මංගල thread එක

hondaputha

Member
Sep 2, 2008
23
5
0
Lost
එළකිරි ජනතාවට කියන්න මේක මගේ මංගල thread එක. :D:D සුබ නැකතින් දකුණු අත keyboard එකට තියල වැඩේ පටන් ගමු. :D

මේ සිද්දිය උනේ මම මේ රටේ ඉගෙනගන්න කාලේ. ඒ දවස් වල එදා වේල tours එක වශයෙන් ඉක්මන් කෑම කොටුවක (fast food outlet) වැඩ කලා. :nerd::nerd: මෙතන වැඩ කලා ඉන්දියානු ජාතික බුවෙක්. බුවා අපිට thousand talks දෙනවා හරියට නිකන් ඌ ඉන්දියාවේ ඔටුන්න හිමි කුමාරයා වගේ. :baffled::baffled:

අපි මුට දිවිජ් කියමු (ඇත්ත නම කිව්වත් මොකෝ, මූ මේක බලන එකක්යැ). ඉතින් අපේ දිවිජ් කොලුවටත් විශ්ව විද්‍යාලේ මූත් එක්ක ඉගෙනගන්න ලංකාවේ කෙලි පොඩිත්තියක් ගැන මෙව්වා :love::love: එකක් ඇතිවෙලා. ඉතින් බුවත් මේ දැරවිව මනමෝහනය කරන්න හිතාගෙන මගේ සිංහල පන්තියට ඇතුලත් උනා. මුලින්ම hello, how are you? වගේ දේවල් ඊට පස්සේ advanced translation.

දැන් මේ සීදේවි දැරවිටත් ශාරුක් ඛාන් සිංහලෙන් කතා කළා වගේ ෆුල් ආතල්. හැබැයි මම නම් අස්පය මැරිච්ච කව්බෝයි වගේ. ඇයි යකෝ මුන්ට කෝටි ගානක් කෙල්ලෝ ඉඳලත් කෙලවන්නෙම අපේ වැල ගෙඩියටමනේ. :angry::angry::angry: මුන් නිසා අපිට හැමදාම වියලි කලාපේ. කල්ලත් ලෑ බෝල්ලත් ලෑ. හිටු දෙන්නම් කියල හූල්ල හූල ඉන්න අතරේ උන් දෙන්නගේ හඳුන් පොත් කීං කීං ගෑවයි දැන් දිවිජ් මෙකිගෙන් ප්‍රේමය පතන්න සූජානම. ඉතින් මූ සුබ නැකතක් හෙම බලලා මගෙන් ඇහුවේ නැතැයි you are so beautiful. I love you සිංහලෙන් කියන විදිහ.

අට්ටාපිටිය වැව දෙපසේ බුරුත නැමී කිව්වලු. දැන් ඉතින් උන්ගන්නහල්ලකෝ. මමත් ගුරු මුට්ටි තියා හට්ටියක්වත් නැතුව මුට ඉගැන්නුවා "අඩෝ පට්ට *සි ***ද?" කියල. මූත් ගුරු සිත නොරිදවා බැති පෙම් උපදවා, දහ පහළොස් වතාවක් උත්සාහ කර උච්චාරණය ප්‍රගුණ කලේ නැතැයි. ඉන් පස්සේ කතාව ආරංචි වෙන්නේ විශ්ව විද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා.

දිවිජ් පැන්නේ නැතැයි මිතුරියන් සමග සිටි දැරවිය ලඟට (යකෝ අපිට කෙල්ල තනියම ඉන්දිත් නිකන් මෙව්වා වගේ, ඒකට මූ?). කියල දැම්මේ නැතැයි හදවිල කළඹන පෙම් ජල රේඛාව සිංහලෙන්ම. ඔන්න ඔහොමයි මම ඉන්දියානු අධිරාජ්‍යවාදී ආක්‍රමණයෙන් ශ්‍රී ලංකාව බේරගත්තේ.:lol::lol::lol::lol::lol::lol::lol::lol: