වැටහීම ගැන ඇති සැකය නිසා පිළිතුරු දීමෙන් වැඩක් නෑ කියන්නේ, එසේ පිළිතුරු දීම මගින් ඔබට හොඳ කර්ම නොලැබේවි යන අදහසද? කැමති නම් ඒ ගැන කියන්න. අදාල නැතිනම් අත්හැරලා දාන්න.
ප්‍රාණ ඝාතය ගැන පැහැදිලි විස්තරයක් කර තිබෙනවා. මම ප්‍රශ්න ඇහුවේ නොදන්න නිසා සහ කලින් කෙනා දුන් පිළිතුර පැහැදිලි මදි නිසා. "මිනිසුන්" යොදාගත්තේ මාතෘකාවට අදාල එය නිසයි.
මතුපිටින් බැලුවොත්, ඔබ කී කාරනා පහ කොටියන්ව මැරීම සම්බන්ධයෙන් සම්පුර්ණ වෙනවා. ඔබේ කුඹුරු කතාවට අනුව "චේතනාව" මේ සම්බන්ධයෙන් කෙසේ යොදනවද කියා පැහැදිලි මදි. එනම්, නොදැක පෑගී යන සතෙකු මැරීමෙන් (මැරීමේ චේතනාවක් නැති නිසා) පාප කර්මයක් නොවන බව පැහැදිලිය. එහෙත් කොටියා පැහැදිලිව පෙනේ. මැරීමේ චේතනාව පැහැදිලිව ඇත. එනිසා, ඔබේ පැහැදිලි කිරීම අනුව කොටියන්ව මැරීමෙන් පාප කර්ම ඇතිවන බවයි පෙන්නේ. එහෙම හරිද?
ඔබ කර ඇත්තේ කොන්දේසි සහිත ප්‍රකාශයක්. එනම්,
"අවසාන වශයෙන් ඔබ තුමා අහල තියනවා පවු රැස්කර ගත්තද කියල. මම ඉහත කියපු කරනා පහ සම්පුර්ණ නම් ඔව්."
ඔබේ දහම ගැන දන්නේ ඔබයි. ඔබ සිද්ධාන්තය පැහැදිලි කළා. මෙම මාතෘකාවට අදාලව ඒවා සම්පුර්ණ වෙනවද නැද්ද යන්න බලන ලෙස මට බෝලය pass කිරීම සුදුසු නැති බව මගේ අදහසයි. ඉහලින් කිවේ මගේ වැටහීම අනුවයි. එය හරි දැයි බලන්න.
මෙතන තවත් වැදගත් කාරණාවක් තියනවා. සෙබළුන් යන්නේ රට රකින්නයි. කොටියව මරන්නෙ එයටයි. එම "රට රැකීම" යන චේතනාව හොඳ එකක් බව සැක නෑ. (කුඹුරු කතාවේ කියන්නේ මැරීමේ චේතනාවක් නැත යන්නයි. මෙතන කියන්නේ මැරීමේ චේතනාව වෙනස් යන්නයි. මේ දෙකේ වෙනස කාට වුනත් පැහැදිලිව පේනවා). එනිසා, මෙම රට රැකීමේ චේතනාව apply කරන්නේ කොතනටද? ඔබ කී කරුණු පහෙන් තුන් වැන්නටද? (පහළිනුත් බලන්න).
මෙහිදී විෂයයන් දෙකක් ඔබ ගෙනාවා. චේතනාව සහ පන නසන ආකාරය ලෙස. චේතනාව, ඔබ කී කරුණු පහ තුල අඩංගු දෙයක්ද, වෙනම කරුනක්ද යන්නත් ටිකක් පැහැදිලි මදි. එහි වැදගත්කම වන්නේ, කරුණු පහ සම්පුර්ණ වන පාප කර්මයක්, හොඳ චේතනාවක් මගින් "නිශේධනය" වීමේ හැකියාවක් තිබේද යන්නයි. නැතහොත්, චේතනාව යනු එම කරුණු පහෙන් තුන් වැන්න තුල අඩංගු දෙයක්ද? තුන් වැන්න ගැන ඔබ කියන්නේ "මරන කැමති සිත" යන්නයි. එය මැරීමේ ක්‍රියාවට ආසන්නම (immediate) චේතනාවක් ලෙස පෙනේ. රට රකින්න යන කෙනාත්, වස්තු කොල්ල කන්න යන කෙනාත් මරනවා නම් දෙදෙනා තුලම "මරන කැමති සිත" ඇති බව පේනවා. (එහෙම සිතීම හරිද?). එහෙත්, දෙදෙනාගේ overall චේතනාවන් වෙනස් බව පැහැදිලියි. පළමු කෙනා ක්‍රියාව කලේ "හොඳ චේතනාවෙන්". දෙවැනි කෙනා කලේ පවක් යන්න සැක නෑ. අපේ මාතෘකාව පළමු කෙනා ගැනයි. එනම් රට රකින්නට කොටියා මරන්න යන සෙබලා ගැනයි. එසේ "හොඳ" චේතනාවකින් යන කෙනෙකුට පාප කර්ම එකතු විය හැකියි යන්න කිසිසේත් සාධාරණයක් ලෙස පිළිගත නොහැකියි. ඒ අප බුද්ධියෙන් බලන විට පෙනෙන දෙයයි. ඔබේ දහමට අනුව පාප කර්ම ඇතිවිය හැකියි යන්න කියනවනම් එය පිළිගැනිම ඔබේ කාර්යයක්. එනිසා, මෙම මතෘකාවේදී චේතනාව කුමන ආකාරයෙන් බලපානවද, එකම ක්‍රියාවක් තුල චේතනාවේ එක් එක් "levels" වලදී කර්මයේ "හැසිරීම" කොහොමද යන්න ආදිය සලකා බැලීමෙන් මෙය සමතයක් වේවි යන්න මගේ අදහසයි.
ඔබලාගෙන් තුන් දෙනෙක් මේ පිළිබඳව පිළිතුරු දී තිබෙනවා. (elaTHEbra [කලින් ත්‍රෙඩ් එකේ], කොස්තාපල් සහ ඔබ). elaTHEbra කිව්වේ පව් සහ පින් දෙකම ඇතිවෙන බවයි. කොස්තාපල් කිව්වේ චේතනාව හොඳ නිසා පව් නැති බවයි. ඔබේ පිළිතුර අනුව නැවතත් පව් ඇතිවන බව සිතේ. බුදු දහම ගැන ප්‍රශ්න ඇහුවම මෙලෙස වෙනස් පිළිතුරු ලැබීම මේ පළමු වතාව නොවේ. දොස් කියනව නෙමෙයි. සිදුවූ දේ කිව්වේ. යම් කෙනෙක් යමක් ඇහුවොත් දන්නා විදිහට පිළිතුරු දීම හොඳ ගුණාංගයක්. ඒ උත්සාහය අගය කල යුතුයි. මේ ප්රශ්නය සමතයක් කල හැක්කේ ඔබට බවයි මගේ අදහස. ඔබ කී දේවලින් ඔබේ දහම ගැන හොඳ දැනුමක් ඔබට තිබෙන බව පේනවා.
මම ඉරණම යැයි අදහස් කලේ පව් නිසා අපායේ යන්න වේවිද යන්නයි. පව් නිසා සිදු විය හැකි දේ ලෙස ඔබ දැක්වූ දේවල් කොටින්ව මැරූ සෙබලාට විඳින්න සිදු වේවිද යන්නයි මගේ concern එක.
මෙතැනදී, ඔබ කලින් කී "පර පණ නැසීම මදුරුවෙකු මැරුවත් මිනිසෙකු මැරුවත් එය පර පණ නැසීමක්. එහි වෙනසක් නැහැ" යන්න සමග පොඩි ඝට්ටනයක් ඇති බව මතුපිටින් බැලුවොත් පේනවා. ඉහත විස්තරයෙන් මදුරුවා සහ මිනිසා මැරීමේ අකුසලය වෙනස් බව කියනවා. එය පැහැදිලියි. එසේ නම් ඔබ "එහි වෙනසක් නැහැ" යැයි කිව්වේ පාපයේ කුමන අංශයෙන්ද? (එනම්, මොන aspect එකෙන්ද?).
යමක් රතු කර ඉස්මතු කිරීමෙන් පමණක් ප්‍රකාශයක් සත්‍යතාවය වැඩිවන්නේ නෑ. සාධක දිය යුතුයි. ඔබ 90% ගණනය කලේ කොහොමද යන්න මටත් දැනගන්න කැමතියි. එමෙන්ම, "ත්‍රස්ත සංවිධාන" යන්නෙහි අර්ථ දැක්වීම අනුවත් දත්ත වෙනස් වේ. මම හිතන්නේ ඔබ බටහිර අර්ථ දැක්වීම අනුව ගණනය කලා කියලයි. එයට අනුව, ලැබෙන්නේ නැති weapons of mass destruction සොයන්න ගිහින් නිකරුනේ මිනිසුන් ගොඩක් මැරීම එම අර්ථ දැක්වීමට ඇතුලත් වෙන්නේ නෑ වගේ. ත්‍රස්ත සංවිධාන වල මුස්ලිම් අය නෑ කිව්වේ නෑ. ඔබේ කියමනේ දෝෂය ගැනයි කිව්වේ.
ඔබේ කියමනේ "ත්‍රස්ත සංවිධාන ඉස්ලාම් ආගමට අනුව ක්‍රියාත්මක වන සංවිධාන බව සත්‍යක්" යන්න කීමට ඉස්ලාමය ගැන තරමක් හෝ දැනුමක් ඔබට තිබිය යුතුයි. නැතිනම් එය උපකල්පනයකට පමණක් සිමා වේ. එම සංවිධාන වල ඉන්න අය ඉස්ලාමය නමට පමණක් තියාගෙන ඉන්නවනම් (පිළිපදින්නේ වැරදියට නම්) ඔබේ නිගමනයේ තත්වය කුමක්ද?
ඔබලාගෙන් සමහරු කියන "ඉස්ලාමයේ උගන්වන අන්‍ය ආගමිකයන්" මැරීම යන පදනම් විරහිත චෝදනාව බොරුවක් බව සැකහැර මම ඔප්පු කර පෙන්නුවා. පිළිතුරේ අග හරියේ සිංහලෙන්ම ලියා ඇත. එහෙත් එකම තැටිය වාදනය වෙනවා වගේ කටපාඩම් කල බොරු චෝදනා list එක නැවත නැවත කියවනවා. කිව්වේ ඔබ ගැන නෙවෙයි, සමහරු ගැන. ඇත්තටම නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරවන්න ලේසියි, එහෙත් නිදා සිටිනව වගේ රඟපාන කෙනෙක්ව මේ කපේදී ඇහැරවන්න බෑ!