අවසානය~වසන්තයේ ඇරඹුම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසානය~වසන්තයේ ඇරඹුම

    නිහඩ නිවසම අදුර කැදවයි එළිය ඔහෙ නෑ සැගවිලා.......
    නිසල සිතුවිලි අවදි කරවයි විඩාබර නෙතු පියවිලා..........
    අසල හිදිමින් මියුරු වදනින් අමතන්න මගෙ පණ කියා......
    දසත බැලුවෙමි පිළිතුරක් නැත තවම සොයනෙමි කෝ ඔයා.......

    උකුලු තලයේ හිස හොවාගෙන පණට පණ දුන් ආලයේ....
    ඇගිලි තුඩ හිසකේ අගිස්සෙන් ලතාවට ගිය කාලයේ.......
    සයුරු රළ පිට දෑත් පටලං ඇවිද ගිය වැහි කෝඩයේ...........
    සොදුරු ඡායා රුවක් විලසින් මැවෙයි මතකය මා ලයේ......

    එකම අහරත් දෙකට බෙදමින් ඔබේ දෑතින් එය කවා.................
    කුඩා බෑගය තුලින් ගත් දිය පොදත් සැනෙකින් මට පොවා...
    ජීවිතේටම එක්ව හිනැහෙමු මේ ලෙසින් පැතුමන් මවා.....
    තවම සිහිවෙ ඒ පැතුම් ගිනි අවුලුවයි මා හද දවා................

    සොදුරු ආලය මිරිගුවන් සේ අතරමං කර ගියද මා.....
    කෙලෙස අතහැර සිතින් යන්නද මගේ සිත ගනු බෑ නමා...
    පෙම්වතුන්ගේ දිනට ඔබ දුන් තිළිණයක් ගෙන ඔප දමා..........
    සුරකිමින් නිති සිහි කරන්නෙමි ආදරේ ඇති ඔබට මා........


    සිතේ සැනසුම දවා කුමරිය යන්න එබ යන මාවතේ....
    දවා ගියමුත් ඔහුද ඔබටත් වෛරයක් නම් නෑ සිතේ.....
    සසර පතනා සොදුරු හදවත් තවත් ඇත මේ මිහිකතේ...
    කුසුම් විකසිත කරවනා ඒ වසන්තය තවමත් ඇතේ.....

    images

     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බත් පතත් ගෙනා ආමි ඔබගේ - කවි වැල් වලින් සිසිල ලබනට
    ගත් කටම ත උගුර ලග මිස - බැහැ කියයි කුස තුලට යන්නට
    අතීතයෙ විදි ප්‍රේම රසයේ - කිමිද යන්නට සැලැස්වූවට
    තුති පුදනු බෑ මලේ ඔබ වෙත - දිවි කතරෙ පාළුයි තනියි මට

    ඔබේ කවි පද සදුන් ගස මෙන් - දසත පැතිරී සුවද දේවා...!
    සොදුරු හදවත හදුනනා පින් - බර හිතක් දෙවියනි
    ගෙනේවා...!
    ජීවිතේ නම් මහා සයුරේ - සැඩ සුළං රැල් නොම හැමේවා...!
    යාත්‍රාවක නියමුවා වී - එතෙර වන්නට වෙර
    ලැබේවා...!
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බත් පතත් ගෙනා ආමි ඔබගේ - කවි වැල් වලින් සිසිල ලබනට
    ගත් කටවත් උගුර ලග මිස - බැහැ කියයි කුස තුලට යන්නට
    අතීතයෙ විදි ප්‍රේම රසයේ - කිමිද යන්නට සැලැස්වූවට
    තුති පුදනු බෑ මලේ ඔබ වෙත - දිවි කතරෙ පාළුයි තනියි මට

    ඔබේ කවි පද සදුන් ගස මෙන් - දසත පැතිරී සුවද දේවා...!
    සොදුරු හදවත හදුනනා පින් - බර හිතක් දෙවියනි ලැබේවා...!
    ජීවිතේ නම් මහා සයුරේ - සැඩ සුළං රැල් නොම හැමේවා...!
    යාත්‍රාවක නියමුවා වී - එතෙර වන්නට වෙර ගෙනේවා...!


    නිසදැසක් සේ ගලා යයි සිතුවිලි පිටින් කවි මාලය...
    අත්සනක් සේ ඉස්තිරයි ඔබ අතීතේ පිදු ආලය....
    අවසනක් කෝ සිතා ගනු බෑ ඇයට පෙම් කල ලීලය
    සැත්කමක් කර ඉවත් කරලද ඇගේ පිවිතුරු ප්‍රේමය..?

    දිලෙන තරු කැට සද වටා ඒ සදට තනිකම නොම ගෙනේවා.....
    මැවෙන සිතුවිලි විකසිතව පිපි කුසුම් සේ සුවදින් පිරේවා.....
    සයුර මැද ඇති ඔරුව ඔබනම් දැලට අස්වනු නිති ලැබේවා....
    යාත්‍රාවේ නියමුවාණෙනි හෙටත් ආදර මල් පිපේවා........!

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝරලේමහත්තයා;14466071 said:
    පෙම්වතුන්ගේ දිනට ඔබ දුන් තිළිණයක් ගෙන ඔප දමා..........

    දැන් ඉතිං ගියදේ ගියා.. ඕව ඔප දදා ඉදල වැඩක් නෑ:D:D
    ekenma ekanam aththa:yes::yes:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියක් මතක් උනත් දැම්මේ නැහැ.. උබ මට දොබෙන් යන්න දෙයි.. :දිව දොට්ට දැම්ම:
    ඔය නටන ඉබ්බාටයි කියන්නෙ.... හොද හිතිං මොනවා හරි කියපං ... :oo:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එකම අහරත් දෙකට බෙදමින් ඔබේ දෑතින් එය කවා.................
    කුඩා බෑගය තුලින් ගත් දිය පොදත් සැනෙකින් මට පොවා...
    ජීවිතේටම එක්ව හිනැහෙමු මේ ලෙසින් පැතුමන් මවා.....
    තවම සිහිවෙන ඒ පැතුම් ගිනි අවුලුවයි මා හද දවා......

    SUPERB (as usually) ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝරලේමහත්තයා;14466071 said:
    පෙම්වතුන්ගේ දිනට ඔබ දුන් තිළිණයක් ගෙන ඔප දමා..........

    දැන් ඉතිං ගියදේ ගියා.. ඕව ඔප දදා ඉදල වැඩක් නෑ:D:D
    :baffled::baffled: :dull:
    නිසා අවනත නොවන සිතුවිලි නමාගන්නට තව හැකී.......
    සසාගෙං අහගනිං අමතක කරනු බෑ එය මගෙ සකී.....:yes::dull: