එදිනෙදා ජීවිතයේදි වැදගත් වෙන සරල කරුණු 10 ක&#

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
එදිනෙදා ජීවිතයේදි වැදගත් වෙන සරල කරුණු 10 ක&#

එලකිරි එකට දාන පලවෙනි post එක,
අපිට එදිනෙදා ජීවිතයේදි වැදගත් වෙන සරල කරුණු 10 ක්...... ගොඩක් අය දන්න දේවල් වුනාට නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ......... Repost එකක් නම් ගැත්තාට සමා වනු මැන.







1. ඇඳුම් වල තැවරුනු තීන්ත ඉවත් කරන්න ......

තීන්ත ගෑවුනු තැන් වල දන්තාලේප (tooth paste) ස්වල්පයක් ගල්වන්න. එය හොඳින් වියලුනු පසු සොදා හරින්න.




2. බිත්තර වල නැවුම් බව පරීක්ෂා කරන්න.....

egg.jpg

බිත්තරය වතුර භාජනයක දමන්න.
එය පතුලේ තිරස් අතට පිහිටයි නම් බිත්තරය නැවුම්ය. භාජනයේ පතුලට ආනතව පිහිටයි නම් එය දින 3-4 ක් පමන පරණය.
පතුලේ සිරස් අතට පිහිටයි නම් එය දින 10 ක් පමන පරණවී ඇත.
බිත්තරය ජලය මතුපිට පාවේ නම් එය නරක්වී ඇත.





3. මාළු වල නැවුම් බව පරීක්ෂා කරන්න

මාළු සීතල වතුර ( අයිස් වතුර ) භාජනයක දමන්න. වතුර මතු පිට පාවේ නම් මාළු නැවුම්ය.




4. මී උවදුරෙන් ගැලවෙන්න …….

මීයන් ගැවසෙන ස්ථාන වල ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉසින්න...




5. බිත්තර ඉක්මනින් තම්බා ගන්න....

වතුරට ලුනු ස්වල්පයක් එකතු කරන්න..




6. ළුනු කපන විට කඳුලු ගැලීම නවත්වා ගන්න....

union.jpg
ළුනු කපන විට චුයින්ගම් (chewing gum) හපන්න.





7. දෙහි ගෙඩියෙන් උපරිම යුෂ ලබා ගන්න....

lemon.jpg
දෙහි ගෙඩිය පැයක් පමන උනු වතුරේ තබා ඉන් පසුව මිරිකන්න.





8. සුදු ඇඳුම් වල අව පැහැය නැති කර ගන්න.....

උනු වතුර බේසමකට දෙහි කැබැල්ලක් දමා මිනිත්තු 10 ක් පමන සුදු ඇඳුම් පෙඟෙන්නට හරින්න.





9. ඇඳුමේ තැවරුනු චුවින්ගම් ඉවත් කරගන්න.....

chew gum.jpg
ඇඳුම පැයක් පමන අධිශීතකරණයේ තබන්න.





10. කැඩපතේ දිලිසීම නැවත ලබාගන්න.....

mirror.jpg

කැඩපත ස්ප්‍රීතු ( Spirit ) ස්වල්පයකින් පිරිසිදු කරන්න.