නමෝ_බුද්ධාය!

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    b5_zps2a97dd7a.jpg



    [FONT=&quot]ව්‍යවහාර[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]2003 [/FONT][FONT=&quot]ඔක්තෝම්බර් මාසයෙහි මහමෙව්නාව භාවනා අසපුවෙන් පන්සියයක් පමණ[/FONT][FONT=&quot]සැදැහැවත් පිරිස සමඟ දඹදිව වන්දනාවෙහි ගියෙමු. එවකට බුද්ධගයාවේ ශ‍්‍රී ලංකා[/FONT][FONT=&quot]මහාබෝධි මධ්‍යස්ථානයෙහි අධිපතිව සිටි පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ සමඟ[/FONT][FONT=&quot]අපි බොහෝ වේලාවක් බෞද්ධ ප‍්‍රබෝධය කෙසේ ඇතිකළ යුතු දැයි සාකච්ඡා කරමින්[/FONT][FONT=&quot]සිටියෙමු. එහිදී [/FONT][FONT=&quot]2550[/FONT][FONT=&quot] වෙනි බුද්ධ ජයන්තිය මාතෘකාවට ගැණින. ව්‍යාවහාර වර්ෂ[/FONT][FONT=&quot] 2006 [/FONT][FONT=&quot]වෙසක් පුන් පොහෝ දිනට බුදුරජුන් පිරිනිවී [/FONT][FONT=&quot]2550 [/FONT][FONT=&quot]වෙනි වසර සපිරෙන හෙයින්[/FONT][FONT=&quot]එය සැමරීම උදෙසා අප කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කළෙමු. එහිදී[/FONT][FONT=&quot]බුද්ධගයාවෙහි තිබෙන සියලු ථේරවාද බෞද්ධ රටවල්වලට අයත් විහාරස්ථාන මුල්කොට[/FONT][FONT=&quot]ගෙන දස දිනක ත‍්‍රිපිටක සජ්ඣායනාවක් පැවැත්වීම මැනැවැයි නිගමනය කළෙමු. ඒ[/FONT][FONT=&quot]අනුව මම ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීවලී ස්වාමීන් වහන්සේ ද බුද්ධගයාවෙහි ථේරවාද විහාරස්ථානයන්හි[/FONT][FONT=&quot]වැඩසිටින ප‍්‍රධාන භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළෙමු.[/FONT][FONT=&quot]උන්වහන්සේලා මෙයට ඉතා කමැති වූ නමුත් ත‍්‍රිපිටක සජ්ඣායනාව කෙසේ කළ යුතු[/FONT][FONT=&quot]දැයි නොදත් සේක. අපට ද ඒ පිළිබඳව ඉන් පෙර ලද අත්දැකීමක් නැත. නමුත් කෙසේ හෝ[/FONT][FONT=&quot]ත‍්‍රිපිටක සජ්ඣායනය කළ යුතු නිසා එහි සියලු මූලික සැලසුම් මවිසින් සකස්[/FONT][FONT=&quot]කරන ලදී.[/FONT]


    [FONT=&quot]මේ[/FONT][FONT=&quot]අදහස රැගෙන ලංකාවට පැමිණි මා විසින් මහමෙව්නාව අසපුවෙහි ස්වාමීන් වහන්සේලා[/FONT][FONT=&quot]පනස් නමක් ත‍්‍රිපිටකය මැනැවින් සජ්ඣායනා කරන්නට පුහුණු කරන ලද්දාහ. එය[/FONT][FONT=&quot]කරන ලද්දේ පාළි භාෂාවෙනි. ශ‍්‍රී ලංකාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාදේශය හා නේපාලය යන[/FONT][FONT=&quot]රටවල්වල භික්ෂූන් වහන්සේලා එක්පසෙක සජ්ඣායනා කිරීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තායිලන්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුරුම සහ[/FONT][FONT=&quot]කාම්බෝජ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව සජ්ඣායනා කිරීමටත් තීරණය විය. එසේ[/FONT][FONT=&quot]වූයේ උච්චාරණයේ ඇති පැහැදිලි වෙනස්කම් නිසා ය. අපට මෙන් හොඳින් අක්ෂර[/FONT][FONT=&quot]උච්චාරණය කිරීමට ඒ රටවල භික්ෂූන් වහන්සේලාට අසීරු ය.[/FONT]


    [FONT=&quot]අපගේ[/FONT][FONT=&quot]ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉතා උද්යෝගීමත්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහත් කැපවීමෙන් යුක්තව දීඝ[/FONT][FONT=&quot]නිකාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මජ්ඣිම නිකාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අංගුත්තර නිකාය ආදී නිකාය ග‍්‍රන්ථයන්හි ඇති සූත‍්‍ර[/FONT][FONT=&quot]දේශනා මැනැවින් සජ්ඣායනා කිරීමට සමර්ථ වූහ. මේ අනුව [/FONT][FONT=&quot]2006 [/FONT][FONT=&quot]පෙබරවාරි මාසයට[/FONT][FONT=&quot]යෙදෙන ඉන්දීය ක‍්‍රමයට සැමරෙන බුද්ධජයන්තිය නිමිත්තෙන් බුද්ධගයාවෙහි[/FONT][FONT=&quot]වජ‍්‍රාසනය අබියස ප‍්‍රථම ත‍්‍රිපිටක සජ්ඣායනාව මහමෙව්නාව භාවනා අසපුවේ[/FONT][FONT=&quot]ස්වාමීන් වහන්සේලාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙයට සහභාගී වූ සියලු[/FONT][FONT=&quot]ථේරවාද බෞද්ධ රටවල භික්ෂූහු අතිශයින්ම ප‍්‍රබෝධවත් වූහ. මාගේ අදහසක් අනුව[/FONT][FONT=&quot]එය ආරම්භ කරන ලද්දේ දම්සක් පැවතුම් සූත‍්‍ර සජ්ඣායනාවෙනි. ටිබෙට් බෞද්ධ[/FONT][FONT=&quot]නායක දළයි ලාමා තුමා ද මෙහි ප‍්‍රථම උත්සවයට සහභාගී වූ අතර එතුමා විසින් ද[/FONT][FONT=&quot]ථේරවාද ක‍්‍රමයට ඉංග‍්‍රීසි අකුරින් යුතුව අප ලබා දුන් දම්සක් පැවතුම්[/FONT][FONT=&quot]සූත‍්‍රය සජ්ඣායනා කරන ලදී. මෙම සජ්ඣායනාව සාර්ථක විය. එනිසා සතුටට පත්[/FONT][FONT=&quot]සියල්ලන්ගෙන්ම මෙය වාර්ෂිකව කළ යුතු යැයි බලවත් ඉල්ලීම් ලැබුණි. මෙයට[/FONT][FONT=&quot]මහායාන භක්තික එක් කාන්තාවකගෙන් ද අනුග‍්‍රහ ලැබුණි. ලක්දිව[/FONT][FONT=&quot]සැදැහැවතුන්ගෙන් ද අනුග‍්‍රහ ලැබුණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot]ත‍්‍රිපිටක සජ්ඣායනාවේදී අප දුටු ඉතා සංවේගජනක කරුණ වූයේ ඉන්දීය භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලා කිසිවෙකුටත් පැහැදිලිව සූත‍්‍ර දේශනා සජ්ඣායනා කරගත නොහැකි වීමයි.[/FONT][FONT=&quot]ඒ වෙනුවෙන් කිසිවෙක් මෙතෙක් උදව් කොට ද නැත. බුද්ධ ශාසනය කෙරෙහි ඇති මහත්[/FONT][FONT=&quot]ශ‍්‍රද්ධාව හේතුවෙන් [/FONT][FONT=&quot]2007[/FONT][FONT=&quot] වර්ෂයෙහි වස්සාන කාලය බුද්ධගයාවෙහි ගත කළ මා වස්[/FONT][FONT=&quot]තුන් මස මුළුල්ලේ ඉන්දීය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාදේශ භික්ෂූන් වහන්සේලා පනස් නමකට අධික සඟ[/FONT][FONT=&quot]පිරිසකට තුන් සරණේ සිට මැනැවින් උච්චාරණය කොට තුන් සූත‍්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දම්සක්[/FONT][FONT=&quot]පැවතුම් සූත‍්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනත්ත ලක්ඛණ සූත‍්‍රය මෙන්ම මජ්ඣිම නිකාය ආදියෙහි තිබෙන[/FONT][FONT=&quot]සූත‍්‍ර දේශනා ද සජ්ඣායනා කිරීමට පුහුණු කරන ලදී. එය ද සාර්ථක විය.[/FONT]

    b1_zps94264b88.jpg




    [FONT=&quot]මෙසේ[/FONT][FONT=&quot]වාර්ෂිකව ත‍්‍රිපිටක සජ්ඣායනාව කරගෙන යන අතර තායි භික්ෂූන් වහන්සේලාට මෙහි[/FONT][FONT=&quot]ප‍්‍රධානත්වය ගැනීමට ආශාවක් ඇතිවිය. ඒ සඳහා අර මහායානික කාන්තාව ද පොළඹවා[/FONT][FONT=&quot]ගන්නා ලදී. ත‍්‍රිපිටක සජ්ඣායනාව බිහිවූයේ මාගේ සහ සීවලී ස්වාමීන් වහන්සේගේ[/FONT][FONT=&quot]සංකල්පයක් අනුව ය. එයින් ඇතිවූ ප‍්‍රබෝධය නිසා ය ඒ කෙරෙහි තායි භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලාට තෘෂ්ණාව හටගත්තේ. එයට කළකිරුණු මම ත‍්‍රිපිටක සජ්ඣායනාවෙන්[/FONT][FONT=&quot]ඉවත්වීමි. මාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණු අවසන් ත‍්‍රිපිටක සජ්ඣායනාව[/FONT][FONT=&quot]සිදුවූයේ [/FONT][FONT=&quot]2008 [/FONT][FONT=&quot]වසරේදීය. මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා පමණක් මෙයට සහභාගී[/FONT][FONT=&quot]වන්නේ මන්දැයි කියමින් ලංකාවේ ඇතැම් භික්ෂූන් විසින් චෝදනා කළ හෙයින්[/FONT][FONT=&quot]මහමෙව්නාවේ සඟ පිරිස විසිපස් නමකට අඩු කොට ඉතුරු විසි පස් නම අනෙකුත්[/FONT][FONT=&quot]විහාරස්ථාන වලින් වඩම්මවා ගැනීමට තීරණය විය. එය ද අප විසින් සතුටින් කරන[/FONT][FONT=&quot]ලදී. පින්කමක වටිනාකම දන්නා නිසා ය.[/FONT]


