Vehicle Service Station Ekaka වැඩකිඩ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටිය නිවී සැනසිල්ලේ මේ Thread එක කියවලා බලලා යම් දැනුමක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.:D මේ ත්‍රෙඩ් එකේ Photos ටිකක් තියන නිසා මුලු Thread එකම Load වෙනකම් ඉඳලා Thread
    එක බලන්න පටන් ගන්න කියලත් මතක් කරනවා. :Dඑහෙනම් අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ Vehicle Service Station එකේ කතාව මොකක්ද කියලා:D


    හරි ඉස්සර වගේ නෙමේනේ, දැන් අපිට යන්න එන්න තියන තැන් වැඩී.:P ඉතින් යනවයි කියලා කට්ටිය පයින් යන එකක් ඈ.:lol: ගොඩාක් වෙලාවට මොකාක් හරි
    වාහනයකින්නේ මේ ගමන් බිමන් යන්නේ.:yes: ඉතින් ඔය යන වාහන හැමදාම එකම විදිහට තියෙන්නෙත් නෑ නොවෑ.:yes: වාහන වලට දූවිලි, දුම්, තාර, මඩ, වතුර වගේ නොයෙකුත් ජාති පාරේ යන එනකොට වදිනවා.:yes: වාහනේ යට ගත්තොත් යටටත් දූවිලි, දුම්, තාර, මඩ, වතුර
    වගේ ඒවා වදිනවා ඊට අමතරව එන්ජින් එක ආශ්‍රිතව සහ අනෙක් සමහර තැන් තැන් වල මජං බැදෙනවා.:confused: ඉතින් ඔය බැදුන දූවිලි, තාර, මඩ, වතුර, මජං දිගටම තිබුනොත් වාහනය මලකඩ කන්න පුලුවන් එතකොට paint එක සවුත්තු වෙන්න පුලුවන්.:rolleyes:
    අනිත් එක වාහනය කැතත් වෙනවා.:yes:ඉතින් වාහනය maintenance කරන එක අත්‍යාවශ්‍යය දෙයක්. ඉතින් ඔය නඩත්තු කටයුතු සමහර දේවල් ගෙදර කරන්න පුලුවන් ඒ වුනාට වාහනය යට හෝදන එක oil මාරු කරන එක oil filters මාරු කරන එක වගේ වැඩ කරගන්න Service Station එකකට
    යන්නම වෙනවා.අනිත් එක ඔයාලා ගෙදරදී වාහනය හෝදලා vacuum කලත් ඒ කරන දෙයහි ගුණාත්මක භාවය හා ඔයාගේ කාලය ගැන හිතුවට පස්සේ Service Station එකකින් ඒ වැඩ ටික කර ගන්න එක සමහර වෙලාවට ලාබයි. මොකද ඔයාලා ගොඩ කාලයක් වැය කරලා වැඩේ හරියට වුනේ නැත්නම් මහන්සිය අපරාදේ. අනිත් එක වාහන පිරිසිඳු කරන්න අවශ්‍යය උපකරන ඔබ ලඟ නොතිබෙන්න පුලුවන් කලත් Service Station එකක තරම් quality එකට වැඩේ නොවෙන්න පුලුවන්.. ඔයාගේ මහන්සිය ගැන හිතුවට පස්සේ Service Station එකකට ගිහිල්ලා වැඩේ කර ගන්න එක හොඳයි. ඔන්න මම Service Station promote කලේ නෑ.:no: මම කිව්වේ මට හිතෙන දෙය.:yes::D ඔය කිව්වට සමහර වෙලාවට අපේ ගෙදරත් වාහනය හෝදනවා :lol:


    සාමාන්‍යයෙන් Service Station එකක ප්‍රධාන වශයෙන් කෙරෙන වැඩ ටික කොටස් හතරකට බෙදලා කියන්න පුලුවන්.:D

    01.Oil මාරු කරන තැන
    Oil මාරු කරන තැන වලක් තියෙන්නේ. එතන තමා Oil මාරු කරන කටයුතු වාහනේ oil filters මාරු කරන කරන ඒවා කරන්නේ.
    ඔය පල්ලෙහා තියෙන්නේ ඒ වලේ පිංතූරයක්

    dsc0148cr.jpg

    02. hoist එක තියන තැන
    hoist එක කියන්නේ වාහනය උස්සන තැන. එතන ජැක් එක ගහලා වාහනය උස්සලා යට හෝදන කටයුතු කරනවා.
    ඔය පල්ලෙහා තියෙන්නේ හොයිස්ට් එකේ පිංතූරයක්.
    97022357.jpg

    03. Body එක හෝදන තැන.
    වාහනය යට හෝදලා ඉවර වුනාට පස්සේ වාහනය බොඩිය හෝදන්නේ මෙතන.
    මෙතන මුකුත් විශේෂ පින්තූරකින් පෙන්නන්න දෙයක් නෑ, නිකන් කොන්ක්‍රීට් පොලව තියනවා වාහනය ආවට පස්සේ හෝදනවා

    04.වාහනයේ ඇතුල clean කරන තැන.
    වාහනයේ එලියේ ඔකොම හෝදලා ඉවර වුනාට පස්සේ වාහනයේ ඇතුල clean කරන්නේ මෙතන

    මෙතනත් මුකුත් විශේෂ පින්තූරකින් පෙන්නන්න දෙයක් නෑ, නිකන් කොන්ක්‍රීට් පොලව තියනවා වාහනය ආවට පස්සේ ඇතුල clean කරනවා



    #.වාහනයේ Oil මාරු කරන තැන.#

    ඔන්න එහෙනම් වාහනයේ Oil මාරු කරන තැන ගැන පොඩි විස්තරයක් දාලා පින්තූර ටිකක් පෙන්නන්නම්.:D

    මෙතන සිද්දිය වෙන්නේ මෙහෙමයි.:rolleyes:මෙතන තියන ලොකු වල මැදි වෙන්න වාහනය ගෙනල්ලා නවත්තනවා.:yes: ඊට පස්සේ කෙනෙක් වල ඇතුලට බැහැලා පරණ engine oil ටික අයින් කරනවා. ඒක කරන්නේ, engine එක යට තියනවා ඇණයක් වගේ එකක්. ඒක ගැලෙව්වට පස්සේ ඒ පරණ තෙල් ටික එහෙම නැත්නම් අපි කියන කලුතෙල් ටික එලියට එනවා.:D ඒක බාල්දියකට එකතු කර ගන්නවා.:yes: ඊට පස්සේ oil filter එක ගලවලා අලුත් oil filter එකක් දානවා. ඊට අමතරව තව මොනවා හරි oil මාරු කරන්න තියනවානම් ඒවත් කරනවා.:yes: සාමාන්‍යයෙන් කිලෝමීටර් තුන්දාහෙන් තුන්දාහට engine oil මාරු කරනවා.;) engine oil වලින් කරන්නේ එන්ජිම ඇතුලේ කරකැවෙන පිස්ටන් වගේ එක එක ඒවා අතර ඝර්ෂනය අඩු කරන එක.:P මම දැන් ඔය කිව්ව සිද්දි ටිකේ photo ටිකක් ගත්තා ඒ ටික පල්ලෙහායින් දාන්නම්.:D

    ඔය පල්ලෙහා තියෙන්නේ වල. :P
    dsc0148cr.jpg

    ඔය පල්ලෙහා තියෙන්නේ ඇණය:yes:
    dsc0138vd.jpg

    dsc0139yj.jpg


    ඇණය ගලවනවා :rolleyes:

    dsc0140sx.jpg
    ඔන්න කලුතෙල් ටික එනවා :lol:
    dsc0142st.jpg

    dsc0157gd.jpg

    දැන් පරණ තෙල් ටික අයින් කලාට පස්සේ ආයෙත් අර ඇණය දාලා වහලා එන්ජින් එක උඩින් විවෘත කරලා අලුත් තෙල් දාන්න පුලුවන්

    ඔය පල්ලෙහා තියෙන්නේ අලුත් ඔයිල් දාන තැන :yes:

    dsc0152r.jpg

    dsc0153mn.jpg


    ඔන්න පල්ලෙහා තියෙන්නේ අලුත් එන්ජින් ඔයිල් කෑන් එක. කැඩුවා දැම්මා එහෙනම්

    dsc0154dy.jpg


    ඔන්න ගුඩු ගුඩු ගාලා ඔයිල් ටික දානවා. එහා මෙහා කරන්නේ නැතුව හරියට හිලටම දාන්න ඕනා. නැත්නම් බඩු ටික අපරාදේ.. :lol: :lol:

    dsc0156ape.jpg

    dsc0155qd.jpg

    ෆිල්ටරය ගලවන වැඩ ටික කරන්නේ ඔය පල්ලෙහා තියන ඒවාගේන් :D

    dsc0137sr.jpg


    dsc0143vs.jpg


    dsc0151lvc.jpg

    ඔන්න පුටේ පරණ ෆිල්ටර් එක ගලවනවා:P

    dsc0144hx.jpg


    dsc0145mf.jpg


    මෙන්න පරණ ෆිල්ටර් එක :rolleyes:
    dsc0146ii.jpg

    ඔන්න තියනවා එක එක විදිහේ ඔයිල් ෆිල්ටර් ගොඩාක්.වාහනෙන් වාහනයට ෆිල්ටර් වෙනස් වෙනවා ඉතින් හරියන ඒවා මෙතනින් තෝරලා අරන් ගිහින් සෙට් කරනවා
    dsc0228zl.jpg

    ඔය පල්ලෙහා තියෙන්නේ අලුතෙන් හයි කරන අලුත් ෆිල්ටර් එක :D

    dsc0149lz.jpg

    අලුත් ෆිල්ටර් එක සෙට් කරනවා

    dsc0150qww.jpg



    #.වාහනයේ යට හෝදන තැන.#
    (hoist එක)

    දැන් වාහනයේ යට හෝදන තැන කරන දේවල් ගැන පොඩ්ඩක් බලමු.:D මෙහෙමයි වාහනය එකටම හොයිස්ට් එක මැදි වෙන්න ගිහිල්ලා නවත්තනවා.:yes: එහෙම නවත්තන එක ගානට හරියටම කරන්න ඕනා.:yes: අනිවාර්යෙන් හොයිස්ට් එකේ වැඩ කරන කෙනා වාහනය ඉස්සරහට වෙලා වාහනය එලවන කෙනාට මග පෙන්වනවා.:yes:ඊට පස්සේ වාහනය පල්ලෙහා තියනකොටම ටයර් හතරේ ඇණ ටික පොඩ්ඩක් බුරුල් කරලා ඊට පස්සේ වාහනය පොඩ්ඩක් උස්සනවා. :rolleyes:ඔන්න ඉතින් වාහනය පොඩ්ඩක් ඉස්සුවට පස්සේ එකටම කරන්නේ ටයර් හතර ගලවලා ඉවත් කරනවා.:P ස්පෙයාර් වීල් එකත් ගලවලා ඉවත් කරනවා.:D ඊට පස්සේ වාහනයේ තියන සියලුම කාපට් ටික එලියට අර ගන්නවා. ඒ එලියට ගත්ත දේවල් ටික ඒ කියන්නේ ටයර් හා කාපට් ටික වෙනම සෝදනවා. ඒ ටික හෝදන එක වෙනම සිද්ද වෙනවා. ඉතින් දැන් භාගෙට උස්සපු වාහනයේ ටයර් ඩ්‍රම් එක එයාර් ෆිල්ටර් මඩ් ගාඩ් වගේ ඔය ගලවලා සෝදන ටික වෙනම ගලවලා සුද්ද කරනවා.ඒත් එක්කම බ්‍රේක් පෑඩ් බ්‍රේක් ලයිනර් වගේ ඒවා ගෙවිලද කියලා චෙක් කරලා බලනවා. ඒවා ගෙවිලනම් ඉතින් ඒවා දාන්න වෙනවා. ඊට පස්සේ වාහනය ඔක්කොම උස්සනවා. උස්සලා ඉවර වෙලා එකටම වාහනය යටට භූමි තෙල් ගහනවා.:shocked: භූමි තෙල් ගහන එක එච්චරම හොඳ නෑ.:no: වාහනය යට ගොඩාක් මජං තියනවානම් විතරක් භූමි තෙල් ගහන එක තමා වඩා හොඳ. මොකද වාහනය යට තියන රබර් බුශ් ඉක්මනට සවුත්තු වෙනවා එහෙම භූමි තෙල් ගොඩාක් ගැහුවොත්.:frown:

    හරි ඊට පස්සේ භූමි තෙල් ගැහුවට පස්සේ සබන් වගේ පෙන එන කෙමිකල් එකක් තියනවා ඒක අරන් ස්ප්‍රේ කරනවා වාහනය යටට.:love: දැන් එතකොට වාහනය යට කලින් ස්ප්‍රේ කරපු භූමි තෙලුයි දෙවනියට ස්ප්‍රේ කරපු කෙමිකල් එකායි දෙකම තියනවා.:yes: ඊට පස්සේ හයිප්‍රෙශර් ගන් එක අරගෙන හොඳට යට හෝදනවා.:cool: ඊට පස්සේ වැඩේ ගොඩාක් ඉවරයි.;) ඊට පස්සේ හුලං බටේ අරගෙන වාහනය යටට හුලං අල්ලනවා.:D එහෙම කරන්නේ කලින් හෝදනකොට වතුර ඉතුරු වෙලා තියනවානම් ඒවා අහක් වෙන්න.:yes: මොකද ඊලගට වාහනය යටට ඔයිල් එකක් ස්ප්‍රේ කරනවා. ඒක වතුර තියනකොට ගහන්නේ නෑ.:no: අන්න ඒ නිසා තමා හුලං අල්ලන්නේ.(මට කියන්න අමතක වුනා. වාහනයට ග්‍රීස් ගහන්නේත් මේන්න මේ හරියෙදි තමා) සමහර වෙලාවට බොඩි වොශ් එක කරලා ඉවර වුනහම තමා මේ තෙල් ගහන වැඩේ කරන්නේ.:yes:දැන් හොයිස්ට් එකේ ඔක්කොම වැඩ ටික ඉවර වෙන වෙලාව වෙනකොට ගලවපු ටයර් වලටත් අර කෙමිකල් එක අල්ලලා හෝදලා කරලා ඔක්කොම ඉවරයි.:yes: රෝද හයි කරන්න කලින් වාහනය පොඩ්ඩක් බාලා එන්ජින් එක හෝදනවානම් ඒ වැඩේ කරනවා. :Pවාහනයේ මෝටරය ලගට ඉටිකොලයක් දාලා අනිත් ඉතිරි ප්‍රදේශයට කෙමිකල් එක ස්ප්‍රේ කරලා ගන් එකෙන් අල්ලනවා. ඊට පස්සේ ආයෙත් හුලං බටේ අරන් හුලන් අල්ලලා ඔය වතුර තියන තැන් වේලෙන්න හුලං අල්ලනවා.:D ඊට පස්සේ එයාර් ෆිල්ටර්ස් හයි කරලා කලින් ගලවපු ඔක්කොම ටික ආයෙත් හයි කරලා ටයර් හයි කරලා හොයිස්ට් එකේ වැඩ ටික ඉවර කරනවා.:D කාපට් ටික දැන්ම දාන්නේ නෑ.:no: ඒවා ඔය වෙලාව වෙනකොට එලියේ වේලෙන්න දාලා තියෙන්නේ.:love: ඒවා අන්තිමට වාහනයේ ඇතුල clean කරලා ඉවර වෙනකොට එක පාරම අන්තිමටම දානවා. දැන් හොයිස්ට් එකේ වැඩ ටික ඉවරනම් ඊට පස්සේ body wash කරන තැනට දානවා වාහනය. හරි අපි ඊට කලින් මම ඔය කලින් කිව්ව සිද්දි වලට අදාල පින්තූර ටිකක් බලමු.;);):D

    ඔන්න හොයිස්ට් එක කියන එක පල්ලෙහා රූපේ තියනවා. ඕක මැදි වෙන්න තමා වාහනය ගිහිල්ලා නවත්තන්නේ.
    83583902.jpg


    ඔය පල්ලෙහා තියන රූපේ පේන්න තියන කෑලි වලින් තමා හොයිස්ට් එක ඉහලට පහලට කරන කටයුතු කරන්නේ
    34154197.jpg

    ඔය උඩ තියන පිංතූරයට බිත්තියෙන් එහා පැත්තේ තියන කැල්ල තමා පල්ලෙහා පිංතූරයේ තියෙන්නේ. ඔතන යකඩ සිලින්ඩරයක් වගේ එකක් තියෙන්නේ හරියට අර ගෑස් සිලින්ඩරයක් වගේ එකක්. ඕක ඇතුලේ හයිඩ්‍රොලික් සීන් එකක් යන්නේ හුලං එක්ක මික්ස් වෙලා මම ඒ ගැන කියන්න දන්නේ නෑ.
    99666917.jpg
    මම උඩ තියන පිංතූරය විස්තර කරද්දි කිව්වනේ හුලං සීන් එකක් යනවා කියලා. ඉතින් ඒ ඕන කරන හුලං ගන්නේ ඔය පල්ලෙහා පින්තූරයේ පෙන්නලා තියන ලොකු කම්පෙශර් එකෙන්. වාහන හේදුවහම වතුර අයින් වෙන්න හුලං ස්ප්‍රේකරන්න හුලං ගන්න්ත් ඔය කම්පෙශර් එකෙන්ම තමා
    86387329.jpg

    ඔය කිව්ව උපකරණ වලින් තමා පල්ලෙහා තියන විදිහට වාහනයක් උස්ස ගන්නේ.
    dsc0201sp.jpg

    හොයිස්ට් එකේ වාහන හෝදන්නේ ඒ කියන්නේ වාහන හෝදන්න අවශ්‍යය කරන වතුර එන්නේ ''ගන්'' එක කියලා හදුන්වල එකෙන්. ඔය ගන් එකේ ෆොටෝ එකක් පල්ලෙහා තියනවා

    dsc0210pq.jpg

    ඔය ගන් එක ස්විච් එක ඔන් කරලා නැති වෙලාවට ගන් එකෙන් හීන් පොඩි වතුර පාරක් යන්නේ. පල්ලෙහා රූපය බලන්නකෝ
    dsc0195hu.jpg

    හරි ඊට පස්සේ ගන් එකේ ස්විච් එක ඔන් කලාට පස්සේ කොහොමද කියලා පල්ලෙහා රූපයෙන් බලා ගන්න පුලුවන්
    dsc0196gb.jpg

    ඉතින් ඔය ගන් එකේ වතුර පාර ඔච්චර හයියෙන් එවන්නේ පල්ලෙහා තියන කම්පෙශර් එකෙන්.ඔන්න ඒ කේ ෆොටෝ එකක් මම පල්ලෙහායින් දානවා.
    dsc0232gs.jpg

    (අහ්හ් මතක් වුන වෙලේ කියලම දාන්නම්. හොයිස්ට් එකේ තියන ගන් එකයි බොඩි වොශ් එකේ තියන ගන් එකයි ගත්තහම තියන ප්‍රධානම වෙනසක් තමා හොයිස්ට් එකේ ගන් එකේ වතුර පාර බොඩි වොශ් එකේ ගන් එකේ වතුර පාරට වඩා හීනියි. ඒ කියන්නේ සැරට වදිනවා. ඒ වුනාට බොඩි වොශ් එකේ ගන් එකේ වතුර පාර විසිරිලි යන්නේ ටිකක්.)

    ඊට පස්සේ පෙන්නනම් වාහනයට ග්‍රීස් ගහන මැශින් එකේ පින්තූරයක්.වාහනය යට ග්‍රීස් ගහන්න තැන් තියනවා. අපි ෆුට්සයිකලේ ටයර් එකට හුලං ගහනකොට වැල් එකට හුලං ගහන්නේ අන්න ඒ වගේ වාහනේ යට ග්‍රීස් නිපල් කියලා වෑල් වගේ තැන් තැන් වල තියනවා.අන්න ඒවට තමා ඔය පල්ලෙහා තියන මැශින් එකෙන් ග්‍රීස් ගහන්නේ
    dsc0203yb.jpg


    ටයර් සහා ස්පෙයාවීල් ගලවනවා
    54230916.jpg
    25668400.jpg

    65375849.jpg
    63144156.jpg

    30196947.jpg

    ගලවපු ටයර් එකට කෙමිකල් ටික ස්ප්‍රේ කරන අවස්ථවක් පල්ලෙහා තියෙන්නේ. ඔහොම ස්ප්‍රේ කරලා ඊට පස්සේ ගන් එකෙන් වතුර පාරක් අල්ලනවා
    dsc0185lx.jpg

    වාහනයේ තියන කාපට් ටිකත් එලියට අරන් අර කලින් ටයර් වලට ස්ප්‍රේ කරපු කෙමිකල් එකම ස්ප්‍රේ කරලා ගන් එකෙන් අල්ලලා වේලෙන්න තියනවා.අන්තිමට වෙලිලා ඉවර වුනාට පස්සේ තමා මේවා ආයෙත් වාහනයට දන්නේ
    031hp.jpg
    032dr.jpg


    වාහනයේ ටයර් එක ගැලෙව්වට පස්සේ ඩ්‍රම් එක ගලවනවා කියන අවස්ථාවේ රූපයක් පල්ලෙහා දක්වලා තියනවා ඒකත් බලන්නකෝ:P
    dsc0167el.jpg

    මම කිව්වේ වාහනයේ යට හේදුවට පස්සේ, එන්ජිම හේදුවට පස්සේ හුලං අල්ලනවා කියලා අන්න ඒ අවස්ථා වලින් එන්ජිම හොදලා ඉවර වුන වෙලාවක එන්ජිමට හුලන් අල්ලන අවස්ථාවක් පල්ලෙහා රූපයේ දක්කවලා තියනවා
    dsc0164bm.jpg


    වාහනයක එයාර් ෆිල්ටර් එක ගලවන්න හදන්නේ. ඔන්න පල්ලෙහා බලන්න ඒකට
    dsc0166xz.jpg

    ඔන්න වාහනය ඔක්කොම ඉස්සුවට පස්සේ මම කලින් කිව්වේ භූමි තෙල් ස්ප්‍රේ කරනවා කියලා අන්න ඒ භූමි තෙල් ස්ප්‍රේ කරන අවස්ථාවක් තමා පල්ලෙහා තියෙන්නේ
    dsc0191ry.jpg

    භූමි තෙල් ඇල්ලුවට පස්සේ කෙමිකල් ස්ප්‍රේකරන අවස්ථාව ඊට පස්සේ ඔය පල්ලෙහායින් තියෙන්නේ
    dsc0184nq.jpg



