වීර ලේන් පැටියා.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වීර ලේන් පැටියා.

    මේ කියන්න යන්නෙ මේ පාර නිවාඩුවට මම ලංකාවට ගියහම වෙච්ච පොඩි අපූරු සිද්ධියක් ගැන. ගෙදර ගියහම ඉතින් මාස ගානක් දුවන්නෙ නැතුව ගෙදර තිබ්බ වාහනේ හදාගෙන අලුතෙන් රෙජිස්ට්‍රේෂන් අරගෙන පටන් ගත්ත දුර ඉන්න නෑයො බලන්න යන්න. මේ පාර තිබ්බ වැස්සයි ගං වතුරයි නිසා වැඩේට හිතුවටත් වැඩිය කල් ගියා ඔක්කොම නෑයො ටික බලාගන්න.

    ඔන්න ඔහොම ගමනෙ හයවෙනි දවසෙ රත්නපුර මාමලාගෙ ගෙදරට ගොඩ උනා.එහෙ දවස් දෙකක් ඉඳල ඔන්න ඉතින් යන්න ලෑස්තිවෙලා වාහනේ ස්ටාට් කරන කොට එකපාරටම ලේන් පැටියෙක් කෑ ගහන සද්දයක් ඇහෙන්න ගත්ත.

    අමුතු සද්දයක් හිටපු ගමන් මගදිත් ඇහුනට පාරෙ එලවන ගමන් නිසා එච්චර ගනන් ගත්තෙ නෑ.
    බැලුවම අර වාහනේ ගෙදර තිබ්බ කාලෙ ලේන්නු කාර් එකේ චැසි එක අස්සෙ කූඩු හදල. සද්දෙ ඇහුනට කූඩුව කොහෙද කියල හොයාගන්නත් නෑ.

    පස්සෙ ඉතින් මොනා කරන්නද? ඇදුම් මාරු කරගෙන ඉතින් මජං නාගෙන වාහනේ අස්සෙ අත දදා හොයනවා. ඔහොම හොයන අතරෙ කූඩුවක් අතට අහුනේ නැති උනාට මොකෙද්ද එකෙක් එකපාරම මගේ ඇඟිල්ල අල්ලගන්නවා දැනුනා. එකපාරටම බයවෙලා අත එලට ගන්න හිතුනත් හෙමින් සැරේ අත එලියට ගත්තම ඇඟිල්ල බදාගෙන එලියට ආවෙ මෙන්න මෙයා.

    ZWJngb.gif

    අනේ ඉතින් ටක් ගාලා කිරි ටිකක් හිස් කාබන් බටයකින් පොවල කොහොම හරි පණ බේරගත්තා.

    w4qd6J.gif

    දවස් හයක් කන්න බොන්න නැතුව මැරෙන්න හිටියත් අන්තිම පන ටිකෙන් කෑගහල කූඩුවෙන් එලියට ඇවිත් මෙගේ ඇඟිල්ල අල්ලගන්න තරම් උත්සහය අත්නොහැරීමේ ගුනයක් හ ජීවත් වීමේ අධිෂ්ඨාණයක් මේ පොඩි සතාට තිබ්බ.

    පොඩි කාලෙ ඉඳලා ඕවා ගැන අහල තිබ්බත් ඒක මට හරියටම හිතට දැනුනෙ මේ ලේන් පැටිය දැක්කම.

    අපිට පොඩි දෙයකින් කොච්චර ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද? උගේ ඒ තිබ්බ ගුනාංගයට ගරු කිරීමක් විදිහට තමයි මම මේ ගැන එලකිරි එකේ යාලුවන්ට කියන්න හිතුවෙ.

    (මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි).:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මචන් ලොකු කරලා ගහක තියපන්, මම එකෙක් හදල උ ආයේ ගියේ නැහැ, අවුරුදු 2ක් ඉදල මරුන, හරිම දුකයි අනිත් සතුන් වගේ නිදහස ලැබුනේ නැහැ කියල මතක් වෙනකොට :(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් ලොකු කරලා ගහක තියපන්, මම එකෙක් හදල උ ආයේ ගියේ නැහැ, අවුරුදු 2ක් ඉදල මරුන, හරිම දුකයි අනිත් සතුන් වගේ නිදහස ලැබුනේ නැහැ කියල මතක් වෙනකොට :(

    ඌව මාමලගෙ ගෙදර තියලා ආවා. මට ඌව අරන් ප්ලේන් එකේ යන්න බෑනෙ. නැත්නම් මම හදනවා. :(එක පාරක් ඔහොම හදලා ඌව කොහොම හරි කැලේට යවාගත්ත ලොකු වෙනකොට.:yes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    uba sira porak ban
    isthuthi me wage deyak apith ekka bedagaththata..
    ubata me karana ewata kawadahari labei.
    u did grate job
     