    [FONT=&quot]එම[/FONT][FONT=&quot] 2008[/FONT][FONT=&quot] වසරේ පෙබරවාරි මස බුද්ධගයාවෙහි ත‍්‍රිපිටක සජ්ඣායනාව කෙරෙන අතරේ[/FONT][FONT=&quot]බුද්ධ වර්ෂය පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියෙමු. බුදුරජාණන් වහන්සේ[/FONT][FONT=&quot]පිරිනිවන් පා [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]වසරට බුද්ධ වර්ෂ [/FONT][FONT=&quot]2555 [/FONT][FONT=&quot]ක් පිරෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උන්වහන්සේ[/FONT][FONT=&quot]සම්බුද්ධත්වය ලැබුවේ ඊට හතළිස් පස් වසරකට පෙර හෙයින් ව්‍යවහාර වර්ෂ [/FONT][FONT=&quot]2011[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot]විට සම්බුදු බව ලබා වසර [/FONT][FONT=&quot]2600 [/FONT][FONT=&quot]සම්පූර්ණ වන බවටත් අප විසින් අදහසක් ඉදිරිපත්[/FONT][FONT=&quot]කරන ලදී. අපගේ පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ මෙන්ම ත‍්‍රිපිටක[/FONT][FONT=&quot]සජ්ඣායනාවේ සංවිධාන කටයුතු භාරව සිටි ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ[/FONT][FONT=&quot]සමඟ ද මේ ගැන අපි සාකච්ඡා කළෙමු. එය ඉතා අගය කිරීමට ලක්විය. ඒ අවස්ථාවෙහි[/FONT][FONT=&quot]අපගේ ති‍්‍රපිටක සජ්ඣායනාව වෙනුවෙන් වැඩමකළ අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද[/FONT][FONT=&quot]අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මවිසින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ[/FONT][FONT=&quot]මාගේ මෙම සංකල්පය මා ඉදිරිපත් කළ හොත් එය ඇතැම් භික්ෂූන් විසින් යටපත් කළ[/FONT][FONT=&quot]හැකි නිසා ඔබවහන්සේ ඉදිරිපත් කරන්න කියා ය. උන්වහන්සේ ද එම අදහස බොහෝ අගය[/FONT][FONT=&quot]කළ සේක.[/FONT]


    [FONT=&quot]එම[/FONT][FONT=&quot]ත‍්‍රිපිටක සජ්ඣායනාවෙන් පසු තායි භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද අකෘතඥ[/FONT][FONT=&quot]ක‍්‍රියාව හේතුවෙන් ඇතිවූ කළකිරීම නිසා ත‍්‍රිපිටක සජ්ඣායනාවෙන් මම ඉවත්[/FONT][FONT=&quot]වීමි. ටික කලක් බුද්ධගයාවෙහි බුදුනුවණ අසපුවෙහි රැඳී සිටියෙමි. යළි ලංකාවට[/FONT][FONT=&quot]මා පැමිණෙන විට සියලු තන්හිම ඉතා මනස්කාන්ත බැනරයන් දිස්විය. එනම් [/FONT][FONT=&quot]‘2600 [/FONT][FONT=&quot]ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමු [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]පිළිවෙතින් පෙළගැසෙමු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන්නයි. මෙය[/FONT][FONT=&quot]දුටු මම බලවත් අමන්දානන්දයට පත්වීමි. එදා බුද්ධගයාවෙහිදී මෙම අදහස මා[/FONT][FONT=&quot]ඉදිරිපත් නොකරන්නට අද ඇති ප‍්‍රබෝධය කිසිසේත් දක්නට නොලැබෙනු නිසැකය. අද[/FONT][FONT=&quot]කොළඹ ඉදිවී තිබෙන සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය පවා කිසිසේත් ඉදිනොවනු ඇත.[/FONT][FONT=&quot]සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රජය ප‍්‍රධාන භික්ෂූන් වහන්සේලා කරනු ලබන[/FONT][FONT=&quot]නොයෙක් පින්කම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් සම්භාෂණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් සම්මන්ත‍්‍රණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් සැළසුම්[/FONT][FONT=&quot]කිසිවක් නොවනු ඇත. මේ සියල්ල ඇතිවූයේ අපගේ සිතෙහි හටගත් සැදැහැබර සංකල්පයක්[/FONT][FONT=&quot]නිසා නොවේදැයි සිතන විට ඉමහත් සතුටක් හටගනී.[/FONT]


    b2_zps57eda215.jpg



    [FONT=&quot]මෙසේ[/FONT][FONT=&quot]ලක්දිව සම්බුද්ධ ජයන්ති සංකල්පය ඔස්සේ දැවැන්ත ප‍්‍රබෝධයක් ඇතිවෙන විට මම ද[/FONT][FONT=&quot]හුදෙකලාවේ සිටිමින් මහමෙව්නාවෙන් කුමක් කළ යුතු දැයි කල්පනා කළෙමි. ඒ අනුව[/FONT][FONT=&quot]වසරක් පුරාවට අපගේ මහමෙව්නාවෙහි ප‍්‍රධාන ස්ථානයන්හි ත‍්‍රිපිටක[/FONT][FONT=&quot]සජ්ඣායනාවක් පවත්වන්නට තීරණය විය. ඒ හේතුවෙන් කටපාඩමින් ත‍්‍රිපිටකය දරාගත[/FONT][FONT=&quot]හැකි භාණක භික්ෂූන් වහන්සේලා බිහිකිරීම පිණිස යම් උත්සාහයක් ගත යුතු යැයි[/FONT][FONT=&quot]අදහස් විය. එමෙන්ම අනුස්මරණීය උපහාර පූජා වශයෙන් චෛත්‍ය ඉදිකිරීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝධීන් වහන්සේලා රෝපණය කිරීමටත් අපි අදහස් කළෙමු. [/FONT][FONT=&quot]2010 [/FONT][FONT=&quot]වසරේ මවිසින් ආරම්භ[/FONT][FONT=&quot]කළ එම සැහැදැබර සසුන් වැඩපිළිවෙල [/FONT][FONT=&quot]2011[/FONT][FONT=&quot] වසරේ [/FONT][FONT=&quot]2600[/FONT][FONT=&quot] වෙනි ශ‍්‍රී සම්බුද්ධත්ව[/FONT][FONT=&quot]ජයන්තිය වෙනුවෙන් මැනැවින් පෙළගැසෙමින් තිබිණ. එ් අනුව කුණ්ඩසාලේ මහමෙව්නාව[/FONT][FONT=&quot]භාවනා අසපුවෙහි අඩි [/FONT][FONT=&quot]107 [/FONT][FONT=&quot]ක් උසැති සිරි ගෞතම සම්බුදු මහා සෑය නමින් මහා[/FONT][FONT=&quot]සෑයක් ඉදිවිය![/FONT]


    [FONT=&quot][/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]2600 [/FONT][FONT=&quot]වෙනි සම්බුද්ධත්වය ජයන්තිය යනු ජයන්ති කිහිපයක එකතුවකි. එනම් අප බුදුරජුන්[/FONT][FONT=&quot]පළමු දම් දෙසුම පවත්වා එම වසරේ ඇසළ පොහොයට [/FONT][FONT=&quot]2600[/FONT][FONT=&quot] වෙනි ධර්ම චක‍්‍ර ජයන්තිය ද[/FONT][FONT=&quot]ලබයි. [/FONT][FONT=&quot]2600[/FONT][FONT=&quot] වෙනි ආර්ය සංඝ ජයන්තිය ද ලබයි. මෙය අසිරිමත් ත‍්‍රිවිධ[/FONT][FONT=&quot]ජයන්තියකි! ත‍්‍රිපිටක සජ්ඣායනාව සහ ධර්ම විනයානුකූල සඟ පිරිසක් බිහිවීම[/FONT][FONT=&quot]ආර්ය සංඝ ජයන්තියට උපහාරයකි! [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]ඇසළ මස පුන් පොහෝ දින පොල්ගහවෙල[/FONT][FONT=&quot]මහමෙව්නාවෙහි අඩි [/FONT][FONT=&quot]97[/FONT][FONT=&quot]ක් උසැති සිරි ගෞතම දම්සක් මහා සෑය නමින් මහා සෑයක්[/FONT][FONT=&quot]ඉදිවූයේ ධර්ම චක‍්‍ර ජයන්තියට උපහාර වශයෙනි.[/FONT]