    ඔන්න භූමි තෙල් හා කෙමිකල් ගහලා ගන් එකෙන් වතුර පාර අල්ලන අවස්ථාවක් තමා දැන් පල්ලෙහා තියෙන්නේ. පොඩ්ඩක් බිම බලන්නකෝ. හොඳට බැලුවොත් කලු පාටට හුරු වතුර ටිකක් පෙනේ. ඒ කියන්නේ තියන තරම් ඔක්කොම තාර මජං මඩ ජරාව ටික හේදිලා යනවා
    dsc0199ev.jpg

    ඔන්න ඔය විදිහට තමා හොයිස්ට් එක වැඩ ටික වෙන්නේ ඊට පස්සේ අපි බලමු කොහොමද බොඩි වොශ් එකේ වැඩ ටික වෙන්නේ කියලා
    :D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Vehicle Service Station Ekaka වැඩකිඩ part 2

    #.බොඩි වොෂ් කරන තැන.#

    ඔන්න එහෙනම හොයිස්ට් එකේ වැඩ ටික ඔක්කොම ඉවර වුනාට පස්සේ වාහනය එනවා බොඩි වොශ් එක දා ගන්න.:Pදැන් මේ වෙන කොට වාහනයේ යට ෆුල් ක්ලීන් එහෙනම්.:D සුදු පාට පේන්ට් එකක් තියන වාහන වලට එහෙම බොඩි වොශ් එක හෙන වැදගත් මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.සුදු පාට තියනකොට ජරාව හොඳට පේන නිසා තමා වැදගත් වෙන්නේ.:Pබොඩි වොෂ් කරන තැනට වාහනය ආවට පස්සේ එකටම කරන්නේ ගන් එකෙන් හොඳ වතුර පාරක් අල්ලගෙන යන එක.:lol:වටේම නොර්මල් එකේ වතුර අල්ලලා හෝදගෙන යනවා.ඊට පස්සේ වාහනයේ යට හරිය ඒ කියන්නේ ටයර් ආශ්‍රිත ප්‍රදේශය දොරේ යතුර දාන හරිය දොරේ දාරවල් තියන හරිය චෙක් කරලා බලලා ගොඩාක් ජරාව තියනවානම් භූමි තෙල් වලින් වාහනය අතුල්ලනවා.:shocked: භූමිතෙල් වලින් වාහනය අතුල්ලන්නේ වාහනයට වැදිලා තියන තාර යන්න. පාරේ යනකොට චුට්ටක් අපිට නොපෙනුනාට තාර ඩීසල් දුම වගේ ඒවා වැදිලා වහනය අවපැහැ ගැන්වෙනවා.:yes: ඒවා යන්න ඒ කියන්නේ ජලයේ දියනොවන සහ සබන් වලට යන්නේ නැති ඒවා යන්න තමා භූමි තෙල් වලින් වාහනය අතුල්ලන්න.:cool:සුදුපට වාහනයක් නම් ගොඩාක් වෙලාවට භූමිතෙල් අතුල්ලන එක කරනවාමයි. මොකද අවපැහැ ගැන්වෙන එක හොඳට සුදු පාට වාහනයේ පේනවා.මොනවා උනත් හැකිතාක් භූමිතෙල් භාවිතය අඩු කරන එක තමා හොඳ :yes: මොකද යම් අකාරයකට පේන්ට් එක සවුත්තු වීමක් භූමිතෙල් මගින් වෙනවා.:frown: ඒ ක නිසා තමා අර මම කලින් කිව්වා වගේ පොඩ්ඩක් චෙක් කරලා අවශ්‍යතාවය තියනවානම් විතරයි භූමිතෙල් වලින් අතුල්ලන එක කරන්න ඕනා වෙන්නේ.:P:Dසාමන්‍යයෙන් භාල්දියක භූමිතෙල් දාලා තියනවා ස්පොන්ච් එකකට භූමිතෙල් පොගවලා අරගෙන තමා තමා වාහනයේ භූමි තෙල් අතුල්ලන වැඩේ කරන්නේ.:rolleyes: හරි දැන් භූමි තෙල් සීන් එක ඉවර වුනාට පස්සේ ආයෙත් ගන් එකෙන් වතුර පාරක් අල්ලගෙන යනවා වාහනය වටේටම.:cool:ඊට පස්සේ තියෙන්නේ සබන් ගාන වැඩේ. සබන් කියන්නේ ඒවත් කෙමිකල් කියලා තමා කියන්නේ. අනිත් එක මම කලිනුත් කෙමිකල් කියන වචනය භාවිතා කලා හොයිස්ට් එකේදි.:oo: මෙතනත් කෙමිකල් කියන වචනය භාවිත වෙනවා. මේ කෙමිකල් කෙමිකල් කීවට මෙවා හෙන දරුණු ගනේ කෙමිකල් නෙමේ අතින් අල්ලන්න පුලුවන් සබන් වගේ දේවල් කැලැත්තුවහම හොඳට පෙන එන සබන් වගේම දේවල්.:yes:කොහොම හරි හොයිස්ට් එකේ භවිතා කරපු කෙමිකල් නෙමේ මෙතන තියන්නේ. වෙනින් ජාති දෙක තුනක් තමා මෙතන තියෙන්නේ. දැන් භූමිතෙල් ගලා හෝදල ඉවර වුනාම වාහනයට අනුව ගැලපෙන කෙමේකල් එකක් තෝරලා ගානවා. කෙමිකල් ජාති දෙකක් තියනවා එකක් චුට්ටක් විතර අනිත් එකට වඩා හොඳට ජජාව යවන්න පුලුවන් එකක්.:yes: හැබැයි ඒ කෙමිකල් එකෙන් පේන්ට් එකේ යම් කිසි චුට්ටිම චුට්ටි සීරීමක් සිදු වෙනවා.:angry: එහෙම භය වෙන්න ඕනා තරමේ සීරිමක් නෙමේ. මොනවා උණත් වාහනයේ හොඳටම මඩ ගෑවිලා චොර වෙලානම් ඒ කෙමිකල් එක භාවිතා කරනවා. වාහනය සුදුපාටනම් ඒත් මේ කෙමිකල් එක භාවිතා කරන්න පුලුවන්.:yes: මොකද මම කලින් කිව්වා වගේ සුදුපාට පේන්ට් එකක් තියනව්වනම් හොඳටම වාහනය සුදු වෙන්න ඕනා නිසා. ඔය මම කිව්ව කෙමිකල් එක පොඩ්ඩක් විතර කොල පටයි.:love: හරි අනිත් කෙමිකල් එක චුට්ටක් විතර නිල් පාටයි. ඒක ඇවිල්ලා අනිත් එක තරම් එහෙම ගොඩාක් සැර නෑ.:no:ලොකුවට වාහනයේ ජරාව නැත්නම් දෙවනියට කිව්ව කෙමිකල් එක හොඳයි.:Dඉතින් ඔය ගැලපෙන කෙමිකල් එකක් දාලා වාහනය හෝදන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් ගන් එකෙන් වතුර පාරක් අල්ලගෙන යන්න තියෙන්නේ.:P ඊට පස්සේ බොඩි වොශ් එකේ වැඩ ටික ඉවරයි. ආහ් තව පොඩි බඩ්ඩක් කියන්න ඕනා. සමහර විට ඔය කියන විදිහට මුලු වාහනයම හේදුවත් සමහර වෙලාවට සමහර තැන් වල පොඩි පොඩි ජරාව තියෙන්න පුලුවන්.:confused: ඒ කියන්නේ පොඩි මජං පාරක්, කුරුලු බෙට්ටක ඉතිරි වෙච්ච පොඩි පැච් එකක් :lol: වගේ දෙයක් ඉතින් ඒ වගේ එකක් යවන්න ''ඔටො ක්‍රීම්'' කියලා කෙමිකල් එකක් තියනවා ඒක අදාල තැන විතරයි ගන්නේ. මුලු වාහනයේම ගන්නේ නෑ.:no: ඔන්න ඔය විදිහට මුලු වාහනයෙම බොඩි වොශ් එක කරලා ඉවර කරලා වාහනයේ ඇතුල clean කරන තැනට වාහනය අරන් යනවා. ඊට කලින් මම කලින් කිව්ව අවස්ථා වල ෆොටෝ ටිකක් බලලා ඉමුකෝ.:P

