[FONT="]ව්‍යවහාර[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]2003 [/FONT][FONT="]ඔක්තෝම්බර් මාසයෙහි මහමෙව්නාව භාවනා අසපුවෙන් පන්සියයක් පමණ[/FONT][FONT="]සැදැහැවත් පිරිස සමඟ දඹදිව වන්දනාවෙහි ගියෙමු. එවකට බුද්ධගයාවේ ශ්‍රී ලංකා[/FONT][FONT="]මහාබෝධි මධ්‍යස්ථානයෙහි අධිපතිව සිටි පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ සමඟ[/FONT][FONT="]අපි බොහෝ වේලාවක් බෞද්ධ ප්රබෝධය කෙසේ ඇතිකළ යුතු දැයි සාකච්ඡා කරමින්[/FONT][FONT="]සිටියෙමු. එහිදී [/FONT][FONT="]2550[/FONT][FONT="] වෙනි බුද්ධ ජයන්තිය මාතෘකාවට ගැණින. ව්‍යාවහාර වර්ෂ[/FONT][FONT="] 2006 [/FONT][FONT="]වෙසක් පුන් පොහෝ දිනට බුදුරජුන් පිරිනිවී [/FONT][FONT="]2550 [/FONT][FONT="]වෙනි වසර සපිරෙන හෙයින්[/FONT][FONT="]එය සැමරීම උදෙසා අප කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කළෙමු. එහිදී[/FONT][FONT="]බුද්ධගයාවෙහි තිබෙන සියලු ථේරවාද බෞද්ධ රටවල්වලට අයත් විහාරස්ථාන මුල්කොට[/FONT][FONT="]ගෙන දස දිනක ත්‍රිපිටක සජ්ඣායනාවක් පැවැත්වීම මැනැවැයි නිගමනය කළෙමු. ඒ[/FONT][FONT="]අනුව මම ද[/FONT][FONT="], [/FONT][FONT="]සීවලී ස්වාමීන් වහන්සේ ද බුද්ධගයාවෙහි ථේරවාද විහාරස්ථානයන්හි[/FONT][FONT="]වැඩසිටින ප්‍රධාන භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළෙමු.[/FONT][FONT="]උන්වහන්සේලා මෙයට ඉතා කමැති වූ නමුත් ත්‍රිපිටක සජ්ඣායනාව කෙසේ කළ යුතු[/FONT][FONT="]දැයි නොදත් සේක. අපට ද ඒ පිළිබඳව ඉන් පෙර ලද අත්දැකීමක් නැත. නමුත් කෙසේ හෝ[/FONT][FONT="]ත්‍රිපිටක සජ්ඣායනය කළ යුතු නිසා එහි සියලු මූලික සැලසුම් මවිසින් සකස්[/FONT][FONT="]කරන ලදී.[/FONT]
[FONT="]මේ[/FONT][FONT="]අදහස රැගෙන ලංකාවට පැමිණි මා විසින් මහමෙව්නාව අසපුවෙහි ස්වාමීන් වහන්සේලා[/FONT][FONT="]පනස් නමක් ත්‍රිපිටකය මැනැවින් සජ්ඣායනා කරන්නට පුහුණු කරන ලද්දාහ. එය[/FONT][FONT="]කරන ලද්දේ පාළි භාෂාවෙනි. ශ්‍රී ලංකාව[/FONT][FONT="], [/FONT][FONT="]ඉන්දියාව[/FONT][FONT="], [/FONT][FONT="]බංගලාදේශය හා නේපාලය යන[/FONT][FONT="]රටවල්වල භික්ෂූන් වහන්සේලා එක්පසෙක සජ්ඣායනා කිරීමටත්[/FONT][FONT="], [/FONT][FONT="]තායිලන්ත[/FONT][FONT="], [/FONT][FONT="]බුරුම සහ[/FONT][FONT="]කාම්බෝජ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව සජ්ඣායනා කිරීමටත් තීරණය විය. එසේ[/FONT][FONT="]වූයේ උච්චාරණයේ ඇති පැහැදිලි වෙනස්කම් නිසා ය. අපට මෙන් හොඳින් අක්ෂර[/FONT][FONT="]උච්චාරණය කිරීමට ඒ රටවල භික්ෂූන් වහන්සේලාට අසීරු ය.[/FONT]
[FONT="]අපගේ[/FONT][FONT="]ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉතා උද්යෝගීමත්ව[/FONT][FONT="], [/FONT][FONT="]මහත් කැපවීමෙන් යුක්තව දීඝ[/FONT][FONT="]නිකාය[/FONT][FONT="], [/FONT][FONT="]මජ්ඣිම නිකාය[/FONT][FONT="], [/FONT][FONT="]අංගුත්තර නිකාය ආදී නිකාය ග්රන්ථයන්හි ඇති සූත්‍ර[/FONT][FONT="]දේශනා මැනැවින් සජ්ඣායනා කිරීමට සමර්ථ වූහ. මේ අනුව [/FONT][FONT="]2006 [/FONT][FONT="]පෙබරවාරි මාසයට[/FONT][FONT="]යෙදෙන ඉන්දීය ක්‍රමයට සැමරෙන බුද්ධජයන්තිය නිමිත්තෙන් බුද්ධගයාවෙහි[/FONT][FONT="]වජ්රාසනය අබියස ප්‍රථම ත්‍රිපිටක සජ්ඣායනාව මහමෙව්නාව භාවනා අසපුවේ[/FONT][FONT="]ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙයට සහභාගී වූ සියලු[/FONT][FONT="]ථේරවාද බෞද්ධ රටවල භික්ෂූහු අතිශයින්ම ප්‍රබෝධවත් වූහ. මාගේ අදහසක් අනුව[/FONT][FONT="]එය ආරම්භ කරන ලද්දේ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාවෙනි. ටිබෙට් බෞද්ධ[/FONT][FONT="]නායක දළයි ලාමා තුමා ද මෙහි ප්‍රථම උත්සවයට සහභාගී වූ අතර එතුමා විසින් ද[/FONT][FONT="]ථේරවාද ක්‍රමයට ඉංග්‍රීසි අකුරින් යුතුව අප ලබා දුන් දම්සක් පැවතුම්[/FONT][FONT="]සූත්‍රය සජ්ඣායනා කරන ලදී. මෙම සජ්ඣායනාව සාර්ථක විය. එනිසා සතුටට පත්[/FONT][FONT="]සියල්ලන්ගෙන්ම මෙය වාර්ෂිකව කළ යුතු යැයි බලවත් ඉල්ලීම් ලැබුණි. මෙයට[/FONT][FONT="]මහායාන භක්තික එක් කාන්තාවකගෙන් ද අනුග්‍රහ ලැබුණි. ලක්දිව[/FONT][FONT="]සැදැහැවතුන්ගෙන් ද අනුග්‍රහ ලැබුණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම[/FONT][FONT="]ත්‍රිපිටක සජ්ඣායනාවේදී අප දුටු ඉතා සංවේගජනක කරුණ වූයේ ඉන්දීය භික්ෂූන්[/FONT][FONT="]වහන්සේලා කිසිවෙකුටත් පැහැදිලිව සූත්‍ර දේශනා සජ්ඣායනා කරගත නොහැකි වීමයි.[/FONT][FONT="]ඒ වෙනුවෙන් කිසිවෙක් මෙතෙක් උදව් කොට ද නැත. බුද්ධ ශාසනය කෙරෙහි ඇති මහත්[/FONT][FONT="]ශ්‍රද්ධාව හේතුවෙන් [/FONT][FONT="]2007[/FONT][FONT="] වර්ෂයෙහි වස්සාන කාලය බුද්ධගයාවෙහි ගත කළ මා වස්[/FONT][FONT="]තුන් මස මුළුල්ලේ ඉන්දීය[/FONT][FONT="], [/FONT][FONT="]බංගලාදේශ භික්ෂූන් වහන්සේලා පනස් නමකට අධික සඟ[/FONT][FONT="]පිරිසකට තුන් සරණේ සිට මැනැවින් උච්චාරණය කොට තුන් සූත්‍රය[/FONT][FONT="], [/FONT][FONT="]දම්සක්[/FONT][FONT="]පැවතුම් සූත්‍රය[/FONT][FONT="], [/FONT][FONT="]අනත්ත ලක්ඛණ සූත්‍රය මෙන්ම මජ්ඣිම නිකාය ආදියෙහි තිබෙන[/FONT][FONT="]සූත්‍ර දේශනා ද සජ්ඣායනා කිරීමට පුහුණු කරන ලදී. එය ද සාර්ථක විය.[/FONT]
