100 ට අඩුවෙන් දවාලීමේ ලෝක වාර්තාවත් ශී‍්‍ර ල&#

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    100 ට අඩුවෙන් දවාලීමේ ලෝක වාර්තාවත් ශී‍්‍ර ල&a

    කණ්ඩායමක් 100 ට අඩුවෙන් දවාලීමේ ලෝක වාර්තාවත් ශී‍්‍ර ලංකාවට

    වසර 41 ක් පුරා දිවෙන එක්දින ජත්‍යන්තර කි‍්‍රකට් තරග ඉතිහාසයේදී කණ්ඩායමක් ලකුණු 100 ට අඩුවෙන් වැඩිම වතාවක් දවාගැනීමට සමත් වූ කණ්ඩායම වශයෙන් ශී‍්‍ර ලංකා පිල බි‍්‍රස්බේන් නුවරදී කි‍්‍රකට් වාර්තා පොතට එක්විය. ඒ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 74 කට දවාගනිමිනි.

    මේ දක්වා එක්දින කණ්ඩායමක් ලකුණු 100 ට අඩුවෙන් දැවී ගිය අවස්ථා 95 ක් වාර්තා වී ඇති අතර

    ශී‍්‍ර ලංකා කණ්ඩායම අවස්ථා 16 කදී සිය ප‍්‍රතිවාදීන් ලකුණු 100 ට අඩුවෙන් දවාගෙන තිබේ.

    ඕස්ටේ‍්‍රලියානු පිල අවස්ථා 15 කදී සිය ප‍්‍රතිවාදීන් ලකුණු 100 ට අඩුවෙන් දවාගැනීමට සමත් ව ඇත.


    Nuwan-03-kule.jpg


    2001 වසරේ කොළඹ එස්. එස්. සී. පිටියේදී සිම්බාබ්වේ පිල ලකුණු 38 කට දවාගැනීමෙන් පසුව කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවට දවාගැනීම සඳහා තමන් සතු වාර්තාව දෙවරක්ම අලූත් කිරිමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ඒ 2003 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩාව ලකුණු 36 කට දවාලීමත්, එයින් වසරකට පසුව සිම්බාබ්වේ පිල හරාරේහිදීම ලකුණු 35 කටත් දවාලීමට සමත් වීමෙනි. මෙම ලෝක වාර්තාව වසර 12 ක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායම සතුව පවතින්නකි.
    කෙසේ වෙතත් අවස්ථා 9 කදී ශී‍්‍ර ලංකා කණ්ඩායමද ලකුණු 100 ට අඩුවෙන් දැවී ගොස් තිබේ.

    ලොව පළමු එක්දින ජාත්‍යන්තර තරගය 1971 ජනවාරි 5 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගනයේදී පැවති පැවැති අතර එදා සිට මේ දක්වා (ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවති තෙවන එක්දින ජත්‍යන්තර තරගයත් ඇතුළත්ව) එක්දින ජත්‍යන්තර තරග 3321 ක් පවත්වා තිබේ.


    ශී‍්‍ර ලංකාව විසින් ලකුණු 100 ට අඩුවෙන් කණ්ඩායමක් දවාගන්නා ලද අවස්ථා

    35 - සිම්බාබ්වේ (ඕවර 18.0) . 25/04/2004 හරාරේහීදී
    36 - කැනඩාව (ඕවර 18.4) . 19/02/2003 පාර්ල්හීදී
    38 - සිම්බාබ්වේ (ඕවර 15.4) . 12/08/2001 එස්. එස්. සී. පිටියේදී
    54 - ඉන්දියාව (ඕවර 26.3) . 29/10/2000 සාජාහීදී
    67 - සිම්බාබ්වේ (ඕවර 31.0) . 22/11/2008 හරාරේහීදී
    73 - නවසීලන්තය (ඕවර 26.3) . 01/06/2007 ඕක්ලන්ඞ්හීදී
    74 - ඕස්ටේ‍්‍රලියාව (ඕවර 26.4) . 18/01/2013 බි‍්‍රස්බේන්හීදී
    75 - පාකිස්තානය (ඕවර 22.5) . 24/01/2009 ලාහෝර්හීදී
    76 - බංග්ලාදේශය (ඕවර 30.1) . 08/05/2002 එස්. එස්. සී. පිටියේදී
    77 - අයර්ලන්තය (ඕවර 27.4) . 18/04/2007 ශාන්ත ජෝර්ජ්හීදී
    78 - බර්මියුඩාව (ඕවර 24.4) . 15/03/2007 පෝර්ට් ඔෆ් ස්පේන්හීදී
    78 - ඉන්දියාව (ඕවර 24.1) . 24/12/1986 කාන්පූර්හීදී
    80 - බ. ඉ. කොදෙව් (ඕවර 30.4) . 14/10/2006 මුම්බායිහීදී
    80 - සිම්බාබ්වේ (ඕවර 28.2) . 01/12/2009 ඩකාහීදී
    86 - නෙදර්ලන්තය (ඕවර 29.3) . 16/09/2002 ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී
    88 - එංගලන්තය (ඕවර 46.1) . 18/11/2003 දඹුල්ලේදී

    ශී‍්‍ර ලංකාව ලකුණු 100 ට අඩුවෙන් දැවීගිය අවස්ථා

    43 - ද. අප‍්‍රිකාව හමුවේ (ඕවර 20.1) . 01/11/2012 පර්ල්හීදී
    55 - බ. ඉ. කොදෙව්ව හමුවේ (ඕවර 28.3) . 12/03/1986 සාජාහීදී
    78 - පාකිස්තානය හමුවේ (ඕවර 16.5) . 17/04/2002 සාජාහීදී
    86 - බ. ඉ. කොදෙව්ව හමුවේ (ඕවර 37.2) . 06/07/1975 මැන්චෙස්ටර්හීදී
    91 - ඕස්ටේ‍්‍රලියාව හමුවේ (ඕවර 35.5) . 28/01/1985 ඇඩිලේඞ්හීදී
    96 - ඉන්දියාව හමුවේ (ඕවර 41.0) . 04/08/1984 සාජාහීදී
    98 - ඉන්දියාව හමුවේ (ඕවර 39.0) . 11/09/1993 සාජාහීදී
    98 - ද. අප‍්‍රිකාව හමුවේ (ඕවර 34.0) . 09/02/1993 ආර්. පේ‍්‍රමදාසහීදී
    99 - එංගලන්තය හමුවේ (ඕවර 33.3) . 29/01/1999 පර්ත්හීදී

    උපුටා ගැනීම
    http://www.lankadeepa.lk/index.php/articles/93933
     
    Last edited:

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    ලෝක වාර්තා නම් එමටයි.............
    ඇයි වැඩිම අනුශූරයොත් අපි නෙවැ...........
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ලෝක වාර්තා නම් එමටයි.............
    ඇයි වැඩිම අනුශූරයොත් අපි නෙවැ...........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    රෙප් ඉවරයිලු බං
    You have given out too much Reputation in the last 24 hours, try again later
     
    Last edited:
    • Like
    Reactions: sandunhiran