වීර ලේන් පැටියා.
මේ කියන්න යන්නෙ මේ පාර නිවාඩුවට මම ලංකාවට ගියහම වෙච්ච පොඩි අපූරු සිද්ධියක් ගැන. ගෙදර ගියහම ඉතින් මාස ගානක් දුවන්නෙ නැතුව ගෙදර තිබ්බ වාහනේ හදාගෙන අලුතෙන් රෙජිස්ට්‍රේෂන් අරගෙන පටන් ගත්ත දුර ඉන්න නෑයො බලන්න යන්න. මේ පාර තිබ්බ වැස්සයි ගං වතුරයි නිසා වැඩේට හිතුවටත් වැඩිය කල් ගියා ඔක්කොම නෑයො ටික බලාගන්න.
ඔන්න ඔහොම ගමනෙ හයවෙනි දවසෙ රත්නපුර මාමලාගෙ ගෙදරට ගොඩ උනා.එහෙ දවස් දෙකක් ඉඳල ඔන්න ඉතින් යන්න ලෑස්තිවෙලා වාහනේ ස්ටාට් කරන කොට එකපාරටම ලේන් පැටියෙක් කෑ ගහන සද්දයක් ඇහෙන්න ගත්ත.
අමුතු සද්දයක් හිටපු ගමන් මගදිත් ඇහුනට පාරෙ එලවන ගමන් නිසා එච්චර ගනන් ගත්තෙ නෑ.
බැලුවම අර වාහනේ ගෙදර තිබ්බ කාලෙ ලේන්නු කාර් එකේ චැසි එක අස්සෙ කූඩු හදල. සද්දෙ ඇහුනට කූඩුව කොහෙද කියල හොයාගන්නත් නෑ.
පස්සෙ ඉතින් මොනා කරන්නද? ඇදුම් මාරු කරගෙන ඉතින් මජං නාගෙන වාහනේ අස්සෙ අත දදා හොයනවා. ඔහොම හොයන අතරෙ කූඩුවක් අතට අහුනේ නැති උනාට මොකෙද්ද එකෙක් එකපාරම මගේ ඇඟිල්ල අල්ලගන්නවා දැනුනා. එකපාරටම බයවෙලා අත එලට ගන්න හිතුනත් හෙමින් සැරේ අත එලියට ගත්තම ඇඟිල්ල බදාගෙන එලියට ආවෙ මෙන්න මෙයා.
අනේ ඉතින් ටක් ගාලා කිරි ටිකක් හිස් කාබන් බටයකින් පොවල කොහොම හරි පණ බේරගත්තා.
දවස් හයක් කන්න බොන්න නැතුව මැරෙන්න හිටියත් අන්තිම පන ටිකෙන් කෑගහල කූඩුවෙන් එලියට ඇවිත් මෙගේ ඇඟිල්ල අල්ලගන්න තරම් උත්සහය අත්නොහැරීමේ ගුනයක් හ ජීවත් වීමේ අධිෂ්ඨාණයක් මේ පොඩි සතාට තිබ්බ.
පොඩි කාලෙ ඉඳලා ඕවා ගැන අහල තිබ්බත් ඒක මට හරියටම හිතට දැනුනෙ මේ ලේන් පැටිය දැක්කම.
අපිට පොඩි දෙයකින් කොච්චර ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද? උගේ ඒ තිබ්බ ගුනාංගයට ගරු කිරීමක් විදිහට තමයි මම මේ ගැන එලකිරි එකේ යාලුවන්ට කියන්න හිතුවෙ.
(මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි).