පුන්චි ආදර්ශමත් කතන්දරයක්........

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
පුන්චි ආදර්ශමත් කතන්දරයක්........

පුන්චි ආදර්ශමත් කතන්දරයක් ........

කතාව නම් ගොඩක් අය අහලා ඇති.... අහලා නැති අයගෙ දැනුම පිනිස හේතු වෙවා...!!!! Repost එකක් නම් සමාව ඉල්ලනවා....

මිනිසෙක් දිනක් ගමන් කරමින් සිටියදී අපූරු සිද්දියක් දකිනවා. ඇත්තටම ඔහු තමා දුටු දර්ශනයෙන් කලබලයට පත් වෙනවා...... දැවැන්ත හස්ති රාජයෙක් කඹයකින් බැඳ දමා ඇති අයුරු දැක ඔහු පුදුමයට පත් වෙනවා....

elephant-rope3.jpg


මේ දැවැන්තයාට මේ කඹය කඩා ගැනීම මහ කජ්ජක් නොවේ. එසේම යම් හෙයකින් මේ කඹය කඩා ගත හොත් සිදුවිය හැකි විනාසයද සුලු පටු නොවේ.. නමුත් පුදුමයකට මෙන් මේ දැවැන්තයාද කඹය කඩා ගැනීමට කිසිදු උත්සහයක් මෙතෙක් ගෙන නොමැති බවක් පෙනේ.....
කුතුහලයෙන් සිටි ඔහුට ඇත් ගොව්වා හමු වෙනවා....




මිනිසා : " ඔහේ හැබෑටම මේ අලියව මේ කඹේකින් ගැට ගහලා තියෙන්නේ මේ සතා ඔය කඹේ කඩා ගෙන ගියොත් වෙන විනාසය ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නැද්ද ඇත්තටම? "


ඇත්ගොව්වා : " මහත්තයගෙ කතාව ඇත්ත... නමුත් මේ සතා නම් කවදාවත් මේ කඹේ කඩාගෙන යන්නෙ නෑ.... "


මිනිසා : " ඔහේ කොහොමද එහෙම කියන්නේ ? "
මේ දැවැන්තයා සතු ශක්තිය පිලිබඳ ඇත් ගොව්ව තුල වූ අඩු තක්සේරුව නිසා මිනිසා කතා කලේ නොරිස්සුම් ස්වභාවයෙනි.


ඇත්ගොව්වා : " මහත්තයෝ මේ සතා මෙහෙට ගෙනාවෙ පුන්චි පැටිය කාලේ, එතකොට ඔය සතාව ගැට ගහලා තිබුනෙත් ඔය කඹෙන්ම තමා.... එතකොට ඌට ඔය කඹේ කඩා ගෙන යන්න බෑ, ඉතින් මේකා තාමත් හිතා ගෙන ඉන්නෙ තමන්ට මේ කඹේ කඩා ගෙන යන්න බෑ කියලා......"




ඉතින් යාලුවනේ හිතෙන්නෙ නැද්ද අපිත් ජීවිතයේ සමහර දේවල් උත්සහයක් නොගෙනම කල නොහැකි දේවල් ගොඩට දාල තියනවා. ජීවිතේ එක සැරයක් පැරදුනාම නැවත උත්සහ නොකරම අපි ඒවා අත්හැර දමනවා...


ජීවිතයේ යම් විදියකින් පරාජයක් ලබපු වෙලාවට මේ සිදුවීම මතක් කර ගන්න....

elephant-rope.jpg





ජීවිතේ කියන්නේ සුන්දර මල් මාවතක් දිගේ සැප පහසුවට යන ගමනක් නෙමෙයි..... නිසාම අපි අපේ ආතම ශක්තියත් හැකියාවනුත් ගැන විස්වාසය තබමින් ලැබු පරාජයන් අත්දැකීම් කර ගනිමින් ජීවිතය ජය ගන්න උත්සහ කරමු.


ඔබ සැමට ජය !!!!!!!!!!
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
රීස්පොට් නම් තමයි ඒත් නැවත් කියෙව්වා මොකද ජීවිතයට මෙවන් කතන්දර නැවත නැවතත් කියවමින් සිහියෙන් ගත කරන එක හොදයි...​
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    රීස්පොට් නම් තමයි ඒත් නැවත් කියෙව්වා මොකද ජීවිතයට මෙවන් කතන්දර නැවත නැවතත් කියවමින් සිහියෙන් ගත කරන එක හොදයි...​
    :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    රීස්පොට් නම් තමයි ඒත් නැවත් කියෙව්වා මොකද ජීවිතයට මෙවන් කතන්දර නැවත නැවතත් කියවමින් සිහියෙන් ගත කරන එක හොදයි...
     

    srishantha

    Junior member
  • Dec 13, 2012
    190
    6
    18
    Wennappuwa
    මිනිසා පරාජිතයෙක් වන්නේ වැටෙන විට නොවේ. නැවත නගිට්ටේ නැත්තන් පමනි
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    Ada dawasa mata hugak duka hithuna dawasak machan. adama me wage post ekak dammata pin yaluwa. rep 3+

    පට්ට බන් කලින් read කලේ න බන්

    BUMP...!!!! TFS..!!!!


    nice post machan :D...rep+

    100% true..

    ගොඩක් ස්තුති !!!