    • Like
    Reactions: mmaxx

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පොඩි කාලෙ මම ලගත් හිටිය බං.. ඌ මගෙ උඩ සාක්කුවෙ දාගෙන තමා මම කොහෙ හරි යනව නම් යන්නෙ.. (ලග අහල පහලට) ඌ නිදිය ගන්නව සාක්කුවෙ.. දෙන ඕන දෙයක් කනව.. ගහකින් තිබ්බත් යන්න බෑ ඌට ආයෙ එනව ගෙදරට.. ලොකු කරනව නම් දිගටම තියා ගනින් මචන්.. ගස් වලින් තියල යන්න ඇරලා නිකන් ඉන්න එපා.. ඌ අතර මං වෙනව..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ලගදි දවසක වහලේ දුව දුව හිටිය පැටියෙක්ව අපේ ගිෆ්ටි(පුසෙක්) අල්ලලා බන් පව් වැඩේ අපි හිටියේ නැති වෙලාවක.අපි එනකොට ඌ මැරිලා බන් පව් ඉතින් මොනා කරන්නද පුස් තඩියට ගහන්නද.උට ගැහුවොත් ගෙදරින් මාව කුජිත කොරනවා දෙකක් නෑ.ඌව වලලුවා බන්.එතන මල් පලෙකුත් ඉඳලා :P:love:

    උබ කරපු දෙ වටිනවා බන් වෙන එකෙක් නම් අම්මප ශුවර් මේ ජරා යක්කු මේක අස්සෙත් රිංගලා කියල විසි කරලා දාවි කොහේ හරි කැලාවකට.එහෙමනේ අපේ උන් දන්නෙ නැද්ද.
    ඒ සතාට තියෙන ගුණාංග අපේ මිනිස්සුන්ට හොද ආදර්ශයක්.ඉතින් උට උබල මොකෝ කලේ,ගියපු ගෙදර තියල ආවද
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ane waasanaawan....

    thawama lena petiya jeewath wenawada

    මේ ලගදි දවසක වහලේ දුව දුව හිටිය පැටියෙක්ව අපේ ගිෆ්ටි(පුසෙක්) අල්ලලා බන් පව් වැඩේ අපි හිටියේ නැති වෙලාවක.අපි එනකොට ඌ මැරිලා බන් පව් ඉතින් මොනා කරන්නද පුස් තඩියට ගහන්නද.උට ගැහුවොත් ගෙදරින් මාව කුජිත කොරනවා දෙකක් නෑ.ඌව වලලුවා බන්.එතන මල් පලෙකුත් ඉඳලා :P:love:

    උබ කරපු දෙ වටිනවා බන් වෙන එකෙක් නම් අම්මප ශුවර් මේ ජරා යක්කු මේක අස්සෙත් රිංගලා කියල විසි කරලා දාවි කොහේ හරි කැලාවකට.එහෙමනේ අපේ උන් දන්නෙ නැද්ද.
    ඒ සතාට තියෙන ගුණාංග අපේ මිනිස්සුන්ට හොද ආදර්ශයක්.ඉතින් උට උබල මොකෝ කලේ,ගියපු ගෙදර තියල ආවද

    ඔව් මචන්. මම සති දෙකකින් රට යන්න හිටියෙ. ඒක හින්දා ඒ ගෙදර තියල ආව. ගෙදර පොඩි අය තුන් දෙනෙකුත් ඉන්නවා. ඒක හින්ද කට්ටිය හොඳින් ලේනව බලාගන්නවලු.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන්. මම සති දෙකකින් රට යන්න හිටියෙ. ඒක හින්දා ඒ ගෙදර තියල ආව. ගෙදර පොඩි අය තුන් දෙනෙකුත් ඉන්නවා. ඒක හින්ද කට්ටිය හොඳින් ලේනව බලාගන්නවලු.
    එහෙනම් හොදයි :D:D:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලේන් අම්මට පිස්සු වැහිල ඇති.

    ලේන් අම්මට පිස්සු වැහිල ඇති. මම මේ අත්දැකීමෙන් කියන්නේ, ලේන් අම්මල තමුන්ගේ පැටවුන්ට පුදුම ආදරෙයි. ඌ තවමත් පැටියව හොයනව ඇති. මම බොරුනම් කියන්නේ ඔය ලේන් පැටිය සද්දකරන විදියට කටින් සද්දකරල බලන්න, ලේන් අම්ම කෑගහගහ ලඟට එයි. අපේ වත්තේ කොච්චර ලේන් කූඩු තිබුනත්, මම ලේන්නු හදන්න කොච්චර ආසවුනත්, ලේන් අම්මල විඳින දුක දැකලම මළාට ලේන් කූඩු කඩන් නෑ....

    මොකවුනත් සතා බේරගත්ත එක පිනක්, අම්මටම බාරදුන්නනම් තවත් පින්.

    ලින්ඩා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    ලේන් අම්මට පිස්සු වැහිල ඇති. මම මේ අත්දැකීමෙන් කියන්නේ, ලේන් අම්මල තමුන්ගේ පැටවුන්ට පුදුම ආදරෙයි. ඌ තවමත් පැටියව හොයනව ඇති. මම බොරුනම් කියන්නේ ඔය ලේන් පැටිය සද්දකරන විදියට කටින් සද්දකරල බලන්න, ලේන් අම්ම කෑගහගහ ලඟට එයි. අපේ වත්තේ කොච්චර ලේන් කූඩු තිබුනත්, මම ලේන්නු හදන්න කොච්චර ආසවුනත්, ලේන් අම්මල විඳින දුක දැකලම මළාට ලේන් කූඩු කඩන් නෑ....

    මොකවුනත් සතා බේරගත්ත එක පිනක්, අම්මටම බාරදුන්නනම් තවත් පින්.

    ලින්ඩා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: