කියලා. ඒ නිසා තමුන්ගේ මාසික ආදායම අඩුම 40ක් වත් හදාගෙනම මේ වගේ ගේමකට අතගහනවනම් ඒක ඕගොල්ලන්ගේ අනාගතේ ජයගන්න හොද රුකුලක් වේවි.
    මොකෝ බොහෝ වෙලාවට කාර් කියන්නේ ආදායම් ලබන වාහන නෙමේ. එහෙම කිව්වහම උබ මගෙන් අහයි ඇයි අනිත් උන් ගන්න එපාද කියලා. නෑ එහෙම කියලා නෑ. මම කියලා තියෙන්නේ ආදායමට තමන්ගේ වාහනේ තෝරගන්න හැටි

    හරි දැන් මිලත් හිතාගත්තා. මොකක්ද ගන්නේ??? ඔන්න ඊලග කතාව

    තමුන් එදිනෙදා දුවනවනම් දෙපාරක් හිතන්න එපා ඇල්ටො එකක් වගේ තෙල් කරන පොඩි කාර් එකකට යන්න.

    ෆැමිලි යූස් නම් තෙල් 11-13 අතර කරන හොද ඉඩ පහසුව තියෙන FB15/හෝ ඊට ඉහල වගේ කාර් එකකට යන එක තමා හොද. ඒ වගෙම ලංකාවේ හැච් බැක් හා සෙඩෑන් අතර ලොකු මිල වෙනසක් නෑ බදු නිසා. ඒ උනාට ලෝක වෙලදපොලේ හැච් බැක් කියන්නේ (සාමාන්ය හැච් බැක්) එදිනෙදා වැඩ කරගන්න රෝද හතරකට වහලයක් ගහපු ඒවට. ඒ නිසා පුලුවන් තරම් සෙඩෑන් එකකට යන්න බලන්න

    ඔටෝද මැනුවල්ද?

    ඕකට තමන්ගේ ආසාවත් බලපානවා. ඒත් මචන් මැනුවල් එකේ 2ක විතර හෝ ඊට වැඩි තෙල් වෙනසක් තියෙනවා. ඒ කිව්වේ ඔටෝ එක ලීටරේට 10ක් කරනවනම් මැනුවල් එක 12 හෝ ඊට වඩා කරනවා. අනික තමන්ගේ දක්ශතාවය මත තවත් වැඩිවෙන්න එලවන්න පුලුවන්

    අමතර කොටස්..

    කොල්ලෝ අපිට බනිනවා මුන්ට ටොයොටා නිසාන් කිව්වහම අම්ම තාත්තා වගේ කියලා. ඒත් මචන් අපේ රටේ පොඩි අමතර කොටස් හොයාගන්න කට්ටක් කන්න වෙන සීන් එකක් තියෙනවා, මොකද සමහර අමතර කොටස්, විශේශෙන් බොඩි පාර්ට්ස් අපි ගන්නේ රීකන්ඩිශන් ඒවා. ඒවගේ සුලභ භාවය ලංකාවේ හුගාක්ම තියෙන්නේ කොමන් මොඩල් වලට විතරයි. හැබැයි ෆෙරාරියකට උනත් ජිල්මාට් දාලා හදන්න බාස්ලා ලංකාවේ ඉන්නවා. ඒ කොච්චර උනත් නිතට විකිනෙන මාකට් මොඩල් එකකට අත ගහන එක සුබයි

    පෙට්‍රලුත් ගනන් එකේ ඩීසල්??? ඩීසල් වාහන ගනන් නිසා කන්වර්ට් කරපු එකක්???

    අනේ මයෙ දෙයියෝ ඔරිජිනල් ඩීසල් වාහනයක් ගන්නවා මිසක් කන්වර්ට් මගුල් ගන්න එපා. දැන් පැට්‍රල් මිලයි ඩීසල් මිලයි ඩීසල් වාහන වල රෙපෙයාර් කොස්ට් එකයි බැලුවහම ඇත්තටම වෙනසක් නැති තරම්. පෙට්‍රල් හොදා කියලත් හිතෙනවා

    ලීසින්,

    ලීසින් එකක් අපි දාන්නේ අව් රුදු ගානකට. දානකොට ආතල් ටිකක් කල් ගිහාම නෑ බන්. ජීවිතේ කරන එකම වැඩේ ඕකට ගෙවන එක නෙමේනේ, ඒ නිසා පුලුවන් තරම් අතේ ඇති මුදලට එකක් ගන්න බලන්න., අරගෙන ඒක විකුන විකුනා ඉස්සරහට යන්න බලන්න. අඩුම ගානේ පාඩුවක් නොවී තියේවි


    වාහන ගැන දැනුම බින්දුවයිනේ, මොකෝ කරන්නේ..?

    ඔය වාහන හදන්නේ මැජික් කාරයෝ නෙමේ. මිනිස්සු.ඕවගේ මාහා ලොකු තියරි නෑ. මොකෝ ඕකේ පරමානු ඇන්ජිමක් නෙමේනේ තියෙන්නේ. ඉස්සෙල්ලා පොඩි හරි අවභෝදයක් අරන් ඉන්න කියන එකයි මගෙනම් මතය. නැත්නම මොකක් හරි ලෙඩක් ආවොත නාන්න වෙනවා

    ඔරිජිනල් පේන්ට්??

    මචෝ පොඩ්ඩක් ඔපේ අඩු උනත්, දිරුම් පොඩ්ඩක් තිබ්බත් කමක් නෑ ඔරිජිනල් පේන්ට් එකකට යන එක හොදයි. ඒක හොයාගන්න හැටි පලවෙනි ත්‍රෙඩ් එකේ කියලා ඇති. බොරුවට බාල්දි පිටින් පොටි ඇදලා තුනී කරපු දිලිසෙන බොඩියක යට තියෙන්නේ මොකක්ද නොදැන ගන්නවට වඩා ඔරිගිනල් පේන්ට් එකකට යන එක හොදයි

    උබේ උස මහත..

    පොඩ්ඩක් උස මහත එකෙක් නම් පැක් වෙන්න පුලුවන් වාහනයක් තෝරගන්නවනම් හොදයි. දුර එලවන වෙලාවක නැත්නම් හරිම ජර මරේ. මටනම් මරුටියක් එලවද්දි සාඩින් ටින් එකකට බැස්සා වගේ

    ඔච්චර දගලන්න වෙන එකේ එකේ බ්‍රෑන්ඩ් නිව් චීන පටස් එකක් ගම්මුද???

    පල @#$ත්තො යන්න කුනුහරප කතා නොකර.. @#$%^!!! &^*. හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් ගනින්


    ඉතින් මචන් අදනම් ලොකූ ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ. මේ කතාව දිගටම කරන් යමු බලන්න.. උබේ අදහසුත් කියපන්


    මේ ඒකනෙමේ RAV4 එක ගැන ත්‍රෙඩ් එකක් ඕනෙනම් කියපන්​


    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු







    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523





    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    රත්තරං;14271531 said:
    තැන්කූ අක්කේ, ඔන්න රෙපකුත් දුන්නා..
    එක ලේ තියන උඹටයි මටයි මොන රෙප් ද බං
    උබේ පිටිපස්සෙන් ඉන්නව කියල හිතාගනින් එච්චරයි බොල:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක ලේ තියන උඹටයි මටයි මොන රෙප් ද බං
    උබේ පිටිපස්සෙන් ඉන්නව කියල හිතාගනින් එච්චරයි බොල:lol::lol:

    ආයෙත් අහලා අන්න ඒකයි මචන් වටින්නේ.. කොහොමද දැන් අපේ සිංහ පැටව් ලංකාව පුරාම ගේමට බැහැලා
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Meka nam enakan balagena hitiye. dan kibulath liyanawa, rathtaranuth liyanawa sriboyssl tamae sadda naththe. Mama ubala 3 denage ewata maara kamati oya mama asama subject 2k nisae. Kaama saha waahana. Heta dennam rep..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මේ රත්ත මලය දැක්ක කල්.. ඔයිට වඩා වැඩිපුර ටිකක් මේ පැත්තට ඇවිත් ගියානම් තමා හොද...
    11.gif
    9.gif