Athe thiyana mudalata watina wahanayak?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහොමද කස්ටිය? ගොඩක් දවසකින් හරි හමන් නූලක් දාන්දත් බැරි උන නිසාත්, මේ දවස්වල මන් දැකපු වෙනත් නූල් කිහිපයක් නිසාත් මේක දාන්න හිතුන. නමුත් මේක මගේ අදහසක් පමණක් බව කරුණාවෙන් සලකන්න, මගේ අදහස ගෙනත් හිතල ඔයාගේ දැනුමෙනුත් හිතල බලල තීරණයක් ගන්න.

    හරි මෙන්න මේකයි ප්‍රශ්නේ, අද අපිට වාහනයක් ගන්න ගියාම අතේ තියන මුදල සීමිතයිනම් ප්‍රශ්නයක් වෙනවමනේ, එකට ප්‍රධානම හේතුව තමයි අඩු ගානකට ගන්න දෙන ගානට වටිනා වාහනයක් හොයාගන්න බැරිවෙන එක, උදාහරණ කීපයක් මන් පෙන්වන්නම් අපේ අවශ්‍යතාවය වෑන් රතයක්නම් අපිට එකට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20කනම් අපිට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නේද? මොකද අද අපිට ලක්ෂ 20ක් ඇතුලත මිලට ගන්න පුළුවන් අලුත්ම වාහනය තමා නිසාන් වැනට් පෙට්‍රල් රථය එහෙමත් නැත්නම් එම මාදිලියේම mazda බොන්ගෝ රථය.1998 1999 වගේ වසර වල නිෂ්පාදනය උණු රථයක් මිලට ගන්න පුළුවන් අපිට.
    නමුත් මෙම වසරවල නිෂ්පාදිත රථයක් උනත් කොච්චර හොඳට පාවිච්චි කලත් මේ වන විට පොඩි පොඩි රෙපෙයාර් එනවා. මොකද අද වනවිට වසර 14ක් විතර මේ වාහන භාවිත කරලා තියන නිසා.
    එහෙත් ඔබේ අවශ්‍යතාවය ටිකක් ඉඩ පහසුකම් තියන ලොකු වෑන් රතයක්නම් ඔබට ගන්න තියෙන්නේ 1994ට කලින් වසර වල නිෂ්පාදනය උණු වාහනයක්. අන්න එතකොට තමයි මම අර කලින් කීව ප්‍රශ්නේ මතුවෙන්නේ, මොකද ලක්ෂ 20ක් වගේ මුදලක් යට කරලා ඒ වගේ පරණ යකඩ ගොඩක් ගන්න එකේ තේරුමක් තියනවද? මෙතැනදී අපිට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20ක් කියන්නේ මුළු ලක්ෂ 20ම වාහනයටම යට කරන්න බෑ. මොකද අපිට වාහනය මිලදීගනීමෙන් පසුව එය භාවිතා කිරීමටනම් රක්ෂණයක් අවශ්යි ඇතැම් විට ආදායම් බලපත්‍රයද අලුත් කරන්න සිද්දවෙනවා ඉතින් එක නිසා දුක් මහන්සියෙන් එකතු කරගත්තට මුදල් සේරම යට කරලා මිලදී ගන්න වාහනයෙන් හිතට බරක් නැතුව භාවිත කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද?
    දැනට පරණ වාහන භාවිත කරන අය දන්නවා ඇතිනේ ඒවගේ නඩත්තුවට කොපමණ මුදලක් මසකට වැය කරනවද කියන එක. ඉතින් ඒක නිසා අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මේක බලනවානම් ටිකක් කල්පනා කරලා බලන්න. මේවට අපිට භාවිතා කරන්න පුළුවන් විසඳුම් කීපයක් මන් ලිපිය අවසානයේ සඳහන් කරන්නම්.

    ඉතින් මන් ඉහත කතා කලේ වෑන් රථයක අවශ්‍යතාවය පවතින අයටනේ, ඒ වගේම තම ඔයා හොයන්නේ කාර් එකක්නම්, එතනදිත් ඉතින් අපිට බලන්න වෙනවා නේද අතේ තියන ගානට ගන්න පුළුවන් මොනවද කියල? මොකද අද වෙනකොට වෙළඳපොලේ අපිට ලක්ෂ 20ක් වගේ මුදලකට ගන්න පුළුවන්කම තියෙන්නේ 2000 වසරේ විතර නිෂ්පාදනය උන mazda ෆැමිලියා වගේ මෝටර් රථයක් විතරනේ. නිසාන් FB 13 හෝ FB 14 රථයක් ටොයෝට AE 100 හෝ AE 110 වගේ මාදිලිවල මෝටර් රථ ගන්න පුළුවන් උනත් ඒවගේ නිෂ්පාදිත වර්ෂය හා භාවිත කර ඇති දුර වගේම අයිතිකරුවන් ප්‍රමාණය බැලුවම ඒ වගේ මුදලක් වියදම් කරන එක පාඩුවක් නේද?

    හරි ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අතේ තියන ගානින් ගන්න තියෙන්නේ යකඩ ගොඩවල් කියල වාහනයක් භාවිත නොකර ඉන්නවද? එහෙමත් නැත්නම් තවත් අවුරුදු ගානක් දුක් විඳලා තව ගානක් එකතු කරගනන්වද?


    තීරණය ඔබ අතේ.

    නමුත් දැන් මන් පොඩ්ඩක් කියනන්ම් මගේ අදහස් කීපයක්. අද ගොඩක් දෙනෙක් කියනවා ජපන් හෝ ඉන්ග්ලිෂ් වාහන ඇරෙන්ඩ අනිත් රටවල්වල හදන වාහන හොඳ නෑ කියල. එත් ටොයෝටා 141 වගේ වාහන එතකොට නවාර, ස්මාර්ට් කැබ් හදන්නෙත් ජපනේද? නෑනේ ඒවගේ ටෙක්නොලජි එක විතරයි ජපන් හරියට අපේ රටේ හදනවයි කියන මයික්‍රෝ වගේ. නමුත් මන් මේ සඳහන් කරපු වාහනවල අලවියේ හෝ කල්පවත්මේ හෝ වෙනයම් අඩු පාඩුවක් පවතිනවද?
    ඉතින් ඒ වගේම පොඩි ගානකට ගන්න පුළුවන් වාහන කොඉ තරම් අපේ රටේ තියනවද? KIA Hyundai වගේ බ්‍රෑන්ඩ් එකක වාහන අයි ප්‍රතික්ෂේප කරන්නේ? ඒ වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කලානම් කොච්චර අලුත් option වගේම ලස්සන පෙනුමක් අඩු ගානකට අපිට භාවිතා කරන්න පුලුවන්ද? 1986 විතර ලංකාවට ගෙනාපු Hyndai Stellar මෝටර් රථ අදටත් ධාවනය වෙනවනේ. ඉතින් කොරියන් නෙවේ ජපන් නෙවේ දිවියලොකෙන් වාහන හැදුවත් මෙහෙ අපි භාවිත කරන පරිස්සම අනුව තමා ඒවගේ පැවැත්ම තීරණය වෙන්නේ. මන් පුද්ගලිකව දන්නා අය ඉන්නවා Hyundai KIA MICRO SL වගේ වාහන හොඳට ලෙඩක් දුකක් නැතුව භාවිතා කරන. රී සෙලින්ග් උනත් අද වෙනකොට ලොකු ප්‍රශ්නයක් නෙවේ, අනික Hyundai Santafe, Hyundai Tucson වගේ වාහන වලර ලක්ෂ 60ක් විතර වියදම් කරන රටේ එම වර්ගයේම වෙනත් අඩු මුදලක තියන මෝටර් රථයක් ගන්න අදී මදි කරනවා, මොකද්ද එකේ තියන තේරුම? ඒ වගේම තවත් විසඳුමක් තියනවා ඒ තමයි පොඩි බට්ට වෑන් ඔබට ජපන් වාහනයකට යන්නම ඕනෙනම් ඒ වගේ රථයක් මිලදීගන්න පුළුවන්. ලක්ෂ 20ක් ඇතුලත රී කන්ඩිෂන් වාහනයකටම යන්න පුළුවන්.

    ඉතින් චුට්ටක් හිතල බලන්න ලක්ෂ ගානක් වියදම් කරන්න කලින්.

    තවත් දෙයක් තියනවා ඒ තමයි මන් මෙතැනදී කියන්නේ නහ ජපන් තාක්ෂනයට සම කරන්න පුළුවන් කියල. නමුත් අපි වියදම් කරන ගානට අපිට ලැබෙන ප්‍රතිලාභ සාදාරණය කරගන්න පුළුවන්. අනික් දෙය තමයි මන් මේ ලිපිය ලීවේ ලොකු සල්ලි කාරයින්ට නෙවේ මහින්දරාජපක්ෂ ආණ්ඩුවෙන් බැට කන මද්යම පන්තියේ ජනතාවට.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    thnx mcho idea 1ta
    toyota 121 (dicky light)1k dan keeyak withara wenawada?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Hyundai / KIA මොනවද බන් 20කට ගන්න තියෙන්නෙ ?

    Hyundai Accent
    Hyundai GETZ
    Hyundai ELANTRA GLS
    Hyundai Sonata GLS
    Hyundai cooper
    Hyundai santro
    Hyundai Atos Prime
    Hyundai H100

    me mathaka tika witharayi thawa tiyanawa.

