මම ඊර්ෂියාව නිසා කියනවා නෙවෙයි මේක උබලගේ හොදටයි කියන්නේ. යන්න කලින් හොදට හිතන්න.
මේ එළකිරි එකට එක එක ජාතියේ එවුන් එනවා එක එක ඒවා කියාගෙන එකෙක් එයි බඩු විකුණන්න, තව එකෙක් එයි රස්සාවට දානවා කියලා, තව එකෙක් එයි බොරු මත ප්‍රචාරය කරන්න, තව එකෙක් එයි විකෘති ආගමික මත ප්‍රචාරය කරන්න. මේවා අතර හොරු ,මගෝඩියෝ, වංචා කාරයෝ පවා ඉන්න පුලුවන්. නමුත් ගොඩක් එවුන් දන්නේ නෑ මේ වගේ එවුන්ගෙන් පරිස්සම් වෙන්න.නමුත් මම මේකේ ඉන්න කම් උන්ට අහුවෙන්න දෙන්නේ. මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා කියන්න සාධක නෑ මට නමුත් මේ දාලා තියෙන විස්තරය බෝහොම සැක සහිතයි, අපැහැදිලියි හරියටම කියන්නේ නෑ මොකක්ද කියලා. මේක නෛතිය වශයෙන් අවාසියක් වෙන්න පුලුවන් පැමිණිලි කාරයාට පස්සේ නඩුවක් වුනත් දාන්න ගියාම. ඒක නිසා තමන්ට යම් දෙයක් තේරෙන්නේ නැත්නම් හෝ ඒක දාලා තියෙන කෙනා පැහැදිලි ලෙස දාලා නැත්නම් ඒකට එකග වෙන්න එපා. අද කාලේ මිනිස්සුන්ව අමාරුවේ දාන එවුන් පිරිලා. හැම තැනම වගේ ඉන්නවා මුන්.
මේක සෙල්ලමක් නෙවෙයි කවුරුත් දන්නේ නැති වුනාට ලෝකයේ පුරාම අද වසංගතයක් වගේ පැතිරිලා තියෙන එකක් තමයි Human Trafficking කියන එක මේක යටතේ තියෙනවා. Organ stealing (ශරීරයේ කොටස් හොරකම් කිරිම මේක සාමාන්‍යයෙන් කරන්නේ සිහිය නැති කරවලා) , force Laboring (වහල් සේවය), Prostitution (ගණිකා වෘත්තිය) වගේ. මේ තුනම ගොඩක්ම ජනප්‍රියයි ආසියාතික සහා අරාබි රටවල.
Organ Stealing වලදි කරන්නේ යම් කෙනෙක්ගේ අවයවයන් අරගෙන ඒවා වැඩි ගාණකට ඉස්පිරිතාල වලට විකුණන එකයි නැත්නම් පෝසත් මිනිස්සු දෙන Order එකකට සංවිධානාත්මක කල්ලි හොද නිරෝගී නමුත් කවුරුත් නැති කෙනෙක් බලලා (විශේෂයෙන්ම විදේශිකයන් මේවට අහුවෙනවා වැඩියි) අවයව අරගෙන පුද්ගලයාව මරන්නේ නැතුව කොහේට හරි අතහැරලා දාන එකයි.මේ තියෙන්නේ ඈත පෙරදිග නැත්නම් චීනයේ දැනට බහුලව වෙන. Organ Stealing ගැන ලිපියක්. මේකේ හැටියට චීනයේ මිනිස්සු පමණක් නෙවෙයි විදේශිකයන් පවා මේ Organ stealing වල ගොදුරු බවට පත්වෙනව. අනික මේ මනුෂ්‍යයා කියනවා ජපානයට ගෙනිහින් දානවා කියලා කවුද දන්නේ වෙන රටකට යවනවදත් කියලා. මට නම් මේක හොදටම සැකයි.
http://www.theepochtimes.com/n2/china-news/lucrative-organ-theft-widespread-in-china-62450.html
අනික ගෑණුන් විතරක් නෙවෙයි පිරිමි පවා Organ Stealing වල ගොදුරු වෙනවා. Organ Stealing වල නමුත් වැඩියෙන්ම ගොදුරු වෙන්නේ පිරිමින් මොකද කාන්තාවන්ව ගණිකා වෘත්තිය සදහා බලෙන් යොදවන නිසා.නමුත් ගණිකා වෘත්තිය සදහා යොදවන කාන්තාවන්ගෙන් පවා එක ද්විත අවයවයක් ගන්න පුලුවන්. ද්විත ලෙස තියෙන අවයවයන් තමයි වකුගඩු, පෙනහැලි වගේ මේවායින් එකක් ගත්තත් අනෙක් එකෙන් ජීවිත් වෙන්න පුලුවන් ඉතින් ඒක නිසා ගණිකා වෘත්තිය සදහා බලෙන් ගෑණුන්ව ගන්න කලින් මේ එක අවයවයක් හොරකම් කරන්න පුලුවන්.පිරිමින්ව පවා ගණිකා වෘත්තිය සදහා බලෙන් ගෙනියන්න පුලුවන් මොකද අද සමලිංගිකයන් වැඩි නිසා. මේ ගණිකා වෘත්තියේ තියෙන භායානකම පැත්ත තමයි ලිංගික සංප්‍රේෂණ රෝග වල ගොදුරු බවට පත්වෙන එක. හිතන්න HIV වගේ හැදුනා කියලා? එතකොට මොකද කරන්නේ උබලට මැරෙන්නයි වෙන්නේ. මොකද HIV වලට බෙහෙත් නෑ අනෙක් එක දැනට තියෙන ගොඩ වෙදකමේ බෙහෙත් වල මිළ වැඩියි (මේ බෙහෙත් වලින් ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් HIV තිබුනත්) ඒක සාමාන්‍යය
කෙනෙක්ට දරාගන්න බෑ.
කෙල්ලෙක් වුනත් අද කාලේ විශ්වාස කරන්න එපා. මොකද කෙල්ලෝ පවා මේ සංවිධානාත්මක කල්ලි වල සාමාජිකයන්. උන් මේ උබලා ගමේ ගොඩේ දකින අයියා ගගා, වෙල් ඉපනැල්ලේ දුවන මල් ගවුම් අදින ඉන්න කෙල්ලෝ නෙවෙයි උන් ලෝකේ කාලා කපටිකම අතින් ,දරුණු කම අතින් සමහර විට ආත්මාරක්ෂ සටන් කලාව අතින් වුනත් ඉහළම තලයේ ඉන්න ගෑණූ. මුන් එක්ක හැපෙන්න උබලට බෑ. උන් ලස්සනට ඉන්න පුලුවන් නමුත් එහෙම හිටිය පළියට උන් දුර්වල නෑ.ගොඩක්ම එවුන් හිතන දෙයක් තමයි කෙල්ලෙක් කිව්වම දුර්වල චරිතයක් කියලා නමුත් ඒක වැරදියි. පුද්ගලයෙක් කෙල්ලෙක් වුන පළියට දුර්වලවත් කොල්ලක් වුන පළියට ශක්තිමත් වෙන්නෙත් නෑ.මේ සදහා එන කෙල්ලෝ උබලව මෝල් කරලා Sex වලට කථා කරයි ඊට පස්සේ බීම වලට නිදි පෙති දාලා දෙයි. උබලට නින්ද ගියාම උන්ගේ අනෙක් සෙට් එකට කථා කරලා උබලගේ වකුගඩුවක් හෝ පෙනහැල්ලක් ගලවගෙන යයි හිමින් සැරේම. මේකෙන් උබලා මැරෙන්නෙ නෑ නමුත් ජීවිත්
වෙවි දුක් විදිය එකයි වෙන්නේ. ඉතින් ගෑණුන් විතරක් නෙවෙයි පිරිමින් පවා ඉන්නේ ලොකු අවධානමක.මේ organ stealing වැඩියෙන්ම කෙරෙන රටවල් තමයි ඉන්දියාව, තායිලන්තය, චීනය, සහා ඕනෙම ගිණිකොණ දිග ආසියාතික රටක මේක වෙන්න පුලුවන්. ඒක නිසා පරිස්සමෙන් මේ රට වලට යනවා නම්, ජපානය වුනත් යුරෝපය වුනත් ,ඇමරිකාවේ වුනත් හැබැයි විශ්වාස නෑ මොකද මේ රටවල ගණුදෙනු වුනේ නැති වුනාට Organ Stealing අතින් මේ රටවල් දඩබිම් වෙන්න පුලුවන්.!
අනෙක් එක force Laboring
මේ ගැන මෙතන ජපානයේ Force Laboring ගැන ලිපියක් දාලා ඇති
gvnet.com/humantrafficking/Japan.htm
force laboring වලදි කෙරෙන්නේ උබලව බලෙන් පැහැරගෙන ගිහින් වැඩ ගන්න එකයි.
එතකොට සල්ලි දෙන්නේ නෑ මේකට කෙටියෙන් කියන්නේ වහල් සේවය කියලයි බටහිර සහා අරාබි මිනිස්සු ඉස්සර මේක සෑහෙන්න කරා නමුත් මිනිස්සු ශිෂ්ඨ වෙනකොට දැන් මේක ටිකෙන් ටික අතුරුදහන් වේගෙන යනවා. නමුත් තවමත් හොර රහසේ Underground මේවා වෙනවා. ඒකට කියන්නේ Black Market එක කියලයි. Black Market එක කියන්නේ රජය විසින් තහනම් කරලා තියෙන භාණ්ඩ හෝ ඕනෙම දෙයක් විකුණන තැනටයි. මෙතන Price එක වැඩියි නමුත් ඕනෙම දෙයක් තියෙනවා. මිනිස්සු උනත් මෙතන විකිණෙනවා. ඒක හරියට රෝමන් කාලේ වහල්ලු විකුණනවා වගේ. ඊට පස්සේ වහල්ලු ගන්න මිනිස්සු ඇවිත් Bid කරනවා වහල්ලුන්ට. වැඩිම Bid එක තියෙන කෙනාට ඊට පස්සේ වහලා යනවා.වහල් සේවය ලංකාවේ පවා තිබුනා මේ මෑතක් වෙනතුරු . උබලට මතකද ඉස්සර මතයක් තිබුනා පොඩි ළමයින්ව පැහැර ගෙන ගිහින් කරවල වාඩි වල කරවල විකූණන්න දානවා කියලා? මට මතකයි මේ ගැන මම Story එකක් පවා කියෙව්වා.
කොහොම වුනත් වහල් සේවයේ ප්‍රධාන ගොදුරු බවට පත්වෙන්නේ විදේශික පිරිමින්. මේකට හේතුව තමයි විදේශිකයන්ට කාත් කවුරුත් නෑ දන්න, විදේශියන්ට ස්ථිර පුරවැසි භාවය නෑ එතකොට රජයෙන් ලැබෙන සැලකිලි අඩුයි, පිරිමින් මේවායි ගොදුරු වෙනවා වැඩියි කිව්වේ. පිරිමින්ට ශක්තිය වැඩි නිසා ඉතින් Force Laboring වල ප්‍රධාන ගොදුරු පිරිමින්.උබලට හිතෙන්න පුලුවන්. මාව වහල් සේවයට ගන්න ආවොත් දෙකක් දීලා පන්නනවා කියලා නමුත් ඒක ලේසි නෑ කරන්න. හිතන්න 10,12 විතර ඇවිත් එකපාරටම ඇගට කඩාගෙන පැන්නොත් මොනවා කරන්නද? ඊට පස්සේ මාංචු වලින් ගැට ගහලා උබලව බලෙන් වැඩ කරවන්න දැම්මොත්
මොනවා කරන්නද? ඉතින් වීරයෝ වෙන්න එපා. පුලුවන් තරම් පරිස්සම් වෙන්න.
තවත් කට්ටියක් තමයි මේවාට ගොදුරු වෙන. ණය ගෙවාගන්න බැරි පිරිස් දැන් උබලා යනවා කියලා හිතන්න ජපානයට. මෙහෙදි ගෙවන්න වෙනවා එක එක ඒවාට. මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න එක එක පහසුකම් ඕනේ, කෑම ඕනේ, ඇදුම් ඕනේ, ගෙවල් ඕනේ. මේවා ණයට ගන්නත් පුලුවන්.ඉතින් සල්ලි නැති වුනාම මිනිස්සු කරන්නේ පස්සේ හම්බ කරලා ගෙවන චේතනාවෙන් ණයට බඩු ගන්න එකයි නමුත් ණය ඔහොමම වැඩි වෙලා ගෙවාගන්න බැරි වුනාම සහා, ණය ගෙවීමට ඇති කාල සිමාව ඉක්ම වුනාම උබලට වෙන්නේ ණය දීපු එකාගේ අතකොලුවක් වෙන්නයි. ඉතින් උන් එනවා ඊට පස්සේ කේස් දාන්න. මේක ඉවර වෙන්නේ අන්තිමට උබලා වහලෙක් වෙලා හෝ වත් කම් තියෙනවා නම් ඒවා ශුද්ධ වෙලා හෝ මරණයෙන්.
අනෙක් එක prostitution නැත්නම් ගණිකා වෘත්තිය. මේකේ ගොදුරු බවට වැඩියෙන්ම පත්වෙන්නේ ගෑණුන් නමුත් පිරිමින් වුනත් ගොදුරු වෙන්න බැරි නෑ මොකද සමලිංගිකයන්ගෙන් ඉතා විශාල ප්‍රමාණයේ ඉල්ලුම් තියෙන නිසා. විශේෂයෙන්ම අද කාලේ සමලිංගිකත්වය සාමාන්‍යය වෙන රටාවක පිරිමින් වුනත් ගොදුරු වෙන්න පුලුවන්. ඒ වගේම වයසක කාන්තාවන්ගේ ලිංගික වහල්ලු වෙන්නත් පුලුවන්. සමහර නාකි ගෑණු ඉන්නවා තරුණ කොල්ලන්ට කැමති. මුන්ගේ තියෙන ඉල්ලුම නිසාත් Human Traffic කරන එවුන් කොල්ලන්ව පැහැර එන්න පුලුවන්. ඉතින් ඒක නිසා පරිස්සමෙන්.
මේවයින් බේරෙන්න මේ ටික පිළිපදින්න
සැක කටයුතු ලෙස මේ වගේ දාන Ad වලින් රට නොයන එක, රටේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලියාපදිංචි නැති ආයතන මගින් රට නොයන එක, හොරට රට නොයන එක. ඒ වගේම සැක කටයුතු අය දෙන බීම, කෑම, වගේ බොන්නේ නැතුව ඉදීම, රට යනවා නම් Job එහෙකට මතක ඇතුව අපි වැඩ කරන්න යන ආයතනය ගැන හොදට Interent එකෙන් හොයල බලලා යෑම, අපිත් එක්ක යන තව කට්ටිය ඉන්නවද කියලා හොයලා බැලීම, විශේෂයෙන්ම ඒ ආයතනයේ Reputation එක හොයලා බැලීම. ණය වෙන්නේ නැතුව පුලුවන් තරම් ෂේප් වෙන්න බැලීම, විදේශ රටක නම් ඉන්නේ අනවශ්‍යය තැන් වලට නොගිහින් ඉදීම, තනියට කවුරු හරි එක්කගෙන යෑම, තමන්ට අනතුරක සේවාක් පෙනෙනවා නම් ලංකාවේ තානතිපති කාර්‍යාලයට, ඒ රටේ පොලිසියට, ගෙදර කට්ටිය ව දැනුවත් කිරිම, හැකි තරම් කළබල කාරි තැන් මග හැරීම (CLUB වගේ), විශ්වාස නැති කිසිම කෙනෙක් සමග අනවශ්‍යය විදියට සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකීම, කෙල්ලෙක් හෝ කොල්ලෙක් එනවා නම් උබලා සමග අනවශ්‍යය විදියට යාළු වෙන්න හෝ Sex කරන්න උන්ව පුලුවන් තරම් මග හැරීම (විශේෂයෙන්ම කොල්ලෝ තමයි මේවයේ ගොදුරු වෙන්නේ උන්ට ලස්සන කෙල්ලෙක් දීගෙන ආවොත් ආයි මොකුත් ඕන නෑ ඉතින් ලේසියෙන්ම උගුලේ අහුවෙනවා. මේ වගේ එන ලස්සන කෙල්ලෝ තමයි උගුල් උන් බෝහෝ වෙලාවට සංවිධානාත්මක විදියට කල්ලි ගැහිලා ඉන්නේ ඉතින් තනි එකෙක්වත් විශ්වස කරන්න එපා)මේ වගේ ගොඩක් අනතුරු තියෙන්න පුලුවන් මට මතක නෑ ඔක්කොම වගේ.
මේ ටික ලිව්වේ මම මේ දැනට දන්න කරුණු වලින්. මීට වඩා භායානක දේවල් තියෙන්න පුලුවන්. මම නම් සැක කරන විදියට ඔය බෙහෙත් හදන පර්යේෂණ වල නැත්නම් මිනිස් සිරුර ගැන පවත්වන විද්‍යාත්මක පර්යේෂණ වල Test Subjects වලට මිනිස්සුන්ව පැහැරගෙන යන එකත් වෙනවා ඇති නමුත් මේ ගැන මම තවම දන්නේ නෑ. ඉතින් කෝකටත් පරිස්සම් වෙලා ඉන්න. පිරිමියෙක් වුන පළියට උබලා මේවායින් ආරක්ෂීත නෑ. ඉතින් පිරිමි කියල ඕනෙම තැනක රවුම් ගහන්න යන්න එපා. හැම විටම ඔළුව use කරලා ඉන්න බලන්න එතකොට මේවායි බේරෙන්න පුලුවන්. ඒ වගේම කෙල්ලොන්ට කියන්න තියෙන්නේ තමන්ගේ සුදුසුකම් වලටත් වඩා සුදුසුකම් තියෙන එවුන් ඉන්නකොට තමන්ව තෝරගන්නවා නම් ඒ ගැන විමිසිලි වත් වෙන එකයි මොකද එහෙම කරන එකේ යටි අරමුණක් තියෙන පුලුවන් මේක හොද වෙනන්ත් පුලුවන් නරක වෙන්නත් පුලුවන් කෝකටත් පරිස්සම් වෙන එක හොදයි.අන්තිමට මට කියන්න තියෙන්නේ මේකට යන්න කලින් දෙවරක් නෙවෙයි දහපාරක් හිතන්න. උබලා හිතනවා නම් මගේ comment එක useful කියලා පුලුවන් තරම් share කරන්න එතකොට අනෙක් එවුන්ටත් දැනගන්න පුලුවන් වේවි මේ Human trafficking ගැන ඇත්ත තත්වේ.