    b3_zpsf9bd690b.jpg



    [FONT=&quot]දම්සක් මහා සෑය නමින් මහා සෑයක්[/FONT][FONT=&quot]ඉදිවූයේ ධර්ම චක‍්‍ර ජයන්තියට උපහාර වශයෙනි.[/FONT]
    [FONT=&quot]එදා[/FONT][FONT=&quot]සම්බුදුරජුන් ජීවමානව වැඩසිටියදී ශ‍්‍රාවක ජනයා ඔවුනොවුන් මුණගැසුණ කල්හී[/FONT][FONT=&quot]දෑත් එක්කොට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියා පැවසූහ. මෙම ඉපැරණි බෞද්ධ සංස්කෘතියෙහි[/FONT][FONT=&quot]බලපෑම නිසාවෙන් අද හින්දු ජනයා මුණගැසුණු විට දෑත් එක්කොට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ නාරයන[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යැයි[/FONT][FONT=&quot]කියති. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ඔම් නමඃ ශිවාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියති. ඇතැම් බෞද්ධයන් පවා සායිබාබාගේ ආශ‍්‍රමයට[/FONT][FONT=&quot]ගිය කල්හී [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ සායිරාම්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියති. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන්න බෞද්ධයින්ට මතක නැත.[/FONT][FONT=&quot]මෙම අභාග්‍යසම්පන්න තත්වයෙන් අත්මිදීමට යළිත් ඒ පැරණි සාරධර්ම සමීපකරගත[/FONT][FONT=&quot]යුතු බව අපට වැටහිණි. එ් අනුව ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝදා[/FONT][FONT=&quot]සැදැහැවතුන්ගෙන් මා ඉල්ලා සිටියේ යළිත් වරක් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]භාවිතයට ගත යුතු[/FONT][FONT=&quot]බවයි. මෙය සියවස් ගණනාවක් අප රටෙහි භාවිත වූ උතුම් වැකියකි. නිදහසෙන් පසු ඒ[/FONT][FONT=&quot]සියලු දෑ වැළලී ගියේය. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනු බුදුරජාණන් වහන්සේට නමස්කාර[/FONT][FONT=&quot]වේවා! යන්නයි. තෙරුවන් සරණ හඳුනාගත් සිව්වණක් පිරිසම අද ඉතා සතුටින් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ[/FONT][FONT=&quot]බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]භාවිත කරති.[/FONT]


    [FONT=&quot]එමෙන්ම[/FONT][FONT=&quot] 2011 [/FONT][FONT=&quot]වසරේ උඳුවප් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව අසපුවෙහි සිරි ගෞතම[/FONT][FONT=&quot]බෝධි මණ්ඩපය ඉදිකරන ලද්දේ ද සම්බුද්ධත්වයට උපහාර වශයෙනි. මෙසේ මහත්[/FONT][FONT=&quot]ප‍්‍රබෝධයක් මහමෙව්නාව අසපු සංචිතය තුළ ඇතිවන විට එය බොහෝ කලක් පවත්වනු වස්[/FONT][FONT=&quot]කුමක් කළ යුතු දැයි මා සිතමින් සිටියදී අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ[/FONT][FONT=&quot]අත්‍යුදාර ශ‍්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස රාජමාළිගාවක් බඳු විහාරයක් කළ[/FONT][FONT=&quot]යුතුයැයි සිතිවිල්ල පැනනැංගේය. ඒ අනුව සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව නමින්[/FONT][FONT=&quot]අසදෘශ විහාර මාළිගාවක් ඉදිරිකිරීමට මවිසින් සැලසුම් කරන ලදී.[/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් විවිධ මාළිගා පිළිබඳව හැඩරූ සොයමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දියාවේ ඉදිවී ඇති[/FONT][FONT=&quot]සුවිසල් හින්දු දේවමන්දිර වල හැඩරුව සොයමින් මම වෙහෙසුණෙමි. අවසානයෙහි ඒ[/FONT][FONT=&quot]කිසිවකටත් නෑකම් නොකියන ඉතා ස්වාධීන වූ කදිම සැලැස්මක් බිහිවිය.[/FONT]


    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot]මාළිගය ඇතුළුවීමේ ප‍්‍රධාන දොරටුවකින් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතුල් මාලයෙහි වජ‍්‍රාසනය මත[/FONT][FONT=&quot]වැඩසිටින අනභිභවනීය ශ‍්‍රී සම්බුද්ධත්වය ලබමින් සිටින සම්මාසම්බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේගේ පිළිම වහන්සේ නමකගෙන්ද මනස්කාන්ත උඩුමහලිකින් ද නිර්මාණය විය.[/FONT][FONT=&quot]දඟකාර ඇත්පෙළහරකින් මතුවන ගජාසනය සහිත වූ වජ‍්‍රාසනය මත බුදුරජාණෝ[/FONT][FONT=&quot]වැඩසිටිති. එ් දෙපස මිහිකතගේ වන්දනාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙව්බඹුන්ගේ ප‍්‍රීතිඝෝෂා සහිත[/FONT][FONT=&quot]නෘත්‍යයත් සිතුවම් කොට ඇත. එම මාළිග ශාලාවෙහි දෙපස බුදුරජුන්ගේ අනුත්තර[/FONT][FONT=&quot]පුරිසදම්ම සාරථී ගුණයට අදාළ සිදුවීම් සිතුවම් කොට ඇත. එහි උඩ මහාසමය[/FONT][FONT=&quot]සිතුවම් කොට ඇත.[/FONT]
    [FONT=&quot]ඇතුළුවීමේ[/FONT][FONT=&quot]ප‍්‍රධාන දොරටුවට පැමිණෙන කල්හි තම දකුණු පසින් දිස්වන්නේ අප මහා බෝසතාණන්[/FONT][FONT=&quot]වහන්සේ වෙස්සන්තර ආත්මභාවයෙහි මහා පොළොව කම්පා කරවමින් දන් දුන් අයුරුය.[/FONT][FONT=&quot]මාළිගයට ගොඩවූ සැණින් එහි දැවැන්ත උළුවස්ස උඩ කකුසඳ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෝණාගමණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාශ්‍යප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෞතම යන සිව් බුදුරජවරු වැඩවෙසෙති. ඇතුළු වූ සැණින් උඩ බැලූ විට[/FONT][FONT=&quot]විසිඅසංඛෙය්ය කල්ප ලක්ෂයකට පෙර අප බෝසතුන් මව් කර තබා පිහිනා යන අයුරු[/FONT][FONT=&quot]දිස්වේ. ඉන් වම් පස සුමේධ තවුස් නියත විවරණ ලබන අයුරු දිස්වේ. ඉන් දකුණු පස[/FONT][FONT=&quot]මහාමායා දේවිය දක්නා සිහිනය දිස්වේ. එයට පහළින් අසිරිමත් බෝසත් උපත[/FONT][FONT=&quot]නිරූපණය කොට ඇත. ඉන් වම් පස සන්තුසිත දිව්‍යරාජයා නිරූපණය කොට ඇත. එතැනම[/FONT][FONT=&quot]ඝටීකාර බ‍්‍රහ්මරාජයා ද නිරූපණය කොට ඇත. දකුණුපසින් සක්දෙවිඳුගේ අලංකාර[/FONT][FONT=&quot]ප‍්‍රතිමාවකි. එය පසුකරන විටම ධුතාංගධාරීන්ගෙන් අග‍්‍ර වූ මහා කස්සප[/FONT][FONT=&quot]මහරහතන් වහන්සේගේ ජීවමාන අයුරින් දිස්වන ප‍්‍රතිමාවකි. අනතුරුව දක්නට[/FONT][FONT=&quot]ලැබෙන්නේ දම්සක් පැවැතුම් මුද්‍රාවෙන් යුතු අලංකාර සම්බුද්ධ ප‍්‍රතිමා[/FONT][FONT=&quot]වහන්සේ ය. එය ද නෙලා තිබෙන්නේ මිගාසනය මතය. ප‍්‍රධාන පිළිම වහන්සේ වන්දනා[/FONT][FONT=&quot]කොට තම දකුණු පසින් පැමිණෙන විට පිරිනිවන් මුද්‍රාවෙන් සැතපෙන පිළිම වහන්සේ[/FONT][FONT=&quot]ය. එය පසුකරන කල්හී සජීවී අයුරින් අනඳ මහරහතන් වහන්සේ වැඩසිටිති. එයට අදාළ[/FONT][FONT=&quot]යම් යම් සිතුවම් ද රඳවා තිබෙන්නේ රාජමාළිගාවක ආකාරයෙනි.[/FONT]

    b4_zps7e3ab4b4.jpg



    [FONT=&quot]උඩුමහලෙහි[/FONT][FONT=&quot]කොටස් දෙකකි. එහි ප‍්‍රධාන කොටස නම් කෙරෙන්නේ වැඩහිඳින මාළිගාව ලෙස ය. එහි[/FONT][FONT=&quot]ධාතූන් වහන්සේලා වැඩසිටින සේක. අනිත් කොටස නම් කෙරෙන්නේ පත්තිරිප්පුව ලෙස[/FONT][FONT=&quot]ය. එය ස්වාමීන් වහන්සේලාට සමථ විදර්ශනා භාවනා වැඞීම පිණිස ය. එමෙන්ම[/FONT][FONT=&quot]උඩුමහලෙහි බුදුරැස් විහිදෙන පරිද්දෙන් බෞද්ධ ධජ පතාකයන් මැනැවින් උඩට නංවා[/FONT][FONT=&quot]ඇත. උඩුමහලෙහි දෙපස සම්බුදු පෙළහර නමින් සිටි ඉරියව්වෙන් වැඩසිටින පිළිම[/FONT][FONT=&quot]වහන්සේලා ය. එහි මැද දුෂ්කර ක‍්‍රියාවෙහි අධිෂ්ඨාන පූර්වකව යෙදෙන අප මහා[/FONT][FONT=&quot]බෝසතාණෝ ය. අඩි එකසිය හතක් උසැති මෙම සිරි සම්බුද්ධ රාජ මාළිගාව වසරක් වැනි[/FONT][FONT=&quot]සුළු කලක් තුළ නිමවීම අප විසින් සසරෙහි කරන ලද පුණ්‍ය විපාකයක ආනිශංසයක්[/FONT][FONT=&quot]යැයි මට සිතෙන්නේ මෙය එතරම්ම අසිරිමත් අයුරින් නිමවන නිසා ය. ගෞතම[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධා භක්තියෙන් යුක්තව මා විසින් ගෙනයන මේ[/FONT][FONT=&quot]වැඩපිළිවෙල බොහෝ දෙවිමිනිසුන්ගේ භක්තියට බඳුන් වී ඇති බව මෙහි පැමිණෙන ඕනෑම[/FONT][FONT=&quot]කෙනෙකුට දැකගත හැකිය. තනි භික්ෂුවකගේ සිතෙහි පැණනැඟුණ ශ‍්‍රී සම්බුද්ධත්ව[/FONT][FONT=&quot]ජයන්ති සංකල්පය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ක‍්‍රියාත්මක වූයේ මේ[/FONT][FONT=&quot]අයුරිනි.[/FONT]

    [FONT=&quot]මෙයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ




    [/FONT]
    [FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කියන සජ්ජායනාවෙන් පස්සෙද මචන් මහමෙවුනාවෙන් ත්‍රිපිටකයෙන් අභිධර්ම පිටකය අයින් කරේ???
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    [FONT=&quot]පි[/FONT][FONT=&quot]න්වතුනි[/FONT], [FONT=&quot]පින්වත් දරුවෙනි[/FONT], [FONT=&quot]අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර[/FONT] [FONT=&quot]මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව[/FONT] [FONT=&quot]විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක්[/FONT] [FONT=&quot]නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත[/FONT] [FONT=&quot]සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු[/FONT] [FONT=&quot]දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට[/FONT], [FONT=&quot]අසහනයට[/FONT], [FONT=&quot]වේදනාවට[/FONT], [FONT=&quot]කලබලයට[/FONT], [FONT=&quot]දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද[/FONT], [FONT=&quot]ඒ සියලු දෙයින් නිදහස්[/FONT] [FONT=&quot]වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ[/FONT] [FONT=&quot]සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා.[/FONT] [FONT=&quot]ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික[/FONT] [FONT=&quot]දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන්[/FONT] [FONT=&quot]වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලොවට[/FONT] [FONT=&quot]අකාලික සත්‍යය දන් දුන් බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු සත්‍යාවබෝධ කළ[/FONT] [FONT=&quot]නිකෙලෙස් මුනිවරු තම සත්‍යාවබෝධයට උපකාරී වූ ඒ ධර්මය මැනැවින් සංරක්ෂණය[/FONT] [FONT=&quot]කළා. එය කරන ලද්දේ එකල භාවිත වූ මාගධී හෙවත් පාළි භාෂාවෙනි. ඒ නිකෙලෙස්[/FONT] [FONT=&quot]මුනිවරු ධර්මදූතයන් ලෙස ලෝකයට රැගෙන ගියේ සත්‍යාවබෝධයට උපකාරී වූ උතුම්[/FONT] [FONT=&quot]බුද්ධ වචනයයි. ධර්මාශෝක නිරිඳුන්ගේ ධර්මදූත සේවාවෙහි ඵලයක් ලෙසින් එතුමාගේ[/FONT] [FONT=&quot]පුත්රුවන වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මව්බිමට වැඩියේ ද ඒ නිර්මල බුද්ධ[/FONT] [FONT=&quot]වචනය රැගෙන ය. උන්වහන්සේ විසින් එය ඒ අයුරින් ම එකල ජීවත් වූ අප මුතුන්[/FONT] [FONT=&quot]මිත්තන්ට ඉගැන්නුවා. සත්‍යාවබෝධයට උපකාරී වන අලෞකික ජීවිතයක් පිණිස පැවිදි[/FONT] [FONT=&quot]බව ද හඳුන්වා දුන්නා. ගිහි ජීවිතය ගෙවමින් බුදුරජුන්ගේ ශ්‍රාවකයන් බවට පත්ව[/FONT] [FONT=&quot]ඒ ධර්මයට අනුව ජීවත්ව රැකවරණය සලසා ගත හැකි අයුරු පෙන්වා දුන්නා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කාලයාගේ ඇවෑමෙන් ඇතිවන[/FONT] [FONT=&quot]විවිධ ආර්ථික[/FONT], [FONT=&quot]සාමාජික[/FONT], [FONT=&quot]දේශපාලනික[/FONT], [FONT=&quot]අධ්‍යාපනික[/FONT], [FONT=&quot]ආගමික අර්බුද හේතුවෙන්[/FONT] [FONT=&quot]ප්‍රායෝගිකව තිබිය යුතු එහි නිර්මල ස්වරූපය අතුරුදන්ව ගියා. නමුත් අපගේ[/FONT] [FONT=&quot]වාසනාවකට මෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ඒ නිර්මල බුද්ධ වචනය ඒ[/FONT] [FONT=&quot]අයුරින් ම සුරැකී තිබුණා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බුදු සසුනෙහි[/FONT] [FONT=&quot]ප්‍රායෝගිකත්වය මෙසේ අතුරුදන්ව ගියත් මිනිසුන්ගේ සත්‍යය සෙවීමේ ආශාව[/FONT] [FONT=&quot]අතුරුදන් වන්නේ නෑ. ගත කරන ජීවිතයට වඩා විශේෂ යමක් ලබා ගැනීමේ ආශාවෙන්[/FONT] [FONT=&quot]ඔවුන් පෙළෙනවා. බුද්ධ කාලයේ තරම් ම සත්‍යය සෙවීම පිණිස ඔවුන් උනන්දු නැති[/FONT] [FONT=&quot]නමුත් සත්‍යාවබෝධයට ආශාව දක්වන නුවණැති මිනිසුන් අද පවා සිටිනවා. මා සත්‍යය[/FONT] [FONT=&quot]සෙවීමේ ආශාවෙන් පෙළෙමින් ඒ ධර්මය හැදෑරීම පිණිස මහත් වෙහෙසක් ගත්තා.[/FONT] [FONT=&quot]මිහිඳු මහරහතුන් අපට දායාද කළ සියලුම බුද්ධ වචනය කියවන්නට තරම් මා[/FONT] [FONT=&quot]වාසනාවන්ත වුණා. ලොවෙහි ඇති අතිශයින් ම විස්මිත ප්‍රඥාව වනාහී බුද්ධ ධර්මය[/FONT] [FONT=&quot]යි. බුදුරජාණන් වහන්සේ සතු අසාමාන්‍ය ප්‍රතිභා ශක්තිය[/FONT], [FONT=&quot]මහා කරුණාව[/FONT], [FONT=&quot]ලොවට[/FONT] [FONT=&quot]නොඇලී සිටීම[/FONT], [FONT=&quot]අලෞකික ජීවිතය[/FONT], [FONT=&quot]පවිත්‍ර මනස සහ බුද්ධිමය අනන්‍යතාව ඒ දේශනා[/FONT] [FONT=&quot]තුළින් හොඳින් දිස්වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මින්[/FONT] [FONT=&quot]දොළොස් වසරකට පෙර මවිසින් [/FONT]‛[FONT=&quot]මහමෙව්නාව[/FONT]’ [FONT=&quot]යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ[/FONT] [FONT=&quot]මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන්[/FONT] [FONT=&quot]ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා[/FONT] [FONT=&quot]රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ[/FONT] [FONT=&quot]බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද[/FONT], [FONT=&quot]පුද පූජා පවත්වයි ද[/FONT], [FONT=&quot]ධර්මයට[/FONT] [FONT=&quot]ගෞරව දක්වයි ද[/FONT], [FONT=&quot]ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද[/FONT], [FONT=&quot]ජීවිතය හසුරුවයි ද[/FONT], [FONT=&quot]සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය[/FONT] [FONT=&quot]යනු බුදු දහමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මහමෙව්නාව වටා එක්වන ඔබ[/FONT] [FONT=&quot]සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති[/FONT] [FONT=&quot]භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම[/FONT] [FONT=&quot]කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ[/FONT] [FONT=&quot]බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා[/FONT] [FONT=&quot]අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු.[/FONT] [FONT=&quot]තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු[/FONT] [FONT=&quot]උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්[/FONT], [FONT=&quot]ධර්මයේත්[/FONT], [FONT=&quot]ආර්ය[/FONT] [FONT=&quot]සංඝයාගේත්[/FONT], [FONT=&quot]කල්‍යාණමිත්‍රයන්ගේත්[/FONT], [FONT=&quot]සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    ~[FONT=&quot]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/FONT]~



     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹට පව් මචන්. ඇස් ඇරලා බලපන් මහමෙවුනාවෙන් එළියේ තමයි තියෙන්නේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය. මහමෙවුනාවේ දායකයින්ට කියවන්න තහනම් කරලා තියන රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් කියවල බලපන් .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹට පව් මචන්. ඇස් ඇරලා බලපන් මහමෙවුනාවෙන් එළියේ තමයි තියෙන්නේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය. මහමෙවුනාවේ දායකයින්ට කියවන්න තහනම් කරලා තියන රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් කියවල බලපන් .


    මෙම කෙනාට මෛත්‍රියම වඩන්න. තරහා සිතක් ඇතිකරගන්න එපා.


    .