    Kia spectra
    Kia Rio
    Kia Sephia
     
    වාහනේ හදපු උන්ට වැඩ අපේ රටේ ආණ්ඩුව එකෙන් සල්ලි හොයනවා බදු ගහල
    මොන රටේද බන් අවුරුදු 18-20 පරණ යකඩ ගොඩකට තමුන්ගේ රටේ ව්‍යවහාරික මුදල් ඒකකයෙන් ලක්ෂ 20ක් (2,000,000ක් ඩොලර් විනිමය අනුපාත ගැන කියන්න බලාපොරොත්තු වෙන අයගේ දන ගැනීමට) මිලක් නියම කරන්නේ.
    තුක් විතරක් මෙහෙම තුප්පහි ජාතියක්
     

    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    පිස්සු පුසා;14308520 said:
    වාහනේ හදපු උන්ට වැඩ අපේ රටේ ආණ්ඩුව එකෙන් සල්ලි හොයනවා බදු ගහල
    මොන රටේද බන් අවුරුදු 18-20 පරණ යකඩ ගොඩකට තමුන්ගේ රටේ ව්‍යවහාරික මුදල් ඒකකයෙන් ලක්ෂ 20ක් (2,000,000ක් ඩොලර් විනිමය අනුපාත ගැන කියන්න බලාපොරොත්තු වෙන අයගේ දන ගැනීමට) මිලක් නියම කරන්නේ.
    තුක් විතරක් මෙහෙම තුප්පහි ජාතියක්

    patta aththa kathandare...samaharu ganan kiyanne e model ekema awurudu 10k parana wahaneka market price. gaana ahuwama wahana balanna yannawath hithene nane.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල සෝමේ එල
    අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වල බැහැල තියෙන වැරදි ආකල්ප තමයි ඕකට හේතුව.

    අපේ මිනිස්සු වාහනයක් ගන්න ගියොත් මුලින්ම ටොයෝටා අන්තිමටත් ටොයෝටා ඕක හරියට අර සන්ලයිට් වගේ
    රටේ කොච්චරට රෙදි හෝදන සබන් තිබ්බත් ගන්නෙම සන්ලයිට් නේ

    ආයේ අර කතාව සම්පුර්ණ ඇත්ත
    යකෝ අවුරුදු විස්සක් විසි එකක් පැදපු 100 එකක් ලක්ෂ දහහතරක් විතර වෙනවා මොන පිස්සුවක්ද බන් . වාහනේ ඇතුලට යන්න බැහැ නාකි ගඳ එත් ඉතින් ටොයෝට කියන මගුල හින්ද මුන් විකුනනකොට ගණන් කියන්නේ දුව දිග දීල දාවද්දත් ගෙවන්න

    දැන් බලහන් අද වාහනන ගැන දන්න මිනිස්සු හුගක් වෙලාවට Mazda වගේ කාර් වලට යනවා ඒවගේ තියෙන පර්ෆෝමන්ස් හින්ද
    නමුත් අපේ එවුන් ලක්ෂ ඵතලිහ පනහා දීල අර විට්ස් හුන්ඩුවට යනවා

    ආයේ ඒ වගේම ලංකාවේ තියෙන්නේ වාහනවල නියම වැලිව් එකක් නෙවෙයි මේ පජාත කාලකන්නි මුන්ගේ සුඛ සම්පත් සදහා තීරණය කරපු අර්ටිෆිෂල් වැලිව් එකක්

    ඒ අවගේම ටොයෝට එකෙත් ෆේල් උන මොඩල් කොචචර තියෙනවද
    ඔය duat soluna බෙල්ටා වගේ
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු පුසා;14308520 said:
    වාහනේ හදපු උන්ට වැඩ අපේ රටේ ආණ්ඩුව එකෙන් සල්ලි හොයනවා බදු ගහල
    මොන රටේද බන් අවුරුදු 18-20 පරණ යකඩ ගොඩකට තමුන්ගේ රටේ ව්‍යවහාරික මුදල් ඒකකයෙන් ලක්ෂ 20ක් (2,000,000ක් ඩොලර් විනිමය අනුපාත ගැන කියන්න බලාපොරොත්තු වෙන අයගේ දන ගැනීමට) මිලක් නියම කරන්නේ.
    තුක් විතරක් මෙහෙම තුප්පහි ජාතියක්
    ඔව් බන් මුන්ගේ පරම්පරා හතක ජිවත් වෙන්න මේ පජාත කාලකන්නි එක වාහනයෙන් හොයනවා
     
    වෙන වර්ගයක වාහනයක් ගන්න යන එකෙක් දිහා අනෙක් උන බලන්නේ හරිම අනුකම්පාවෙන්,
    පවු බන් අරු අහුවෙලා
    නිකන් ඒ වගේ
    වොරන්ටි පිට අලුත්ම වාහනයක් ගන්න එකද අවුරුදු 15-20 පැදපු පරණ ලඩියක් ගන්න එකාද අහු වෙලා තියෙන්නේ :lol::lol::lol::lol: