ප්‍රේමය

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    woodstork761600x450.jpg

    ලක් එක් කොකෙක් හුදෙකලාවේ දිවි ගෙවී ය. මෙසේ කල්ගතවෙත් ම කොකා හට සිය තනිකමින් පිරි දිවිය එපා වන්නට විය. කොකා තමා දිවි ගෙවූ නිවසින් ඔබ්බෙහි පිහිටි විල තරණය කොට එතැන පියකරු නිවෙසක විසූ කොක් තරුණියක වෙත ආවේ ය.

    "මා මෑයට විවාහ යෝජනා කළ යුතුයි. ඈ මා බිරිය වූ විට මගේ දිවියේ තනිකම අතුරුදහන් වේවි". සිතූ කොකා තම සිතිවිල්ල ඒ මොහොතේ ම ක්‍රියාවට නැංවී ය.

    එහෙත් කොක් යුවති ගේ ප්‍රතිචාරය යහපත් වූයේ නැත. "නුඹගේ කකුල් දිගයි, ඇඳුම කොටයි. හොඳින් පියාඹන්නත් බැහැ. මට නුඹ එපා" ඈ කීවා ය.

    මෙයින් තරුණ කොකා ගේ සිත තදින් රිදිණි. එහෙත් කුමක් කරන්නද? කොකා නිහඬව ම සිය නිවෙස වෙත ආවේ ය.

    මෙවිට කොක් යුවති තුළ මෙවන් අදහසක් මතුවිණි: "මා කළේ වැරැද්දක්. මට ඒ යෝජනාව පිළිගන්නට තිබුණා. මගේ හුදෙකලා දිවියත් මට දැන් තිත්ත වෙලා". මෙසේ සිතූ කොක් යුවති වහා කොක් තරුණයා සොයා ගියා ය. ඈ තමා විවාහ යෝජනාවට කැමැති බව කොකාට කීය.

    "නැහැ නැහැ. මට තවත් නුඹ ඕනෑ නැහැ" කොක් තරුණයා මෙවිට අහංකාර විය.

    කොක් යුවති හඬමින් ම ගෙදර ගියා ය.

    මේ මොහොතේ දී කොක් තරුණයා ගේ සිත යළි වෙනස් විය. ඒකා දෙවැනි වරට ද කොක් තරුණි සොයා ගියේ ය.

    "මා කැමැතියි. අපි බඳීමු" කොකා කී විට කොක් යුවති යළි මෙසේ කීවාය: "මට නුඹ එපා වුණා. එපා.
    එපා.එපා.එපා. එපාමයි."

    කොකා යන්නට ගියේ ය. එහෙත් යළි තරුණි ගේ සිත උණු විය. මේ අයුරින් ඔවුහු එදා පටන් අද දක්වා ම එකිනෙකාට පෙම් බැඳීමට යත්න දරමින් සිටිති. එහෙත් තවමත් දෙදෙනා විවාහ වී නැත.

    :confused::confused::confused::confused:
    (රුසියාවේ ජනශ්‍රැතියක් ඇසුරිනි.)
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :lol:කවාදවත් සෙට් වෙන්නේ නැති වෙයි rep+

    Pattayi.....

    aiyooo salli...... :lol:
    maanne thamaa okkotama mula..... :yes:
    කට්ටියටම ගොඩාක් ස්තුතියි... තව ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ කතාවේ ලොකු අර්ථයක් සැගවිලා තියනවා. එහෙම නේද යාලුවනේ...?:D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්තටම ගොඩක් උත්සහ කරන්න ඕනා හොද ආදරයක් ලබා ගන්න ,එත් ගැහැණු කොහොමත් අහන් කරයි ,කවදවත් අපිට 100% ගැලපෙන කෙනෙක් හොයාගන්න බැ ආදරය ප්‍රේමය කියන්නේ සමාන අදහස් හමු වීම නෙමේ විෂම අදහස් සමාන වීමයි නැත්නම් කොක් නියාය තමා හැම දාම
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇත්තටම ගොඩක් උත්සහ කරන්න ඕනා හොද ආදරයක් ලබා ගන්න ,එත් ගැහැණු කොහොමත් අහන් කරයි ,කවදවත් අපිට 100% ගැලපෙන කෙනෙක් හොයාගන්න බැ ආදරය ප්‍රේමය කියන්නේ සමාන අදහස් හමු වීම නෙමේ විෂම අදහස් සමාන වීමයි නැත්නම් කොක් නියාය තමා හැම දාම
    ස්තුතියි සහෝ... ඒ වගේම ඔබ මතු කරන අදහස සමග කොන්දේසි විරහිතව එකග වෙනවා:yes:. ඒ වගේම මේ කතාවේ නොකියවුණ දේ වගේම අපිට ගන්න තියන දේ වර්තමානයට ගලපුවොත්, (මා ලද අත්දැකීම් අනුව) විවාහ වුවද කොක් න්‍යාය වලංගු වී ඇති බව මට හැගේ. මේ අත්දැකීම සමහර විට ඔබද නිරීක්ෂණය කර ඇති. සමහර මිතුරු සම්භාෂණ වලදී, සමහරුන් තම ප්‍රිය බිරිද දිනා ගැනීම සදහා කල වික්‍රම, මෙන්ම මුලදී (කොක් යුවතිය මෙන්) ඇගෙන් ලද අහංකාර ප්‍රතික්ෂේප කිරීම්, අවලාද, නින්දා වැනි දේ අන්‍යන් සමග රස කර කීමේදී කිනම් හෝ මොහොතක ඒ අදාළ කාන්තාව නිරීක්ෂණය කළහොත් ඇය පත්වී ඇති අපහසුතාව දැක තිබේද? :)
     
    එකනම් ඇත්ත සිරා ,හොද කෙල්ලෙක් එක පාරනම් කැමති වෙන්නේ නැ සැහෙන ගේමක් දෙන්න වෙනවා නේද යාලු කරගන්න ;);););)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්තුතියි සහෝ... ඒ වගේම ඔබ මතු කරන අදහස සමග කොන්දේසි විරහිතව එකග වෙනවා:yes:. ඒ වගේම මේ කතාවේ නොකියවුණ දේ වගේම අපිට ගන්න තියන දේ වර්තමානයට ගලපුවොත්, (මා ලද අත්දැකීම් අනුව) විවාහ වුවද කොක් න්‍යාය වලංගු වී ඇති බව මට හැගේ. මේ අත්දැකීම සමහර විට ඔබද නිරීක්ෂණය කර ඇති. සමහර මිතුරු සම්භාෂණ වලදී, සමහරුන් තම ප්‍රිය බිරිද දිනා ගැනීම සදහා කල වික්‍රම, මෙන්ම මුලදී (කොක් යුවතිය මෙන්) ඇගෙන් ලද අහංකාර ප්‍රතික්ෂේප කිරීම්, අවලාද, නින්දා වැනි දේ අන්‍යන් සමග රස කර කීමේදී කිනම් හෝ මොහොතක ඒ අදාළ කාන්තාව නිරීක්ෂණය කළහොත් ඇය පත්වී ඇති අපහසුතාව දැක තිබේද? :)

    hmmm ehema idala antimata wayasata giyama ona kenekta kamthi wenawa ekada :confused:
    හපෝ නැහැ... එක නම් නෙමෙයි :no:. ඔබ කියන කථාව ගැලපෙන්නේ අතීත කාන්තාවන්ට බව මගේ හැගීමයි.
     
    Last edited: