උසස් පෙළ විභාගයට මුහුණ දුන් කොල්ලන්ට කෙල්ලන්ට..
පොස්ට් එකක් හදලා දාන්න බෑ.. ඩොන්ගල් එක මාර ස්ලෝවි වෙලා..
ඉතිං ටයිප් කරන්නම්..
අද මේ වෙද්දි සමහරු ඉන්නවා ඉතාමත් සතුටින්.. ඉහළින්ම සමත් වුන අය පුදුම සතුටකින් ඇත්තෙ.. සුභ පතනවා එයාලට..
සාමාන්‍ය විදියට සමත් වුණ අය සමහරු සතුටින් සමහරු අසතුටින්..
කොහොමහරි මුළු ලංකාවෙම මිනිස්සු කථා වෙනවා පාස් වුන අය ගැන..
අංක එක දෙක ..
ඉතිං පාස් වෙචිච අය ගැන නෙමෙයි පාස් වෙන්න බැරි වුණ අයටයි කථා කරන්න හිතුවෙ.. මුණුපොතේ Turn Off Chat දාගෙන ඉන්න අසමත් වුන අයටයි මේ ලියන්නෙ..
හිතට දුකයි නේද? ඔව් ඒක වැළැක්විය නොහැකි දෙයක්.. යාළුවන්ට අම්මට තාත්තට කථා කරන් නැතුව හිතේ මහා දුකක් දරා ගෙන ඉන්නවා නේද?
සමහර විට ඔයා විෂයන් දෙකක් සමත් එකක් අසමත්..
කොල්ලො නම් කියන එවුන් ඉන්නවා.. අපෝ මට නම් ගාණක්වත් නෑ කියලා.. ඒත් හිතේ තියෙන දුක දන්නෙ තමන් විතරයි.. එහෙම නේද?
ජීවිතයේ ලොකු කඩඉමක් තමයි උසස්පෙළ...
දැන් ඔබ අසමත්.. එය ජීවිතයට ශක්තියක් කරගන්න.. දැන් ඔයාගෙ ජීවිතය ඉදිරියේ තියෙනවා අභියෝගයක්.. දැවැන්ත අභියෝගයක්.. අනිවාර්යයෙන් ඔයා ආයෙත් ඊලග අවුරුද්දෙ ලියන්න ඕන..
අතාරින්න එපා.. එපාමයි..
අභියෝගය ශක්තියක් කර ගන්න.. පරාජය ආයුධයක් කර ගන්න..
බණ කියනවා නෙවෙයි..
විෂයන් 3ම අසමත් වුනත් ඊලග අවුරුද්දෙ ලියලා A 3 ගත්තු මිනිස්සු මේ ලංකාවෙ ඉන්නවා යාළුවනේ..
ඒ හිතෙ ධෛර්යයෙන්... හිත ශක්තිමත් කරගන්න..
අපි ජීවිතයට මුණ දෙමු.. අත්දැකීම් සමගින් තව තවත් ශක්තිමත්ව මූණ දෙමු..
ජීවිතයට අභියෝග කරමු..
බැහැයි කියලා දෙයක් නෑ.. අන්න ඒක මතක තියාගන්න..
ගන්න පොත් ටික... ගන්න හිතට ශක්තිය ධෛර්යය.. මොකා මොනවා කිව්වත් කමක් නෑ.. දන්න දේවල් සේරම මුල ඉදන් පාඩම් කරන්න..
නොදන්න දේවල් ටික වෙනම ලියාගෙන එකින් එක කවර් කර ගන්න..
අදම අමාරුයි තමයි.. ඒත් තව සතියක් ඇතුළත වැඩ පටන් ගන්න..
ඔබට ජයෙන් ජය පතනවා..
අවසන් වරට කියන්නෙ අතාරින්න නම් එපා.. එපා.. එපා..