දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතු වී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......

