හැමදාම වගේ අදත් සමාජයට හා එළකිරි සාමාජික සාමාජිකාවන්ට යහපත් සිතුවිලි නගාගන්නට හැකි මාතෘකා වෙත පිවිසෙමින් වැඩසටහන අපූර්වට ගෙනගියා. අපිට චෝදනාවකුත් එල්ල කළා අදහස් දැක්වීමෙදි අප විසින් සාධනීය අදහස් පමණක් ප්‍රකාශ කරනව කියල. ගීතයන්ට ඇතිවෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ඒ නිසා ඉතින් වැඩසටහනේ ප්‍රචාරය කරන ගීතයන් ගැන විවේචනයක් ඉදිරිපත් කිරීමට වඩා සමස්ත වැඩසටහනේ හරය ගැන ප්‍රකාශ කිරීමක් කරන්නෙ. එහෙම හරය ගත්තහම හා වැඩසටහන මගින් ගීත වින්දනයට හා මනුෂ්‍යය සිතුවිලි වලට කරන බලපෑම ගත්තහම වැඩසටහන සාර්ථක හා සුවිශේෂ වෙන බව නොකියා අඩුපාඩුවක් කියන්න තරම් දෙයක් මතුවෙන්නෙ නෑ.
කිඹුල් අයියගෙ වැඩසටහනට වගේ ම සසලිට් අයියාගෙ වැඩසටහනටත් දායක වුණ සියලු ම දෙනාට ස්තූතිය පලකරනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, රේඩියෝ ටීම් එකටත් විශේෂ තුති. රේඩියෝ අහපු හා ත්‍රේඩ් එකේ හිටපු සියලු ම දෙනාටත් ස්තූතිය.