    ඔන්න බොඩි වෝශ් එකේ තියන වතුර අල්ලන ගන් එකේ පින්තූර ටිකක් බලමු.:D
    ගන් එකේ ස්විච් එක ඔන් කරලා නැති වෙලාවට ගන් එකෙන් සිහින් වතුර පාරක් තමා යන්නේ.:yes: අන්න ඒ අවස්ථාවේ පොඩි පින්තූරයක් පල්ලෙහා තියනවා;)
    dsc0171ssh.jpg

    ඔන්න ඊට පස්සේ ඒ ගන් එකේ ස්විච් එක ඔන් කලාට පස්සේ කොහොමද කියලා පල්ලෙහා තියන ෆොටො එකෙන් බලමු
    :D:D:D:D
    dsc0172fh.jpg

    මතකනේ කලින් හොයිස්ට් එකේ ගන් එක ගැන කතා කලා.:confused: ඒ ගන් එකේ වතුර පාර ටිකක් හීනි මොකද වාහනයේ අස්සේ අහු මුහු වලට හොදින් සැරට වදින්න ඕනා.;) ඒ වුනාට මෙතන කතාව වෙනස්. බොඩි වොශ් එකේ ගන් එකේ වතුර පාර ටිකක් විහිදිලා යන්නේ.:yes: මොකද hoist එකේ වගේ අහු මුහු වලට වදින්න ඔනේත් නෑ. අනිත් එක වීදුරු වලට එහෙම වදිනකොට ප්‍රෙශර් එක වැඩී වෙනවා හීනියට හොයිස්ට් එකේ වගේ තිබ්බොත්.:cool::cool:

    ඔන්න ඊට පස්සේ බොඩි වොශ් එකේ ඔය වතුර පාර සැරට එවන කම්පෙශර් එකේ පින්තූරයක් තමා පල්ලෙහා තියෙන්නේ
    :shocked::shocked::shocked:
    dsc0219p.jpg

    ඔන්න වාහනයක් දැන් බොඩි වෝශ් එකට දාලා තියෙන්නේ පල්ලෙහා :D:P
    18786887.jpg

    බොඩි වොශ් එකට දාපු වාහනයට නෝර්මල් එකේ වතුර පාරක් අල්ලගෙන යනවා. අන්න ඒකේ ෆොටො එකක් පල්ලෙහා තියනවා
    14040065.jpg


    දැන් නොර්මල් එකේ වතුර පාරක් අල්ලලා ඉවර වුනාට පස්සේ භූමි තෙල් වලින් පිහිදානවා.:Dඔන්න ඔය පල්ලෙහා තියන විදිහට භාල්දියකට භූමි තෙල් දාලා තියෙන්නේ.:frown: ඒකෙන් ස්පොන්ච් එකකට අරන් මදිනවා.:dull:
    12742654.jpg

    ඔන්න පල්ලෙහා එක්කෙනෙක් භූමි තෙල් දාලා මදිනවා :P:P
    81464815.jpg

    ඔහොම මැදලා ඉවර වුනාට පස්සේ ආයෙත් ගන් එකෙන් වතුර පාරක් අල්ලගෙන යනවා..:D
    22363956.jpg

    ඊට පස්සේ තියෙන්නේ අර මම කලින් කිව්ව විදිහට කෙමිකල් දාලා වාහනය මදින එක.:yes: කෙමිකල් ජාති දෙකක් තියනවා :confused:

    ඔය පල්ලෙහා එකටම තියෙන කොල පාටට හුරු එක ඇවිල්ලා ටිකක් සැර එක.:frown: ඒකෙන් අනිත් එකට වඩා හොදින් අවපැහැය ඉවත් කරන්න පුලුවන් :yes:
    061yjz.jpg

    ඊට පස්සේ ඔය යටින් තියෙන්නේ අනිත් කෙමිකල් එක ඒක ටිකක් නිල් පාටට හුරුයි.:D ඒක දැම්මහම ඉතින් සාමාන්‍යයෙන් ඇති;)
    062im.jpg

    ඔන්න දැන් බාල්දියෙන් ස්පොන්ච් එකකට කෙමිකල් ටික අරන් අතුල්ලනයි තියෙන්නේ.:D
    063j.jpg

    071fa.jpg


    කෙමිකල් දාලා අතුල්ලන්න ස්පොන්ච් විතරක් නෙමේ:no: අර අපි ගෙවල් වල බිම මොප් කරන්න ගන්න ඒවාත් යොදා ගන්නවා.:shocked: වෑන් වල වගේ උස වාහන වල වහලේ වින්ස්ක්‍රීන් එකේ කෙමිකල් ගන්න මේවා තමා ගන්නේ:yes:
    073k.jpg

    ඔන්න මම කලින් කිව්වා වගේ ඒ මොප් කරන එකෙන් වාහනයක වින්ක්‍රීන් එක මදිනවා:P
    074xj.jpg

    ඊට පස්සේ මුලු වාහනයේම සබන් ගාලා ඉවර වුනාට පස්සේ. ආයෙත් ගන් එකෙන් වතුර පාරක් අල්ලගෙන යනවා:D

    මම අර කලින් කිව්වේ ඔච්චර හෝදලත් ඔය සමහර ජරාව පාරවල් යන්නේ නැත්නම් ඔය පල්ලෙහා තියන ඔටෝ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ස්පොන්ච් එකකට අරගෙන අතුල්ලන්න තියෙන්නේ.:yes:එතකොට බොහෝදුරට යවන්න පුලුවන් එකක්නම් අනිවා යනවා:D

    081lw.jpg

    082xn.jpg

    ඔන්න සුපින්වතුණි ඔය ආකාරයට බොඩි වොශ් කරන තැනත් සියලුම වැඩ ටිකා ඔය ආකාරයට නිමාවෙනවා. ඊට පස්සේ වාහනයේ ඇතුල ක්ලීන් කරන තැනට තමා යන්න තියෙන්නේ
    :P:P:P:P

    #.වාහනයේ ඇතුල clean කරන තැන.#

    මෙතනදි එකටම වෙන්නේ වාහනය ආපු ගමන් වාහනයේ එලිය එහෙම නැත්නම් බොඩිය පිහිදානවා.:shocked: මොකද ඒ වෙනකොට වාහනයේ පිටත හැම තැනම වතුර තියන නිසා.:yes: හරි එහෙම එක්කෙනෙක් වාහනයේ පිටත පිහිදානකොට තව කෙනෙක් වාහනයේ ඇතුලත, දොරවල් වලට හැම තැනටම හුලං අල්ලනවා. මොකද ඔය අහුමුලු වල තියන දූවිලි ටික ඇවිස්සිලා එන්න.:confused: ඒත් එක්කම ඊට පස්සේ වාහනයේ ඇතුල වැකුම් කරනවා දූවිලි ටික ඇදලා ගන්න:D.මෙහිදී සීට් එහෙම හොඳට වැකුම් කරනවා.;) ඊට පස්සේ වාහනයේ බිම කාපට් වලට සබන් වගේ තව කෙමිකල් එකක් ස්ප්‍රේ කරනවා.:cool: ඊට පස්සේ ඒ පෙන පෙන තියන ඔක්කොම ටික වැකුම් කරනවා එතකොට වාහනයේ බිම ඔක්කොම ටික ගානට ක්ලීන් වෙනවා.:rolleyes: ඊට පස්සේ තියෙන්නේ වාහනයේ වීදුර ටික ආයෙත් ලෙසටම ක්ලීන් කරන එක. ඒකට ග්ලාස් ක්ලීනර් භාවිතා කරලා වාහනයේ තියන සියලුම වීදුරු ටික ලෙසටම පිහිදානවා.;) ඔය විදිහට වාහනයේ ඇතුලු පැත්තෙන් හා පිට පැත්තෙන් වීදුරු ටික ක්ලීන් කරන්න ඕනා. දැන් ඔන්න පොඩ්ඩ පොඩ්ඩ වාහනයේ ඇතුල ක්ලීන් කරන එක ඉවර වේගන එන්නේ.:rolleyes: තව වාහනයේ ඩෑශ් බොර්ඩ් එක. ඩොරවල් වල ඇතුල් පැත්තෙන් තියන ප්ලාස්ටික් කෑලි වල ශයින් එක එන්න තව කෙමිකල් එකක් ස්ප්‍රේ කරලා හොදට පිහිදානවා.:yes::Dඊට පස්සේ ඇතුලේ වැඩ ටික ඉවරයි නම් අර අපි මුලදි හොයිස්ට් එකේදි හෝදන්න එලියට ගත්ත කාපට් ටික දැන් ඇතුලට දාන්න වෙලාව හරි. ඒ ටිකත් ගානට ලස්සනට ඇතුලට දානවා.:yes: ඊට පස්සේ පොඩි මායවක් දානවා නැග්ග ගමන් driver මහත්තයා හොල්මන් වෙන්න :lol: ඔය සුවඳ ගහන කෙමිකල් ඒ කියන්නේ air freshener ටිකක් වාහනය ඇතුලට ගහනවා.:P:P
    අනිත් එක තමා අඩු ගානේ ගෙදරට ගිහිල්ලා වාහනය ගෙදර උන්දට පෙන්නනකන්වත් පොඩ්ඩක් ක්ලීන් එකට තියෙන්න ඕන නිසා කකුල තියන තැන් වලට පත්තර කොල ටිකකුත් දානව.:D ඔය වෙනකොට එන්ජින් ඔයිල්. එයාර් ෆිල්ටර්ස් මාරු කරලා ෆුල් සර්විස් එකක් නම් කලේ වාහනේ මීටරය එහෙම ලියලා ඊලගට සර්විස් කරන්න ඕනා මයිල් ඒජ් එකත් ලියලා පොඩි කොලයක් ස්ටීරිං වීල් එක ගාවින් එල්ලන එකත් කරන්නවා:D. ඔන්න දැන් දෙය්යනේ කියලා වැඩ ටික ඉවරයි.වාහනයේ ටයර් වලටත් පොඩි ශයින් එකක් එන්න තව කෙමිකල් එකක් තියනවා.:shocked: අන්තිමට ඒක ටයර් වලට ගාලා වාහනයේ මුලු සර්විස් කටයුතු ඔක්කොම නිමා කරන්න තමා තියෙන්නේ.:D එහෙනම් අවසාන වශයෙන් කරන වැඩ ටිකේ ෆොටෝස් ටිකකුත් මම පල්ලෙහායින් දාන්නම්.;)

    වාහනයේ බොඩිය පිහිදාන ෆොටෝ එකක් පල්ලෙහා තියෙන්නේ :P
    dsc0205q.jpg

    වහනයේ ඇතුලට හුලං අල්ලනවා කියලා මම කිව්වනේ. ඉතින් දොරේ ඇතුල් පැත්තට හුලං පාරක් අල්ලන මොහොතක් තමා පල්ලෙහා දක්වලා තියෙන්නේ:D
    dsc0207gk.jpg

    හුලං ඇල්ලුවට පස්සේ කරන්නේ ඇතුල වැකුම් කරන එක. වැකුම් කරන මැශින් එක තමා පල්ලෙහා තියෙන්නේ:D
    dsc0220iu.jpg

    වාහනයේ ඩිකියේ ස්පෙයාර් වීල් එක ලඟ වැකුම් කරන අවස්ථාවක් පල්ලෙහා තියනවා.:D ඔය වගේ තැනකට වතුර දාලා පිහිදන්න පුලුවන් නිසා අවුලක් නෑ;) ඒ වුනාට සමහර වෑන් වල කාර් වල ගලවන්න බැරි කාපට් තියෙන්නේ.:frown: අන්න ඒ වගේ ඒවට තමා අර සබන් වගේ කෙමිකල් එක ගහලා වැකුම් කරන්නේ.:yes::D ඇත්තටම මට ඒ වගේ අවස්ථාවක ෆොටෝ එකක් ගන්න බැරි වෙලා මට සමාවෙන්න.:sorry::sorry:
    dsc0208tb.jpg

    වාහනයේ ඩෑශ් බෝඩ් එකට දොරවල් වල ඇතුලු පැත්තේ ප්ලාස්ටික් වගේ තියන තැන් වලට එහෙම ශයින් එක එන්න කෙමිකල් එක ස්ප්‍රේ කරලා මදින අවස්ථාවක් පල්ලෙහා තියෙන්නේ.
    dsc0223nq.jpg

    වාහන වල දොරවල් අස්සට ඔයිල් ගහන්නේ පල්ලෙහා තියන අයිටම් එකෙන් ඒකනම් ගොඩාක් අය දන්න දෙයක් නිකන් ජොලියට දාන්නේ ෆොටෝ එකක් ගත්ත නිසා
    :P :lol:
    dsc0225vk.jpg

    ටයර් එක ශයින් වෙන්න කෙමිකල් ගාන රූප දෙකක් තමා පල්ලෙහා තියෙන්නේ:D
    dsc0221nm.jpg

    dsc0222h.jpg


    ඔන්න ඉතින් රෝද වලටත් කෙමිකල් ටික ගාලා ශයින් කලාට පස්සේ ඔක්කොම වැඩ ටික ඉවරයි.:D

    ඔන්න ඒත් එක්කම ත්‍රෙඩ් එකත් ඉවරයි.:P ඉතින් පලමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ විශේෂ ස්තූතිය පල කරන්න ඕනා අය්යා කෙනෙක් ඉන්නවා.:yes: එයා එලකිරි එකේත් ඉන්නවා.:P ඒ තමා ගිම්හාන් අය්යා. එයාගේ තමා සර්විස් එක.:cool: එයාගේ ෆෝන් එකෙන්මයි මේ ඔක්කොම ෆොටෝස් ටිකත් ගත්තේ.:D මේ මම කිව්ව ඔක්කොම මම පොඩ පොඩ්ඩ ගිම්හාන් අය්යාගෙන් අහ ගත්ත ඒවා.:yes:
    ඉතින් අද ඔයාලා දෙයක් දැන ගත්තානම් ඒකේ ස්තූතිය යන්න ඕනා එයාට.
    :D:D:D:D:D:D:D:D

    ඔන්න පල්ලෙහා තියනවා එයාගේ ලින්ක් එක.

    gimhanmax

    :D:D

    ඔන්න එයා දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකකුත් පල්ලෙහා තියනවා කැමති කට්ටිය ඒ ත්‍රෙඩ් එකත් බලන්න.
    Hybrid (දෙමුහුන්_වාහන)

    :D:D:cool::cool::D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ඔය සර්විස් ගැන දැනගන්න ඕනකමේ හිටියේ... ස්තූතියි කට්ටා මල්ලි... රෙප් + :cool:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ත්‍රෙඩ් ඒක නියමෙට විස්තර කරලා දල තියෙනවා. :yes:
    මචං අර බොඩි එක බුමිතෙල් වලින් හෝදන ඒක පේන්ට් එකට අවුලක් නැද්ද?:confused:

    rep+5