දඩයක්කාර චිම්පන්සියෝ...

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දඩයක්කාර චිම්පන්සියෝ...

    හුඟක් කට්ටිය හිතපු විදිහට මේ කියන්ඩ යන්නේ චිම්පන්සියෝ දඩයම් කරන මින්ස්සු ගැන නෙමෙයි. චිමන්සියෝ විසින් කරන දඩයම් ගැන . මිනිසා හැරෙන්නට අනෙක් වානරයන් සැබවින්ම දඩයම් කරනවාද? පිළිතුර ඔව්.

    කව්ද මේ වානරයෝ(Great Apes) කියන්නේ. සාමාන්‍ය වදුරන්ගෙන් මේ වානරයෝ වෙනස් වෙනවා. මෙමෙ වානරයාට වන්නේ මිනිසා හැරුණු කොට චිමන්සියා, ගෝරිල්ලා,ඔරන්හොටන් සහ ගිබන් යන කට්ටිය තමයි.

    චිමන්සියා
    12611chimpanzee.jpg


    ගෝරිල්ලා
    65428gorilla10.jpg


    ඔරන්හොටන්
    34550Orangutan_640.jpg


    ගිබන්
    47979gibon.jpg


    මෙයිනුත් මිනිසා හැරුණු විට චිමන්සියා සන්විදානාත්මක දඩයමේ යෙදෙන බවට හොයාගෙන තියෙනවා.

    අපි දන්නා හුඟක් වදුරෝ ත් සම්පූර්ණ සර්ව භක්ෂක නොවුනට ඔවුන් මෙවැනි දඩයම් ක්‍රියාවලියක යෙදෙන්නේ නෑ. ඔවුන්ට අහු වෙන පළගැටියෝ ,දැලබුවෝ වැනි කුඩා සතුන් අහාරයට ගන්නව. එත් බලන්ඩ චිමන්සියෝ රෑන් පිටින් ගිහින් කොලබස් වඳුරෝ කියන කණඩායමේ වදුරෝ අල්ලන හැටි.මාර සැලැස්මකට තමයි උන් දඩයමේ යෙදෙන්නේ.


    288652.-Chimp-eating-red-colobus.jpeg


    මෙහම අල්ලගන්න වඳුරෝ කට්ටියමත් එක්ක එකතු වෙලා බෙදා හදාගෙන කනවා.

    32243chimp-meat-580x400.grid-6x2.jpg


    93069chimpeat-300x215.jpg


    මේක පරිනාමයේ දියුනු අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනා සලකන්නේ. අතීතයේ මිනිසාද දඩයම් යුගයට එලබෙන්නට ඇත්තේ මේ අකාරයෙන් විය හැකි බව පිළිගත හැකියි. චිම්පන්සියාගේ බුද්දිමත් භාවයට තවත් උදාහරන තියෙනවා . ඒ තමයි මුලික මෙවලම් භාවිතා කිරීමට ඔවුන් ඉගෙන ගෙන ඇති අකාරය. හුඹස් වල හා කුහුඹි ගුල් වල ඉන්නා කුහුඹුවන් ඇල්ලීමට ඔවුන් ලී දඬු භාවිතා කරනවා.


    1371.jpg


    මීට අමතරව ගෙඩි වර්ග තලා අතුලේ ඇති මදය කෑමට ගල් ආවුද ලෙස පාවිචි කරන්ඩත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. හැබයි වඩාත් විමතියට හේතු වෙන කාරනාව වන්නේ ඔවුන් ඇතුලේ මැති මදය නොතැලෙන ලෙස අත මගින් යොදන පීඩනය වෙනස් කරමින් පිට කටුව පමණක් අපූරුවට කඩා ගන්නා ආකාරයයි.වෙනත් වඳුරු විශේෂ ත් ගල් භාවිතා කරන්නට පුරුදු වීඇතත් ඔවුන්ට පීඩනය වෙනස් කිරීමේ හැකියාව නෑ.
    දුඹුරූ කාපුචින් වඳුරාත් එක උදාහරනයක්.බොහෝ ගෙඩි පිපිරී විනාශ වී යනවා.
    15091tool_use_by_animals_1.jpg


    නමුත් චිම්පන්සියා මැනවින් ගල් ආයුද හසුරවයි.
    98994Chimp-nut-cracking.png

    මෙන්න මේ වගේ ඉතා බුද්දිමත් සත්ව කොටසක් තමා චිම්පන්සියෝ කියන්නේ. අපේ දැනට ඉන්න කිට්ටුම නෑයාත් මෙයා තමයි.

    ප්‍රතිචාර අනුව තවත් සත්ව ලෝකයේ තොරතුරු ලියන්ඩ හිතන් ඉන්නේ .......

     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    චිම්පන්සියා කියන්නේ බුද්දිමත් සතෙක් වග අහල තියෙනවා. එත් මම හිතුවේ මුන් හරි අහිංසක සත්තු ජාතියක් කියලා . බලන්ගියාම මුන් මිනිස්සුත් මරලා කාලා තියෙනවනේ .මේ බලංඩ මේ සීන් එක .චිම්පන්සියෙක් මුණ කඩා ගෙන් කාලා.


    4156mqdefault.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චිම්පන්සියා කියන්නේ බුද්දිමත් සතෙක් වග අහල තියෙනවා. එත් මම හිතුවේ මුන් හරි අහිංසක සත්තු ජාතියක් කියලා . බලන්ගියාම මුන් මිනිස්සුත් මරලා කාලා තියෙනවනේ .මේ බලංඩ මේ සීන් එක .චිම්පන්සියෙක් මුණ කඩා ගෙන් කාලා.


    4156mqdefault.jpg


    අහ්....ඔව් ඔව් මේ සීන් එක මමත් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවා. වැඩේ ඇත්ත.


    එත් කොහොමහරි මේ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්ඩ ඕනේ......
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දියවන්නාව පැත්තේ ගියා නම් ඕනි තරමක් හොය ගන්න තිබුනා