[FONT="]මෙසේ[/FONT][FONT="]වාර්ෂිකව ත්‍රිපිටක සජ්ඣායනාව කරගෙන යන අතර තායි භික්ෂූන් වහන්සේලාට මෙහි[/FONT][FONT="]ප්‍රධානත්වය ගැනීමට ආශාවක් ඇතිවිය. ඒ සඳහා අර මහායානික කාන්තාව ද පොළඹවා[/FONT][FONT="]ගන්නා ලදී. ත්‍රිපිටක සජ්ඣායනාව බිහිවූයේ මාගේ සහ සීවලී ස්වාමීන් වහන්සේගේ[/FONT][FONT="]සංකල්පයක් අනුව ය. එයින් ඇතිවූ ප්රබෝධය නිසා ය ඒ කෙරෙහි තායි භික්ෂූන්[/FONT][FONT="]වහන්සේලාට තෘෂ්ණාව හටගත්තේ. එයට කළකිරුණු මම ත්‍රිපිටක සජ්ඣායනාවෙන්[/FONT][FONT="]ඉවත්වීමි. මාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අවසන් ත්‍රිපිටක සජ්ඣායනාව[/FONT][FONT="]සිදුවූයේ [/FONT][FONT="]2008 [/FONT][FONT="]වසරේදීය. මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා පමණක් මෙයට සහභාගී[/FONT][FONT="]වන්නේ මන්දැයි කියමින් ලංකාවේ ඇතැම් භික්ෂූන් විසින් චෝදනා කළ හෙයින්[/FONT][FONT="]මහමෙව්නාවේ සඟ පිරිස විසිපස් නමකට අඩු කොට ඉතුරු විසි පස් නම අනෙකුත්[/FONT][FONT="]විහාරස්ථාන වලින් වඩම්මවා ගැනීමට තීරණය විය. එය ද අප විසින් සතුටින් කරන[/FONT][FONT="]ලදී. පින්කමක වටිනාකම දන්නා නිසා ය.[/FONT]
[FONT="]එම[/FONT][FONT="] 2008[/FONT][FONT="] වසරේ පෙබරවාරි මස බුද්ධගයාවෙහි ත්‍රිපිටක සජ්ඣායනාව කෙරෙන අතරේ[/FONT][FONT="]බුද්ධ වර්ෂය පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියෙමු. බුදුරජාණන් වහන්සේ[/FONT][FONT="]පිරිනිවන් පා [/FONT][FONT="]2011 [/FONT][FONT="]වසරට බුද්ධ වර්ෂ [/FONT][FONT="]2555 [/FONT][FONT="]ක් පිරෙන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]උන්වහන්සේ[/FONT][FONT="]සම්බුද්ධත්වය ලැබුවේ ඊට හතළිස් පස් වසරකට පෙර හෙයින් ව්‍යවහාර වර්ෂ [/FONT][FONT="]2011[/FONT][FONT="] වන[/FONT][FONT="]විට සම්බුදු බව ලබා වසර [/FONT][FONT="]2600 [/FONT][FONT="]සම්පූර්ණ වන බවටත් අප විසින් අදහසක් ඉදිරිපත්[/FONT][FONT="]කරන ලදී. අපගේ පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ මෙන්ම ත්‍රිපිටක[/FONT][FONT="]සජ්ඣායනාවේ සංවිධාන කටයුතු භාරව සිටි ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ[/FONT][FONT="]සමඟ ද මේ ගැන අපි සාකච්ඡා කළෙමු. එය ඉතා අගය කිරීමට ලක්විය. ඒ අවස්ථාවෙහි[/FONT][FONT="]අපගේ ති‍්‍රපිටක සජ්ඣායනාව වෙනුවෙන් වැඩමකළ අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද[/FONT][FONT="]අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මවිසින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ[/FONT][FONT="]මාගේ මෙම සංකල්පය මා ඉදිරිපත් කළ හොත් එය ඇතැම් භික්ෂූන් විසින් යටපත් කළ[/FONT][FONT="]හැකි නිසා ඔබවහන්සේ ඉදිරිපත් කරන්න කියා ය. උන්වහන්සේ ද එම අදහස බොහෝ අගය[/FONT][FONT="]කළ සේක.[/FONT]
[FONT="]එම[/FONT][FONT="]ත්‍රිපිටක සජ්ඣායනාවෙන් පසු තායි භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද අකෘතඥ[/FONT][FONT="]ක්‍රියාව හේතුවෙන් ඇතිවූ කළකිරීම නිසා ත්‍රිපිටක සජ්ඣායනාවෙන් මම ඉවත්[/FONT][FONT="]වීමි. ටික කලක් බුද්ධගයාවෙහි බුදුනුවණ අසපුවෙහි රැඳී සිටියෙමි. යළි ලංකාවට[/FONT][FONT="]මා පැමිණෙන විට සියලු තන්හිම ඉතා මනස්කාන්ත බැනරයන් දිස්විය. එනම් [/FONT][FONT="]‘2600 [/FONT][FONT="]ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමු [/FONT][FONT="]– [/FONT][FONT="]පිළිවෙතින් පෙළගැසෙමු[/FONT][FONT="]’ [/FONT][FONT="]යන්නයි. මෙය[/FONT][FONT="]දුටු මම බලවත් අමන්දානන්දයට පත්වීමි. එදා බුද්ධගයාවෙහිදී මෙම අදහස මා[/FONT][FONT="]ඉදිරිපත් නොකරන්නට අද ඇති ප්රබෝධය කිසිසේත් දක්නට නොලැබෙනු නිසැකය. අද[/FONT][FONT="]කොළඹ ඉදිවී තිබෙන සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය පවා කිසිසේත් ඉදිනොවනු ඇත.[/FONT][FONT="]සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රජය ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කරනු ලබන[/FONT][FONT="]නොයෙක් පින්කම්[/FONT][FONT="], [/FONT][FONT="]නොයෙක් සම්භාෂණ[/FONT][FONT="], [/FONT][FONT="]නොයෙක් සම්මන්ත්රණ[/FONT][FONT="], [/FONT][FONT="]නොයෙක් සැළසුම්[/FONT][FONT="]කිසිවක් නොවනු ඇත. මේ සියල්ල ඇතිවූයේ අපගේ සිතෙහි හටගත් සැදැහැබර සංකල්පයක්[/FONT][FONT="]නිසා නොවේදැයි සිතන විට ඉමහත් සතුටක් හටගනී.[/FONT]
[FONT="]මෙසේ[/FONT][FONT="]ලක්දිව සම්බුද්ධ ජයන්ති සංකල්පය ඔස්සේ දැවැන්ත ප්රබෝධයක් ඇතිවෙන විට මම ද[/FONT][FONT="]හුදෙකලාවේ සිටිමින් මහමෙව්නාවෙන් කුමක් කළ යුතු දැයි කල්පනා කළෙමි. ඒ අනුව[/FONT][FONT="]වසරක් පුරාවට අපගේ මහමෙව්නාවෙහි ප්‍රධාන ස්ථානයන්හි ත්‍රිපිටක[/FONT][FONT="]සජ්ඣායනාවක් පවත්වන්නට තීරණය විය. ඒ හේතුවෙන් කටපාඩමින් ත්‍රිපිටකය දරාගත[/FONT][FONT="]හැකි භාණක භික්ෂූන් වහන්සේලා බිහිකිරීම පිණිස යම් උත්සාහයක් ගත යුතු යැයි[/FONT][FONT="]අදහස් විය. එමෙන්ම අනුස්මරණීය උපහාර පූජා වශයෙන් චෛත්‍ය ඉදිකිරීමටත්[/FONT][FONT="], [/FONT][FONT="]බෝධීන් වහන්සේලා රෝපණය කිරීමටත් අපි අදහස් කළෙමු. [/FONT][FONT="]2010 [/FONT][FONT="]වසරේ මවිසින් ආරම්භ[/FONT][FONT="]කළ එම සැහැදැබර සසුන් වැඩපිළිවෙල [/FONT][FONT="]2011[/FONT][FONT="] වසරේ [/FONT][FONT="]2600[/FONT][FONT="] වෙනි ශ්‍රී සම්බුද්ධත්ව[/FONT][FONT="]ජයන්තිය වෙනුවෙන් මැනැවින් පෙළගැසෙමින් තිබිණ. එ් අනුව කුණ්ඩසාලේ මහමෙව්නාව[/FONT][FONT="]භාවනා අසපුවෙහි අඩි [/FONT][FONT="]107 [/FONT][FONT="]ක් උසැති සිරි ගෞතම සම්බුදු මහා සෑය නමින් මහා[/FONT][FONT="]සෑයක් ඉදිවිය![/FONT]
[FONT="][/FONT]

