Improve Phone Battery lifespan

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දැන් අලුතින් එන ෆෝන් වල බැටරිය මාරු කරන්ඩ බැ. කරන්ඩ පුළුවන් උනත් ගොඩක් සාර්ථක නැ.
    ඒ කියන්නේ ෆෝන් එක හදපු සමාගම ඒක මාරු කරන්ඩ නෙවෙයි හදන්නේ.
    උදාහරණ විදිහට iPhone,Xperia z වගේ ෆෝන්.

    ඒ හින්දා අපි තියන බැටරිය හරියට පාවිච්චි කරන්ඩ ඕන ගොඩක් කාලයක් තියාගන්ඩ. ඒ ගැන තමා
    මේ කියන්ඩ යන්නේ. මම පොදුවේ lithium polymer සහ lithium ion ඒවා ගැන තමා කියන්නේ.

    පළමුව දැනගන්ඩ ඕන දේ තමා පාවිච්චි කරද්දී මේ බැටරි වල ධාරිතාවය කෙමෙන් අඩුවන බව.
    ඒ කියන්නේ මේවා අසන්න වශයෙන් අවුරුද්දකට 10%~20% වගේ ධාරිතාවය අඩුවෙනවා
    (apple සමාගමට අනුව iPhone battery).
    (බැටරියේ ධාරිතාවය කාලයත් සමග අඩුවන දෙයක් නොවන බව සලකන්න අසන්න වශයෙන්
    අවුරුද්දක් ලෙස ගෙන ඇත, එය බොහෝ විට ආරෝපණ විසර්ජන වාර ගණන,උෂ්ණත්වය වැනිදෑ මත බලපායි)

    01. හැමවිටම අපි බැටරියේ ධාරිතාවය 20% කට වැඩියෙන් තියාගන්ඩ ඕන. ඒ කියන්නේ 20%
    වගේ පෙන්නද්දී ෆෝන් එක ආරෝපණය (charge) කරන්ඩ ඕන. සමහර වෙලාවට අපි ඉන්න
    තැන චාර්ජෙර් එකක් නැති වෙනඩ පුළුවන් එහෙමනම් එය ආරෝපණය කරනතුරු භාවිතයට
    ගැනීමෙන් වලකෙන්ඩ ඕන.

    02. මාසයකට සැරයක් වත් සම්පුර්ණයෙන් ආරෝපණය කර (100%) සම්පුර්ණයෙන් විසර්ජනය
    (0%) කරන්ඩ ඕන.

    03. පරිගණකයට සම්බන්ද කර ආරෝපණය කරනවට වඩා ෆෝන් එක සමග එන චර්ජරය මගින්
    ආරෝපණය කරන එක තමා හොදම ක්‍රමය. නමුත් එය original එක වෙනඩ ඕන.
    වෙළදපොලේ ඉතා අඩු මිලගණන් වලට තියන චර්ජර භාවිතා නොකර සිටින්ඩ ඕන.

    04. පරිගණකයට සම්බන්ද කර ආරෝපණය කිරීමේදී usb hub පාවිච්චි කිරීමෙන් වලකෙන්ඩ ඕන.

    05. hi-charge වැනි ශනික ආරෝපණ ක්‍රම හා ඉක්මනින් ආරෝපණය කරගැනීමට වැරදි
    volt/amp ඇති චාර්ජෙර් භාවිතා කිරීමෙන් වැලකෙන්ඩ ඕන.

    06. බැටරියට යෝග්‍යම උෂ්ණත්වය වන්නේ 0C ~ 25C අතර තබගනීමයි. එබැවින් බැටරිය
    ආරෝපණය කරන විට භාවිතා කිරීමෙන් වැළකෙන එක තමා හොදම දේ

    07. අප භාවිතා කරන phone case මගින් දුරකථනය ඇතුලත තාපය පිටවීම අඩුකරනවා, එයද
    බැටරියේ ආයු කාලය අඩු කරනවා.(හැබැයි phone case එක අයින් කරලා ෆෝන් එක බිම
    වැටිලා මොනවහරි උනොත් මට බනින්ඩ එපා)

    08. භාවිතා නොකර සිටීමත් හොද නැ කියලා තමා කියන්නේ, ඒ කියන්නේ නිතරම බැටරියේ
    ආරෝපණය එකම විදිහට තියන එක හොද නැ කියන එක.

    09. කාලයක් පාවිච්චි නොකර සිටිනවානම් 80% පමණ ආරෝපණය කර නැවත භාවිතයේදී
    සම්පුර්ණයෙන්ම ආරෝපණය කර භාවිතා කිරීම තමා හරි ක්‍රමය.

    10. අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නේ දුරකතනයේ ක්‍රියාකාරිත්වය උපරිම කරන 3d games,
    application භාවිතය අඩු කරන එක තමා හොද


    කොහෙන්වත් ගත්ත එකක් නම් නෙවෙයි ඔය තැනින් තැන කියවලා හොයාගත්ත ඒවා තමා, තව දේවල් දන්න අය ඉන්නවනම් දාන්ඩ
    අනිත් යටත් බලාගන්ඩ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    man ahala thiyenne,battery eka bahinnama dila charge karana eka battery ekata hodai kiyala,ane manda eka eka un eka eka ewa kiyanawa :(

    anyway TFS machan
     
    • Like
    Reactions: navinnuwan