ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
අද පිරිතක් අහන්න උදේට TV එක දැම්මොත් එක එක විදිහට එකම පිරිත කියනවා අහන්න පුළුවන්. සමහර චැනල් වල පිරිත් සිංහලෙන් කියනවා, මිනිස්සුන්ට තේරෙන්න කියල..මට එතකොට හිතෙනවා අපේ අම්මල තාත්තලාගේ කාලේ, හාමුදුරුවන්ට පිරිතකට එන්න කියල කියන්නෙවත් නැතුව ඇති නේද කියල..මොකද ඒ දවස් වල පිරිත් සිංහලට හරවලා කියන "අමුතු ඝනයේ" ගනින්නාන්සේලා හිටියේ නැති නිසා.(මහමෙවුනාවට ගිහින් තියෙන අය දන්නවා ඇති නේ).

තව සමහර චැනල් එකක, පිරිත් අමුතු විදිහට ඇදල පැදලා කියනවා, හරියට හාමුදුරුවන්ට පාලි තියා සිංහල වත් බෑ වගේ. (උදේට නිකමට වගේ Tv Derana දාල බලන්නකෝ..)තව ටික දවසක් යනකොට මට විශ්වාසයි හාමුදුරුවෝ ගිටාර් එකක් ගගහ පිරිත් කියයි කියල.
එක එක හාමුදුරුවෝ තමන් ජනප්රිය වෙන්න ඕන කමට, මේ වගේ බුද්ධාගම විකෘති කරන එකට නම් උන්වහන්සේලාට එලොවාදී විපාක ලැබෙයි.
මට මේ post එක දාන්න ඕන උනේ, මං ජය පිරිත ඕන වෙලා අන්තර්ජාලේ පැත්තේ ඇවිත් හොයල බා ගත්තම , මට අහන්න ලැබුන ඔක්කොම, මං ඔය උඩින් කියල තියෙන විදිහේ පිරිත්. මේ බුද්ධාගමට වැඩියම වින කරන්නේ, සිවුරු ඔතන් ඉන්න අපේ ගනින්නාන්සේලා ම නේද කියල හිතුවම පුදුම කලකිරීමක් එනවා. පිරිතක බලය තියෙන්නේ පාළියෙන් කියන ඒ වචන ටිකේ කියලවත් දන්නේ නැති මිනිස්සුද, අද මහන වෙලා ඉන්නේ කියල හිතෙනවා..
ඉතින් හොයල හොයල අන්තිමට හරි විදිහට කියන "ජය පිරිත" හම්බුනා. මේක අර "සින්දු-පිරිත්" වලට ආස අයට නම් නෙමෙයි. ඇත්තටම පිරිතෙන් තමන්ට සැනසීමක් ලබා ගන්න ඕන අය මේක අහන්න. ඒ වගේම වෙන කා ලග හරි , හරි විදිහට කියන අනෙකුත් පිරිත් තියෙනවා නම් මෙතන දාන්න..
.