"මා මෑයට විවාහ යෝජනා කළ යුතුයි. ඈ මා බිරිය වූ විට මගේ දිවියේ තනිකම අතුරුදහන් වේවි". සිතූ කොකා තම සිතිවිල්ල ඒ මොහොතේ ම ක්රියාවට නැංවී ය.
එහෙත් කොක් යුවති ගේ ප්රතිචාරය යහපත් වූයේ නැත. "නුඹගේ කකුල් දිගයි, ඇඳුම කොටයි. හොඳින් පියාඹන්නත් බැහැ. මට නුඹ එපා" ඈ කීවා ය.
මෙයින් තරුණ කොකා ගේ සිත තදින් රිදිණි. එහෙත් කුමක් කරන්නද? කොකා නිහඬව ම සිය නිවෙස වෙත ආවේ ය.
මෙවිට කොක් යුවති තුළ මෙවන් අදහසක් මතුවිණි: "මා කළේ වැරැද්දක්. මට ඒ යෝජනාව පිළිගන්නට තිබුණා. මගේ හුදෙකලා දිවියත් මට දැන් තිත්ත වෙලා". මෙසේ සිතූ කොක් යුවති වහා කොක් තරුණයා සොයා ගියා ය. ඈ තමා විවාහ යෝජනාවට කැමැති බව කොකාට කීය.
"නැහැ නැහැ. මට තවත් නුඹ ඕනෑ නැහැ" කොක් තරුණයා මෙවිට අහංකාර විය.
කොක් යුවති හඬමින් ම ගෙදර ගියා ය.
මේ මොහොතේ දී කොක් තරුණයා ගේ සිත යළි වෙනස් විය. ඒකා දෙවැනි වරට ද කොක් තරුණි සොයා ගියේ ය.
"මා කැමැතියි. අපි බඳීමු" කොකා කී විට කොක් යුවති යළි මෙසේ කීවාය: "මට නුඹ එපා වුණා. එපා.එපා.එපා.එපා. එපාමයි."
කොකා යන්නට ගියේ ය. එහෙත් යළි තරුණි ගේ සිත උණු විය. මේ අයුරින් ඔවුහු එදා පටන් අද දක්වා ම එකිනෙකාට පෙම් බැඳීමට යත්න දරමින් සිටිති. එහෙත් තවමත් දෙදෙනා විවාහ වී නැත.




(රුසියාවේ ජනශ්රැතියක් ඇසුරිනි.)
Last edited:
කවාදවත් සෙට් වෙන්නේ නැති වෙයි rep+






. ඔබ කියන කථාව ගැලපෙන්නේ අතීත කාන්තාවන්ට බව මගේ හැගීමයි.